Showing posts with label ජිවිතය.. Show all posts
Showing posts with label ජිවිතය.. Show all posts

Tuesday, April 21, 2020

Not only Places

Stay home stay safe.

You are not able to travel these days because of the pandemic situation across the world. In Social media, new challenges thing is happening, publishing the photos and videos about places you went.

So, I created the video holds that the awesome places in Sri Lanka you should visit. Watch and let me know if you identify the places?

ex: Start ->  Wijaya beach - Dalawalla



Monday, January 28, 2013

සබඳ අපි


මේ කට්ටියම සනීපෙන් ඉන්නවද???..............:D

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

(-ගුනදාස කපුගේ)

= අපි තාමත් එතනමයි..., හී හී කොහොමද කට්ටියට.. ඔන්න ආවා ආයි...
පොඩි දෙයක් කියන්නම් ගලේ ගැහුවත් මරන්න බෑ හී හී. තාම පණ පිටින් ඉන්නවා...!! ඇත්තටම මේ කයි වුනේ.. මේ හැම එකම ටිකක් නවත්තලා පොඩි ජොබ් එකක් කරන්න ගියා.ඒ අතරේ ලැප් එකේ හාඩ් එකත් කෙලවෙලා ලියපු ගොඩක් දේවල් නැතිවුණා,,.

කට්ටියට කියන්න මේ ටිකේ ලියන්න කියන්න හිතුනේ නෑ... ඇයි කියන්න දන්නේ නම් නෑ..කොහොම වුනත් කොල්ලා ටිකක් දියුණු වුණා මේ කාලේ.. :D .. කාලෙකින් යාළුවොන්ගේ රස කතා ටිකක්වත් කියවන්න වුනේ නෑ.. සොරි වේවා එකට.!!...හී හී කට්ටියට අපිව අමතක වෙලත් ඇත්තේ..

ඒ වගේම තව වැඩක් පටන් ගත්තා .. ඒක තමයි මේ No OrDinarY.. හී හී

හරී ... ඔක්කොම හරී කියමුකෝ.. මන් කියනවා  "අලී ගැන හිතන්න එපා" ඔගොල්ලෝ මොනවා ගැනද හිතන්නේ??? ඊළගට ඒකෙන් හමුවෙමු...!!


Tuesday, August 14, 2012

අඩුවට හොද බඩු.. (ඉක්මණට එන්න අද විතරයි)


.  සේල් සේල් සේල්...

ලාභයි ලාභයි..
  මිස් කරගන්න එපා
චාන්ස් එක
ආයි ජිවිතේට එන එකක් නෑ..
හදවතට වහල් වෙන්නත් එපා.
බුද්ධියට වහල් වෙන්නත් එපා..
මොකද දෙකම අස්ථායි..
හදවත වත් බුද්ධියවත් නියත නෑ..
කවුද කියන්නේ බුද්ධිය අස්ථායි කියලා..
ඇයි බීපුවාම ඒක ස්ථායි ද?? හී හී

මේ මේ ...,  ගිටර් එකක් විකුණන්න තීනවා .. ගන්නවද???? වැඩි ගාණක් නෑ.. හැබැයි ගෙවන්න දෙන්නෙත් නෑ.. 4000 ක් විතර වගේ වෙන්නේ.. ආයි මේ වගේ සුපිරි බඩුවක් මේ ගාණට ගන්න පුළුවන්ද?? යුස් කරලා තින්නේත් මාස  6ක් වගේ.. භාණ්ඩේ නම් සුපිරි..


























                 මෙය මිලදි ගැනිමට අවශ්‍යතාවයක් ඇතිනම් අදම විමසන්න..
                 
                                            ජය වේවා...!!

Sunday, April 8, 2012

උල්කාපාතයක්

කට්ටිය මේ සින්දුවේ තේරුම දන්නවද?????

ගොඩක් හිතුවා මෙකෙන් මොකක්ද කියන්නේ කියලා එත හරියටම තේරුමක් හිතා ගන්න අමාරුයි.. ඔගොල්ලො දන්නවනම් ඒ ගැන පහලින් සදහන් කරන්න. කොහොමවුනත් ආයි සුපිරිම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්..



                                          අළු පාට වළාකුළු කථාවක් නෑ.
                                          තරු නිවී තරු නිවී රාත්‍රියේ.
                                          සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං.
                                          ගිනි අරන් ගිනි අරන් මොනවක් හොයන්.


                                           උල්කාපාතයක්, අහසේ ගිනි අරන්.
                                           අළු වෙලා පොළවට වැටෙනා, උල්කාපාතයක්.


                                           අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ.
                                           ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා.
                                           පොළවට වැටෙනා දේවතා එළියක්.
                                           ගිනි ගත්ත තරු එළියක්....

Friday, March 16, 2012

මා දු‍ටුවේ..

මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඔයාට කියාවි
ඔයා පරාජිතයෙක් කියලා
මෝඩයෙක් , නිකමෙක්, බුරුවෙක් !! කියාවී..
ඒත් ඔයා ඔයාටම  ඒ සංඥාව යවා ගන්න එපා.
මිනිස්සු ඕනේ දෙයක් අපිට කියන්න පුළුවන්
ඒත් අපි එවට සැලෙන්න හොද නෑ
ඔයාට මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ
ඔයා බිත්තියකට ගහනවා නම් ඒක හිල් වෙන්නම ගහන්න ඕනේ..,
කවදාවත් පරදින්න එපා...!



ඒ මොනවා කරන්න උනත් තව අවුරුදු 6 යි තින්නේ... ඊට පස්සෙ වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි  .තෙරෙන්නෙත් නෑ.. මොනව කරන්නද, අරන් ආවේ මෙච්චරයි... එත් ඊට වඩා දෙයක් වපුරන්න තව කාලයක් යනවා... බලමුනේ උපරිම වැඩක් ගන්න.. ..

Monday, January 23, 2012

කොච්චර දේවල් කියන්න තිද? කොච්චර කල් නම් හංගගෙන ඉන්නද? .. හැමදේටම කළබල වෙන්න හොද නෑ... නමුත් ගොඩක් කල් පහු වුනොත් ඒත් වැඩක නෑ.. මේ කතාව කියන්න මන් කොච්චර උත්සහ කරාද..
 එත් මට එකට නියම අවස්ථාවක් හම්බුනේ නෑ... දවසක,........ ඔයා මගේ ඉදිරියේ හිටියත් මට මුකුත් කියාගන්න බැරි වුනා... මට කතාකරන්න වචන ආවේ නෑ... කියන්න හිටපු සේරම අමතක වුණා.. ඔව් මගෙ දුර්වල කමක් නිසා වෙන්න ඇති එහෙම වුනේ..

ඔයා දවසක කියාවි '"ඔය වැඩේ නවත්තන්න., මෙකට ආයි කතා කරන්න එපා...."' ඔව්, ඔයා  අකැමති , මන් දන්නව එක.. . එක ඔයාගේ තිරණේ... මට ඊට එහා දෙයක් කරන්න නෑ, ඔයා , එදාට වඩා අද සතුටින් ඉන්නවා ඇති.. මට ඒ ගැන ආඩම්බරයි.

එදා මන් මුකුත් අහන්න කලින් .., ඔයා ඉස්සර වුණා. ඔයා මාව තේරුම් ගත්තෙ නෑ..එ වෙලාවෙදිම ඔයා අපේ කතාවට තිත තිබ්බා.. මට හැමොටම පෙන්න, ඔයාගෙ අත අල්ලගෙන හැමතැනම ඇවිදින්න කිසිම ඕන කමක් නෑ..එහෙම ගියත් යන්නේ හිතට අවංකව ලෝකයාට පෙන්න නෙවෙයි, මන් ඒ දේ කරේ අවංකවමයි.. කාටවත් රිද්දන්න නෙවෙයි.. මන් පොඩි මිනිහෙක් ,මට දෙන්න ලොකු ලොකු යාන වාහන, ඉඩ කඩම් නෑ..එත් මන් පොඩි දෙයක් දුන්නා මතකද? එකේ ලොකු තෙරුමක් තිනවා එක ගැළපෙන්නෙ ඔයාටමයි,වෙන කාටවත්ම හරියන්නෙ නෑ..වෙන මට දෙන්න කියලා දෙයකුත් නෑ.. එත් මට දෙන්න පුළුවන් තව එක දෙයක් තිනවා,....

අපි කොහෙවත් ගිහින් නෑ..බෙදා ගන්නට මතකයන් නෑ, එකෙන් වැඩක් නෑ...මම හිතන් ඉන්නේ ඒ ගමන මන් ගියේ නැ කියලා .. හැබැයි , මන් පස්සේ කතා කරා මගේ ගමේ සුන්දරත්වය පෙන්නන්න මාත් එක්ක එන්න කියලා.. එත් මන් කවදාවත් බළකලේ නෑ..කැමතිනම් එන්න කියල විතරයි කිව්වේ.එත් ඒ දේ සිද්ද වුනේ නෑ.. එදා ඔයා ආවනම් ජිවිතේ කවදාවත් අත්නොවිදපු  සතුටකුත් , ස්භාවධර්මයේ අරුමයත් විදගන්න තිබුණා. ඉටත් වඩා උතුම් මිනිසුන් පිරිසක් හදුනා ගැනිමටත් අවස්ථාවක් උදා වෙන්න තිබුණා..

ගමේ ඉදන් කොළඹ රටට ආවයින් පස්සේ ඇත්තටම ගොඩක් දෙවල් මගහැරුනා, ඒ වගෙම ගොඩක් දෙවල් හමුවුණා.කොළඹ රටට ආවා කිව්වට මන් ඉන්නේ ඩොටේ නෙවෙයි.. ඇත්තටම කියනවනම් කොළඹට වඩා අපේ ගම දියුණුයි,ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම් දියුණුයි..අහස උසට බිල්ඩින් තිබුණට, දවසකට පාරේ සුපිරි කාර් ගොඩක් ගියාට, එතන දියුණුයි කියන්න බෑ..

තව වැඩිකල් යන්න කලින් මම ආපහු ගමට යනවා..මෙහේ කොච්චර හොද දේ වැපිරුවත් එවා පැළවෙන්නෙ නෑ.මුල් දුවන්නෙ නෑ.ඇත්තටම මුල් වලට දුවන්න තැනක් නෑ..ලැබෙන අස්වැන්නත් සීමිතයි.. ඉතින්...,මට කරන්න පුළුවන් සේරම මම කරලා තින්නේ.,මග හැරුනු දෙයක් තී නම් කියන්න , ඉතුරු දේවල් තින්නේ ඔයාගෙ අතේ...... සතුට කියන එක මාරම වැදගත්... එක කවදාවත් මුදලට ගන්න බෑ... ෆන් එක කියන්නේ සතුටකට නෙවෙයි..!! ඒක වෙනම දෙයක්... මන් ප්‍රර්ථනා කරනවා ඒ සතුට ඔයාට හම්බෙන්න කියලා.. මා කවදාවත් තිතක් තියන්නෙ නෑ.. මිනිස්සු මැරුණත් වැටෙන්නේ කොමා එකක්, ඒ වගේ මාත් මෙකට තියන්නේ කොමාවක්..හැබැයි පෙර මාවතටමයි...

බොහොම ස්තුතියි....!!!

................... කරන්න දෙයක් නැතිවුණු නිසා ම ලීවෙමි.....මේ අවසානයයි,...!!!

Saturday, January 7, 2012

50 යි

එකමත් එක කාලේක..., පුංචි රටක, පුංචි තැනක උපන්,   හිතුවක්කාර, අකීකරු, කිසිම වැඩක් හරියට කරගන්න බැරි,.. දහසක් දේ හිතුනත් කියාගන්න බැරි...මෙලෝ හසරක් නොදත් සොදුරු දඩබ්බරයෙකුගෙ 50යි මේ..
ඔහු මෙලොව උපන් දා සිට තම ජිවිතය කැපකරේ එකම එක අරමුණකටය.. එහෙම කිව්වට අර පොඩි කාලේ ආසාවට කියනවා වගේ වෛද්‍ය වරයෙක් වෙන්න,ඉංගිනේරුවෙක් වෙන්න වගේ ආසාවන් ඔහු සතුව පොඩ්ඩක්වත් තිබුනේ නෑ..  ඇත්තම කියනවා නම් බෙහෙතකට වත් ගෙදර හිටපු ඩයල් එකක් නෙවෙයි. යාළුවොත් එක්ක රොන්දේ ගහපු, කිසිම බරපතළ කමක් නොදන්නා හිතුවක්කාරම චරිතයක්.. අම්මා දැනට වුනත් කියන්නෙ "උබට ඕන දෙයක් කරගනින්.., අපිට එක එකාගේ කතා අහන්න තියන්නෙ නැතුව...." කියලා. දඩබ්බර වුණාට කාටවත් කිසිම හිරිහැරයක් වෙන්න කිසිම වේලාවක ඉඩ තියලා නැ, පුළුවන් තරම් වැඩ කරේ අනිත් මිනිස්සු වෙනුවෙන්.. ලොකු කමකට කියනවා නම් නෙවෙයි .. ඇත්තටම ගොඩක් උදව් කරලා තිනවා.ආඩම්බරව කියන්නේ තමන් ගේ සතුටට වඩා අනුන්ගේ සතුටට වැඩ කරලා තිනව.කාවවත් අඩවලා නෑ .. කාත් එක්කවත් තරහ වෙලා ඉදලා නෑ.තරහා වෙන්නෙත් නෑ.මෙවා මොකටද  ? අපි මැරෙන මිනිස්සු....!

..මා හරි වෙන්න ඕන 'ඔහුට කවදාවත් තරහ වෙලා, වෛර කරපු යහළුවන් හිටියේ නෑ.. අදටත් එහෙමයි. ගෙදර ඉන්න හැම වෙලාවකම කරේ යාළුවොත් එක්ක ගාලු කො‍ටුවට එකතු වෙලා ‍රැ වෙනකම් සිංදු කියලා ෆුල් ෆන් එකක් ගන්න එක. අවංකව කියන්නේ එක මත්පැන් බිදක් කටෙ තියලා  නෑ.. ඒ වගේ අසමජ්ජති කිසිම වැඩක් කරලා නෑ..කො‍ටුවට සෙට් වුනාම බොන්නේ කොලා එකයි කන කොත්තුවයි ... කොත්තුව නම් මෙලෙ රහක් නෑ.. ඒ වුනාට සෙට් වෙලා කනකොට  නම් කියලා වැඩක් නෑ..

ඔහු ඉස්සර ඉදන්ම ගියේ ගාල්ල මහින්ද විද්‍යාලයට..,උසස් පෙල හැදැරුවෙත් ඒ ඉස්කොලෙන් මයි...එවා ගැන කියන්න ගියොත් නම් මැරෙනකම්ම කියන්න හැකී. පොඩි සිද්දියක් තිනවා කියන්න, මෙහෙමයි ඒක සිද්ද වුණේ 'ඔහුට සාමාන්‍ය පෙල කාලේ අජුතම විශයක් තමයි සිංහල කියන්නේ... සිංහල මිස් හැමදාම ඔහුව එළියට දානවා,ඔහුත් එක්ක එතකොට වැඩිපුරම කිට්‍ටුවෙන් හිටියේ දසුන් කියල මන්ද චරිතයක් .. අකුරු ගන්න දෙයක් නැතිලු.., මෙලො වැඩක් කරනෙ නැතිලු, රචනයක් ලිව්වොත් දහයෙන් තුනයි, හතරයි.විභාග වලදිත් උපරිම තිබ්බේ ලකුණු 38 යි.ඒ කාලෙ මිස් ට හිටියා පොශ් සෙට් ටික දෙනෙක්...වුන්ට නම් ලකුණු තිබ්බා මදි නොකියන්න.උනුත් අපේම කොල්ලො ටිකක්....ඔහොම ඉදලා සා/පෙ ප්‍රතිඵල ආවාම ඔහු ගියා මිස්ට ප්‍රතිඵල කියන්න."මිස් සිංහලවලට A එකක් තිනවා.." මිස් හිනාවුණා විතරයි..මුකුත් කිව්වේ නෑ.. ඔහුට තාම තෙරෙන්නේ නෑ ඇයි කියලා??

"මෙහෙම දෙවල් කිව්වේ අද මන් බ්ලොග් පි‍ටුව ලියන්න පටන් අරන් ලියන 50 වෙනි ලිපිය .. මේ ලිපිය අද ඔහුට වෙන් කරා..මේ පි‍ටුව ලියන ගමනේදි ගොඩක අය ,නොයෙක් විදියෙන් උදව් උපකාර කරා.... ඒ අයත් මතක් කරන්න ඔන.. 'අපේ රසික අයියා ...බොහොම ස්තුති වේවා..!! මෙහෙම ලියන්න දිරිමත් කරාට.. , සිතක සංකල්පනා ලියන මධුරංග අයියා , වර්ණ ලියන දිනෙෂ් අයියා, අල්ලපු වත්තේ සිත් අහස ලියන ප්‍රර්ථනා අක්කා,සයුරි අක්කා.., මුත්‍ර කරන්න ගියත් උබ කොහෙද ගියේ කියලා අහන අපේ අලි මලයා.., නිතරම ආදරය ගැන කතාකරන හිතු...,අපේම නෑදැ වෙන ආගිය කතා ලියන හසිත අයියා.. ඔගොල්ලව ආදරයෙන් මතක කරනවා.. ඒ විතරක් නෙවෙයි නිසුපා අක්කත්,විසිතුරු අයියත් , දේව්දාස් මලයත් , පේරාදෙණියෙ ඉන්න පිසාචයත්..,ලස්සන ලස්සන පින්තුර පෙන්වමින් ලෝකෙ වටෙ යන කවිකාරි අක්කත්.,අරුණැල්ල ලියන නජා මලයත්,තව ජෝන්, අපේ අචිරවත්, ඩගියත්,තාරකවත්, ..,චතුමිතු අක්කත්,ලට්ට ලොට්ට ලියන පොඩි මැන් අයියත්, රූ අක්කත් ,කම්මැලියාත් ආදරයෙන් මතක් කරනවා...මුහුණු පොතේ ඉන්න යළුවනුත් .., නම් කියන්නට බැරි උනානම් සොරි වෙන්න ඕන..ඒ හැමොමවත් ආදරයෙන් මතක් කරනවා.. කියන්න බැරි වුණ ඔක්කොමටත් ගොඩක් ස්තුතියි...!!!


  අද මට උදේ එකෙක් කියාගෙන ගියා..'මට උබ ගැන දුක හිතෙනවා කියල' ..., උබ කිව්ව එකත් තේරුණා බන් අපි බලමු ඉස්සරහට..."
 
පිනි බිදුවක් වෙන්නට ආසයි 
මිහි මත සිසිලස ‍රැදුණු
දිය ‍රැල්ලක් වෙන්නට ආසයි
තොල මත දිය ‍රැල් නැගුණු


සිසිලස දෙන්නම් මා සැමදා
පවනක් වී එන හමා..
සුරකින්නම් සෙනෙහස සැමදා
ඔබේ මතකය සිත් පුරා,,,,!


මීට ඔහු..
                                                                    ස්තුතියි...!!!!! ,
(අවධාරණයෙන් කියමි.. මමත්ව දේශනාවක් නොවෙයි..)

Saturday, December 3, 2011

ඉපදිච්ච දවසෙම දාලා යන්න තිබුණානම්.....!

          ගොඩක් කාලෙකට පස්සේ ආයි එන්න පුලුවන් වුනේ , මෙහෙම ලියන්න වාසනාවක් හම්බවෙවි කියලා පොඩ්ඩකටවත් හිතුන්නේනෑ....මේ සති කිහිපය ජිවිතයේ ලබපු අමිහිරිම අත්දැකිම් ටිකක්.  කරාපිටිය රොහලේ ඇදක් මත සේලයින් බිබී, සතිගණන් හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න කොට කොහොමද ආතල් එක.....

           ඔහොල්ලො දන්නවනේ රූකඩ වලට ප්‍රසිද්ධ අම්බලන්ගොඩ..., රඹුටන් වලට මල්වාන.... ඒ වගේ ඩෙංගු වලට ප්‍රසිද්ධ තැනත් දන්නවා ඇතිනේ... මාත් හිටියේ අන්න එතන තමයි.ඒක හැදුනාම මාර රහයි..ඉලග ආත්ම හැම එකක්ම පේනවා.. ඔය රහ හම්බවෙලා මුල්ම දවසේ කාපු දුක ආයි කියන්න ඔන නෑනේ.. හිතාගන්න පුළුවන්නේ.... , රොහල් ගත වෙලා මුල්ම දවසේ කරපු blood එකේ තිබ්බේ රුධිර පට්ටිකා 20,000යි. සාමාන්‍ය මිනිසෙකුගේ තියෙන්න ඔන ගාන කට්ටියම දන්නවා ඇතිනේ. එ වෙලාවේ ඉදන් මට ඇදන් බහින්න තහනම්. පොඩ්ඩක් හෙල්ලෙන්න දෙන්නෙ නෑ...."හැමොම කියන්නේ මහන්සි වෙන්න එපා, දගලන්නෙ නැතුව ඉන්න,,,," එහෙම කිව්වට මට එහෙම ඉන්න ඇහැකිය , එ මදිවට පැය 4කට පාරක් වගේ ලේ ගන්නවා... ඩෙංගු නෙවෙයි, ලේ අරගෙනම මගෙ ඇගේ ලේ නෑ.. එහෙම බැලුවාම ඩෙංගු හොදයි වගේ, ඉට පස්සේ කරපු blood එකෙදි පට්ටිකා තිබුනේ 18,000..

                             දින 2කට පස්සේ ආයි වැඩි වෙන්න පටන් ගත්තා..,මන් ගෙදර එනකොටත් තිබ්බේ 66000 යි. ඉස්සරහට තමයි මොනවා වෙයිද බලන්න ඔන,,......

Thursday, November 10, 2011

දවසින් කාබාසිනිය කරපු හැටි..

                                                          මන් ඉපදුණු දවසේ ඉදන්  මාසයක් පාසාම, තාත්තා රුපියල් 125 ගානේ,, මහජන බැංකුවේ ස්ථිර තැන්පතක් විදියට, මගෙ නමට දාපු සල්ලි වලට වෙච්ච දේ ගැනයි මෙ කියන්න යන්නේ..
                               එකට එකතුවන පොලිය කියද කියන්න නම් මම දන්නේ නෑ. කොහොමහරි පොළියත් එක්ක තව රුපියල්5000 කුත් එකතු වෙනවා.. ඔහොම වෙලා මේ ගිණුමේ තිබ්බනේ මරු ගානක්.කිව්වට ඉතින් මහ ලොකු ගාණක් නෙවෙයි. 
                                      ඇත්තටම කියන්න, ඔය ගිණුම ගැන මන් දැනගත්තේත් සතියකට කලින්නේ.තත්තා මට එහෙම එකක්ගැන කියලා නෑ.මන් දන්නේත් නෑ.මන් දැනන් හිටිය නම් ඔච්චර කල් තියෙන්නෙත් නෑ. මහජන බැංකු  ස්ථිර ගිණුමෙන් සල්ලි ගන්න අහැකි වයස අවු.18 පැන්නයින් පසුවලු.එ කියන්නෙ  බාළවයස්කාර ගිණුම. විශ්වාස කරන්න යාළුවනේ එකේ තිබ්බනේ රු;49.958 ක්.

          මන් වැඩිදුර අධ්‍යාපනය සදහා ලැප් ටොප් එකක් ගන්න හිත හිත හිටියේ. අර ඇස් .බී ගේ එක  (ලැප)  ගන්න හදනකොට හැමොම කියනවා, උබට පිස්සුද ඔක මාර අලාභයි කියලා. ඇත්තම කියන්න ඔය ලැප් එක ගත්ත එකෙක් මට තාම හම්බුන්නැනේ. ඇස්. බී මහත්තයට මොකද දන්නවද කරන්න වෙන්නේ..... ඇමරිකාවා අතිරික්ත ආහර මුහුදු බත් කරනව වගේ ,ලැප් ටිකත් මුහුදු බත් කරන්න. එහෙම කරත් අවුලක් වෙන එකක් නෑ. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිනේ තින්නේ භාණ්ඩාගාරේ. ආයි මොනව කියන්නද?????  ලැප් ටොප් නිකන් දෙනවා වගේ පටන් ගත්තේ... පුහ්....

   මේ වැඩේ හරි යන්නේ නෑ..... ගත්තා බැංකුවෙන් සල්ලි, කෙලින්ම ගියා laptop.lkඑකට ගත්තා ලාභම ලාභ එකක්.. වෙන කරන්න දෙයක් නෑ.ඔන්න ඔහොමයි බැංකුවේ තිබ්බ සල්ලි එක දවසින් ඉවර කරේ. බැංකු ගැන කිව්වාමයි මතක් වුණේ .. කවුරු හරි ඉන්නවද බැංකුවකට ගිහින් ඉක්මනට වැඩක් කරගත්ත කෙනෙක්??? හිතනවද ලංකාවෙ බැංකු කාර්යක්ෂමයි කියලා.....බැංකුත් නිකන් මී පැණි වගේ, අපි නිකන් මැස්සෝ වගේ.  ඔන්න ඔය බැංකු ගැන ඉළග පාර ලියන්නම්.....
                 

Monday, October 10, 2011

යාළුවනේ ......,

යාළුවනේ ......,
                   විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ වුණ නිසා , ලියන්න වෙලාවක් එන්නෙ නෑ.. -- ගේ ලැප් ටොප් එකත් නැති නිසා අන්තර්ජාලයට එන්න විදියත් නෑ... මට ඉන්න වෙලා තින්නෙත් ගෙදරින් ගොඩක් ඇතින්... මන් ඉඩක් ලැබෙන හැම වෙලාවකම ලියන්න උත්සහ කරන්නම්..

           ඔගොල්ලන්ගේ ලිපිත් හැකි හැම වෙලාවෙම කියවනවා.. කොමෙන්ට් එක්ක් දාන්න බැරි වුනොත් සොරි වෙන්න ඕන,,,,

           ජිවිතේ සම්පුර්ණයෙන් ම වෙනස් වෙලා වගේ... දවසින් බාගයක් විතර බස් එකේ...වෙලාවකට එපාත් වෙනවා..... මොනවා කරන්නද , ටික කාලයක් යනකම් ඔහොම තමයි....
        දැනට නවතිමි...!

     

Wednesday, September 14, 2011

තාත්තේ.......


    මගේ ලෝකෙ මුල්ම වීරයා තමයි මගේ තාත්තා.මේ ලෝකෙ ඉපදුණු හැමොටම එහෙම තමයි.
     ඉපදුණු දා ඉදලා මට හැම දේකටම හිටියේ මගේ තත්තා,...
     මේ කියන්න හදන්නේ  තාත්තයි පුතයි  අතර උන එක් කතාවක් ......,
     ඇත්තටම මට තාමත් හිතාගන්න බෑ....... ඕගොල්ලො විශ්වාස කරයිද කියන එක තමයි ප්‍රශ්නේ..

ගෙදරට වෙලා කොම්පියුට්ර් එක දාගෙන ගේම් ගහන එක තම්යි මගෙ රාජකාරිය,
ඒ කාලෙ මට බ්ලොග් තිබුන්නැ.. එත් මන් අයියා ලියන බ්ලොග් කියෙව්වා..
ඔහොම ඉන්නකොට තමයි නායකත්ව පුහුණුවට එන්න කියලා ලියුමක් ආවේ.
අනේ මට බෑ ඔවයේ ගිහින් චාටර් වෙන්න.මොන කම්මැලි වැඩක්ඩ.

තාරකයා කිව්වා අනුරාධපුර කැම්ප් එකෙ ඉදන් "අනේ බන් අපිව මඩවනවා" කියලා
එකෙන් මට තව එපා වුණා.
තාත්තා තමයි මාව එලෙව්වේ..., "වවුලා වගේ කොම්පියුට්ර් එකේ එල්ලිලා ඉන්නැතුව ඔහොම එකකට යනවා"
ඊට පස්සේම අචිර කොල් කරනවා.. "මට බූස්සේ උබට කොහෙද?"
මගුලක් කතාකරනවා "මට ගෙදර" මං එහෙම කිව්වා.

එදාම තාත්තා මාත් එක්ක ගිහින් කැම්ප් එකට ඔන බඩු අරන් දුන්නා.

ඉට පස්සෙ ඔන්න මං කැම්ප් ගියානේ..
එකෙ උන වින්නැහියම මන් කලින්ම ලිව්වා ....

ඊට පස්සෙ කැම්ප් එක ඉවර වෙලා ගෙදර ආවනේ.....
මුකුත් වෙනසක් නෑ.. ඔහේ කාලය ගතවුණා
එ අතරෙ තාත්තා මට සල්ලි දුන්නා ගිහින් ඩොන්ගල් එකක් ගන්න කියලා,..
ඇත්තටම එ සල්ලි මට බලේන් වගෙ දුන්නේ...,
මං ඉට පස්සේ දවසේම නදීත් එක්ක ඩොන්ගල් එක ගන්න ගියා.

ඩොන්ගල් එක හම්බුනාම පස්සේ තමයි මේ බ්ලොග් එක ලියන්න ගත්තේ
මන් ඉතින් හිතේ තිබුණු දෙවලුයි, හොයපු දේවලුයි ඔක්කොම ලිව්වා..

තාත්තා මගෙන් දවස් කිහිපයකට පෙර ඇහුවා "කවුද මි-- කියන්නේ"
                   "කවුද?  මං දන්නේ කොහොමද මගෙන් අහන්නේ"
"එහෙනම් අර මොකක්ද එකක දාලාතින්නේ..."
                    හුටා.......
 "හන්ගන්නැතුව ඔක්කොම කියනවා ඉතින්.."

මන් පින්තුරයකුත් පෙන්නුවා.. පෙන්නන්න වුනා ඇත්තටම..
"ආ මෙයාද"
            "ඔව්, තාත්තා දන්නවද?"
මන් කොහොමද මැට්ටො දන්නේ...

"මට ආරංචි කෙරුවාව.
ඔහොම තමයි කොල්ලො උනාම ඔහේ වැඩ කරනවා මෙලො දෙයක් හිතන්නෑ..
තමුන් ඔන දෙයක් කරගන්නවා.....
හැබැයි ඉස්සරහට තින වැඩ ටික හරියට කරගන්නවා..
අම්මට නම් දැන ගන්න තියන්න එපා"
ඔයි කොහෙ කෙනෙක්ද?"
               හරියටම දන්නෑ.. මි--- ලු.
"මං හැමදාම උදේ වැඩට යන්නේ මේ පාරෙනේ."
                මං දන්නෑ.....

ඇත්තටම තාත්තා වැඩට යන පාර තින්නේ එ හන්දිය හරහා කියලා එකෙන් තමයි දැනගත්තේ..
හොරාට යන්නවත් බෑ එ පැත්තේ
තාත්තා ෂොර්ට් ලිව් එකක් දාලා තිබුනොත්....
ආයි පාරක් ගස්.

ඒ කතාවෙන් පස්සේ මගෙන එ ගැන ආයි ඇහුවේ නෑ
මුකුත් කිව්වෙත් නෑ...
මටම නොන්ඩි මන් ගැන.
වෙන තාත්තා කෙනෙක් නම් මගෙ කනක් ඉවරයි මෙලහකට..

මි-- ගේ තාත්තා නම් දරුණු කෙනෙක් කියලා අහන්න ලැබුණා.
අනේ ඉතින් තව මොනවද?????????????

Monday, September 12, 2011

හොර වැඩ

මෙ කියන්න හදන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් වුන සිද්ධියක්...............
හැබැයි මේකේ කතා නායකයා නුවර එළියේ පදිංචි ආදර වන්තයෙක්.....

(ඉතින් ,,,, ඔය එක එක අමුතු කට්ටියත් ඉන්නවනෙ මේ රටේ.. මහ ලොකු දෙකුත් නෙවෙයි එහෙම බලනකොට.. )

මගේ මතකේ හැටියට 2006 පෙබරවාරි මාසේ දවසක තමා මෙක මන් දැක්කේ....

අපි කට්ටිය, ඒ කිවිවේ අපේ බාලදක්ෂ කට්ටිය , 2006 නේ....., අපි ගියා නුවර එළියේ තිබුණ ජැම්බරියට.ගාල්ලේ ටීම් එක කියල තමයි පොදුවේ ගාලු බාලදක්ෂයන් එකතු වුනේ.
ඇත්තටම  එ කැම්ප් එකට පිට රටවලින් පවා බාලදක්ෂයන්, බාලදක්ෂිකාවන් ඇවිත් හිටියා. මරු ලස්සන කෙල්ලො... බොනික්කො වගේ .. එ ගොල්ලා තරග කරෙ රටවල් එක්ක.
අපි නියොජනය කරේ ගාලු දිස්ත්‍රික්කය. අන්තිම තරගෙ අවෙ කොළබ කට්ටියත් එක්ක .... එත් අපි එගොල්ලන්ව ගෙමක් නතුව පරාද කරල එක වුනා.අන්තිමෙ ගාල්ලට ජය.
ඔය අතරේ පිට රටවල බාලදක්ෂිකාවෝ අපිත් එක්ක හොදටම මිත්‍ර වෙලා ,යාලුවොන්ට චීසුත් දුන්නා....... එක වෙනම කතාවක්...


අපේ ස්කොලෙම බාලදක්ෂ කණ්ඩායමේ නායක උප නායකයින් 8 විතර හිටියා. එක ස්කොලෙ කට්ටියනෙ ඉතින්. දන්නැද්ද ඉතින් එකතු වුනාම.
ඔහොම ඉන්න අතරේ අපේ ස්කොලෙ මල්ලියෙක් ලෙඩ වෙලා (ලෙඩ උනේ ආපු දවස් වලම) ඉස්පිරිතාලේ නවත්තලා තිබුණා.. එදා එයාගේ තනියට නවතින්න උනේ මට,
මන් හවස 4.30 ට විතර කදවුරෙන්  ඉස්පිරිතාලෙට යන්න පිටත් උනා..ස්ටැන්ඩ් එකෙදි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ටිකක් උණුසුම් විවාදයක
පැටලිලා මොකක්ද ජරමරයක්.,...... "මොකක් හරි ලව් හුටපටයක් වෙන්න ඇති" කියලා මන් ගනන් නොගෙන මගෙ ගමන මං ගියා

එදා කදවුරේ සංගිත ප්‍රසන්ගය.. මගේ වාසනාවට එදාම මල්ලිගේ ටිකට් කැපුවා.(මිනිහගේ අවාසනාව, කදවුරේ බිමට වඩා ඇද)......... අපි සෙරම එකේ නැ‍ටුවා..
 ඉට වඩා එදා පට්ට හිතල !!.....
 එ අස්සේ ස්ක්‍රින් එකෙ ස්වර්ණවාහිනියේ "දග මල්ල" පෙන්නන්වා.

 කොහොමහරි රෑ  10 විතර වෙනකොට ඔක්කොම සද්ධ බද්ධ නැවතුනා..
"අද රෑ අපේ එකෙක්වත් නිදාගන්න එපා" ඒ --- ගේ කටහඩ....
සර් ලා දෙන්නෙක් හිටියා අපි බාරව.
එක් සර් කෙනෙක් කිව්වා "ඔය නායකයො ටික, පොඩි කට්ටිය ඔක්කොම බලලා නිදාගන්න කියලා"
"හරි සර්" එ මගෙ කටහඩ.

වේලාව රෑ 12.10යි .,
සර් ලත් නිදි. පොඩි කට්ටියත් නිදි
අපි ටික සෙරම අපේ සයිඩ් එකෙන් පිට වුනේ  කාටවත් නොදැනී.

අපි ටිකක් ගමේ එවුන් වගෙ හැසිරිලා පිට්ටනියේ ගෙට්‍ටුවෙනුත් එළියට පැන්නා...
මොකෙක්වත් නෑ පාරේ..... කලාතුරකින් වාහනයක් යනවා...එච්චරයි.
අපි පොඩි අතු පාරවල් පුරාම ඇවිද්දා . කියලා වැඩක් නැ මාර ෆන්..

අන්තිමට අපි ටවුන් එකට එන්න බලන කොට හරියට පාර සුවර් නෑ..
එතකොට වේලාව 2.15 විතර වෙලා.
ඉස්සරහට හම්බුනා පොඩි අතු පාරක් එක වැටිලා තින්නේ ලොකු ඇට්ටොරිය ගස්
තින කැලයක් මැදින්....
බුදු අම්මෝ...... කට්ට කරුවල.. ෆොන් එළිය විතරයි,,....
අපි 8ක් ඉන්න නිසා එ පාරෙ එන්න තිරණය කරා.. ඇත්තටම එක විතරයි විසදුමකට තිබ්බෙ.

මිනිත්තු 25 ක් විතර අපි කැලේ ඇතුලෙන් ආවේ..
මතක් වෙනකොට කකුල් තාම වෙව්ලනවා..
එ කැලේ නිකන් අර හැරි පොටර් එකේ මකුලුවො ඉන්න කැලැව වගේ
අපේ එක බූරුවෙක් මහාසෝනා මතක් කරනවා.. අනේ අම්මපා මූට,,,

දෙවියන්ගේ පිහිටෙන් අපි නගරෙට අවා.
ස්ටැන්ඩ් එකේ ඉදන් තමයි ගිමන් හැරියේ....
ස්ටැන්ඩ් එකෙ අලුත් මොකෙක්වත් හිටියෙ නැ පෙන්න.
බිම නිදා සිටින වැරහැලි ඇදගත් 2නෙක් නම් හිටියා....

එක පාරට ගැබුරින් කහින කෙනෙක්ගේ සද්ධයක්  ආවා
හැබැයි අපි හිටපු තැනට ටිකක් දුරින්
කව්ද දන්නේ අන්තිම  හුස්ම අදින කෙනෙක්ද කියලා
අපි ටිකක් කිට්‍ටු කරලා බැලුවා...

"අඩෝ මේ අර අයියා බන්" යාළුවොන්ට කිව්වා
මන් හවස යනකොට කෙල්ලෙක් එක්ක අර සිරියස් කතාවක හිටපු......
එ යකා නස්පුට් වෙන්න ගහලා කෙලින් ඉන්න පණ නෑ...
ලග පොඩි බොතලෙකුත් තිබ්බා...

මට ඉතින් කතාව තෙරුනා.... නොදොකින් මේ කෙල්ලෝ....ශික්,
අනේ මන්දා ... මොනවා කරන්නද?
සොරි තමයි............,

අපි කැම්ප් එකට යනකොට සර්ලට ඇහෙරිලා අපිව හොයලා
"කොහෙද තොපිලා ගියෙ.."
දැන් අපිට සොරි තමයි".....
"උදෙ තේ එකයි උදෙ කැමයි දෙකම හදන්න උනා"...

Wednesday, August 24, 2011

සුගන්ධවත් පුෂ්පය.

කොයි වේලාවෙත්, කොහේ හිටියත්,කොතන හිටියත්
ඔයාට පුළුවන් වුනා එදා කවුරු හරි වෙන්න
මට පුළුවන් ඔයා අදුන ගන්න මිනිස්සු අතරෙ වුනත්,

සමහර විට ඔයා පුදුම වේවි
මගේ හිතේ ඉන්න එකම කෙනා ඔයා විතරයි.,

ඒ දවස  එවි
මගේ සිහින වලින් ඔබ ගිය දවස,
මුණ ගැහුනත්
එක මට සිහිනයක්ම වේවි,
මං කොච්චර විශ්වාස කරා ද
ඔයා එනකම් විතරයි බලන් හිටියේ
ඔයාට වැරදිය නොහැකි නේද?

                                                මට ගලපන්න තෙරේන්නෙ නෑ....එත් මන් ලියනවා, ලියන්නත් ඇගිලි වලට පණ නෑ.., එත් මන් කොහොමහරි ලියනවා, ඒකයි හදවතේ ස්වභාවය.මෙහෙම ලේසියෙන් පරදින්න දෙන්න එපා, එහෙම කරේ පරදින්න හිතාගෙන නෙවෙයි.මං කැමති නෑ ප්ලැ‍තෝනික ප්‍රේමයට, එත් ඔයා කැමති නම් එකට ඉඩ දෙන්නම්.

නුදු‍ටු තරමට සොදුරු.....
නොලද තර මට මිහිරි.....
වියොව සුව සිහිනයක් කරවන ...
පරම රමණීය....................................................,

                                              කිව්වා " මං හින්දා ගොඩක් රිදුනා කියලා" .., ඇයි මං රිද්දන්නේ, මොනව ගන්නද? මං  ගන්න ආවේ නෑ... පුදන්න විතරයි ආවේ.වැඩි කාලයක් නෑ..... දුර ගියොත් මට මාර සටනක් කරන්න සිදුවෙවි.බයවෙන්න එපා හුස්ම ගන්නවනම් කරන්න බැරි දෙයක් නෑ.      "දැන් ඔක මාරු කරලා මොකක්ද බලපොරොත්තු වෙන්නේ,, නිදහසද?" ඒක ලැබේ කියල හිතනවද?  හොද දෙයක් ලැබෙන්න හොද දෙයක් වපුරන්න ඕන. අනේ මන්දා ඔයාගේ කැමැත්තක්.......................,

                               තර්කයේ සියුම් තැන ස්පර්ශ කලත්
                               ලෞකික ලෝකයෙන් වෙන් කල නොහැකි
                               පරමාදර්ශි ප්‍රේමය වු කලී කුමන බලවේග ආවත්,
                               සංවේදි මිනිසුන් වසන තාක් පරාජය නොවන,
                               මිලිනව නොයන්නා වු සදා සුපුෂ්පිත සුගන්ධවත් පුෂ්පයකි.


                               අමාරුවෙන් හරි කියවපු අයට ගොඩක් පිං................,

Monday, August 22, 2011

ප්‍රිය මිතුර..



  "අඩෝ, මතකේයි.....  මුලින්ම හම්බෙච්ච දවස,"
බොරු කියන්න ඕන නෑ... මට නම් හරියට මතක නෑ..

බාලදක්ෂ කරන කාලේ ඉදනුත්, ඊට කලිනුත් මන් හිතන්නෙ,. අපි එකටමයි හිටියේ.
ඉට පස්සේ තමයි සිරි ව සෙට් වුනේ..

හැම ඉඩ ලැබෙන හැම වේලාවකම බැට්, බොල් අරගෙන, අපි කොර්ට් එකේ සෙල්ලම් කරා
එකට camp ගියා. අපි ජැම්බරිත් ගියා මතකයිනේ නුවර එළියේ,,,,,......
හැම වැඩැක්ම එකටමයි කරේ, එකටමයි කට්ට කැවේ.....

ඔහොම ඉන්න අතරෙ තමයි තාරක අපිට සෙට් උනේ, ඉට පස්සේ නදි, අපිටික
කරපු වැඩ ඉතින් දන්නවනේ. මරුම සෙට් එක......
රෑට කො‍ටුවට සෙට් වෙලා හැමදාම ගත්ත ආතල් මතක් වෙනකොට තාම හිනා....

k.k.k = කො‍ටුවේ කොත්තු කොකා කොලා

උබේ පාටියත් සිරා.........(තාරක නම් ආයි ඒ කඩේ පැත්ත පළාතේ යන්නෑ කිව්වා).

හ්ම්, හ්ම්........... ඔය ඇති,
තව මොනවා එලියට එවිද දන්නෑ.....

යන්න හදන ගමනට මගේ බොක්කෙන්ම සුභ පැතුම්....!
"පරිස්සමින් පලයන්...., ගිහින් msg1  එකක් දාපං.."
"කොහොමහරි   ඩිග්ග්‍රිය ගහපං...."
තව මොලේ කල්පනා කරලා වැඩ කරපං, මං වගේ..

උබ නැති පාළුව නම් හම්බානෙක දැනේවි......
අපිට හැමදාකම උබව මතක් වෙවි....


එච්චරයි........
                                           බුදුසරණයි!






 

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...