Showing posts with label විපරම..... Show all posts
Showing posts with label විපරම..... Show all posts

Sunday, February 3, 2013

සංවාදයට විවෘතයි


කවුද කියන්නේ ලංකාව නිදහස් කියලා....,


අන්න ඒතනයි තාම මිනිස්සු ඉන්නේ 48 ලියවිල්ල අත්සන් කරාට ලංකාව ස්වාධින වුනේ නෑ.. තාමත් ඒ කාලේ වගෙමයි . ඇත්තටම කියන්න තින්නේ ලංකාවට තාමත් තින්නේ සීමා වු ආර්ථික නිදහසක්.. ලංකාව තුල තාම ක්‍රියාත්මක වෙන්නේ සුද්දගේ නීතියක්.. ඉතින් කොහොමද කියන්නේ අපි නිදහස් රටක් කියලා.. විවෘත ආර්ථිකෙට නිදහස වුනත් මිලට ගන්න පුලුවන්.. අද දවසෙත් දුක් විදින පීඩිත ජනතාවක් රටේ වෙසෙනවා ඉතින් කොහොමද අපි නිදහසක් සමරන්නේ... අපිට අපේ කියලා දෙයක් ඇත්තෙම නෑ,,.. ඔක්කොම මේ නිදහස සමරන්නේ ආර්ථීකේට පිංසිද්ධ වෙන්න.. ආර්ථිකයක් නැතිනම් නිදහස ගැන හිතන්නවත් මිනිස්සුන්ට බෑනේ.. දවසේ වේල ගැටගහගන්න එකා කොහොමද නිදහසක් ගැන හිතන්නේ..

මේ කියන එක වැරදි වෙන්නත් ඇති.. මට හිතෙන විදියට කිව්වේ ..නිදහස කියන්නේ නිදහසේ සමරන එකක් නෙවෙයි ,නිදහස කියන්නේ එක්ව නැගී සිටිමක්., එක්ව සටන් කිරිමක්., පුජනීය ජාතික ගීයත් වෙනස් කරන්න කට්ටියක් දගලනව, ඉස්සරහට තව මොනවා වෙයිදත් දන්නේ නෑ.. සිංහ කොඩියේ සිංහයා ඉදිවිද දන්නෙත් නෑ...මතක තියා ගනිව් සිංහයා ඉන්නේ රන් ලේ ඇති පසුබිමෙක...ඒක අමතක කරන්න එපා..හෙට මේ පුණ්‍ය භූමියේ උපදින එකත් ලෝක බැංකුවට බර ගානක් ණයයිලු .. ඉතින් ඔන්න නිදහස....!! , නිදහස් දවස කියලා එදා විරයන් නිදහසේ  හිටියනම් දැන් තින නිදහසවත් තියෙවිද.. එකයි කිව්වෙ නිදහස කියන්නේ නැගීටිමක් කියලා සැමරීමක් නෙවෙයි..ඒ විසු උත්තරීතරයන්ගේ වටිනාකම තියන්න..ඒ දිනු නිදහසක් ආට්ථික ප‍ටු නිදහසකට බාල්දු කරන්න එපා.. තව කියන්න ඕන තරම් දේවල් නම් තිනවා ඒත් ඔය ඇති...


ස්තුතියි,...!!

Friday, September 7, 2012

කඳු පාර ඇත අයිනේ .. (මල කෙලියයි)


අද විචාරයෙන් හිතුවා කලාවට අදාල දෙයක් කථා කරන්න...,
 ඕන්න මෙහෙමයි...,

අපේ ඉස්සර කාලේ හිටියා හෙන සුප්‍රසිද්ධ ගායකයෝ..ආයි ඔරිජිනල්ම සෙට් එක. ඒ කට්ටිය නැත්නම් මේ තියෙන ප්‍රමාණයකවත් සංගීත කලාවක් ලංකාවේ ඉතිරි වෙන්නේ නෑ.. ඒ කාලේ හිටපු ගායකයන් ගේ වැඩි ගීත ප්‍රමාණයක් ලියවුනේ ස්ටෙජ් වලට . ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙදිකාවට..ඒ කාලේ හයිස් පීඩ් රිද්ම තිබ්බේ නෑ.. ලොකු වායින් කියලා තාක්ෂණයකුත් තිබ්බේ නෑ. ඒ වුනාට ඒ කාලේ හිටපු මිනිස්සුන්ට ඒ තිබ්බ තාක්ෂණය තමයි සුපිරි.., ඒ තාක්ෂණය භාවිතා කරල තමයි ඒ ගීත කියවුනේ.. ගායකයා ගේ හඬ වුනත් රිමික්ස් කරලා තිබුනේ නෑ.. සුපිරිසිදු ගායනයක්.. ඒ නිසාමත් වෙන්න ඇති මේ තාක් කලුත් ඉදිරියටත් ඒ ගීත ‍රැකිලා තියෙන්නේ .. ඇත්තම කියනව නම් විනෝද චාරිකාවක් ගියත් ඇහෙන්නේ ඒ කාලේ සින්දු. ..(අයියෝ ට්‍රිප් යන්න එපා වෙනවා .. ඒ සින්දු අහලවත් නෑ) ඇත්ත ඉතින් දැන් යන සින්දු වල ඔක්කොම මිනිස්සුන්ට මතක නෑ.. ඇයි කඩ්ඩෙනුත් ඒක කියනවනේ..

ඔන්න ඔහොම යන අතරේ දැන් ගායකයන් පරණ ගායකයන්ගේ සින්දු රිමෙක් කරලා එයාගේ කටහඩෙන් අලුත් තාක්ෂණයත් මුසු කරලා කියනවා. ඒක ඔරිජිනල් එකට වඩා හොද වෙන්නත් පුළුවන් නරක් වෙන්නත් පුළුවන්. ඒක එක් එක් කෙනා දකින විදිය . මොන දේ වුනත් සාපෙක්ෂයිනේ.... හැබැයි එහෙම සාපෙක්ෂයි කියලා අලුත් ගායකයෙක් එයාගේ කටහඩින්, අතීත සුපිරි ගායකයෙක් ගේ වටිනාම ගිතයක් ගැයුවා කියලා ඒ මනුස්සයට සින්දුව කාලා තව අනන් මනන් කියලා නිගා කරන එක වැරදි..මොකද.. ඒ මනුස්සයත් කරන්නේ තමන්ගේ උපරිම පුළුවන් කමින්..,බැරි නම් මිනිහා සින්දු කියන්න එන්නේ නෑනේ.. අනික පෙර ගායකයා ගායනය කියන විට ඒ සින්දුව දැනිච්ච නැති කෙනෙකුට, අලුත් ගායකයා ඒ සින්දුවම ගායනය කරන විට හද පත්ලටම (බොක්කට නෙවෙයි) දැනෙන්න පුළුවන්. අන්න ඒකයි රසාස්වාදය කියන්නේ.... ඒක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් .. එහෙනම් ඒක වැරදි කියලා දකින කෙනෙක් බොරුවට ඩයල් එකක් කියලා පෙන්නන්නැතුව කෑ නොගහ හිටියනම් හරි.. හැබැයි අලුත් ගායකයාගේ වගකීමකුත් තිනවා පෙර ගීතයේ වටිනාකම තියන්න..

මටත් මේ පොස්ට් එක ලියන්න, එහෙම වැදිච්ච සින්දුවක් තිනවා. ඇත්තටම මේ ගීතය පෙර ගායනා කරනවිට අහල තිබුනත් එච්චර දැනිලා තිබුන්නෑ..(රසස්වාදය වෙනස් නේ) කලින් මෙම ගීතය ගායනා කරන්නේ මිල්ටන් මහත්තයා..අලුත් රිමෙක් එක කියන්නේ නවක ගායකයෙක්. වැඩි හරියක් දෙනා බැනලා තිබුනා මේ ගිතය විනාස කරලා කියලා. නමුත් මට නම් එහෙම දැනිලා නෑ. මන් මේ ගිතය මුළු ‍රැයක් පුරාම, මේ ලිපිය ලියන තුරුම ඇහුවා. මට මේ රිමෙක් එක හොදට දැනුනා.  මන් හිතන්නේ කලින් සිනුත් මතක වුනා.. :O



අහලා බලන්න මේ ගීතය ..,
කඳු පාර ඇත අයිනේ
සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
මේ ගීත රාවේ ඇසේවා.. ජීවීතේ පුරා


  යාළුවී දෙවටේ එදා                   
 කී කතා අසා                             
පාළුවි හැඩුවා සදා 
මාරුතේ පවා..

කඳු පාර..

ගං ඉමේ මාදං කැලේ
පාසලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන්වෙලා ගියා

කඳු පාර.......................


           

Saturday, July 14, 2012

රකිවු...

මේ කියන ටික කොච්චර දුරට සාධාරණද  නැද්ද යන්න මට තේරෙන්නෙ නෑ.. එත් මිනිස්සු මේ ගැන කතා කළ යුතුයි යැයි හැගෙන නිසා, පොඩි සටහනක් ලිවිමට සිතුවෙමි ..!!


බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා උනත් සුදනෙකු නම් පු‍ටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....


බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
දැකොත් කුළ නොදු‍ටු උන් පණ පිළිපදිනු
වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු


සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
කසයෙන් තලා හිස පලදා ක‍ටු ඔ‍ටුනු
ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....


රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!


   

මේ ගීතය අප කවුරුත් අසා ඇත. මේ ගීතය ඇතුළත් ගී ඇල්බමය තහනමට ද පවා ලක්විය. නමුත් මේ ගීතයෙන් කතා කරන්නෙ සංශොධනය විය යුතු කාරණා ගැන නොවේද? සාධාරණය, සමානාත්වය මිනිසුන්ගේ හදවතට තාමත් කාවැදි නැතැයි සිතමි.. මෙය දෙශපාලනික හෝ වෙනත් ආණ්ඩු ක්‍රමයක් විග්‍රහ කිරිමක් නොව ,මිනිසුන් ගේ ක්‍රියා කලාපයන් අනුව සමාජයේ සිදුවන සංහාරය අනුව අනාගතය යථාර්ත එකක් වේ යැයි කිව නොහැකිය. මේ ගීතය වදින්න තැන් වලට කෙළින්ම වදින පරිදි සැදුනු ශ්‍රේෂ්ථතම නිර්මාණයකි.. අද වෙන්නේ ඕකද කියලාත් හිතලා බලන්න...!!

Tuesday, June 12, 2012

ක්‍රිස් ගේල්...

හිතුවා පොඩි විචාරයක් කරන්න. විචාරයක් කිව්වට එහෙම ම විචාරයක් නෙවෙයි. කට්ටිය බැලුවද දන්න නෑ මේ ‍ෆිල්ම් එක. "සුපර් සෙක්ස් නෑ නෑ සුපර් සික්ස්" ඇත්තටම ඔය ‍ෆිල්ම් එකට දෙන්න පුළුවන් හොදම නම මොකක්ද?                      

                           


ඔන්න දවසක් අපි ටික දෙනෙක් කතාවෙලා ගියා ඔය ‍ෆිල්ම් එක බලන්න. එකේ වැඩිහිටියන්ට පමණයි කියලා කොහෙවත් ගහලා තිබුනේ නම් නෑ.. එ වුනාට මොකො අපි කොහොමත් 18+ නේ...  අපි ඇතුලට යන කොටත් අන්තිම පේළි හරිය ටිකක් පිරිලා.  ඉතින් අපි හොද තැනක් බලල වාඩි වුනා.. වාඩි වුනා විතරයි මගේ එහා පැත්තේ වාඩි වුනා කියහන්කො වයසක ආච්චි කෙනෙක්,අපිටමයි මේ වගේ ක‍ටු හම්බෙන්නේ. ඇයි අප්පා ලස්සන කෙල්ලෙක්ට එතන වාඩි වෙන්න හිටියෙ නැත්තේ.. ආච්චිට අර ස්ක්‍රින් එක පේනවද දන්නේත් නෑ.. මට නම් වැඩේ හිරිකිතයි වගේ. ඒ මදිවට ඉස්සරහ පේළියෙම හිටියේ සිස්සත්වේ ලියන්න ඉන්න වගේ පොඩි එවුන් ටිකක්..  වට පිට බැලුවාමත් ඉන්නේ හිච්චි කොලු පැටවු. මෙකේ නම් තින්නේ සුපර් සික්ස් කියලනේ පොඩි එවුන් හිතන්න ඇති මේකේ ඩිල්ෂාන් ලා ජයසුරියලා ඉන්නව ඇති කියලා.
ඒ මොනව වුනත් දැන් ‍ෆිල්ම් හෝල් වල වැඩිපුරම ඉන්නේ පොඩි එවුන්.. කපල් වලට දැන් එකේ ඉඩ නෑ... :D

ඔන්න දැන් ‍ෆිල්ම් එක පටන් ගත්තා.. පිස්සු හැදෙනවා ඔයි..හුවක් තියන්නවත්, කුප්ප කතාවක් කියලා ෆන් එකක් ගන්නවත් විදියක් නෑ.. කොහෙද ආච්චි කෙනෙක් ඉන්නවනේ. මන් ශේප් එකේ එහා පැත්තට පැන්නා.ඒ පැත්තේ හිටියේ අපේ නදියා..
"ඒ බන් මේ බලහන්කෝ පිස්සු හැදෙනවා නේ....,
"ඇයි... උබ ඊට වඩා හොද එවා දැකලා නැද්ද...
"මේකේ පොඩි එවුමුත් ඉන්නවනේ...."
ගණන් ගන්න එපා බන්.. බලන් හිටපන්"

ඔහොම ‍ෆිල්ම් එක යන ගමන් එක පාරටම කරන්ට් එක ගියා. ඒ වෙලාවෙම බල්ලෙක් බුරන්න ගත්තනේ ඉස්සරහ පේළියකින් ... ඒ සීන් එකට මුළු හෝල් එකටම හිනා... ඊට පස්සේ මෝටරයක් ස්ටාට් කරන සද්දේ ඇහුනා.. අපේ එකෙක් කෑ ගහනවා "අන්න අරු වතුර මෝටරේ ගහලා".. එකට කට්ටියට තව හිනා..

                                 

ඇත්තටම ‍ෆිල්ම් එකට හොදට වියදම් කරලා තිනවා, නළු නිළියෝ ගොඩක් අරන් තිනවා.., හදේ ගහගන්න එවා ටිකක් තිනවා..හොද ප්ලෙස් ටිකක ෂූට් කරලා තිනවා. ලස්සනයි... කතාව පටන් ගන්නේ ඉවර වෙන්නේ කොහොමද කියලානම් මම තාම දන්නේ නෑ..  ඔය ‍ෆිල්ම් එක ලංකාවට ගැලපෙනවද කියන ප්‍රශ්ණේ ඔගොල්ලගෙන් ඇහුවොත් මොකක්ද කට්ටිය දෙන උත්තරේ??? ලංකාව ඒ මට්ටමට පත්ව ඇත්ද?  පවුලේ සැමට එකට ගිහින් ඕක බලන්න පුළුවන්ද?  ලංකාවෙ ඔයිට වඩා වැඩ තීන ‍ෆිල්ම් ආවා හබැයි එවා ආවේ "වැඩිහිටියන්ට පමණයි " කියන ලේබල් එක ගහලා.බොලිවුඩ් , හොලිවුඩ් ටිකක් මික්ස් කරලා කොට කලිසම් ඇද ගත්ත අක්කලා ටිකක් ලස්සනට නට නට  පෙන්නන එවා ලංකාවෙ තීන පවුල් සංස්කෘතියට කොහොම ගැළපෙනවද කියන එක පොඩි ප්‍රශ්ණයක් තිනවා. තරුණ කොල්ලො කෙල්ලොන්ට නම් කිසිම ප්‍රශ්ණයම් නෑ.. ‍ෆිල්ම් එකෙ වැ‍රැද්දක් කියනවා එහෙම නෙවෙයි... ලංකාව තාම ඒ තත්වෙට ඇවිත් නෑ කියන එක නම් තේරෙනවා...

ඔන්න පවුලක් එනවා ඔය ‍ෆිල්ම් එක බලන්න. ඒ පවුලේ ඉන්නවා කටකාර කොල්ලෙක් ..,  ඒ කොල්ලා අහනවා තාත්තගෙන් " ඇයි තාත්තේ අර අක්කා අර කොට ඒවම ඇදන් ඉන්නේ"  ...? මොකක්ද දෙන උත්තරේ...? එක එක රටවලට ගැළපෙන සංස්කෘති අපේ රටට කොහොම ගැළපෙනවා ද කියන එක පළමුව සිතිය යුතුයි..  ...අපිටනම් මොනවා වුනත් එකයි.. ඒත් ලංකාවෙ සමහර සමාජ මට්ටම් වලට කොහොම යයි  ද කියන එක තමයි ප්‍රශ්ණේ... සමහර විට මේ ‍ෆිලිම් එක ඉදිරි සිනමා ගමනේ වෙනස් වීමක, එක හැරීමක පළමු පියවරක් වෙන්න පුළුවන්...

සුභ පෑතුම්..!!

කොහොමවුනත් ලස්සන සින්දු ටිකක් තිනවා... :ඵ්
(පින්තුර ගූගල් එකෙන්)

Friday, February 10, 2012

ගැහිලි ටිකක්...,

මංකොල්ලකාරයෝ..,

සෝමාලියාවේ මුහුදු මංකොල්ල කාරයෝ ගැන කට්ටිය අහල ඇති නේ? ලොකේ ඉන්න දරුණුතම මංකොල්ලකාරයෝ ටිකක්, ඇත්තම කතන්දරේ කිව්වොත් එකේ ඉන්නෙ කව්ද කියලවත් මොනම මිනිහෙක් දන්නෙ නෑ.. හැබැයි අර ජැක් ස්පැරෝ වගේ චරිත නම් නෙවෙයි ඉන්නේ, අහුවුනොත් හිරිකිතයක් නැතුව මාළු කපනවා වගේ කපනවා.ආයි එකේ හොදන්න දෙයක් නෑ.. අපේ මිනිස්සු ටිකකුත් ඔවුන්ගේ හිර කාරයෝ වෙලා කියලා කට්ටිය දන්නව ඇතිනේ.... ඔවුන්ව නිදහස් කිරිමට විශාල කප්පමක් ගෙවීමට සිදුව තියෙනවා. මොනවා හරි කරලා කට්ටිය ඉක්මනට බේර ගත්තොත් හොදයි...!! ඉදිරියේදි ඔය මංකොල්ලො කාරයෝ ගැන මා සොයාගත් විස්තර ඉදිරිපත් කරන්නම්.










 



අනිත් කාරණාව තමයි...., 
සත්‍ය සිදිවීමක් ඇසුරෙන් කියන්නේ, අපේ සමහර උදවිය ඉන්නවා... අපේ රට සංවර්ධනය කියන මාවතේ ගමන් කරනකොට ඒකට උගුල් අටවන අය. සමහර මිනිස්සු සුද්දෝ අපේ රටට එන එකට කැමති නෑ. අපේ රටේ දියුණුවේ වැදගත් පොයින්ට් එකක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ.ගොඩක් ‍රැකියා අවස්ථා ප්‍රමාණයක් අපේ තරුණ තරුණියන්ට හිමිවෙනවා.මා නිවරදි විය යුතුයි, රජය විසින් විශ්ව විද්‍යාල වලට මේ සම්බන්ධ අලුත් විශයයක්ද ඉදිරිපත් කරනු ලැබුවා.
අපි සියළු දෙනාම දන්නවා ටික කාලෙකට පෙර විදේශිකයකු ඝාතනය වුණා යම් සිදුවීමක් නිසා. ඒ සිදුවිමෙන්  පස්සේ විදේශිකයන් ජිවිත ආරක්ෂාව පිණිස නැවත පෙර ලා යන්නට පටන් ගත්තා.නමුත් දැන් වෙනකොට ඒ තත්වය සමනය වෙලා විදේශිකයන් සංක්‍රමණය වන තත්වෙකට පත්ව තියෙනවා.එත් සමහර අපේ බත් කන හරක් ඉන්නවා සුද්දන්ව බය කරලා එළවගන්න හදන අය. " ඇයි ඔගොල්ලෝ ආවේ , දන්නෙ නැද්ද ‍ටුවරිස්ට්ලා මරනවා මේ දවස් වල..,ඉන්න එපා මේ රටේ, කිසිම ආරක්ෂාවක් නෑ.. ,අපිත් ඉන්නෙ බයෙන්" මෙවැනි ප්‍රකාෂ කරමින් විදේශ විනිමයට හානිකරන එවුන් නැතිවද නොවේ.(සත්‍ය සිදුවීමකි). සංචාරක කර්මාන්තය වැ‍ටුනොත් වෙන පාඩුව ආයිත් කියලා නිම කරන්නද......?

Tuesday, December 6, 2011

මට තේරේන්නේ නෑ....

"   මේ දවස් වල විවෙක සුවයෙන් ඉන්න නිසා එක එක දේවල් මතක් වෙනවා...,, "

 ' එහෙම මතක් වෙච්ච ප්‍රශ්ණ කිහිපයක් තමයි මේ ඔගොල්ලන්ගෙන් අහන්න යන්නේ '

                                      මෙහෙමයි.., අපේ රටේ විශ්ව විද්‍යාලවල විවිධ ක්ෂේත්‍ර වලට අදාල  විවිධ විශයන් උගන්නනවා.ඒ ඒ විශයන්ට අදාලව, විශ්ව විද්‍යාල ප්‍රජාවට ලොකයේ ඔනම  තැනක කැමති ‍රැකියාවන් සදහා පිළිගත් උපාධියක් ලබාගන්න පුළුවන්.පරිගණක ක්ෂේත්‍රයක් ගත්තොත් යන්න පුළුවන් පැති රාශියක්ම තිනවා.... එත් කලා විශය ධාරාවකින් ඉස්සරහට යන්නේ නම්, යන්න පුළුවන් පැති සීමිතයි නේද?  එත් කලාව කියන්නේ ඕනම මිනිසෙකු තුල තිබිය යුතු, රටේ සංස්කෘතියට බලපාන, රටක ඉතිහාසයට වටිනාකමක් එකතු කරන ක්ෂේත්‍රක්.

    (සමහර) විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් අතර (මේ කියන්නේ සාහිත්‍ය මහාචාර්යවරුන් ගැන) පෙර සිටම පිළිගෙන පැමිණි සාහිත්‍යයට විවිධ අංග එකතු කරමින් තමාට අවශ්‍ය පරිදි ගෙන යන කලාවකුත් නැතුවාම නෙවෙයි.ඒ කියන්නේ අනාගතයට යන සාහිත්‍ය විකෘති වු එකක්. ලංකාවේ සාහිත්‍ය දියුණුවට වැඩියෙන්ම උර දෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්, සිසුන්, සමස්ථයක් වශයෙන් කිව්වොත් විශ්ව විද්‍යාල ප්‍රජාව. ඔකට පිට ඉන්න කට්ටියට මුකුත් කරන්න බැරිද? විශ්ව විද්‍යාල යන්නෙ නැති සිසුවෙක්ට සාහිත්‍යට මෙහෙයක් කරන්න බැරිද?  යටින් කියන්නෙ මෙකයි.." අද ඔය කලා විශය උගන්වන විශ්ව විද්‍යාලවල වැඩි හරියක්ම පාහේ කරන්නේ 'මාටින් වික්‍රමසින්හ ශුරීන්ගේ , කුමාරතුංග මුණිදාස ,වගේ ගත් කතුවරුන්ගේ පොත් පරිශිලනය කරන එක. ඒ ගත් කතුවරු එක්කෙනෙක්වත් (එකල) විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබපු අය නෙවෙයි.මන් හිතන්නේ ඉස්කොලේ ගියෙත් අටේ පන්තියට වෙනකම් විතරයි. පොත් කිහිපයක් පාඩම් කිරිමෙන් පමණක් ම දියුණුවක් ගැන හිතන්න අමාරුයි. සාහිත්‍යට කැපවෙන විශ්ව විද්‍යාල ප්‍රවෙශය නොලැබු ප්‍රජාවක් ඉන්නවා, ඔවුන්ට සාධාරණයක් වෙන්නෙ නැද්ද?   අනාගතයේ මාටින් වික්‍රමසින්හලා වගේ ගත් කතුවරුන් බිහිවිය යුත්තේ විශ්ව විද්‍යාල වලින් පමණක්මද?


තව දෙයක් තිනවා ...." රටට බෞද්ධ සංස්කෘතිය ගෙන එන්න විශාල කැප කිරිමක් කරපු කෙනෙක් තමයි 'අනගාරික ධර්මපාල' කියන්නේ. එතුමා , එතුමාගේ අවසාන කාලය ගත කරන්න ලංකාවෙන්  ගිය හේතුව ඔගොල්ලො දන්නව ඇතිනේ.. මේ සිංහලයට ලැබුණු බෞද්ධ සංස්කෘතිය තමාට ඕන විදියට වෙනස් කිරිමට ගත්ත උත්සහයක ප්‍රතිපල වශයෙන් නෙවෙයිද? "  සියල්ල වෙනස් වෙනවා ඒක සාධාරණයි... නමුත් එය අතිතයට ,අනාගතයට ගැළපෙන පරිදි වෙනස් විය යුතුයි.

                   [ නිකන් හිතුන කාරණා ටිකක් ලිව්වේ.. වැ‍රැද්දක් තිනව නම් කියන්න හොදේ...........]

Sunday, November 6, 2011

සංස්කෘතිය

කොහොමද යාළුවනේ, ගොඩක් කාලෙකින් එන්න පුළුවන් වුණේ..
කියලා වැඩක් නෑ... මරු මරු වැඩ තමයි ඉතින් අපිට සිද්ධ වෙන්නේ..දිය සුළියකට අහුවුණු රුවල් බොට්‍ටුවක් වගෙයි, ආ.. ආ... කියන්න අමතක වුණා ඔගොල්ලන්ගේ පොස්ට් කියවන්න බැරි වුණාට,
                            පොඩි දෙයක් ගැන ලියන්න හිතුවා, කැම්පස් ගැන, මන් ඉන්නේ එක කැම්පස් එකක නමුත් අනිත් එවා මොන වගෙද බලන්නත් ආස හිතුණා..මන් හියා කැම්පස් තුනකට..... තේරුණු එකම දේ නම් ඒ තුනේ තින්නේ සංස්කෘති තුනක්. මට පේරාදෙණියේ තින සංස්කෘතිය තමයි තාම අල්ල ගන්න බැරිවුණේ..ඒ සංස්කෘති වල අනාගතෙට වාසිදායක වන දේත් තිනවා. මෙ පිළිබදව ඔගොල්ලන්ගේ අදහසුත් දැන ගන්න කැමති......

             මෙහෙම ප්‍රශ්ණයක් තිනවා.., ඔය සංස්කෘති සමාජයේ  එකතු වන යම් දවසක සමාජයේ පැවැත්ම මොන වගේ වෙවිද? සමාජයේ දියුණුවක් තියෙවිද? අදහස් අර්බුධයක් ඇතිවෙවිද? මේ ගැන මොකද හිතෙන්නේ.....


                                           

Sunday, August 28, 2011

ලොවෙත් නෑ

            ශ්‍රී ලංකාව
                           මහා පාවාදෙන්නන් සිටිනා රටකි
                           විශ්වාස කල නොහැකි කෙල්ලන් සිටින රටකි
                           සිම් මාරු කරන කෙල්ලන් ඉන්නා රටකි.(දන්නවනෙ තේරුම)
                           දිනකට මිනිමැරුම් 4ක් වන රටකි
                           පැය 2න් දෙකට සොරකම් සිදුවන රටකි
                           කෙල්ලො නිසා කොල්ලන්ට පදිරි වුන එවුන් සිටිනා රටකි
                           කුජිත දෙශපාළුවෝ සිටි/සිටිනා රටකි
                           කැම්පස් වල සියදිවි නසා ගන්න කොල්ලො,කෙල්ලො සිටිනා රටකි
                           ආර්මාර්ථකාමි අධමයන් වෙසෙනා රටකි
                           සංස්කෘතිය හානි කිරිමට හදන එවුන් සිටිනා රටකි
                           පිං පඩි කාරයෝ වෙසෙනා රටකි
                           පිට් පොකට් කාරයෝ වැඩිම ඉන්නා රටකි
                           බොක්ක වෙනස් වන එවුන් සිටිනා රටකි
                           තම බඩ ගැන පමණක් හිතනා එවුන් සිටිනා රටකි
                           boot නොකාපු කොල්ලො නොසිටි රටකි
                           තමා කැමති දේ කල නොහැකි රටකි
                           වැඩිම මිනිසුන් ගණනක් නිදා සිටින රටකි.
                           දෙමව්පියන් විකුණා කන රටකි
                           සැමියෙක් සිටියදි වෙන එකකු සමග යන ගැහැණුන් සිටින රටකි
                           මුදලට සියලු දේ විකුණන මිනිසුන් ඇති රටකි
                           8  හරියට ගැහුවට ,ලයිෂන් නැති.. 500 ට ලයිෂන් ඇති රටකි
                           තුන් වෙලම  _ _   කන අය ඉන්නා රටකි

".....කියනවනම් හම්බානෙක කියන්න පුලුවන්. අනිත් හැම දෙම කිව්වා කියලා හිතා ගන්නකො......................................"


            ශ්‍රී ලංකාව
                           බුදු දහම ‍රැක ගන්නා මිනිසුන් සිටි/සිටිනා රටකි
                           ලේ හලා රණවිරුවන් ‍රැක ගත් රටකි
                           මහා ගත් කරුවන් වීසු රටකි
                           පන්සල් වැඩියෙන්ම ඇති රටකි
                           ලොව හෙල්ලු ක්‍රිඩකයන් සිටි/සිටිනා රටකි
                           ලොවම දණ ගැස්සු රජවරු සිටි රටකි
                           සංවර්ධනය වෙමින් පවතින රටකි
                           ආදරේ වෙනුවෙන් ජිවිත පුජා කල කොල්ලන් වීසු/වෙසෙනා රටකි
                           උගතුන් පිරි රටකි ( මා වැනි)
                           නායකත්ව පුහුණුවක් ඇති රටකි.
                           ඡන්දය ඇති රටකි
                           ලස්සන රටකි

   කියන්න ගොඩක් තිනවා එත් මන් මේ ටිකයි ලිව්වේ. පොදුවේ  , එක් කාරණාවක් එකකට ම නොවේ,හැම අංශයකට අදාලයි. ආර්ථිකය, දෙශපාලනය, මිනිස්සු,  මෝඩ කම්, ..... ---

                                                         
                         
   මොනවා කරන්නද ආශ්චර්යය තමයි..............

Thursday, August 18, 2011

ඇත්ත කතාව

මිනිස් ජිවිතයක් අහිමි විම විදි හතර ආකාරයකට සිදුවේ.
                1.මිනිමරුමක්
                2.සිය දිවි හානි කරගැනිමක්
                3.හදිසි අනතුරක්
                4.අත් වැරදීමක්.
                                      මා මෙහි ස්වභාවික මරණ සදහන් නොකරමි.එයට හේතු තිබේ.  බුදුන් වහන්සේ ගේ කාලයෙත්, හා පෙර අත්ම භව වලදිත්,ජිවිත විනාශ කිරිම් පිළිබද සිදුවිම් සිදු වි ඇත.එයට ජාතක කතා සංග්‍රහය සාක්ෂි දරයි.උම්මග්ග ජාතකය,මසක ජාතකය,රොහිණි ජාතකය,ශරභන්ග ජාතකය  නිදසුන්ය. ජාතක කතා මගින් ඉදිරිපත් කරන සිදුවිම් තුලින් සමජය ගොඩනැගිය යුතු ආකරය, ගුණ ධර්ම  දියුණු කර ගත යුතු ආකාරය, පිළිබදව මහාර්ඝ ආදර්ශ සපයයි. අභිධර්මයේ සදහන් වන අකාරයට මිනිසාගේ උපරිම ආයු කාලය අවුරුදු 80,000 වන විට ලොව පලමු වරට පස් පව් බිහි විය.ප්‍රාණඝාතය නිසා අවුරුදු 40,000 දක්වා ආයු කාලය පිරිහි ගොස් ඇත.පස් පව් නිසා දැන් අප ගත කරන්නෙ වයස 100-10 ත් අතර කාලයයි.කෙනෙකු තමාගෙ නොයෙක් අවශ්‍යතා ඉ‍ටු කරගැනීමට හෝ පුද්ගලික අමනප කම් වලට  කිසිවකු මරා දමන්නෙ නම් ඔහු මනස විකෘති වු පහත් අදහස් ඇති මිනිසෙකි.ඔවුන් අල්ලා ගැනිම,නිතියෙ ‍රැහැනට කො‍ටු කර ගැනිම යුහුසුලුව කල යුතුය.එසේ අල්ලා ගැනිමට  හොද සැලසුම් සහගත ක්‍රමයක් සහ සුපිරි බුද්ධියක් ඇති කෙනෙකු ක්‍රියා කල යුතුය.ඔහු මරණ සෙවිම සදහා පමණක් ම නොව,සොරකම් ඇල්ලිම්,ව්‍යාජ ලිපි ලේඛන ගැන,රාජ්‍ය විරෝධි සංවිධාන හසු කර ගැනිම හා වෙනත් ඕනම අපරාධයක් සෙවිම සදහා ක්‍රියා කල යුතුය.ඔහු පරිසරය සමග නිතර ගණු දෙණු කරන හිතකාමි ධනාත්මක සිතිවිලි සහිත අයකු විය යුතුය.
                                          යම් කෙනෙකු තවත් පුද්ගලයකුගෙ මනසට හානි කරයි නම්,හැගිම් වලට පි‍ටුපායි නම්,එයත් අපරධයකි. මෙවැනි සිදුවිම් ඉහත කරුණු 4 න් 1 කරුණකට හෝ අයත්ය.(ආදර සම්බන්ධතා වලදි කොතෙකුත් අසන්නට ඇත). යමෙකුගෙ සිය දිවි හානි කරගැනිමත් වෙනත් පුද්ගලයකුගේ අවශ්‍යතවයක් විය හැක,මේය පසුපස තවත් අතකොලු තිබිමටද පුලුවන.එවා හෙලිවිම පත්තර  මගිනුත්,වෙනත් මාධ්‍ය මගිනුත් අසන්නට ලැබෙන්නේ අඩුවෙනි. ...
                                                     මේවා ලිවිමෙන් අත් විය හැකි පල විපාක මොනවඩැයි කිමට පොහොසත් වුවත් ඒවා සදහන් නොකරමි.සිදුවන සැක සහිත මරණයක් සදහාම අධිකරණ වෛද්‍යවරයා පශ්චත් මරණ පරික්ශන මගින්,විවිධ සිද්ධාන්ත මගින්,මරණ කරුවාගෙ ඉතිහාසය සාක්ෂි මතින් ගොඩානංවයි.ඔහු පෙන්වා දෙන මග ඔස්සෙ පොලිසිය ඇතුලු කණ්ඩායම ගමන් කරයි.සිදුවිමක සාක්ෂි නැතිකිරිම ඉතා අපහසු කටයුත්තකි.මෙයින් කළ නොහැකි යන අදහස ගම්‍ය නොවේ.
                      අධිකරණ වෛද්‍යවරයා කරණ ක්‍රියාදාමය රහස් පරික්ෂකයා දැන සිටිය යුතුය.සමහර අපරාධ සුක්ෂම ඒවය.එම අපරාධ එලි කරත් දිගු කාලයක් ගතවේ.මෙවැනි අපරාධ CONSULTING CRIMINAL ඝණයට අයත්ය.මෙවැනි අපරාධ සැලසුම් කිරිමට සුපිරි මොලයක් තිබිය යුතුය,එවා ඇල්ලිමටත් එහා සමන මොලයක් ඇති කෙනෙකු අත්‍යාවශ්‍යවේ.

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...