Friday, April 27, 2012

Java සරලව (3)

ජාවා කේතනය...,

අපි කලින් පාඩම් වලින් ජාවා ක්‍රියාත්මක වන ආකාරයත් වැඩ කරන ආකාරයත් ඉගෙන ගත්තා. මෙම පාඩමින් ජාවා කේත හා එවායින් සිදුවන දේ ඉගෙන ගනිමු.

පහත ඇති කේතය බලන්න...,
     class Example1{
public static void main(String args[]){
System.out.println("I'm the one");
}
}


මෙම කේතය, notepad එක විවෘත කරගෙන එහි type කරන්න.ඉන් පසුව එය Example1.java යන අකාරයට පරිගණකය තුල තමාට පහසු තැනක සුරකින්න. අනතුරුව cmd එක ලබාගෙන java ලෙස type කර enter  කරන්න.එවිට ජාවා හි ඇති දෑ ඔබට නිරික්ෂණය කල හැක. ඉන් පසුව ඔබ  Example1.java  එක සුරකි තැනට cmd එක ආදාරයෙන් ගොස්, cmd හි javac  Example1.java  ලෙස type කර enter කරන්න.එවිට එම ස්ථානයෙ ම   Example1.class  එක සැදි ඇති ආකාරය බලා ගත හැක.නැවතත් cmd හි java  Example1 ලෙස type කර enter කල විට අදාල ප්‍රථිඵලය නිරික්ෂණය කල හැක. එලෙස පහත කේතන ද සිදු කර බලන්න.

class Example2{
public static void main(String args[]){
System.out.println("My name is ......");
}
}


class Example3{
public static void main(String args[]){
System.out.println("abc");
System.out.println("abc");
System.out.println("abc");
}
}


මෙහි අප javac ලෙස දෙනුයේ අප ලියු source code එක byte code බවට compile කර ගැනිම සදහා දෙනු ලබන විදානයයි. ඉහත ක්‍රම මගින් අපට අවශ්‍ය දෙයක් නිරුපනය කරවා ගත හැක. println යෙදිම මගින් new line එකක අදාල දැ print වන අතර print පමනක් යොදා ඇති නම් එම පේළියේම  නිරුපනය  වේ.


integers හා variables
පහත කේතය සලකා බලන්න.

class Example4{
public static void main(String args[]){
int x;
x=100;
System.out.println("x");
}
} // {}නිවරදිව යොදන්න


 මෙහිදි කේතය ක්‍රියාත්මක කල විට x අකුර print බව නිරික්ෂනය කල හැක. නමුත් අප මෙහිදි x සදහා  100 යන අගය ඇතුලත් කර ඇත.එය පරිගණකයේ අදාල ස්ථානයේ x නම් variable name එකක් යටතේ සු‍රැකී ඇත. මෙහි ("x") වෙනුවට (x) ලෙස ලබාදි print කලවිට x හි අගය  නිරික්ෂණය වේ.

එසේ නම් පහත කේතනය සිදු කර අදාල ප්‍රතිපලය ලබා ගන්න...

class Example4{
public static void main(String args[]){
int x;
System.out.println(x);
}
}

ඊළග පාඩමින් හමුවෙමු.....!!

Wednesday, April 25, 2012

අවසන් ලියුම..?

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කදුළු ‍රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ........
                                                                                    
එයා පැලැන්දු මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමි
ගෙල වට කරහ්ගෙන ලැමදේ ලගිනා
මංගල මාලය මම දුටිමි


අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ


පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවකු නෑ දන්නේ
වෙන දිගෙක ගිය ඔබට වඩා.....!!!

  යාළුවනේ මේ තියෙන්නේ මන් ආසම ගායකයකු ගැයු පිවිතුරුම විරහා ගීයක්. නමුත් ඔහු දැන් මෙලොව හැර ගිහින්. සමහර මිනිස්සුන්ට නම් මෙලෝ රහක් නැති ගායකයෙක් කියලා දැනෙන්න හිතන්න ඇති. නමුත් ඔහු අදහස් කරපු දේ , ඔහු කරපු දේ අති විශාලයි.  ගායකයකු යනු සින්දුවක් නිවරදිව අංග සම්පුර්ණව කියන්නෙකු නොවේ,නමුත් සින්දු කියන්න දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්.

මේ පොස්ට් එක ලියන්නෙත් ඔහුගේ ගීයක් රස විදිමින්. ඇත්තටම මේ ගීය මට ටිකක් මට සමීපයි.  ම්ම්ම්ම්... මොනව වුනත් හොද ගායකයෙක් අප අතරින් වෙන්ව ගියා. ඔහුට නිවන් සුව...!!!

Wednesday, April 18, 2012

උපරිම තව 5 යි

.
                                                         
කාලෙකින් මේ පැත්තේ එන්න වුනේ.. ලෙඩ ගොඩක්, එක පිට එක වැ‍ටුනු නිසා හෙල්ලෙන්න  බැරි වුණා.  කොහොමවුනත් මේ කියන්න හදන්නේ තව ඉස්සරහට වෙයි කියලා හිතෙන සිදුවීමක්.හැබැයි දේශපාලනයම නෙවෙයි. දැන් රට ගලා යන ආකාරයට  හැමදේම පුද්ගලීකරනය වීමේ නැඹුරුතාවයක් ඇතිවෙමින් යනවා. එක අතකින් පුද්ගලීකරණය වුනොත් නාස්තිය අවම කර ගැනිමේ හැකියාවක් තිනවා, නිකන් පඩි කන එවුන්ටනම් බඩේ පාර වදිනවා.වැ‍ටුප ගෙවිය යුත්තේ අදාල තැනැත්තා වැඩ කරන ප්‍රමාණයටයි.

කොහොමවුනත්, මේ විදියට ගියොත් ඉක්මනටම පුද්ගලීකරනය වෙන්නේ අධ්‍යාපන දෙපර්තුමෙන්තුවයි. ලොවෙත් ෂුවර් තව වැඩිකල් යන්න කලින් නිදහස් අධ්‍යාපනය නැති වෙනවා.හැමදේම මුදලට යට වෙනවා. මේ සිදුවීම් ගානට නුලට දශමෙට ක්‍රියාත්මක වෙමින් යන්නේ. ගිය වසරේ උසස් පෙළ උත්තර පත්තර වල ප්‍රශ්ණයක් ඇතිවුනේ මේ සංකිර්ණ සැලසුමේ අදියරක් සම්පුර්ණ කරමින්. කොහොමවුනත් ඉස්සරහට ගමේ පාසල පන්සලටම ඇදෙනවා. එවිට නිදහස් අධ්‍යාපනය පවතින්නේ පන්සල යටතේ විතරයි, අනිත් සියළුම පාසල් සල්ලිවලට යට වෙනවා. ගම්වල ඉන්න දුප්පත් ලමයින්ට බුදු සරණයි ඉතින්. මේ සංකිර්ණ සැළසුම් සිදුවෙන්නේ පවතින රජයේ අනුදැනුමින් නැතිනම් රජයට වඩා බලගතු සංවිධානයකින්.

දැන් හැම තැනම වගේ ඩීග්‍රි ඕන තරම් සල්ලිවලට ගන්න පුළුවන්.ඉස්සරනම් රජය යටතේ පවතින විශ්ව විද්‍යාල වල පමණයි. නමුත් වෛද්‍ය උපාධියත්, පරිගණක ඉංජිනේරු උපාධිත් කලමණාකරන උපාධිත් අදාල පුද්ගලික ස්ථානවලින් ලබා ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න ඔය වෙනස් ඩීග්‍රී තුන, හතරම දෙන්නේ වෙනස් ආයතන කිහිපයකින්,ඔය ආයතන තුන එකට එකතුවුනොත් එක කෙලින්ම කැම්පස් එකක් වෙනවා. තනිකරම පුද්ගලික විශ්ව විද්‍යලයක්. අනාගත්යෙදි බුදු ෂුවර් ඔය ආයතන ටික එකට එකතු වෙනවා. ඉට පස්සේ ටිකෙන් ටික රජය යටතේ පවතින අධ්‍යාපන ක්‍රමයට කන කොකා හැඩීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ප්‍රසිද්ධ කාරණාවක් තිනවා.. ඒක කිව්වොත් සුවර් ........... එකක් මාව හොයාගෙන එනවා.

තව පුරස්නයක් තිනවා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩ කරන්නේ නැත්තේ ඇයි කියන එක ....? එත් දැන් නම් එක තේරෙනවා, පඩි අඩු නිසා ආචාර්ය වරු පඩි වැඩි පුද්ගලික විශ්ව විද්‍යාල සොයා යනවා..එත් සමහර ආචාර්ය වරුන් මොන දේ වුනත් පෙර විශ්ව විද්‍යාල සමග සිටිනවා. ඒත් අතලොස්සයි... ඉතින් ඉට පස්සේ වෙන එක කියන්න ඕන නෑනේ. යාළුවනේ හිතන තරම් මෙවා ලේසි නෑ... තව කියනව නම්ගොඩක් දේවල් කියන්න අහැකි.සමහර කට්ටියගේ බැංකු අකවුන්ට් පිරෙනවන්ම් මේ රටේ තව මොනවා කරන්න බැරිද???


Sunday, April 8, 2012

උල්කාපාතයක්

කට්ටිය මේ සින්දුවේ තේරුම දන්නවද?????

ගොඩක් හිතුවා මෙකෙන් මොකක්ද කියන්නේ කියලා එත හරියටම තේරුමක් හිතා ගන්න අමාරුයි.. ඔගොල්ලො දන්නවනම් ඒ ගැන පහලින් සදහන් කරන්න. කොහොමවුනත් ආයි සුපිරිම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්..



                                          අළු පාට වළාකුළු කථාවක් නෑ.
                                          තරු නිවී තරු නිවී රාත්‍රියේ.
                                          සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං.
                                          ගිනි අරන් ගිනි අරන් මොනවක් හොයන්.


                                           උල්කාපාතයක්, අහසේ ගිනි අරන්.
                                           අළු වෙලා පොළවට වැටෙනා, උල්කාපාතයක්.


                                           අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ.
                                           ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා.
                                           පොළවට වැටෙනා දේවතා එළියක්.
                                           ගිනි ගත්ත තරු එළියක්....

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...