Wednesday, April 25, 2012

අවසන් ලියුම..?

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කදුළු ‍රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ........
                                                                                    
එයා පැලැන්දු මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමි
ගෙල වට කරහ්ගෙන ලැමදේ ලගිනා
මංගල මාලය මම දුටිමි


අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ


පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවකු නෑ දන්නේ
වෙන දිගෙක ගිය ඔබට වඩා.....!!!

  යාළුවනේ මේ තියෙන්නේ මන් ආසම ගායකයකු ගැයු පිවිතුරුම විරහා ගීයක්. නමුත් ඔහු දැන් මෙලොව හැර ගිහින්. සමහර මිනිස්සුන්ට නම් මෙලෝ රහක් නැති ගායකයෙක් කියලා දැනෙන්න හිතන්න ඇති. නමුත් ඔහු අදහස් කරපු දේ , ඔහු කරපු දේ අති විශාලයි.  ගායකයකු යනු සින්දුවක් නිවරදිව අංග සම්පුර්ණව කියන්නෙකු නොවේ,නමුත් සින්දු කියන්න දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්.

මේ පොස්ට් එක ලියන්නෙත් ඔහුගේ ගීයක් රස විදිමින්. ඇත්තටම මේ ගීය මට ටිකක් මට සමීපයි.  ම්ම්ම්ම්... මොනව වුනත් හොද ගායකයෙක් අප අතරින් වෙන්ව ගියා. ඔහුට නිවන් සුව...!!!

12 comments:

  1. කාලයක් ඔය ගීය මගේ ජාතික ගීය වෙලා තිබ්බා.
    ඉස්සර මම් අවසන් ලියුමයි ඔබට ලියන්නේ කිය කිය සෑහෙන ලියුම් ගානක් ලියලා තියෙනවා.

    සෑහෙන කාලෙකට පස්සේ ආපු නිසා මල්ලිට මාව මතකද මන්දා.

    ReplyDelete
  2. මමත් ආසම ගායකයෙක්.. ඒවගේම ආසම සිංදුවක්..

    එතුමන්ට නිවන් සුව පතනවා..

    ReplyDelete
  3. ඔහුට නිවන් සුව !!

    ReplyDelete
  4. ඔහුට නිවන් සුව අත්වේවා...!

    ReplyDelete
  5. එක් වීම මෙන්ම වෙන්වීමද ජීවිතයේ යථාර්තයයි..
    ඒත් ඔහුගේ ගී රස හැමදාම අප සමඟ රැඳේවි..

    ReplyDelete
  6. Mamath asama sinduwak. Mama 'Sathish Perera' kiyana gaayakaya wa aduragaththe me sinduwa nisa...
    ethumanta niwan suwa...!!!

    ReplyDelete
  7. ගායකයානෙනි ඔබට නිවන් සුව....

    ReplyDelete
  8. @මධුරංග
    එහෙම අමතක වෙනවද අයියේ.... අයියාගේ ජාතික ගීයත් මේකද? පට්ටනේ..

    අයියා ඉතින් හම්බුනේ අවුරුදු උත්සවෙදි...අයියලව දැක්ක එක නම් මාර සතු‍ටුයි....!!!

    ReplyDelete
  9. @Dinesh මට හිතෙන්නේ අයියේ ලියුකෙමියාව හැදෙන්න තරම් බොන්න වෙන ප්‍රශ්නයක් තියෙන්න ඇති කියලා.. අනේ මන්දා කොහොමවුනත්.., දැන් ඉතින් ඔක්කොම ඉවරයිනේ

    ReplyDelete
  10. @සයුරි ඔව් අක්කේ ...., ඔහුට නිවන් සුව

    ReplyDelete
  11. මමත් ආස සින්දුවක්.සතිෂ් පෙරේරා කලාකරුවාට නිවන් සුව පතනවා.

    ReplyDelete
  12. මම මෙයාගෙ සීනි කිරන්න නං යන්නෑ! හැබැයි මම මේ සින්දුවට හරි අාසයි!

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...