Monday, October 10, 2011

යාළුවනේ ......,

යාළුවනේ ......,
                   විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ වුණ නිසා , ලියන්න වෙලාවක් එන්නෙ නෑ.. -- ගේ ලැප් ටොප් එකත් නැති නිසා අන්තර්ජාලයට එන්න විදියත් නෑ... මට ඉන්න වෙලා තින්නෙත් ගෙදරින් ගොඩක් ඇතින්... මන් ඉඩක් ලැබෙන හැම වෙලාවකම ලියන්න උත්සහ කරන්නම්..

           ඔගොල්ලන්ගේ ලිපිත් හැකි හැම වෙලාවෙම කියවනවා.. කොමෙන්ට් එක්ක් දාන්න බැරි වුනොත් සොරි වෙන්න ඕන,,,,

           ජිවිතේ සම්පුර්ණයෙන් ම වෙනස් වෙලා වගේ... දවසින් බාගයක් විතර බස් එකේ...වෙලාවකට එපාත් වෙනවා..... මොනවා කරන්නද , ටික කාලයක් යනකම් ඔහොම තමයි....
        දැනට නවතිමි...!

     

Saturday, October 1, 2011

තිසා වැවට ගැළු කදුළු........(3)

කතාවේ මුල් කොටස් ටික.. බැලුවේ නැත්නම් බලන්න
                      තිසා වැවට ගැළු කදුළු........
                      තිසා වැවට ගැළු කදුළු........(1)
                      තිසා වැවට ගැළු කදුළු........(2)

එහෙම, එක පාරට අහන්න ඇහැකිය.....? ගහෙන් ගෙඩි ගන්න වගේ..., ඔය ගියාට මිනිහා බයයි.

පහුවදා ...,
        මේ.. ඔයාගෙන් පොඩි දෙයක් අහන්නද?..
                      අහා .. කමක් නෑ ඕන දෙයක් අහන්න,..
        මම මේ කැම්ප් එකේ ටික කාලයයි නේ ඉන්නේ .., ඔයාගේ නම්බර් එක කියන්නකො.."
                      අහා,,.. මෙක අහන්නද මෙච්චර වෙලා දැගලුවේ.."ඔයාගේ නම්බර් එක කියන්නකො මන් මිස් එකක් දාන්න"
එකෙන්ම තෙරෙනවනේ කොච්චර ‍ෆිට් ද කියලා?,.....
ඉට පස්සේ ඉතින් හැමදාම පොන් එක චාජරේ ....

ඔහොම එක එක දෙවල් වෙන අතරේ..., කැම්ප් එකේ අන්තිම දවස් කිහිපයත් උදා වුණා.
කට්ටිය ප්‍රසන්ටෙෂන් වැඩ...,සහතික වල වැඩ ,එක ජරමරයයි.

කැම්ප් එකේ, නයිට් ෆයර් එක එදා රෑ තියන්න සැළසුම් කරලා..
කට්ටියත් එකට සුදානම් වුණා.... එදා රෑ හුග දෙනෙක්ගේ ජිවිත වල සතු‍ටුදායකම රාත්‍රිය ද වුණා.
ඒත් සැමදෙනාම පහුවදා, තම මිතුරන්ගෙන් වෙන්වන බව දැන සිටියා.

ඔය අතරේ එක තැනක.......,
  "මල්ලී මට ඔයාට කාරණාවක් කියන්න තිනවා...."
          මොකක්ද අප්පා ඒ? හී..හී..  මාව මල්ලි කෙනෙක් වගෙද පෙන්නේ...  ?
   "මන් මෙ කතාව මුලින්ම කියන්නෙ ඔයාට,,,... හොදට අහගන්න.. 'මගේ ගමත් ගාල්ලේ..,කලින් ඇත්ත කිව්වෙ නැති වුණාට සොරි.! මට කැම්ප් ආපු දවසෙම ඔයාව හුගක් වැදගත් වුණා.. මට මගේ පරණ ජිවිතේ ආයි මතක් වුණා..මන් ඒ කාලෙට ආයි ගියා කියලා හිතුණා..(කොල්ලා නිහඩව අහන් ඉන්නවා මේ ඔක්කොම.) අපේ ගමේ හිටියා කඩවසම් කොල්ලෙක්.., ඔයා වගේමයි. ගති පැවතුම්,කටහඩ..යන එන විදිය හැම දේම ඔයාට සමානයි.එයත් ඔයා එදා කියපු සින්දුවට ගොඩක් කැමතියි... මාත් එහෙමයි..එයාව මට හම්බුන මුල් දිනේම මට විශේෂත්වයක් දැනුනා...එයාටත් එහෙමයි . වැඩි කල් යන්න කලින් අපේ ඇදුනුම් කම ආදරයකට පෙරළුණා.අපි ගොඩක් කල් ආදරෙන් හිටියා , අපිට එකිනෙකාව නොදැක ඉන්න තරමටම ලංවෙලා හිටියා... එත් දවසක් එයා මාව දාලා ගියා... මට එයාට වැ‍රැද්දක් කියන්නත් බෑ..  අන්තිමේ මට එයාව නැතිවුණා. මට මුළු ලෝකයම නැතිවුණා වගේ... ඊට පස්සේ තමයි මේ යුනිෆොම් එක දාගත්තේ. මට සමාවෙන්න මල්ලියේ, එයා දාලා ගිය එකට හේතුව මට කියන්න බෑ'"
                                                       
  ඔයාව දැක්කම, මන් හිතුවේ එයාමයි කියලා....,ඔයත් එක්ක හිටපු පොඩි කාලේ තුල මට දැනුනේ එයා එක්ක හිටියා වගේ., මන් තවමත් එයාට ආදරේ කරනවා..මන් හින්දා ඔයාට දුක හිතුනනම් මට සමාවෙන්න. මට දැනෙනවා ඔයාට වැ‍රැද්දක් කරා කියලා.අනේ ... මට මුකුත් කියන්න තේරෙන්නැ...


ඉළග කොටසින් හමුවෙමු ...

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...