Showing posts with label ගණිතයෙන්.... Show all posts
Showing posts with label ගණිතයෙන්.... Show all posts

Monday, January 16, 2012

දු කුමරිය ...

කොහොමද යාළුවනේ.. අද මන් ආවේ පොඩි වෙනසක් අරගෙන. මන් අද අපේ කොල්ලන්ට රජ කුමාරිකාවක් සෙට් කරලා දෙන්නයි හදන්නේ.කොල්ලොටික මේ ගාන හැදුවොත් කුමාරිකාවයි,දැවැද්දයි දෙකම හම්බවෙවි.. කෙල්ලන්ටනම් ටිකක් අමාරුවෙයි. හැබැයි මෙක විසදුවොත් දැවැද්ද විතරක් දෙන්නම්. මේ ගණන වසර කිහිපයකට පෙර ලැබිච්ච ගණනක්.මට මතක විදියට පත්තරෙක හෝ ගුරුභවතකුගේ පොතක තිබ්බේ. මෙන්න මෙහෙමයි......!!

ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක රජ කෙනෙක් හිටියා.. ඒ රජතුමා මන් වගේ බුද්ධිමත් (:ඪ්) චරිතයක්.ඉතින් ඔය රජතුමාට හිටියා පුත්තු දෙන්නෙකුයි එක් දු කුමාරියකුයි. රජතුමා , කුමාරවරුන් දෙදෙනාට කුඩා කල සිටම හොදින් දුනු ශිල්ප,කඩු ශිල්ප් ඉගැන්වුවා..ඒ රාජ්‍යයේ ඉදිරි පැවැත්ම උදෙසා. ඒත් රජුට අවශ්‍ය බුද්ධිමත්  පාලකයෙක් ඇති කරන්න.ඒ නිසා තම දු කුමරිය හොද බුද්ධිමතෙක් කිරිමට අවශ්‍ය සැම පියවරක්ම රජු ලබා ගත්තා.
             

ඔන්න ඔහොම යන අතරේ කුමරිය සරණ පාවා දිය යුතු නියමිත කාලය උදා වුණා.මේ වෙනකොට කුමරිය හොද, ගුණ යහපත් බුද්ධිමත් කාන්තාවක්.. ඔය දැන් ඉන්න කට්ටිය වගේ නෙවෙයි.රජතුමාටත් ඕන වුනේ තම දු කුමරිය කඩවසම් ,ඊට වඩා බුද්දිමත් තරුණයකුට විවාහ කර දිමට. ඒ සදහා දැවැද්ද වශයෙන් කහවණු කෝටි දහසක් (10,000,000,000) ලබා දෙන බවද ප්‍රසිද්ධ කරා..ඉතින් ඕක කන වැ‍ටුනු කුමාරවරු,තරුණයන් නොයෙක් දෙසින් වැල නොකැඩි රජ වාසලට ආවා.දැවැද්දට ආස නිසා හෝ කුමරියගේ ඇති මනා රූ සපුවට තින  ආසාව නිසා සි‍ටු කුමාරවරු වගේම මධ්‍යම පන්තියේ තරුණයන්ද කුමරියගේ අත ගන්න ආවා.

පැමිණි සෙනග අධික වු නිසාත්, රජුට සිදුවුණා පැමිණි සිටින තරුණ කුමාරවරුන්ගෙන් බුද්ධිමත් කෙනෙකු තොරන්න.ඉතින් රජතුමා මේකට විසදුමක් වශයෙන් දින 14ක් තිස්සෙ කල්පනා කරලා, පිටින් බැලුවට ඉතා සරල මුත් හොදින් සිතිය යුතු ගැටළුවක් ඉදිරිපත් කරා.ඒ කිව්වට මේක ගණිත ගැටළුවක්.මෙම ගැටළුව විසදිමට කුමාරවරුන්ට සති දෙකක කාලයක්ද ලබා දුන්නා.ඉතින් දවසින් උදේ වරුව සාමාන්‍ය අයටද, හවස් වරුව සි‍ටු කුමාරවරුන්ටද,සැදැ සමය රජ කුමාරවරුන්ටද. වශයෙන් කාල තුනක්ද වෙන් කරා.

මේ අතරේ සමහරු මෙලො දෙයක් දන්නෙ නැතුව ඇවිත් තිබුණා.සමහරු ඇවිත් හිටියේ වාසනාව උරගා බලන්න.කෙසෙ වෙතත් එකල මධ්‍යම පන්තියේ තරුණයන්ගේ ගණිත හැකියාව සි‍ටු කුමරුන්ගේ ගණිත හැකියාව ඉහළ මට්ටමක පැවතුණා.ඒ අතරේ හිටපු සමහරුනට අවුල වුනේ 'අපි මේ තරගේ දිනුවොත් ඉට පස්සෙ තින වැඩෙට මුහුණ දෙන එක ගැන'....

මෙන්න මේකයි රජතුමාගේ ගණන......,
              "X, Y යනු 10,000 ට අඩු ප්‍රභින්න මුත්, ආසන්න වශයෙන් සමාන ධන සංඛ්‍යා දෙකකි.දුවට දායාදය සදහා දෙන කහවණු ප්‍රමාණය ආසන්න වශයෙන් X*Y  , X+Y හා X/Y+Y/X අගයන් අතුරින් එකකි..පිළිතුරට එළඹෙන X හා Y අගයන්හිදී, දායාදය සදහා දෙන කහවණු ප්‍රමාණය කොපමණ දැයි පැහැදිළි කරන්න." ??

රජතුමා කලින් කියනවා තමයි මෙච්චර දෙනවා කියලා,  ඒත් ගණනේ තින්නේ ඒක ඔප්පු කරන්න ,.. රාජ අණ වෙනස් වෙන්නෙ නැනේ.. ඒ කියන්නෙ මේ ගැටළුව තින්නේ ඒ සම්බන්ධව.. ඔගොල්ලොම ගාණ හදන්න.මම මේ ගාණ හැදුවේ තුන්වෙනිපාර හිතන කොට.. මුල් පාර හොයාගන්නම බැරිවුණා.ඔගොල්ලන්ට එහෙම වෙන එකක් නෑ.. හදලා උත්තරේ කියන්න බලන්න.  කුමාරිකාව සමග දැවැද්ද ඔබ අතේ...............!!!

Wednesday, November 16, 2011

සාක්ෂරතාවය

සාක්ෂරතාවය ගැන මොකද හිතන්නේ,, මට ආරංචි විදියට ලංකාවේ සාක්ෂරතාව 90 ට වැඩි.. නමුත් ලංකාවේ සමහර පළාත් වල, පසල් කියක් වහලද? සමහර පාසල් වල  නියමිත විශයට අදාල ගුරුවරුන් නෑ... එක විශයක් භාර ගුරුවරයාමයි තවත් විශයක් උගන්නන්නේ.. සමහර ‍රැකියා විරහිත උපාධිදාරි ගුරු භවතුන් ලිප්ටන් වට රවුමේ බෝඩ් එල්ලගෙන. විශ්ව විද්‍යාල ගුරුවරුන්ට අදාළ දිමනා නෑ..ඉතින් සමහර අවස්ථාවන් හිදී දවසක් දෙකක් නිවාඩු.... නමුත් ලංකාවේ සාක්ෂරතාවය 90වට වැඩි,,.....



.........

මම ගැන කිව්වොත් .. , මන් ආසම කතා මාළාව -  Prison Break
                                   මන් ආසම දේ               -   නීති කඩ කරන්න..
                                   මන් ආසම විශය         -  ගණිතය.
                                   මන් වැඩ කරන්නේ         - නිර්මල බුදු දහම ඇසුරෙන්..
                                   මන් වැඩියෙන්ම ආදරේ කරන්නේ    - අම්මටයි , තාත්තටයි.. ,මගේ රටට.
                                   මන්  වැඩියෙන්ම ආදරේ කරන කෙල්ල..  - tik tik  .
                                                       ඔය ඇතී.....!!!!




............

 මන් අද ඉදන් පටන් ගන්නවා ගණිත පන්තියක්  , එකිව්වට එසේ මෙසේ ගණිත පන්තියක් නෙවෙයි... එකේ මන් දාන්නේ කැම්පස් එකේ උගන්නන එවා.. හැමොටම තෙරුම් ගන්න පුළුවන් විදියට සිංහලෙන්... අපි හම්බෙමුකො...... ගණිතය නොදන්න අයටත් වැදගත් වෙවී................!!!

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...