Java සරලව (3)

3 ස්තුතියි...!! නැවත එන්න..
ජාවා කේතනය...,

අපි කලින් පාඩම් වලින් ජාවා ක්‍රියාත්මක වන ආකාරයත් වැඩ කරන ආකාරයත් ඉගෙන ගත්තා. මෙම පාඩමින් ජාවා කේත හා එවායින් සිදුවන දේ ඉගෙන ගනිමු.

පහත ඇති කේතය බලන්න...,
     class Example1{
public static void main(String args[]){
System.out.println("I'm the one");
}
}


මෙම කේතය, notepad එක විවෘත කරගෙන එහි type කරන්න.ඉන් පසුව එය Example1.java යන අකාරයට පරිගණකය තුල තමාට පහසු තැනක සුරකින්න. අනතුරුව cmd එක ලබාගෙන java ලෙස type කර enter  කරන්න.එවිට ජාවා හි ඇති දෑ ඔබට නිරික්ෂණය කල හැක. ඉන් පසුව ඔබ  Example1.java  එක සුරකි තැනට cmd එක ආදාරයෙන් ගොස්, cmd හි javac  Example1.java  ලෙස type කර enter කරන්න.එවිට එම ස්ථානයෙ ම   Example1.class  එක සැදි ඇති ආකාරය බලා ගත හැක.නැවතත් cmd හි java  Example1 ලෙස type කර enter කල විට අදාල ප්‍රථිඵලය නිරික්ෂණය කල හැක. එලෙස පහත කේතන ද සිදු කර බලන්න.

class Example2{
public static void main(String args[]){
System.out.println("My name is ......");
}
}


class Example3{
public static void main(String args[]){
System.out.println("abc");
System.out.println("abc");
System.out.println("abc");
}
}


මෙහි අප javac ලෙස දෙනුයේ අප ලියු source code එක byte code බවට compile කර ගැනිම සදහා දෙනු ලබන විදානයයි. ඉහත ක්‍රම මගින් අපට අවශ්‍ය දෙයක් නිරුපනය කරවා ගත හැක. println යෙදිම මගින් new line එකක අදාල දැ print වන අතර print පමනක් යොදා ඇති නම් එම පේළියේම  නිරුපනය  වේ.


integers හා variables
පහත කේතය සලකා බලන්න.

class Example4{
public static void main(String args[]){
int x;
x=100;
System.out.println("x");
}
} // {}නිවරදිව යොදන්න


 මෙහිදි කේතය ක්‍රියාත්මක කල විට x අකුර print බව නිරික්ෂනය කල හැක. නමුත් අප මෙහිදි x සදහා  100 යන අගය ඇතුලත් කර ඇත.එය පරිගණකයේ අදාල ස්ථානයේ x නම් variable name එකක් යටතේ සු‍රැකී ඇත. මෙහි ("x") වෙනුවට (x) ලෙස ලබාදි print කලවිට x හි අගය  නිරික්ෂණය වේ.

එසේ නම් පහත කේතනය සිදු කර අදාල ප්‍රතිපලය ලබා ගන්න...

class Example4{
public static void main(String args[]){
int x;
System.out.println(x);
}
}

ඊළග පාඩමින් හමුවෙමු.....!!

Post Comment

අවසන් ලියුම..?

12 ස්තුතියි...!! නැවත එන්න..
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කදුළු ‍රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ........
                                                                                    
එයා පැලැන්දු මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමි
ගෙල වට කරහ්ගෙන ලැමදේ ලගිනා
මංගල මාලය මම දුටිමි


අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ


පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවකු නෑ දන්නේ
වෙන දිගෙක ගිය ඔබට වඩා.....!!!

  යාළුවනේ මේ තියෙන්නේ මන් ආසම ගායකයකු ගැයු පිවිතුරුම විරහා ගීයක්. නමුත් ඔහු දැන් මෙලොව හැර ගිහින්. සමහර මිනිස්සුන්ට නම් මෙලෝ රහක් නැති ගායකයෙක් කියලා දැනෙන්න හිතන්න ඇති. නමුත් ඔහු අදහස් කරපු දේ , ඔහු කරපු දේ අති විශාලයි.  ගායකයකු යනු සින්දුවක් නිවරදිව අංග සම්පුර්ණව කියන්නෙකු නොවේ,නමුත් සින්දු කියන්න දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්.

මේ පොස්ට් එක ලියන්නෙත් ඔහුගේ ගීයක් රස විදිමින්. ඇත්තටම මේ ගීය මට ටිකක් මට සමීපයි.  ම්ම්ම්ම්... මොනව වුනත් හොද ගායකයෙක් අප අතරින් වෙන්ව ගියා. ඔහුට නිවන් සුව...!!!

Post Comment

උපරිම තව 5 යි

10 ස්තුතියි...!! නැවත එන්න..
.
                                                         
කාලෙකින් මේ පැත්තේ එන්න වුනේ.. ලෙඩ ගොඩක්, එක පිට එක වැ‍ටුනු නිසා හෙල්ලෙන්න  බැරි වුණා.  කොහොමවුනත් මේ කියන්න හදන්නේ තව ඉස්සරහට වෙයි කියලා හිතෙන සිදුවීමක්.හැබැයි දේශපාලනයම නෙවෙයි. දැන් රට ගලා යන ආකාරයට  හැමදේම පුද්ගලීකරනය වීමේ නැඹුරුතාවයක් ඇතිවෙමින් යනවා. එක අතකින් පුද්ගලීකරණය වුනොත් නාස්තිය අවම කර ගැනිමේ හැකියාවක් තිනවා, නිකන් පඩි කන එවුන්ටනම් බඩේ පාර වදිනවා.වැ‍ටුප ගෙවිය යුත්තේ අදාල තැනැත්තා වැඩ කරන ප්‍රමාණයටයි.

කොහොමවුනත්, මේ විදියට ගියොත් ඉක්මනටම පුද්ගලීකරනය වෙන්නේ අධ්‍යාපන දෙපර්තුමෙන්තුවයි. ලොවෙත් ෂුවර් තව වැඩිකල් යන්න කලින් නිදහස් අධ්‍යාපනය නැති වෙනවා.හැමදේම මුදලට යට වෙනවා. මේ සිදුවීම් ගානට නුලට දශමෙට ක්‍රියාත්මක වෙමින් යන්නේ. ගිය වසරේ උසස් පෙළ උත්තර පත්තර වල ප්‍රශ්ණයක් ඇතිවුනේ මේ සංකිර්ණ සැලසුමේ අදියරක් සම්පුර්ණ කරමින්. කොහොමවුනත් ඉස්සරහට ගමේ පාසල පන්සලටම ඇදෙනවා. එවිට නිදහස් අධ්‍යාපනය පවතින්නේ පන්සල යටතේ විතරයි, අනිත් සියළුම පාසල් සල්ලිවලට යට වෙනවා. ගම්වල ඉන්න දුප්පත් ලමයින්ට බුදු සරණයි ඉතින්. මේ සංකිර්ණ සැළසුම් සිදුවෙන්නේ පවතින රජයේ අනුදැනුමින් නැතිනම් රජයට වඩා බලගතු සංවිධානයකින්.

දැන් හැම තැනම වගේ ඩීග්‍රි ඕන තරම් සල්ලිවලට ගන්න පුළුවන්.ඉස්සරනම් රජය යටතේ පවතින විශ්ව විද්‍යාල වල පමණයි. නමුත් වෛද්‍ය උපාධියත්, පරිගණක ඉංජිනේරු උපාධිත් කලමණාකරන උපාධිත් අදාල පුද්ගලික ස්ථානවලින් ලබා ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න ඔය වෙනස් ඩීග්‍රී තුන, හතරම දෙන්නේ වෙනස් ආයතන කිහිපයකින්,ඔය ආයතන තුන එකට එකතුවුනොත් එක කෙලින්ම කැම්පස් එකක් වෙනවා. තනිකරම පුද්ගලික විශ්ව විද්‍යලයක්. අනාගත්යෙදි බුදු ෂුවර් ඔය ආයතන ටික එකට එකතු වෙනවා. ඉට පස්සේ ටිකෙන් ටික රජය යටතේ පවතින අධ්‍යාපන ක්‍රමයට කන කොකා හැඩීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ප්‍රසිද්ධ කාරණාවක් තිනවා.. ඒක කිව්වොත් සුවර් ........... එකක් මාව හොයාගෙන එනවා.

තව පුරස්නයක් තිනවා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩ කරන්නේ නැත්තේ ඇයි කියන එක ....? එත් දැන් නම් එක තේරෙනවා, පඩි අඩු නිසා ආචාර්ය වරු පඩි වැඩි පුද්ගලික විශ්ව විද්‍යාල සොයා යනවා..එත් සමහර ආචාර්ය වරුන් මොන දේ වුනත් පෙර විශ්ව විද්‍යාල සමග සිටිනවා. ඒත් අතලොස්සයි... ඉතින් ඉට පස්සේ වෙන එක කියන්න ඕන නෑනේ. යාළුවනේ හිතන තරම් මෙවා ලේසි නෑ... තව කියනව නම්ගොඩක් දේවල් කියන්න අහැකි.සමහර කට්ටියගේ බැංකු අකවුන්ට් පිරෙනවන්ම් මේ රටේ තව මොනවා කරන්න බැරිද???


Post Comment

උල්කාපාතයක්

17 ස්තුතියි...!! නැවත එන්න..
කට්ටිය මේ සින්දුවේ තේරුම දන්නවද?????

ගොඩක් හිතුවා මෙකෙන් මොකක්ද කියන්නේ කියලා එත හරියටම තේරුමක් හිතා ගන්න අමාරුයි.. ඔගොල්ලො දන්නවනම් ඒ ගැන පහලින් සදහන් කරන්න. කොහොමවුනත් ආයි සුපිරිම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්..



                                          අළු පාට වළාකුළු කථාවක් නෑ.
                                          තරු නිවී තරු නිවී රාත්‍රියේ.
                                          සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං.
                                          ගිනි අරන් ගිනි අරන් මොනවක් හොයන්.


                                           උල්කාපාතයක්, අහසේ ගිනි අරන්.
                                           අළු වෙලා පොළවට වැටෙනා, උල්කාපාතයක්.


                                           අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ.
                                           ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා.
                                           පොළවට වැටෙනා දේවතා එළියක්.
                                           ගිනි ගත්ත තරු එළියක්....

Post Comment

ජාවා පාත් සහ ක්‍රියා කිරිම

17 ස්තුතියි...!! නැවත එන්න..
හරි ... එදා අපි දැන ගත්තා ජාව, අපගේ පරිගණකයට install කරගන්නේ කොහොමද කියලා. අද ලියන්න හදන්නේ ජාවා අපගේ පරිගණකයේ වැඩ කරන හැටි. ජාවා දැම්මයින් පස්සේ අපි ජාවා සදහා පාත් එකක් සැදිය යුතු වෙනවා. එය සාදන ආකාරය පහත රූප මගින් තේරෙවි. එමගින් තමයි අප අදාල programme එක Run වීමට අවශ්‍ය දත්ත, ගැජට් ලබා ගැනීම හා ඇති ස්ථානය තීරණය කරන්නේ. තව සරලවම කිව්වොත් codes, ජාවා file එකක් හරහා run කිරිමට, අප ජාවා install කර ඇති ස්ථානය පරිගණකයට පෙන්වා දිමක්.
ජාවා වලට පාත් එක සැදිමට මෙමෙ ක්‍රමය භාවිතා කල හැක.
පළමුව Desktop එකහි Right Click කිරිමෙන් ලැබෙන dialog box එකේ  personalize මගින් පහත window එක ලබා ගන්න.

ඉන්පසුව මෙහි වම් පස ඇති Advances System settings වෙත පිවිසෙන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබෙවි.

අනතුරුව මේ properties එකේ Environment Variables මත click කරන්න. එවිට පහත ආකාරයෙන් Environment Variables එකක් ලැබෙවි.

පසුව මෙහි දක්වා ඇති පරිදි system variables එකේ path වෙත පිවිස edit යතුර click කරන්න.
එවිට පහත ආකාරයේ box1 ලැබෙවී.

හරි දැන් වැඩේ සම්පුර්ණෙන්ම පාහේ ඉවරයි. ඔගොල්ලන්ට දැන් කරන්න තින්නේ ඔගොල්ලො java toolkit එක install කරපු තැනට ගිහිල්ල ,එහි ඇති bin file1 ඇතුලට ද ගොස් ඒ file එකෙ location එක copy කරලා රූපයේ පරිදි paste කිරිමයි.
(ex- මම install කර ඇත්තේ D partition එකේ java jdk කියල file එකක නිසා රූපයේ පෙනෙන ආකාරයෙන් මට location1 පැමිණ ඇත.ඔබට ජාවා Run වන බව නිසකවම දැන ගැනිමට අවශ්‍ය නම් cmd එක ලබා ගෙන java ලෙස type කර enter කර බලන්න.එය ක්‍රියා කරන ආකාරය ඔබට දිස්වේ.

හරි...., දැන් අපි coding ගැන බලමු.
මුල්ම පොස්ට් එකේ සදහන් කරා වගේ notepad open කරලා අරගෙන අපි අපගේ කේතය ලිවිමට අවශ්‍ය වෙනවා.එසේ අපි ලියන කොඩ් වලට source code ලෙස හදුන්වන්න පුළුවන්. එම කොඩ්ස් human readable නැතිනම් මිනිසාට තේරෙන ආකාරයෙන් ලියන කොඩ්ස්. එය තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකය සතුව නැහැ. අපට සිදුකිරිමට අවශ්‍ය කාර්යය යම් නිස්චිත ක්‍රමයකට ලියා ගැනිම තමයි මෙහිදි සිදුකරන්නේ.නමුත් මෙහිදිද මෙය ලිවිය යුතුවන ක්‍රමයක් තිබෙනවා.. ඒ ගැන අප ඉදිරියේදි බලමු.
අපි එසේ ලියන ලද කොඩ්ස් පරිගණකයට තේරුම් ගැනිමට හැකිවන පරිදි හැරවිය යුතු වෙනවා. එයට  convert/ compile කිරිම  ලෙස ද හදුන්වා දිය හැකියි. එසේ හැරවීම සිදු කරන්නේ අපි ජාවා install කිරිමෙදි ඒ සමග install වෙන java compiler එකකින්. එසේ compile වීමෙන් පසු ලැබෙන කොඩ්ස් වලට byte codes ලෙස හදුන්වනවා. ඒවා කොහෙත්ම අපට නම් තේරුම් ගැනිමට අපහසුයි.එය human readable නැහැ. එය තේරුම් ගැනිම ජාවා වල ඇති Java virtual machine(jvm) මගින් සිදු කරයි.ඉන් පසුව එම code 1 අපගේ පරිගණකයේ ඇති cmd වෙත ගොස් අප සැපයු කාර්යය සිදුකරයි.  

පහත රූපය බලන්න....

මෙහි අප ලියන source code එක name.java ආකාරයෙන් සුරකිය යුතුයි. compile වීමෙන් පසුව ලැබෙන bytecode එක ලැබෙන්නේ classname.class කියන නමින්.ඒ වෙනසින් අපට source code එක හා bytecode එක වෙන් කර හදුනා ගන්න පුළුවන්.

යාළුවනේ ඔගොල්ලන්ට තේරෙවි ජාවා වැඩ කරන කොට පොඩි රවුම්ක් කරකැවෙනවා. ඒ කියන්නේ process වෙන පියවර ගනන වැඩි. ඒ කියන්නේ ජාවා ටිකක් slow.

coading වලින් හමුවෙමු..

Post Comment

Java සරලව

29 ස්තුතියි...!! නැවත එන්න..
ජාවා තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්න . සරලයි ලෙසි යි. ඇත්තටම ජාවා පාඩම් හැම තැනම එක එක විදියට තිනවා.තමන්ට ගැළපෙන විදියට අදාල දේ, තෙරුම් ගත යුතුයි. ජාවා ගැන ලියන්න හිතුවේ අපේ කට්ටියට පහසුවක් වෙයි කියලා දැනුන නිසයි.

කැම්පස් එකේ ඉන්න යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා. දන්න කට්ටියත්  ඇති. මුකුත්ම නොදන්න කෙනාටත් දැන ගන්න පුළුවන් විදියට කියන්නම්.

Computer programme  යනු කිසියම් කාර්යයක් කර ගැනීම සදහා සැකසු INSTRUCTIONS සමුහයකි. එය නිශ්චිත පිළිවලකට සකසා ඇති ද නම් එයට පරිගනක භාෂාවක් ලෙස හැදින්විය හැකියි.


ජාවා යනු පරිගණක භාෂාවකි.එය මුලින්ම හදුන්වා දුන්නේ "ජේම්ස් ගොසලින්" විසින් ය. ජාවා ,C++ වලට සමාන කමක් දැක්වුවද ,ඒ හා සමාන අසමානකම්ද ඇත. ජාවා, "ඕක්" යන පරිගනක භාෂාවේ දියුණු අවස්ථාවක් ලෙස ද හැදින්විය හැකිය.   ජාවා මගින් අපට බොහෝ ගණිත ක්‍රම, පරිගණක ක්‍රියාත්මක කිරීමට අදාල පරිගණක මෘදුකාංග නිපදවා ගැනිමේ හැකියාව ද පවති. දැනට ලෝකයේ බහුලවම භාවිතා වන පරිගනක භාෂාවක් ලෙස හැදින්විය හැක.

ජාවා ඇතුලත් කිරිම..
ජාවා පරිගනකයට ඇතුලත් කිරිම සදහා Java jdk tool kit install කර ගත යුතුය. එය ඔබ සතුව නොමැතිනම් මෙම ස්ථානයෙන් බා ගත හැක.
1. පළමුව සාමාන්‍ය ආකාරයට බා ගත් tool kit එක install කරගන්න.(.exe ඩබල් ක්ලික් කිරිමෙන්).
2. එසේ අවශ්‍ය පියවර සිදු කිරිමෙන් පසු Windows හි ඇති cmd එක විවෘත කරගන්න  ,  (search- type cmd)
3. පසුව පරිගනකයේ කැමති තැනක ෆොල්ඩර් එකක් සාදා ගන්න. එය තුලට cmd 1 භාවිතා කරමින් පිවිසෙන්න.(cd යන ආකාරයට)
4. ඉන්පසුව එහි notepad name.java  ලෙස කැමති නමක් යොදා ගනිමින් notepad 1 විවෘත කරගන්න.නමුත් එය නිවරදිව  .java ලෙස සු‍රැකිය යුතුය.
5.පසුව එම notepad තුල අපට අවශ්‍ය java source code  නැතිනම් ක්‍රම ලේඛනය සිදු කර ගත හැක.
(ජාවා මුලින්ම පටන් ගන්න අය notepad  යොදා ගැනිම පහසු වේ)

සිද්ධාන්ත සමග 2වන කොටසෙන් හමුවෙමු

Post Comment

මා දු‍ටුවේ..

17 ස්තුතියි...!! නැවත එන්න..
මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඔයාට කියාවි
ඔයා පරාජිතයෙක් කියලා
මෝඩයෙක් , නිකමෙක්, බුරුවෙක් !! කියාවී..
ඒත් ඔයා ඔයාටම  ඒ සංඥාව යවා ගන්න එපා.
මිනිස්සු ඕනේ දෙයක් අපිට කියන්න පුළුවන්
ඒත් අපි එවට සැලෙන්න හොද නෑ
ඔයාට මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ
ඔයා බිත්තියකට ගහනවා නම් ඒක හිල් වෙන්නම ගහන්න ඕනේ..,
කවදාවත් පරදින්න එපා...!



ඒ මොනවා කරන්න උනත් තව අවුරුදු 6 යි තින්නේ... ඊට පස්සෙ වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි  .තෙරෙන්නෙත් නෑ.. මොනව කරන්නද, අරන් ආවේ මෙච්චරයි... එත් ඊට වඩා දෙයක් වපුරන්න තව කාලයක් යනවා... බලමුනේ උපරිම වැඩක් ගන්න.. ..

Post Comment

ගෙම්බාගේ කැමතිම ......... ?

17 ස්තුතියි...!! නැවත එන්න..


පොඩි දෙයයි අහන්නේ..,

ගෙම්බාගේ හැගීම් විස්තර කරන්න?

Post Comment

kassyOpea

15 ස්තුතියි...!! නැවත එන්න..


මොකක්ද මේ ...?
මොනවද වෙන්නේ....?

යාළුවනේ මේ තින්නේ අපි විශ්වසනීයත්වයෙන් යුතුව පටන් ගත්තු පුංචි වැඩක්. පුංචි කිව්වට මේකෙන් වෙන කර්තව්යය නම් සුළු ප‍ටු නැහැ.. ඔගොල්ලන්ට මෙකෙන් වෙන්නේ මොකක්ද? කරන්නෙ මොකක්ද කියල මම කියන්නම්....,
අපි...!

“අපගේ සේවාග්‍රාහකයාගේ නිෂ්පාදන ඵලදාව ඉහල නැංවීමත්, වඩා ලාභදායී නිෂ්පාදනයක් සඳහා දායක වීමත්, ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය උසස් කිරීමත් යන මූලික අභිප්‍රායන් සමඟම පාරිභෝගිකයා ඉලක්කගත කරගත් විශ්වාසනීය නිර්මාණශීලී විසඳුම් අප සතුයි."

Internet Marketing
අපගේ අන්තර්ජාල අලෙවිකරන උපදෙස් සැපයීමේ සේවාව ඔබගේ අලෙවිකරන කර්තව්‍යය සඳහා මහඟු රුකුලක් වනු ඇත.උපායශීලී සහ ක්‍රමවත් අන්තර්ජාල අලෙවිකරන ක්‍රියාවලියක් සඳහා අපගේ වෘත්තීයමය විශේෂඥයින් ඔබ සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කරනු ඇත

Web Developing
නිෂ්පාදනයක වටිනාකම රඳාපවතිනුයේ අලෙවි කිරීමේ හැකියාව සහ ඉලක්කගත පාරිභෝගිකයාට ඇති අදාලත්වය මතයි. අන්තර්ජාලය තුල අලෙවිකරන කර්තව්‍යයේදී එම නිෂ්පාදනයේ නිර්මිතිය සැකිල්ල සහ තොරතුරු පරිශිලනය වැනි දේ පාරිභෝගිකයාට පහසු වන අයුරින් නිර්මාණය විය යුතු බව අපගේ මතය යි


Social Media Optimization
විවිධ සමාජතල අතර පුද්ගලයින් සමඟ ගනු දෙනු කිරීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි අද වනවිට මහඟු මෙහෙයක් ඉටු කරයි.මෙම සමාජ වඩාත් ක්‍රියාකාරී, එකිනෙක හා ගනුදෙනු කරන මාධ්‍යයක් බවට පත් වී ඇති සේම මේ වන විටද සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.




ඔබට අපෙන් ලබා ගත හැකී සේවාවන්.......,


1. Web Developing & Designing
2. Online Advertising
3. Social Media Optimization
4. Search Engine Optimization
5. Web Analytic
6. Internet Marketing
7. Pay per click Marketing
8. Graphic Design
9. Web Hosting Solution
10. Website Maintains
11. eCommerce Shopping Cart System
12. Blogging System
13. Mobile Application Developing


ඔබට තව දුරටත් විස්තර සදහා අපගේ නිළ වෙබ් අඩවියට පිවිසිය හැක. මෙතනින් යන්න

Post Comment