Wednesday, November 16, 2011

සාක්ෂරතාවය

සාක්ෂරතාවය ගැන මොකද හිතන්නේ,, මට ආරංචි විදියට ලංකාවේ සාක්ෂරතාව 90 ට වැඩි.. නමුත් ලංකාවේ සමහර පළාත් වල, පසල් කියක් වහලද? සමහර පාසල් වල  නියමිත විශයට අදාල ගුරුවරුන් නෑ... එක විශයක් භාර ගුරුවරයාමයි තවත් විශයක් උගන්නන්නේ.. සමහර ‍රැකියා විරහිත උපාධිදාරි ගුරු භවතුන් ලිප්ටන් වට රවුමේ බෝඩ් එල්ලගෙන. විශ්ව විද්‍යාල ගුරුවරුන්ට අදාළ දිමනා නෑ..ඉතින් සමහර අවස්ථාවන් හිදී දවසක් දෙකක් නිවාඩු.... නමුත් ලංකාවේ සාක්ෂරතාවය 90වට වැඩි,,.....



.........

මම ගැන කිව්වොත් .. , මන් ආසම කතා මාළාව -  Prison Break
                                   මන් ආසම දේ               -   නීති කඩ කරන්න..
                                   මන් ආසම විශය         -  ගණිතය.
                                   මන් වැඩ කරන්නේ         - නිර්මල බුදු දහම ඇසුරෙන්..
                                   මන් වැඩියෙන්ම ආදරේ කරන්නේ    - අම්මටයි , තාත්තටයි.. ,මගේ රටට.
                                   මන්  වැඩියෙන්ම ආදරේ කරන කෙල්ල..  - tik tik  .
                                                       ඔය ඇතී.....!!!!




............

 මන් අද ඉදන් පටන් ගන්නවා ගණිත පන්තියක්  , එකිව්වට එසේ මෙසේ ගණිත පන්තියක් නෙවෙයි... එකේ මන් දාන්නේ කැම්පස් එකේ උගන්නන එවා.. හැමොටම තෙරුම් ගන්න පුළුවන් විදියට සිංහලෙන්... අපි හම්බෙමුකො...... ගණිතය නොදන්න අයටත් වැදගත් වෙවී................!!!

Thursday, November 10, 2011

දවසින් කාබාසිනිය කරපු හැටි..

                                                          මන් ඉපදුණු දවසේ ඉදන්  මාසයක් පාසාම, තාත්තා රුපියල් 125 ගානේ,, මහජන බැංකුවේ ස්ථිර තැන්පතක් විදියට, මගෙ නමට දාපු සල්ලි වලට වෙච්ච දේ ගැනයි මෙ කියන්න යන්නේ..
                               එකට එකතුවන පොලිය කියද කියන්න නම් මම දන්නේ නෑ. කොහොමහරි පොළියත් එක්ක තව රුපියල්5000 කුත් එකතු වෙනවා.. ඔහොම වෙලා මේ ගිණුමේ තිබ්බනේ මරු ගානක්.කිව්වට ඉතින් මහ ලොකු ගාණක් නෙවෙයි. 
                                      ඇත්තටම කියන්න, ඔය ගිණුම ගැන මන් දැනගත්තේත් සතියකට කලින්නේ.තත්තා මට එහෙම එකක්ගැන කියලා නෑ.මන් දන්නේත් නෑ.මන් දැනන් හිටිය නම් ඔච්චර කල් තියෙන්නෙත් නෑ. මහජන බැංකු  ස්ථිර ගිණුමෙන් සල්ලි ගන්න අහැකි වයස අවු.18 පැන්නයින් පසුවලු.එ කියන්නෙ  බාළවයස්කාර ගිණුම. විශ්වාස කරන්න යාළුවනේ එකේ තිබ්බනේ රු;49.958 ක්.

          මන් වැඩිදුර අධ්‍යාපනය සදහා ලැප් ටොප් එකක් ගන්න හිත හිත හිටියේ. අර ඇස් .බී ගේ එක  (ලැප)  ගන්න හදනකොට හැමොම කියනවා, උබට පිස්සුද ඔක මාර අලාභයි කියලා. ඇත්තම කියන්න ඔය ලැප් එක ගත්ත එකෙක් මට තාම හම්බුන්නැනේ. ඇස්. බී මහත්තයට මොකද දන්නවද කරන්න වෙන්නේ..... ඇමරිකාවා අතිරික්ත ආහර මුහුදු බත් කරනව වගේ ,ලැප් ටිකත් මුහුදු බත් කරන්න. එහෙම කරත් අවුලක් වෙන එකක් නෑ. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිනේ තින්නේ භාණ්ඩාගාරේ. ආයි මොනව කියන්නද?????  ලැප් ටොප් නිකන් දෙනවා වගේ පටන් ගත්තේ... පුහ්....

   මේ වැඩේ හරි යන්නේ නෑ..... ගත්තා බැංකුවෙන් සල්ලි, කෙලින්ම ගියා laptop.lkඑකට ගත්තා ලාභම ලාභ එකක්.. වෙන කරන්න දෙයක් නෑ.ඔන්න ඔහොමයි බැංකුවේ තිබ්බ සල්ලි එක දවසින් ඉවර කරේ. බැංකු ගැන කිව්වාමයි මතක් වුණේ .. කවුරු හරි ඉන්නවද බැංකුවකට ගිහින් ඉක්මනට වැඩක් කරගත්ත කෙනෙක්??? හිතනවද ලංකාවෙ බැංකු කාර්යක්ෂමයි කියලා.....බැංකුත් නිකන් මී පැණි වගේ, අපි නිකන් මැස්සෝ වගේ.  ඔන්න ඔය බැංකු ගැන ඉළග පාර ලියන්නම්.....
                 

Sunday, November 6, 2011

සංස්කෘතිය

කොහොමද යාළුවනේ, ගොඩක් කාලෙකින් එන්න පුළුවන් වුණේ..
කියලා වැඩක් නෑ... මරු මරු වැඩ තමයි ඉතින් අපිට සිද්ධ වෙන්නේ..දිය සුළියකට අහුවුණු රුවල් බොට්‍ටුවක් වගෙයි, ආ.. ආ... කියන්න අමතක වුණා ඔගොල්ලන්ගේ පොස්ට් කියවන්න බැරි වුණාට,
                            පොඩි දෙයක් ගැන ලියන්න හිතුවා, කැම්පස් ගැන, මන් ඉන්නේ එක කැම්පස් එකක නමුත් අනිත් එවා මොන වගෙද බලන්නත් ආස හිතුණා..මන් හියා කැම්පස් තුනකට..... තේරුණු එකම දේ නම් ඒ තුනේ තින්නේ සංස්කෘති තුනක්. මට පේරාදෙණියේ තින සංස්කෘතිය තමයි තාම අල්ල ගන්න බැරිවුණේ..ඒ සංස්කෘති වල අනාගතෙට වාසිදායක වන දේත් තිනවා. මෙ පිළිබදව ඔගොල්ලන්ගේ අදහසුත් දැන ගන්න කැමති......

             මෙහෙම ප්‍රශ්ණයක් තිනවා.., ඔය සංස්කෘති සමාජයේ  එකතු වන යම් දවසක සමාජයේ පැවැත්ම මොන වගේ වෙවිද? සමාජයේ දියුණුවක් තියෙවිද? අදහස් අර්බුධයක් ඇතිවෙවිද? මේ ගැන මොකද හිතෙන්නේ.....


                                           

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...