Showing posts with label රස අබැද්දි. Show all posts
Showing posts with label රස අබැද්දි. Show all posts

Saturday, August 4, 2012

මොකක්ද කට්ටිය හිතන්නේ????

පොඩිම පොඩි ප්‍රශ්ණයක් තීනවා අහන්න....

යාළුවෙන්න ඉන්න කෙල්ලෙක්ට තමන්ගේ බ්ලොග් එක පෙන්නුවොත් මොකද වෙන්නේ????   (ඇත්තටම මට මේ බ්ලොග් එක කෙනෙක්ට පෙන්නන්න..හී හී :D)

 එකේ ඉතින් අනිත් හැම දේවල්ම ලියලා තිනවනේ.. ඒක ප්‍රශ්ණයක් වෙයිද??
 ඒක කියවලා මොන වගේ ඩයල් එකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ..  බ්ලොග් ලියන අය ඉතින් සමහර ප්‍රශ්ණ මේ විදියට බෙදා ගන්නවනේ. තම ජිවිතේ නොයෙක් අත්දැකීම් බ්ලොග් වල තිනවා..

මටනම් එහෙම විශේෂයක් නෑ, වැදගත් හෝ විනෝද දේවල් ලියනවා..
මොකක්ද කට්ටිය හිතන්නේ??????

ස්තුතියි..!!
(ඉන් ලව් :D)

Wednesday, July 25, 2012

රෙඩ් ලේබල්

අහා.. අද කියන්න හදන්නේ ෂොට් එකක කතාවක්.

අම්මා තාත්තා ළඟ ඉද්දි හොරාට බීලා තින කට්ටිය ඉන්නවන්ම් කියන්න බලන්න. එහෙම කට්ටියත් ඇති..  :D :D ඔන්න ඒ වගේ කතාවක් තමයි කියන්න හදන්නේ..!


මේ ළඟදි දවසක නෑදැ වෙන අයියා කෙනෙක්ගේ මඟුල් ගෙදරක් තිබුණා. අපේ ගෙදර කට්ටියත් ඒකට සහභාගි වුණා.අපේ අයියා කාරයත්..(ලොකු අම්මගේ පුතා. ) ඕකට ආවා. අපි දෙන්නා හිටියේ එක මේසේ.. ඉතින් දැන් එක එක කට්ටිය ඇවිත් අපිත් එක්ක කතා කරනවා.. ඒ වුනාට ඒ කතාකරන කට්ටිය කවුරුවත් මට මතක නෑනේ. පස්සේ තමයි අරුගෙන් දැන ගත්තේ කාගේ කවුද  කොහෙද කියලා.. එක වෙලාවකදි අපි හිටපු මෙසෙට නැදැයො ටිකක්  සෙට් වුණා. ඉතින් ඔය වල් පල් කතා කර කර ඉන්න අතරේ වෙල්කම් ඩ්‍රින්ක් එකටත් පස්සේ පොඩි ග්ලාස් එකකට දුඹුරු පාට මොනවද දාගෙන සර්වන්ට් කෙනෙක් ආවා.

"මේ ඔයි අර මොනවද??
මන් හිතන්නෙ වයින්, කැමට කලින් දෙන්නේ..!
ඒ තාත්තා ඉන්නවනේ දැක්කොත් හරි නෑනේ.."
ඔයි ඔක ගැහුවට මුකුත් වෙන්නෙ අනේ ඔක වයින් එකක්." එහෙම කියලා අයියා වයින් එකක් ගත්තා, මන් මුල් පාර ගත්තේ නෑ. මූ කොහොමත් ගෙදර දිත් වයින් පෙරන නිසා මූ අරක බිව්වා. දැන් මටත් ටිකක් දාගන්න ඕන.., ඉතින් මන් අර සර්වන්ට් අයියා දිහා අමුතු විදියට බලන් හිටියා. මිනිහට වැඩෙ තේරුණා වගේ මගේ ලගට ඇවිත් වයින් එකක් තියලා ගියා. වෙලාවටම අපේ එකා "බය නැතුව බොනවා ඔක ප්‍රශ්ණයක් නෑ " කිව්වා. මන් ඉතින් උගුරක් බිව්වා. කට්ටිය ඒ වෙලාවේ ෆන් එකෙනේ හිටියේ වැඩිය ගානක් නෑ. වැඩේ කියන්නේ අපේ තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ මන් අරකින් බිව්වා නිසා තාත්තත් එකේ රස බැලුවා.

ඔහොම ඉන්න අතරේ වෙන අයියා කෙනෙක් ඇවිත් මල්ලිලා "දෙන්න අර පැත්තට යමුද ඇහුවා". මම නම් ඉතින් ඕන වෙලාවක. ප්‍රශ්නේ තින්නේ තාත්තා දැක්කොත් අඩ්‍රසුත් නෑ..
" මේ අයියේ අර පැත්තට යමු....."
" මට නම් අවුලක් නෑ. . ඒත්  මට ඔහෙව එක්ක යන්න බෑ. .. යන්න ඕන නම් "තාත්තේ මන් බොනවා කමක් නැද්ද බිව්වට " කියලා අහලා අවසර අරන් එනවා.
"අනේ මෝඩ හරකෝ තාත්තගෙන් ඕක අහන්න පුළුවන් යෑ.."

ඔහොම ඉදිද්දි තාත්තා හිටිය නෑදෑ මාමලා එක්ක බාර් එක පැත්තට  ගියා.තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ.කතා කර කර ඉන්න ඕන නිසා යන්න ඇත්තේ..   ටික වෙලාවකට පස්සේ අයියයි  මායි ඒ පැත්තට රිංගුවා. මු මට ගන්න දෙන්නෙම නෑ,.. " මට බෑ චාටර් වෙන්න තාත්ත්ගෙන් අහලා එනව" .මු කියනවා.

හරි ඔහේ දාගන්නවකෝ.. මු ගිහින් රෙඩ් ලෙබල් එකේන් දාගෙන මෙසෙන් ගිහින් වාඩි වුනා. මමත් පොර වගේ මුලින් කෝක් විතරක් දාගෙන බයිට් එකකුත් අරගෙන ඒ මෙසෙන් වාඩි වුනා.

" මේ ඔය මොනවයි බොන්නේ" තාත්තා ඇහුවා. " ආ මෙන්න තාත්තේ කෝක් , ටිකක් ඕනද??  ඔය අතරෙම අම්මත් එතනට ආවා. "මෙන්න මේ ගොල්ලෝ. ආ තමුසෙත් මෙතනද ඔය මොනවයි?? "නෑ අම්මේ මේ කෝක්.." මන් එහෙම කියලා අම්මට ග්ලාස් එක දුන්නා .අම්ම උගුරු දෙකක් බීලා ආ කෝක් නේ.." කියලා ආයි ඇතුලට ගියා.


ඊට පස්සේ මන් තව කෝක් එකක් දාගෙන එන්නම් කියලා ගිහින් රෙඩ් එකෙන් හොදට දාන් කොක් චුට්ටක් දාගෙන  ලස්සනට ගැහුවා." සැක හිතන්න දෙයකුත් නෑ.. අවුලකුත් නෑ..

Friday, June 8, 2012

ආවා... ආවා...ආවා....

ආවා.. ආවා...ආවා...  අලුත් වෙලා.., වෙනස් වෙලා.., පරක්කු වෙලා ආවා.. ඇත්තටම අපේ කට්ටියට මතකද දන්නේත් නෑ... කියන්න යාළුවනේ ගොඩක් කාලෙකින් පොඩි පොස්ට් එකක් වත් දාන්න බැරි වුනා..යාළුවොන් දාපු එවා හරියට කියවන්නත් බැරි උනා. ගොඩක් upset වැඩෙට. ඔන්න අද ඉදන් නම් දිගටම ඉන්නවා..


කියන්න දේවල් නම් හම්බානෙක තිනවා. ඉන් ටිකක් තමයි., ඇග කිළිපොලා යන දර්ශණ සහ ජවනිකා ඇතුලත්,මතක් වෙනකොටත් ඇඩෙන ආදර කන්දේ ඛෙදවාචකය ද, ගහපු මුල්ම අඩිය ද.. ලගදීම බලාපොරොත්තු වන්න..!! (ඔය එක එක ගැණුන්ට බයේ අපි නොලිය ඉන්න ඕනය..මට මොකක් වුනත් එකයි.මොන එකෙක් වත් ලොකු නෑ.).

ඒ විතරක් නෙවෙයි.. තව තිනවා.. කට්ටිය  71, 89 කාල වල වෙච්ච  දේ හරියටම දන්නවද. අපේ තාත්තත් මේ කතා දැන්නේ මට කියන්නේ.තාත්තා කියනකම් මේ දෙවල් ගැන දැන ගෙන හිටියේ නෑ.ඊට පස්සේ මන් හොයපු විස්තර යි, හොයන්න බැරිවෙන්න කරපු අපරාධයි. සාක්ෂී විරහිත, නොගැලපෙන කතා ඇතුලත් "7189" ද බලාපොරොත්තුවන්න... (අර කිව්වා වගේ මේවා ලියලා ලෙඩ වැටෙයිද දන්නේ නෑ.. හැබැයි කලු පැල්ලමක් ගැන තමයි ලියන්න තින්නේ.ප්‍රේක්ශක ප්‍රතිචාර අනුව තමයි ඉතින් ලියන්න වෙන්නේ..)

"රුහුණු කුමාරියේ ඇසෙන කතා" බුද්ධි විචාර සංග්‍රහයද සතියෙන් සතිය ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. බලන්න එපාය  රුහුණේ එනකොට ඇහෙනෙ රස කතා.. තුන්වෙනි පන්තියේ ප්‍රවෙශ පත්‍ර ‍රැගෙන  දෙවන පන්තියේ ගිය පෙම්වතාගේ හා පෙම්වතියගේ වික්‍රමාන්විත ගමන.(ඔන්න මම නම් නෙවෙයි.. අද වෙච්ච සීන් එකකුත් නෙවෙයි.අද ඒක මතක් වුනා).. මේ ටික කොහොමහරි ලියනවා..

හෝව් හෝව් තව ඉවර නෑ.. තව එකක් තිනවා .. මේක තමයි හොදම කතාව "කැළණි පාලමට ගැසු සපත්තුව" .. (සත්‍ය සිදුවීමකි, ප්‍රධාන චරිතය - මම /  අප්‍රධාන චරිතය -#$%%^&)...  ළහදීම....



ඉතින් හමුවෙමු.. ‍රැදී සිටින්න අප සමඟම.

Saturday, March 10, 2012

ගෙම්බාගේ කැමතිම ......... ?



පොඩි දෙයයි අහන්නේ..,

ගෙම්බාගේ හැගීම් විස්තර කරන්න?

Friday, January 13, 2012

මන් එනවා..

ඔවා ඔහොම වෙනව තමයි .. එත් කොහොමද අවංකව දෙයක් කරලා පරදින්නේ...
මේ ලියමන ලිව්වේ, සැමරුම් පොතකට දාන්න... එත් මට එකට අවස්ථාවක් නැති වුණා.., නෑ නෑ.. නැති කරගත්තා.ඒ මොකද..., මේ ලිපිය කෙනෙකුට හානියක් වෙයිදෝ කියන සැකය නිසා.  ඉතින් , මගේ පි‍ටුවේ ඉඩක් ඒ ලිපියට වෙන් කලා..

" මන් එනවා... කොහොමහරි එනවා..,
 ඔව්, මන් පොරොන්දු වෙනවා..!!  
 'එත් අද මට එන්න විදියක් නෑ..,
 එදාට වඩා අද තත්වය වෙනස්..,
 අද මන් පැරදිලා... ඉතින් මන් කොහොම එන්නද???'  ,
 'එදා එතන එකම එක සුදු පාට පුංචි මලක් පිපිලා තිබුණා.
 මන් ඒ මල නෙළා ගත්තේ හරිම පරිස්සමින්...,
 එහෙම නෙළා ගත්තා විතරයි....,
 ඝන මීදුම මා වට කර ගත්තා..,
 දැස් ඝන මීදුමෙන් අන්ධ කරා..,
 ආලෝක ධාරා ඇතුලු වුනේ කඩින් කඩ..,
 ඒත් , එ මල මා හොදින් අල්ලාගෙන සිටියා....
 ඒ මදිවට එදා නා කපන වැස්ස...,
 මා  හොදටම විඩා බරයි..,
 නමුත් ඒ මලෙන් හැමු සුවද , මා ප්‍රබොධමත් කරා..
 කඩින් කඩ පැමිණි ආලෝකයන්ට සිනාසුනු ආකාරය,
 මා ශක්තිමත් කරා , දිරිමත් කරා...
 නමුත් අද මා පැරදිලා...
 කියන්න සතු‍ටුයි... අද ඒ මල වෙනදට වඩා හිනහෙනවා.
 සමහරවිට දැන් ප්‍රභල ආලෝකය වැටෙනවා ඇති....,
 ඒ මල අද දිනලා.. සම්පුර්ණ වෙලා..
 මට කියන්න බැරි තරම් සතු‍ටුයි... එත් මන් අද පැරදිලා..
 එත් දවසක, කඩින් කඩ එන ආලෝකය ඒ මල පෝෂණය කරාවී...
 ඔව් පෝෂණය කරාවි....!!!


(මා කතා ලිව්වට, මේ වගේ එවා හරියට ලියන්න තේරෙන්නෙ නෑ... මට ඇත්තටම දැනුන දේ ලිව්වේ...... )


Tuesday, January 10, 2012

ප්ලීස්...!!

මට මෙකට උත්තරයක් දැන ගන්න ඔන .....

ඔයාලගේ උදව්ව ගොඩක් වටිනවා... දිගට ලියන්නෙ නෑ.. මේ කයි අහන්න තින්නේ......

කැතලික් කෙල්ලෙක් ,බෞද්ධ කොල්ලෙක් එක්ක යාළු වෙන එක වරදක්ද???
 නැතිනම්.., කැතලික් කොල්ලෙක් බෞද්ධ කෙල්ලෙක් එක්ක යාළු වෙන එක වරදක්ද??..

ඇත්තටම කියන්නේ අපේ ලොකු එකාත් එහෙමයි.......

සිතට එකගව අවංක උත්තරයක් ඕන..... ???

යාළුවනේ...... ලොකු පුරස්නයක්....??

Thursday, December 8, 2011

සිරගෙයින් පැනයාම....



                   යාළුවනේ මන් අද කියන්න යන්නේ වෙනස් දෙයක් ගැන.දැනටමත් මේ ගැන බොහෝ පිරිසක් දන්නවා.ඒ වගෙම මේ ගැන අහලා තින නොබලපු අයත් ඇති, ඒ හැමොටම තමයි මේ ..   "මිනිසාට ලැබි ඇති බුද්ධියෙන් මිනිසා කොතෙක් වැඩ ගන්නවාදා... නමුත් ඔබට මේ කතාමාලාව බැලුවොත් හිතෙවී... 'අපි මොනවද කරන්නෙ කියලා'. ඇමරිකාවේ Fox ආයතනයෙන් තමයි මේ කතාව එළිදැක්වුයේ. විශාල චරිත ප්‍රමානයක් සහිත, අවදි හතරක් සහ තවත් එක් කතාංගයක් මීට ඇතුලත්." තමා සේවය කරපු රට යම් දවසක තමාටම එරෙහි වෙවි. තමා ආදරය කරන, තමා විශ්වාස කරන අය දවසක තමාටම විරුද්ධ වෙවී.. මව් සෙනෙහස මුදලට විකිණේවී..සල්ලිවලට ඇති අශාවෙන් ඕනම තිරිසන් වැඩකට අත ගැසිමට දෙවරක් නොසිතෙවි. මේ වන සියලු අපරාදයන්ගෙන් තමා ආරක්ෂාවී ,තමාට හොදටම විශ්වාස අයත් ආරක්ෂා කරගැනිමට නම් උපායශිලි නුවණක්, අනාගතය හොදින් සැළසුම් කල හැකි බුද්ධියක් ද අනිවාර්යයෙන් තිබිය යුතුයි.

                                   මේ කතාමාලාව තමයි prison break කියන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කතාවේ ප්‍රධාන චරිත කිහිපයක්ම තිනවා. ඉන් වඩාත්ම ප්‍රධාන චරිත තමයි., Michael Scofield ,Fernando Sucre ,Lincoln Burrows,Dr. Sara Tancredi,Alex Mahone,Veronica Donovan,Theodore "T-Bag" Bagwel,  Paul Kellerman ,Benjamin “C-Note” Miles Franklin, LJ Burrows       .  "කිව්වට විශ්වාස කරන්න මන් මේ කතාව මන් හතර පාරක් බැලුවා.. මන් මෙකට අබ්බැහි වෙලා.. මට හිතෙන්නෙ නෑ මෙක කතාවක් ම විතරයි කියලා..., ඇත්තටම කීව්වොත් මන් මෙ කතාව තුළ ජිවත් වෙනවා." මේ කතාමාලාව ටිකක් පරණයි.. බලපු අයත් ඇතී.නොබලපු අය ඉන්නවනම් බලන්න.. එකෙන් යම් දෙයක් ජිවිතයට එකතු කරගන්න පුලුවන් වෙවි. මේ කතාවේ විස්තර වන දේ මන් කෙටියෙන් ලියන්නම්..

                        ඇමරිකාවේ උප-ජනාධිපති තුමියගේ සහොදරයා ඝාතනය කිරිමේ වරදට Lincoln නමැති පුද්ගලයා හසු කරවනවා..එය සුක්ෂම සැළසුමකට අනුවයි සිදුවෙන්නේ.ඒ ක්‍රියාදාමයට මුලසුන ගන්නේ ඇමරිකානු රජයත් යක් ප්‍රමාණයකට යටත්ව ඇති රහස්‍ය ආයතනයක් මගින්..Lincoln ට සහොදරයෙක් ඉන්නවා. ඔහු තමයි ,Michael . ඔවුන්ගේ දෙමාපියන් කුඩා කාලෙදිම ඔවුන්ගෙන් ඇත් වෙනවා.'කතාවේ අන්තිම හරියට යන්න තමයි ඔවුන් හමුවෙන්නේ.' සහෝදරවරු දන්නේ දෙමාපියන් මිය ගොස් ඇති බවයි. Michael ට පවුලේ කෙනෙකුට ඇත්තේ තම අයියා විතරයි.ඔහු තම අයියා බේරා ගැනිමට ඉතා දියුණු බුද්ධිමය සැලසුමක් ක්‍රියාත්මක කරනවා.අවසානයේ ඔහු අයියා බෙරාගන්නවා.. "මෙතන එ ඔක්කොම ලියන්න ගියොත් මට පිස්සු හැදේවී.." ඔගොල්ලො හොයාගෙන බලන්න.... කැමති කෙනෙකුට මා හා සම්බන්ධවී මේ කතාමාලාව ලබා ගත හැකි..'  මන් තව ලිව්වොත් කතාවේ අගය නැති වෙවි. තව දෙයක් කියන්න ඕන.. මේ කතාව සර්ව සම්පුර්ණ කතාවක්,  ඕනම කෙනෙකුට නැරඹිය හැකියි. මේ කතාවට එරෙහී විය හැකි කතාවක් බිහිනොවනවා නම් එය සිහිනයකි.

සිරගෙය තුලදි අයියා අහනවා මල්ලිගෙන්.. "-why"
I'm getting u out of here
it's impossible
"not if u design the place it isn't .    ..       මල්ලි මේ කියනේ වචනවල ගැඹුරුතාවය ඔගොල්ලන්ට තෙරෙනවා ඇති..ඔය වගේ තැන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. මන් කියන්නේ මෙකයි පුළුවන් නම් මෙක බලන්න.... යම් දෙයක් එකතු කරගන්න පුළුවන් වෙවි......, කතාව බලපු අයට ගැටළුවක් තී නම් ඉදිරිපත් කරන්න් කියලා කියන්න කැමතී.."

Sunday, September 25, 2011

ඔයාගේ නම්බර් එක දෙනවද ..... පෑන එවන්න....

              මේ ටිකේ හොයන්න සැක කටයුතු දෙයක් හම්බුනේ නෑ... පරණ එකක් තිනවා විසදපු, එක ගැන ඉක්මනටම ලියන්නම්. මේ කියන්න හදන්නේ තවත් රස කතාවක් අපේ  එකෙක්ට වෙච්ච.

   නායකත්ව පුහුණුව ඉවර වෙලා ගෙදර ඇවිත් සති 2/3 කට විතර පස්සේ ලියුමක් ආවා, විශ්ව විද්‍යාල ලාභී සිසුන්ට උපහාර උත්සවයක් තිනවා කියලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්.අපේ සෙට් එකත් කතා වෙලා, ආතල් එකටත් එක්ක ගියා උත්සවය මොන වගෙද බලන්න.එතනට ගියායි පස්සේ ,.කැම්ප් එකෙ හිටපු යාළුවෝ දැකලා, උන් එක්ක පච හලන්නයි, යන එන කෙල්ලො දිහා බලන්නයි ගියාම, කට්ටියට වෙන වැඩක් තිබුන්නෑ..ඉතින් අපෙ කට්ටිය එක එක තැන්වල. ඔහොම ඉන්න කොට මටත් ආරාධනවක් ආවා, අපේ කැම්ප් ගෘප් එකෙ හිටපු කෙල්ලො සෙට් එකෙන්. එතනට යන්න හදනකොටම, අරයත් ඉන්නවනේ (කලින් ලිපි) එතන  "මොන මගුලක්ද, මන් එතනට ගියොත් හිතයි මන් එයාව බලන්න ආවා කියලා"  ඒ නිසා සෙට් එක ගාවට යන එක මග හැරියා.

                    ඔය අතරෙ උදේ තිබුණ ‍රැස්විම ඉවරවෙලා, අනිත් කට්ටිය ඇතුලට දානවා. ඒ කියන්නෙ අපි ටික. අපෙ කට්ටිය කලින්ම ඇතුලට ගිහින් , මමයි අචිරයි  යනකොට උන් හිටපු තැන අපිට ඉඩ නෑ.. එක නිසා අපි දෙන්නා පස්සෙන වාඩි වුණා. ඔය අතරෙ ‍රැස්විම ජයටම කෙරි ගෙන යනවා, හැබැයි අපිට කම්මැලී, අපේ අනිත් කට්ටිය වාඩි වෙලා හිටපු පේළියට ඉස්සරහ පෙළියේ හිටියේ කෙල්ලො ටිකක්. අපෙ එකෙක්(R කියමුකො නම) හිටපු කෙල්ලෙක් එක්ක චැටක් පටන් ගත්තා , හැබැයි උන් දෙන්න කලින් අදුරන්නෙ නෑ , එහෙම දන්නවනම් අපි නොදන්න විදියක් නැනේ..... පොඩි පොඩි ටොල්ක් දිදි ඉන්නකොට දන්නෙම නැතුව හවස් වෙලා 6.15 වගේ , ‍රැස්විම් අවසන් වෙන්න මොහොතකට පෙර , ‍රැස්විම ගැන අදහස් ලියන්න කොලයක් දුන්නා. අපෙ එකෙක් ගාව වත් පැනක් තිබුන් නෑ...

         
R ට මෙක පුරවලා දෙන්නත් ඕන.එත් විදියක් නෑ,....මු පැනක් හොයන සද්දේ ඇහුණා අර කෙල්ලට.. එකිටත් යන්න පරක්කුවෙලා, කළබලේ ... ඉතින් ඒකි එකිට හම්බුන කොලෙ පුරවන්නත් ඉස්සෙල්ලා - ට පැන දුන්නා පුරවන්න. මු හෙමින් හෙමින් පුරවන අතරේ කෙල්ලට යන්න පරක්කුවෙලා, කෙල්ල කිව්වා " කමක් නෑ...., ඔයා පැන තියා ගන්න මට යන්න පරක්කු වෙනවා කියලා"..මු ටිකක් වෙලා හිතලා කිව්වා
 " මන් ඔයාව අදනේ දැක්කේ, අදුරන්නේ වත් නැනේ.  ඔයාගේ නම්බර් එක දෙනවද ..... පැන එවන්න." අපිට පට්ට හිනායි වැඩෙට ... හිනාව නවත්තගන්න බෑ..... හරක් නාම්බා, ඇදගෙනම නෑවා

        ඒකිට එපා වුණා කිව්ව කතාවට , එහෙම කිව්වා විතරයි මුහුණ දෙක කරගත් කෙල්ල "මේක උබම තියාගනින්" මෙන් මුකුත් ම නොකියා යන්න ගියා. අපි ‍රැස්විම ඉවර වෙලා යනකොටත් මු කරපු වැඩෙට හිනා වෙවී ආවේ.    තාමත් මිනිහා පැන තුරුළු කරන් නිදාගන්නවද දන්නේත් නෑ........
                                 

                           

Saturday, September 24, 2011

දුරකථනය

  මා පෙර ලිපියක සදහන් කලා, පිටරට අධ්‍යාපනයට ගිය මිතුරා පිළිබදව.මේ කියන්න හදන්නෙත් මිනිහට වෙච්ච දෙයක් ගැන.
 
ඉතින් , මිනිහා යන්න සතියකට විතර කලින් අපි 4දෙනා ඉසුරු, තාරක, මම,නදී එකතුවෙලා රෑ කැමකට සෙට් වුණා. අපි සමහරක් දවස් වලටත් මෙහෙමම තමයි.අතට කියක් හරි ලැබුනොත් ආයි ලොවෙත් නෑ. සෙට් එක කතාකරගත්තා "අපි අද කො‍ටුවේ ගිහින් පස්සෙ කන්න එමු" කියලා .අපි ට බයිසිකල් දෙකයි තිබුණේ. ඉසුරුයි තාරකයි ආවේ එක බයිසිකලයක. උන් දෙන්න මාරු වෙන් මාරුවට තමයි පැද්දේ .  ඔහොම අපි කතා කරකර, ගාලු කො‍ටු මුව දොර ඇතුලු වෙලා කන්ද නගින හදනකොටම ඉසුරුව කැගැහුවා... "ඒයි , අඩෝ මගේ පොන් එක නෑ බන්".

                         අනේ පලයන්, හොදට බලපන් සාක්කුවේ."අඩේ සිරාවටම හැලිලා බන් " මල ජංජාලයයි. පොන් එක N73 එකක්. මිනිහා පොන් එකට දවස් තුනකට විතර කලින් බැටරියකුයි,  ඔරිගිනල් පිට කවරයකුයි (හවුසිම්) දාලා තිබුනා. ඉතින් පොන් එක ගන්න එකාට මාරම චාන්ස්...... මන් එවෙලාවෙම පොන් එකට කෝල් එකක් ගත්තා පොන් එක වැඩ, ඒ කියන්නේ පොන් එක තාම පාරේ, පටස් ගාලා කට් කරා..... ඔක පාරෙ රින් වෙනව මොකෙක්හරි දැක්කොත් බඩු හරිනෙ ඉතින්.අපිට වැඩියෙන්ම සැක හිතුනේ බයිසිකලේ පදින්න මාරු වෙනකොට වැටෙන්න ඇති කියලා (ටයිනි හෝටලය ගාව). පුලුවන් තරම් ඉක්මණින් මමයි ඉසුරුයි ඒ පැත්තට පැද්දා. අතර මගදි එකෙක් පාරෙ ලයිට් එකකට අල්ල අල්ල මොකක් හරි බලනවා මු හිටියේ ගාල්ලේ සෙඩ් එක ගාව. අපි එනකොටම මු ඒ සෙඩ් එක පිටිපස්සට ගියා , මෙ වැඩෙ ටිකක් සැක හිතුන නිසා ඌ පස්සෙ පොඩි ෆලො එකක් දුන්නා. එතකොටම මන් ආයි රින්ග් කරා  එතකොට පොන් එක වැඩ නෑ.අපි සෙඩ් එක පිටිපස්සට ගිහින් බලන කොට වු ,, නැනේ......... මු වාශ්ප වුනාද?

                                    පයින් යන එකෙක් නිසා ටයිනි එක ගාව ඉදන් මෙතනට එන්න වෙලාවයි, අපි බයිසිකල් වලින්  ගිහින් ආපු වෙලාවයි බලනකොට කාලය පිළිබද ප්‍රශ්ණයක් නෑ. මන් නිකන් කිව්වා" මචං වු බැලුවෙ උගේ පර්ස් එක වෙන්න බැරිද" ඉසුරු හිටියෙත් රත් වෙලා ,රට යන්නත් සතියයි...... ඊට වඩා කැල්ලගේ පින්තුරත් තිනවා. අපි මග දිගට බලාගෙන ටයිනි එක ගාවටත් ආවා , එ හරිය හොදටම බැලුවා වැටිලා පැගිච්ච වගෙ  සලකුණු, ප්ලාස්ටික් කැලි,පසෙ කා වැදුණු සලකුණු, කාණුවෙත් බැලුවා .. එත් හොයා ගන්න බෑ.පොන් එක කාටවත් පැගිලත් නෑ...එක්කො රින්ග් වෙනවා දැකලා කවුරු හරි අරගෙන වෙන්නත් පුළුවන්.  මන් ආයි පාරක් රින්ග් කරා එත් පොන් එක ඔෆ්. දැන් මොකද කරන්නේ ඒ අස්සේ පට්ට බඩගිනි..... ගෙදර කැමත් නෑ..... කන්නත් මොකක්ද වගේ. තාරකයන් කිව්වෙ" ඔක අතෑරලා දාපන් මචං දැන් කරන්න දෙයක් නෑ."  ඉසුරුවට ප්‍රශ්නේ පොන් එක නෙවෙයි කැල්ලගේ පින්තුර ටික. මං කිව්ව එහෙම නෙවෙයි..." කොහොම හරි මෙක හොයා ගමු" අපරාදනේ බන්.

                      හොයාගන්නත් මුකුත් සාක්ෂි නෑ.... කිසිම දෙයක් නෑ.අර සෙඩ් එක ගාව හිටපු එකා තමයි ටිකක් සැක. කොහොමහරි වැඩේ අතහැරලා දාලා ටයිනි එකට ගියා කන්න. "චිකන් කොත්තු 2යි මාළු දෙකයි." විනාඩි 15 කින් විතර ප්ලෙට් හතරකට දාලා ගෙනත් තිබ්බා, තියනකොටම මගෙ පොන් එකට කෝල් එකක් ආව ... නම වැටෙන්නේ ඉසුරුගෙ "අඩො උබේ පොන් එකෙන් කොල් එකක්" මන් පටස් ගාලා ආන්සර් කරා...... වයස 45-50 අතර, කලබලයක් නැති, ටිකක් ගොරොසු, උගුර ගෙවිච්ච වගේ කටහඩක් , ... ඔව් අන්කල් අපේ පොන් එකක් නැතිවුණා... අන්කල් මේ.......... " ඔව් මල්ලි දැන් මන් ගාව තිනවා... මල්ලිලා කොහෙද ඉන්නේ?"  ආ අයියේ අපි ඉන්නේ ටයිනි එක ගාව.. "අයියා කොහෙද ඉන්නේ? මල්ලි ඔහොමම ඉස්සරහට එන්නකො බන්දුල එක ගාවට....එතනින් තින ඇතුල් පාරේ ඉස්සරහට එන්න. ටිකක් සැකයිත් වගේ අවුලක් නෑ... මමයි තාරකයි, ඉසුරුයි ගියා ..... නදී විතරක් කැම ටික බලාගෙන ටයිනි එකේ....

                   අපි ඒ ගෙදරට ගියාම., මන් හිතුවා හරි 45-50 අතර වගේ අන්කල් කෙනෙක්..., දැත් අනුව බර වැඩ කරන කෙනෙක් ... නීට් එකට වැඩ කරන කෙනෙක් කියලත් තෙරුණා.එහෙම අය ඉන්නේ හමුදාවෙ වගෙනේ.. කතාකරනකොට එ අන්කල් කිව්වා අන්කල් වැඩ කරෙ පොලිසියේ කියලා..... "ශිට්.., මට පොලිසිය අමතක වුණානේ"  අන්කල් කිව්ව පොන් එක මඩ වල එරිලා වගෙ තිබුන නිසා ගලවලා පිහිදැම්මා කියලා. එත් පොන් එක, භුමිය එවැනි ලක්ෂණ පෙන්නුම් කරෙ නෑ. කමක් නෑ පොන් එක හම්බුනානේ... අපිට ඒ ගෙදරින් බිස්කට්, තේ හම්බුණා. නදී එ අතරේ කෝල් කරනවා , කැම හතරක් තියාගෙන ටයිනි එකේ .....  පැය බාගයක් විතර තිස්සේ අපි එ ගෙදර ... පස්සේ අපි ස්තුති කරලා ටයිනි එකට ආවා........... කොත්තුවත් නිවිලා, මන් කාපු චාටර්ම කොත්තුව තමයි එදා කැවේ..

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...