Showing posts with label සත්‍ය සිදුවීම්... Show all posts
Showing posts with label සත්‍ය සිදුවීම්... Show all posts

Wednesday, April 25, 2012

අවසන් ලියුම..?

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කදුළු ‍රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ........
                                                                                    
එයා පැලැන්දු මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමි
ගෙල වට කරහ්ගෙන ලැමදේ ලගිනා
මංගල මාලය මම දුටිමි


අබරණ අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගේ හිත අද තද නින්දේ


පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවකු නෑ දන්නේ
වෙන දිගෙක ගිය ඔබට වඩා.....!!!

  යාළුවනේ මේ තියෙන්නේ මන් ආසම ගායකයකු ගැයු පිවිතුරුම විරහා ගීයක්. නමුත් ඔහු දැන් මෙලොව හැර ගිහින්. සමහර මිනිස්සුන්ට නම් මෙලෝ රහක් නැති ගායකයෙක් කියලා දැනෙන්න හිතන්න ඇති. නමුත් ඔහු අදහස් කරපු දේ , ඔහු කරපු දේ අති විශාලයි.  ගායකයකු යනු සින්දුවක් නිවරදිව අංග සම්පුර්ණව කියන්නෙකු නොවේ,නමුත් සින්දු කියන්න දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්.

මේ පොස්ට් එක ලියන්නෙත් ඔහුගේ ගීයක් රස විදිමින්. ඇත්තටම මේ ගීය මට ටිකක් මට සමීපයි.  ම්ම්ම්ම්... මොනව වුනත් හොද ගායකයෙක් අප අතරින් වෙන්ව ගියා. ඔහුට නිවන් සුව...!!!

Friday, February 3, 2012

මව්බිමට ජයවේවා..!!

කොහොමද යාළුවනේ කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරිවුණා.. ඒ නිසාම අද ටිකක් ලියන්න හිතුවා...,

මුලින්ම කියන්න ඕන මා කලින් ඔගොල්ලත් එක්ක හිටියේ රහස් පරික්ෂකයා කියන නමින්. එත් , හදිසියේම අවශ්‍ය කර්තව්‍යක් සදහා නම ජනියාගේ සයිබර් ලෝකය ලෙස වෙනස් කරන්න වුණා. ඔන්න එහෙනම් හරිනේ.......


අද ලියන්න හදන්නේ අපේ මව්බිමට උදාවු විශේෂ දවසක් ගැන පොඩි විස්තරයක්. හෙට තමයි පෙබරවාරි 4 ,එ කියන්න්නේ අපි සුද්දගෙන් නිදහස් වෙච්ච දවස.. නිදහස් වුණු දවස කිව්වට සුද්දා අපිට ඔක්කොම දිලා ගියේ නැනේ, උන්ගේ ක්‍රමයක් හදලා තමයි උන් ගියේ.ඉංග්‍රිසින් එන කාලේ අපේ රටේ රජකම් කරේ කීර්තී ශ්‍රි රාජසිංහ රජතුමා. එකාලෙ ඉංග්‍රිසින්ට ලංකාවෙ ප්‍රදේශ අල්ලගන්න තිබුණු එකම ප්‍රශ්ණේ තමයි ඒ ප්‍රදේශ ලන්දේසීන් සතුව තිබුණ එක. යුරෝපයෙදි ලන්දේසින් ජාතිකයන් හා ඉංග්‍රිසින් අතර තිබුණු මිතුරු කම නිසයි ඉංග්‍රිසින් එවා අල්ලගත්තේ නැත්තේ.ඔන්න ඔය කාලෙදි ඉංග්‍රිසින්ට පොඩි චාන්ස් එකක් දුන්නා අපේ හිටපු රජතුමා ,ලන්දේසීන් එළවීමට අපේ රජතුමා ඉංග්‍රිසීන්ගෙන් සහය ඉල්ලලා සංදේශයක් ඉදිරිපත් කරා.  ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් 1975 අගොස්තු මසදි ලන්දසීන් සතුව තිබුණු ත්‍රිකුණාමල වරාය ඉංග්‍රිසින් අල්ල ගත්තා. අනතුරුව ඔවුන් යාපනය ,මන්නාරම,කල්පිටිය,කොළඹ වරායද අල්ලා ගත්තා.

ඔන්න ඔය කාලෙදි යුරොපා යුද්ධය ඇවිලෙමින් තිබුණු කාලේ, 1796 දි ප්‍රංශ ජාතිකයන් ඔලන්දය(ලන්දේසීන් ගේ රට) ආක්‍රමණය කරා. ඔලන්දේ ධජය බිද වැටෙන් කොට එහි පාලකය වු විළියම් කුමරු ‍රැකවරණය පතා එංගලන්තයට පැනලා ගියා. ඔන්න ඔය අතරේ පොඩි සීන් එකක් තිනවා...,ප්‍රංශය විසින් ඔලන්දය සතුව තිබු යටත් විජිත අල්ල ගනි කියලා ඉංග්‍රිසින් බය වුණා. ඉංග්‍රිසීන්ගේ බිස්නස් වලට කෙළවෙනවා එහෙම වුනොත්,ඔන්න ඒ නිසා උන් කරේ තමා යටතේ ආරක්ෂාව සිටි ඔලන්දේ පාලකයාගෙන් යටත් විජිත තමාට පවරන ලෙස ඉංග්‍රිසින් ලිපියක් ලබාගත්තා.. දැන් ගේම ගොඩ.  ඔන්න ඔය ලිපියට තමයි කියන්නේ "කියු ලිපිය" කියලා... ඔන්න ඔය කාලෙදි ලංකාවේ මුහුදු බඩ පළාත් වල තිබුනේ මදුරාසී පාලන ක්‍රමය.ඉංග්‍රිසින් අපේ එවුන්ට අසීමිත බදු පැනෙව්වා... 'අනේ අම්මපා මම හිටියනම් කනවා ඕකුන්ව. '  මරුම වැඩේ කියන්නේ අලුතින් පොල්ගස් බද්දකුත් ගහලා , ඒ කියන්නේ සෑම පොල් ගසකින්ම පනමක් , ගස් පනහකට වඩා වැඩි අයගෙන් එක ගසකට පනම් දෙක බැගින්.ලොවෙත් ගහනවද එහෙම බදු...

ඔයි වැඩ ඇල්ලුවේ නෑ අපේ එවුන්ට..., පටන් ගත්තා උන්වත් එළවන්න . ඒ 1797 කැ‍රැල්ල පටන් ගෙන.ඒ කැ‍රැල්ල ගැන හොයන්නත් උන් ත්‍රිපුද්ගල කමි‍ටුවක් පත් කරා. කට්ටිය දන්නවනේ, දැන් කාලේ මොකක් හරි අවුලක් වුනොත් මොකද කරන්නේ කියලා. හැම එකකටම 'ත්‍රිපුද්ගල කමි‍ටු පත් කරනවා' කරලා එගොල්ලන්ගේ වැඩ බලන්නත් තව ත්‍රිපුද්ගල කමි‍ටු පත් කරනවා. ඔන්න ඔකේ ප්‍රතිඵලයක් වශයෙන් 1978ඉදන්1802 කාලය දක්වා ගෙනාවා අලුත් පාළන ක්‍රමයක්.ඒ තමයි දිවිත්ව පාලනය කියන්නේ. ෆෙඩ්‍රික් නොර්ත් අයියා ආණ්ඩුකාරයා වුනේ ඔන්න ඔය කෙහෙම්මල නිසා තමයි.1802 දි අපි සම්පුර්ණයෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් වුණා. එ වුනාට නොර්ත්ට බැරිවුනා කදුරටට සද්ද දාන්න. අපේ මුදුන් මල්කඩ, අපේ උතුම්ම වස්තුව, පුජනීය දළදා කරඩුන් වහන්සේ ,අපේ රාජකීය ලකුණ, වැඩ සිටියේ මහනුවර රාජධානියේ.ඒ කට අත තියන්න මෙලෝ යකෙකුට ඉඩ දෙන්නෙ නෑ.අනේ අම්මපා මරාගෙන මැරෙනවා... මහනුවරට ගහන්න ඔය නොර්ත් සුද්දා චන්ඩි එක්කරගෙන ආවා. එත් එක සුද්දෙක්ට රිංගන්න දුන්නෙ නෑ.මුලින්ම යුද්දේ පටන් ගත්තේ ස්භාවධර්මයෙන්, ගංඋතුරලා සුළග සැඩ වෙලා සහමුලින්ම සුද්ද කරලා දැම්මා.උපරිම යුධ ක්‍රම භාවිතා කරපු අපේ වීර කොල්ලොත් ගරිල්ලා ගේම් දිලා නොර්ත්ට උතුර දකුණ මාරු වෙන්න ගැහුවා. ආපු චන්ඩි නැට්ට #$&-- ගහගෙන පැනලා ගියේ බල්ලු බළල්ලු විදියට.

නොර්ත් ගෙන පස්සේ පත්වුනේ ‍තෝමස් මෙට්ලන්ඩ්. මිනිහා ටිකක් මොළ කාරයා.මිනිහා තමයි ඔය ජූරී සභා ක්‍රමය මුලින්ම හදුන්වා දුන්නේ.., මිනිහා ටිකක් දැගලුවා මහනුවරත් එක්ක සාම සාගඡ්චා තියලා නුල් සූත්තර ගේමක් දෙන්න ,ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ... එතකොට අපේ රජතුමා වුනේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා....රජතුමාගේ පාළන ක්‍රමය ඒ වන විට ගැටළු සහගත වු නිසා මහනුවර මිනිස්සුත් තරහින් හිටියේ.ඔය සිද්ධිය නිසා උඩරට රදළයෝ පිරිසකුත් ඉංග්‍රිසින්ට එකතුවුනා.ඉට පස්සේ තමයි මෙට්ලන්ඩ් උඩරට ආක්‍රමණය කරේ.. අපි 1815 දි සම්පුර්ණයෙන්ම යටත් වුණා.
ඔන්න  ඔහොම වෙලා පස්සේ ඉංග්‍රිසින්ගේ පාලනයත් අවුල් වීගෙන එනකොට නැවත එකතු වෙලා 1818,1848 වෙල්ලස්සේ කැ‍රැල්ලයි මාතලේ කැ‍රැල්ලයි ගැහුවා .අපේ ගොඩක් අය දිවි පිදුවා එකෙන්.කුඩාපොළ හාමුදුරුවෝ, පුරන් අප්පු,බස්නායක ඇත්තෝ ඔය වගේ අය ගොඩක් හිටියා... පස්සේ1829 දි ඉංග්‍රිසින් කැරලි නවත්වගන්න බැරිවුන තැන ප්‍රතිසංස්කරණ සමුහයක් ඉදිරිපත් කරලා.. අපේ කට්ටියටම බළතල පැවරුවා.අන්තිමට අපේ ප්‍රථම අගමැති පත්කරමින් .,ඒ කියන්නේ සේනානායක මහත්තයා.,1948 පෙබරවාරි 4 දා නිදහස ගත්තා...

නිදහස ගත්තට උන්ගේ ක්‍රමයක් මේකේ පැළ කරලා උන් ගියේ.. දෙනටත් උන්ගේ මුල් තිනවා.., අපි අපේ කම හදාගනිමු, අපේ සංස්කෘතියට ගැළපෙන්න..!!

(යාළුවනේ, පොඩි වැඩකට අත තිබ්බා පොඩි තරගයකට මෙන්න මෙක තමයි අලුත් වැඩේ. ඔගොල්ලන්ගේ සහයෝගය තිනවා නම් ගොඩක් වටිනවා.. ස්තුතියි..)

Friday, January 20, 2012

සත්‍යය..

හදිසියේ කන වැ‍ටුණු තර්ක කිහිපයක් ඔබ වෙත් ඉදිරිපත් කිරිමට කැමැත්තෙමි.

ලොකයේ සැම දෙයකම දෙපැත්තක් ඇත.. , නැතිනම් ලෝකය සමබර නොවෙනු ඇත. හොද මෙන්ම නරකද ලෝකයේ පැවැත්මට කිසියම් හෝ අයුරින් දායක වනු නියතයි.එය ලෝක ස්භාවයයි.
"ලංකාවෙ මධ්‍ය ලක්ෂයයි.., බර්මියුඩා ත්‍රිකොණයේ මධ්‍ය ලක්ෂයයි ඒක රේඛියලු.." මෙක ඔප්පු කරන්න දන්නව නම් කවුරු හරි ඉදිරිපත් වෙලා කියන්න..  එය වැලලී ගිය අතිතයක් ගොඩගන්න උපකාරී වෙන්න පුළුවන්.., මා දන්නා අයුරින් සෙනරත් පරණවිතානයන් මේ බව ඔප්පු කරන්නට සැහෙන්න වෙහෙසක් ගෙන තියෙනවා. නමුත් ඔහුට එයට හැකියාව ලැබී නෑ.

අපේ සංස්කෘතිය සුද්දෙක්ගේ අතින් ලියවුණු එකක් බවත්, හෙළයාගේ නියම සංස්කෘතිය සුද්දන් විනාශ කර ඇති බවත් , අතිතයේ විසු සමහර උදවිය මෙ කරුණු කාරණා ආරක්ෂා කර ගැනිමට උත්සුක නොවු හෙයින් ස්භාවධර්මයා විසින්ම එය ආරක්ෂා කර ඇති බවත් දැන් දැන් ඔප්පු වෙමින් පවති.. ලංකාව කියන පුංචි දිපය ආරක්ෂා කරන්නේ ස්භාවධර්මයා විසින්මය. හොද දේ යන සංකල්පය ගැබ්වී ඇත්තේ මේ පුංචි දිපය තුල පමණි.එසෙම නරක දේ ගැබ්වී ඇති ස්ථාන ඊට ප්‍රතිවිරුද්ධවමද පවතිනු ඇත.මේ විශ්වය තුල අප ජීවත් වන ග්‍රහලෝකය ‍රැකෙන්නෙද මේ පුංචි දිපය නිසා විය හැකිය.

විශ්ලෙෂණය වු කරුණු කිහිපයක් ඇතත් .., එය ඉදිරිපත් කිරිමෙ ලා ගැටළු බොහොසෙයින් පැන නගිනු ඇත. සමහරවිට ගැලිලීයෝ ගැලලිට සිදුවු දේ මා හටද සිදුවීමට ඇති ඉඩකඩද ඉහළය.. මිනිසුන්ගේ බුද්ධිගෝචර තාවය අනුව දැනට පවත්නා ලෝකය තිරණය වනු බව අප සියළු දෙනාම දන්න කරුණකි.. සැබවින්ම මෙ කියන කරුණු කාරණා ඔබට ගැටළුවක් වනු නියතය ,.. මා ඒ බව හොදින් දනිමි.



මා අවසාන වශයෙන් මේ ලිපිය හී හරය ගැන යම් දෙයක් කියන්නම්..
ශ්‍රී ලංකාව යනු බුදුන්ගේ දේශයයි....!!!

Saturday, October 1, 2011

තිසා වැවට ගැළු කදුළු........(3)

කතාවේ මුල් කොටස් ටික.. බැලුවේ නැත්නම් බලන්න
                      තිසා වැවට ගැළු කදුළු........
                      තිසා වැවට ගැළු කදුළු........(1)
                      තිසා වැවට ගැළු කදුළු........(2)

එහෙම, එක පාරට අහන්න ඇහැකිය.....? ගහෙන් ගෙඩි ගන්න වගේ..., ඔය ගියාට මිනිහා බයයි.

පහුවදා ...,
        මේ.. ඔයාගෙන් පොඩි දෙයක් අහන්නද?..
                      අහා .. කමක් නෑ ඕන දෙයක් අහන්න,..
        මම මේ කැම්ප් එකේ ටික කාලයයි නේ ඉන්නේ .., ඔයාගේ නම්බර් එක කියන්නකො.."
                      අහා,,.. මෙක අහන්නද මෙච්චර වෙලා දැගලුවේ.."ඔයාගේ නම්බර් එක කියන්නකො මන් මිස් එකක් දාන්න"
එකෙන්ම තෙරෙනවනේ කොච්චර ‍ෆිට් ද කියලා?,.....
ඉට පස්සේ ඉතින් හැමදාම පොන් එක චාජරේ ....

ඔහොම එක එක දෙවල් වෙන අතරේ..., කැම්ප් එකේ අන්තිම දවස් කිහිපයත් උදා වුණා.
කට්ටිය ප්‍රසන්ටෙෂන් වැඩ...,සහතික වල වැඩ ,එක ජරමරයයි.

කැම්ප් එකේ, නයිට් ෆයර් එක එදා රෑ තියන්න සැළසුම් කරලා..
කට්ටියත් එකට සුදානම් වුණා.... එදා රෑ හුග දෙනෙක්ගේ ජිවිත වල සතු‍ටුදායකම රාත්‍රිය ද වුණා.
ඒත් සැමදෙනාම පහුවදා, තම මිතුරන්ගෙන් වෙන්වන බව දැන සිටියා.

ඔය අතරේ එක තැනක.......,
  "මල්ලී මට ඔයාට කාරණාවක් කියන්න තිනවා...."
          මොකක්ද අප්පා ඒ? හී..හී..  මාව මල්ලි කෙනෙක් වගෙද පෙන්නේ...  ?
   "මන් මෙ කතාව මුලින්ම කියන්නෙ ඔයාට,,,... හොදට අහගන්න.. 'මගේ ගමත් ගාල්ලේ..,කලින් ඇත්ත කිව්වෙ නැති වුණාට සොරි.! මට කැම්ප් ආපු දවසෙම ඔයාව හුගක් වැදගත් වුණා.. මට මගේ පරණ ජිවිතේ ආයි මතක් වුණා..මන් ඒ කාලෙට ආයි ගියා කියලා හිතුණා..(කොල්ලා නිහඩව අහන් ඉන්නවා මේ ඔක්කොම.) අපේ ගමේ හිටියා කඩවසම් කොල්ලෙක්.., ඔයා වගේමයි. ගති පැවතුම්,කටහඩ..යන එන විදිය හැම දේම ඔයාට සමානයි.එයත් ඔයා එදා කියපු සින්දුවට ගොඩක් කැමතියි... මාත් එහෙමයි..එයාව මට හම්බුන මුල් දිනේම මට විශේෂත්වයක් දැනුනා...එයාටත් එහෙමයි . වැඩි කල් යන්න කලින් අපේ ඇදුනුම් කම ආදරයකට පෙරළුණා.අපි ගොඩක් කල් ආදරෙන් හිටියා , අපිට එකිනෙකාව නොදැක ඉන්න තරමටම ලංවෙලා හිටියා... එත් දවසක් එයා මාව දාලා ගියා... මට එයාට වැ‍රැද්දක් කියන්නත් බෑ..  අන්තිමේ මට එයාව නැතිවුණා. මට මුළු ලෝකයම නැතිවුණා වගේ... ඊට පස්සේ තමයි මේ යුනිෆොම් එක දාගත්තේ. මට සමාවෙන්න මල්ලියේ, එයා දාලා ගිය එකට හේතුව මට කියන්න බෑ'"
                                                       
  ඔයාව දැක්කම, මන් හිතුවේ එයාමයි කියලා....,ඔයත් එක්ක හිටපු පොඩි කාලේ තුල මට දැනුනේ එයා එක්ක හිටියා වගේ., මන් තවමත් එයාට ආදරේ කරනවා..මන් හින්දා ඔයාට දුක හිතුනනම් මට සමාවෙන්න. මට දැනෙනවා ඔයාට වැ‍රැද්දක් කරා කියලා.අනේ ... මට මුකුත් කියන්න තේරෙන්නැ...


ඉළග කොටසින් හමුවෙමු ...

Friday, September 30, 2011

තිසා වැවට ගැළු කදුළු........(2)

ඇය ප්‍රසංග ශාලාව තුලට ආව විතරයි, .... වේදිකාව උඩ සිටියෙ හැන්සම් කොල්ලෙකි. ඔහු ගායනා කරන්න පටන් ගත්තා.....
අර ‍ෆිල්ම් වල වගේ....
       "මා හඩවලා .. හදවත සලා...
       .පෙර දාක මාගේ දෙනුවන් රතු වෙලා.."

 කොල්ලොන්ට ඉතින් මාර මූඩ් සිංදුවට..  ඔහු කොච්චර ගිතය ගායනා කරාද කියනවනම්...,ඔක්කොම කට ඇරගෙන..
"මාරයි මචං, උබ ඇඩෙන්න කිව්වා.  ' භාතිය සංතුෂ් කව්ද? උබත් එක්ක බලනකොට." උබ සුපර් ස්ටාර් ද බන්?  "...

අර ආපු එක්කෙනත් අහගෙන හිටියා..සිංදුව.. හැබැයි අරු දැනන් හිටියේ නෑ මෙහෙම කෙනෙක් ඇවිල්ල කියලා..
දන්නවනම් මු ස්ටෙජ් නගින්නෙත් නෑ,...... ලැජ්ජාවට...!   (අපි දන්නවනේ ඉතින්)

ප්‍රසංගය ඉවර වුණායින් පස්සේ, කට්ටිය බිලට් වලට ගියා නිදාගන්න.

ඊට පහු වෙනිදා උදේ පීටී , සරඹ...ඔය ඔක්කොම ඉවරවුනායි පස්සේ තිනවනේ ලෙක්චර්ස්...., කොල්ලො ඉතින් නිදාගන්න එකනෙ කරන්නේ ඔය වෙලාවට...
ලෙක් : හොල් එකට යනකොටම ...,
මෙන්න අර,,,, ඉයේ ආපු කෙනා ඉන්නවා ආමී යුනිෆොම් එකක් ඇදගෙන..
අම්මට සිරි වෙවා....! ප්‍රීති සින්ටා පරාදයි ඔයි....

මුන් ටික කෙල්ලෙක් කියලා හිතලා තින්නේ "ආමි එකේ 2-- ලෙෆ්ටිනන් අක්කා කෙනෙක්...      වැඩි වයසකුත් පෙන්නෑ.. 26 ක් වගේ....

"අපේ කැම්ප් එකෙත් හිටියනේ, අපේ වයසේ අක්කලා.."
ඒ අක්කා වැඩිය කතාවට එහෙම එන්නෙ නැතිලු...
නොමල් එකේ, තින වැඩ ටික කරගෙන ඉන්න අක්කා කෙනෙක්..

ඔය අතරේ අපේ එකා (ඔය සිංදුව කිව්වේ).. එක්ක, අක්ක වැඩි පුර හිනාවෙනවලු..
වැඩිය කතා නොකරන ඒ අක්කා, අපේ එකා එක්ක අවුලක් නෑ. ඇවිල්ලා දවසයි...

දවසක්....,
  " ආ... මේ ඔයා නේද අර සිංදුව කිව්ව්වේ.."
           ආ..... හ්ම් , මම තමයි..
    නියමෙට කිව්වා , ඔයා ආර්ට් නේ කරේ?????
            අනේ නෑ... මන් ***** කරේ.
    හොදයි.. හොදයි...

ඔය වගේ ටොල්ක් ගොඩක් කැම්ප් එක ඇතුලේ වෙලා තිනවා..
පස්සේ හැම ක්‍රියාකාරකමකදීම එයා උදව් කරලා.. මාරම ‍ෆිට්

වැව බලන්න යනකොටත් එයා අපේ යාළුවා එක්කමයි ගිහින් තින්නේ....
ටවුන් එකට බඩු මොනව හරි ගන්න ගියවෙලාවෙත් එකට,
කැම්ප් එකෙදිත් එකටමයි.... අනිත් එවුන්ට පට්ට ඉරිසියාව ඉතින්..

මුටත් මාර අප් එක... දෙන දෙයියෝ පැන පැන දිලා වගේ..

"මේක මොන වගේ ආදරයක්ද කියන්න තෙරෙන්නෑ.."
ඔය අතරේ කොල්ලට ටිකක් සික් ගහලා....එත් ඔක කියාගන්න බෑ,.....
ලොවෙත් නැති කැමක් කන්න වෙන්නේ ... දන්නවනේ ඉන්න තැන...

දැන් ‍රැට නින්ද යන්නෙත් නෑ,.... මොන මගුලක්ද මෙක...නිතරම මතක් වෙන්නේ ප්‍රිති සින්ටා!!!
"මන් අද කොහොමහරි අහනවා..." ඔන්න ගියා අහන්න....
                                                          "මා හඩවලා.. හදවත සළා.."


Thursday, September 29, 2011

තිසා වැවට ගැළු කදුළු........(1)

ඕං ලිව්වා , අඩුපාඩු තී නම් කියන්න....................

(දුරකථන ඇමතුමක්..)
  මචෝ... උබට ලියුමක් ආවද කැම්ප් එන්න කියලා?... මට ආවා බන්..
            "පිස්සුද බන් මොන කැම්ප් ද?"
         
  යකෝ..... අර නායකත්ව පුහුණුවට, .. මන් තව දවස් 3කින් යනවා..
             අහා... ඒ කද? මොනවද බන් වෙන්නේ ඕකේ... උබ මොනවා කරන්නද යන්නේ එකට??

  අනේ මන්දා., මන් යන්නේ කැල්ලක් හොයාගන්න.හී හී... මෙහෙම ඉදලා ඇතිවෙලා බන්..
  (විහිළුවට කියන්න ඇත්තේ)
             මෙ බලහල්ලකෝ මූ .., පැණි මුට්ටියක්නේ උබ.. හරි හරි, මොකක් හරි, පරිස්සමින් ගිහින් වරෙන්..

දින කිහිපයකට පසු කදවුර බලා ඔහු පිටත් විය...
      ඔහු නික්ම දවස් දෙකකට පසු අපේ ඉතුරු කට්ටිය ගාලු කො‍ටුවට සෙට් වුණා රෑ කැමකට... ඔහොම ඉන්න අතරේ... මට කෝල් එකක් අවා මූගෙන් .,

          "බොක්ක .., මොකො වෙන්නෙ ඉතින්, උබ කවද්ද එන්නේ..
                   පිස්සුද බන් , තව සති 3ක් ඉන්න වෙනවා.......
           පට්ටයිනේ..... , උබ බය නැද්ද?
                   නෑ බන් පොඩි අවුලක් උනානේ....
           මොකක්ද ....? කෙල්ලෙක් නම්බ්ර් එකක් දුන්නද?
                   තොට මැන්ටල් ද ?  නෑ බන්... එහෙම එකක් නෙවෙයි.. අපේ කෑම්ප් එකේ කෙල්ලො නෑ..

    ( මූ අපිට අවුල මොකක්ද කියලා කිව්වේ නෑ)

එදා රෑ සංවිධානය වෙලා තිබුණා සංගීත ප්‍රසංගයක්..කට්ටියට මාර ෆන්ලු.. ඒ අතරේ,  කැම්ප් එකෙ හිටපු මෙජර් අක්කා කෙනෙක් ටික දවසකට මාරු වෙලා ගිහින් .., ඒ අතරේ (අ)මුතු කෙනෙක් ඇවිල්ලා කැම්ප් එකට..,එයා දැකපු කොල්ලෝ.......

" කවුද බන් ඒ.........???? පිස්සු හැදෙනවා බන්"


ඇස් සිය දහස් ගණනක් හමුවුවත් .., එක අයිතිකාරයෙකුගේ දැස් සොයාගෙන ගිය ගමන...
 (ඉළග කොටසින්)


     

Wednesday, September 28, 2011

තිසා වැවට ගැළු කදුළු........



                      මේ පටන් ගන්න හදන්නෙ   , ‍ෆිල්ම් එකක්වත් , ගොතපු නවකතාවක් වත් නොවෙයි...  සිද්ද වෙච්ච සැබෑ සිදිවිමක්.. මේ සිදුවීමට අපේ S. B මහත්තයට ස්තුතිවන්ත වෙන්න ඔන..එතුමා නොසිටින්න මේවැනි කතාවක් අහන්න වෙන්නේ නෑ.....හෝ හෝ.... හෝව්...දේශපාලනය ගැන නම් නෙවෙයි හොදේ..

             අනේ මන්දා මෙක කොහෙන් පටන් ගන්නද කියලා..... !
             මන් කොටස් වලින් මේ කතාව ඔගොල්ලන්ට කියන්නම්.... එක ලිපියකින් කියන්න බැරි කතාවක්.....
                   

වැඩිහිටියන්ට පමණයි කියලා හිතන්න නම් එපා................ සමහර විට මේ කතාව ලව් ස්ටොරියක්...., නැතිනම් සහොදර ප්‍රේමයක් ..., නැත්නම් පෙර භවයක සිට සොයාගෙන එමක්....

ඔය නායකත්ව පුහුණුවක් තිබ්බේ මොකටද? ... වෙන මොකටද කෙල්ලන්ට ,කොල්ලොන්ව සෙට් කරන්න....
හොදයි.., කෙල්ලො හිටියේ නැති කැම්ප් වල කොල්ලන්ට මොකද කරන්නේ?.................ඕ ඕ..! අන්න එක හොද ප්‍රශ්ණයක්..

අයියෝ... මට ඔවත් වැඩද?............. අන්න ඒ කතාවයි මේ..

වයස ප්‍රශ්ණයක් නෑ..........

කතාව, ඉතුරු පොස්ට් එකෙන් ලියන්නම්.. මේ ටිකක්, මොන වගෙද කියලා කිව්වේ...

මේ අහන්න.... ඔන්න ජෝඩුවක් ඉන්නවා , අවුලක් වෙලා ජෝඩුව වෙන් වෙනවා..කෙල්ලට ඒ හැඩ රුව තින වෙන කොල්ලෙක් හම්බෙනවා..කෙල්ල මොකද කරන්නෙ?

          හමුවෙමු....!

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...