තිසා වැවට ගැළු කදුළු........
තිසා වැවට ගැළු කදුළු........(1)
තිසා වැවට ගැළු කදුළු........(2)
එහෙම, එක පාරට අහන්න ඇහැකිය.....? ගහෙන් ගෙඩි ගන්න වගේ..., ඔය ගියාට මිනිහා බයයි.
පහුවදා ...,
මේ.. ඔයාගෙන් පොඩි දෙයක් අහන්නද?..
අහා .. කමක් නෑ ඕන දෙයක් අහන්න,..
මම මේ කැම්ප් එකේ ටික කාලයයි නේ ඉන්නේ .., ඔයාගේ නම්බර් එක කියන්නකො.."
අහා,,.. මෙක අහන්නද මෙච්චර වෙලා දැගලුවේ.."ඔයාගේ නම්බර් එක කියන්නකො මන් මිස් එකක් දාන්න"
එකෙන්ම තෙරෙනවනේ කොච්චර ෆිට් ද කියලා?,.....
ඉට පස්සේ ඉතින් හැමදාම පොන් එක චාජරේ ....
ඔහොම එක එක දෙවල් වෙන අතරේ..., කැම්ප් එකේ අන්තිම දවස් කිහිපයත් උදා වුණා.
කට්ටිය ප්‍රසන්ටෙෂන් වැඩ...,සහතික වල වැඩ ,එක ජරමරයයි.
කැම්ප් එකේ, නයිට් ෆයර් එක එදා රෑ තියන්න සැළසුම් කරලා..
කට්ටියත් එකට සුදානම් වුණා.... එදා රෑ හුග දෙනෙක්ගේ ජිවිත වල සතුටුදායකම රාත්‍රිය ද වුණා.
ඒත් සැමදෙනාම පහුවදා, තම මිතුරන්ගෙන් වෙන්වන බව දැන සිටියා.
ඔය අතරේ එක තැනක.......,
"මල්ලී මට ඔයාට කාරණාවක් කියන්න තිනවා...."
මොකක්ද අප්පා ඒ? හී..හී.. මාව මල්ලි කෙනෙක් වගෙද පෙන්නේ... ?
"මන් මෙ කතාව මුලින්ම කියන්නෙ ඔයාට,,,... හොදට අහගන්න.. 'මගේ ගමත් ගාල්ලේ..,කලින් ඇත්ත කිව්වෙ නැති වුණාට සොරි.! මට කැම්ප් ආපු දවසෙම ඔයාව හුගක් වැදගත් වුණා.. මට මගේ පරණ ජිවිතේ ආයි මතක් වුණා..මන් ඒ කාලෙට ආයි ගියා කියලා හිතුණා..(කොල්ලා නිහඩව අහන් ඉන්නවා මේ ඔක්කොම.) අපේ ගමේ හිටියා කඩවසම් කොල්ලෙක්.., ඔයා වගේමයි. ගති පැවතුම්,කටහඩ..යන එන විදිය හැම දේම ඔයාට සමානයි.එයත් ඔයා එදා කියපු සින්දුවට ගොඩක් කැමතියි... මාත් එහෙමයි..එයාව මට හම්බුන මුල් දිනේම මට විශේෂත්වයක් දැනුනා...එයාටත් එහෙමයි . වැඩි කල් යන්න කලින් අපේ ඇදුනුම් කම ආදරයකට පෙරළුණා.අපි ගොඩක් කල් ආදරෙන් හිටියා , අපිට එකිනෙකාව නොදැක ඉන්න තරමටම ලංවෙලා හිටියා... එත් දවසක් එයා මාව දාලා ගියා... මට එයාට වැරැද්දක් කියන්නත් බෑ.. අන්තිමේ මට එයාව නැතිවුණා. මට මුළු ලෝකයම නැතිවුණා වගේ... ඊට පස්සේ තමයි මේ යුනිෆොම් එක දාගත්තේ. මට සමාවෙන්න මල්ලියේ, එයා දාලා ගිය එකට හේතුව මට කියන්න බෑ'"
ඔයාව දැක්කම, මන් හිතුවේ එයාමයි කියලා....,ඔයත් එක්ක හිටපු පොඩි කාලේ තුල මට දැනුනේ එයා එක්ක හිටියා වගේ., මන් තවමත් එයාට ආදරේ කරනවා..මන් හින්දා ඔයාට දුක හිතුනනම් මට සමාවෙන්න. මට දැනෙනවා ඔයාට වැරැද්දක් කරා කියලා.අනේ ... මට මුකුත් කියන්න තේරෙන්නැ...
ඉළග කොටසින් හමුවෙමු ...
අනෙ පොඩ්ඩ පොඩ්ඩ කියෙව්වම නිකං මොකක්ද වගෙ ඔක්කොම දැම්මට පස්සෙම කියවනවා..
ReplyDeleteඅය්යෝ ඉතුරු ටික කෝ??
ReplyDeleteඅක්කෙක් මල්ලියෙක්ට පෑහුනොත් කපෝතියි පුතෝ! :'( මම දන්නවනෙ එ්ක හැමෝටම වඩා! :'( මමත් වෙලාව අාවම ටික ටික කියන්නංකො! :'( </3
ReplyDeleteකියවන්න ආස හිතෙන කතාව... ඉතුරු ටික ඉක්මණ ට පෝස්ට් කරන්නෝ.........................
ReplyDeleteමාර කේස් එක.. අනිත් කොටස ඉක්මනට දාන්න.. දැන්නම් කොල්ලා මොකෝ කීවුවේ කියලා දැන් අගන්නම ඕන....
ReplyDeleteලොකු ඡෝන් - මේ දවස් වල වේලාවක් නෑ.... අධ්‍යන කටයුතු වල හිර වෙලා... ඉඩ හම්බුණගමන් ලියනවා..
ReplyDeleteසයුරි - පුලුවන් තරම් ඉක්මණට ලියනවා
තනි අලියා - අපි බලන් ඉන්නවා ඒ කතාව අහන්න....
ReplyDeleteමහි - ඉක්මණටම දානවා මේ දවස් වල විස්ව විද්‍යාල පටන් ගෙන නිසා වෙලාවක් නෑ....
Dinesh - ඉක්මණටම දානවා ... :)
ReplyDeleteඅම්මෝ... මාර වැඩක්නෙ වෙලා තියෙන්නෙ. ඒකත් හරිම පුදුමයි... ඉතුරු ටික ඉක්මණටම දාන්න. කියවන්න ආසයි දැන් ඊළග කොටසත්...
ReplyDeleteහිතුවක්කාරි - ඉක්මණට ම දානවා.. මෙ දවස් වල වැඩ ටිකකට හිරවෙලා....,,
ReplyDeleteටැන්කු ටැන්කු...!