කාලෙකින් මේ පැත්තේ එන්න වුනේ.. ලෙඩ ගොඩක්, එක පිට එක වැටුනු නිසා හෙල්ලෙන්න බැරි වුණා. කොහොමවුනත් මේ කියන්න හදන්නේ තව ඉස්සරහට වෙයි කියලා හිතෙන සිදුවීමක්.හැබැයි දේශපාලනයම නෙවෙයි. දැන් රට ගලා යන ආකාරයට හැමදේම පුද්ගලීකරනය වීමේ නැඹුරුතාවයක් ඇතිවෙමින් යනවා. එක අතකින් පුද්ගලීකරණය වුනොත් නාස්තිය අවම කර ගැනිමේ හැකියාවක් තිනවා, නිකන් පඩි කන එවුන්ටනම් බඩේ පාර වදිනවා.වැටුප ගෙවිය යුත්තේ අදාල තැනැත්තා වැඩ කරන ප්‍රමාණයටයි.
කොහොමවුනත්, මේ විදියට ගියොත් ඉක්මනටම පුද්ගලීකරනය වෙන්නේ අධ්‍යාපන දෙපර්තුමෙන්තුවයි. ලොවෙත් ෂුවර් තව වැඩිකල් යන්න කලින් නිදහස් අධ්‍යාපනය නැති වෙනවා.හැමදේම මුදලට යට වෙනවා. මේ සිදුවීම් ගානට නුලට දශමෙට ක්‍රියාත්මක වෙමින් යන්නේ. ගිය වසරේ උසස් පෙළ උත්තර පත්තර වල ප්‍රශ්ණයක් ඇතිවුනේ මේ සංකිර්ණ සැලසුමේ අදියරක් සම්පුර්ණ කරමින්. කොහොමවුනත් ඉස්සරහට ගමේ පාසල පන්සලටම ඇදෙනවා. එවිට නිදහස් අධ්‍යාපනය පවතින්නේ පන්සල යටතේ විතරයි, අනිත් සියළුම පාසල් සල්ලිවලට යට වෙනවා. ගම්වල ඉන්න දුප්පත් ලමයින්ට බුදු සරණයි ඉතින්. මේ සංකිර්ණ සැළසුම් සිදුවෙන්නේ පවතින රජයේ අනුදැනුමින් නැතිනම් රජයට වඩා බලගතු සංවිධානයකින්.දැන් හැම තැනම වගේ ඩීග්‍රි ඕන තරම් සල්ලිවලට ගන්න පුළුවන්.ඉස්සරනම් රජය යටතේ පවතින විශ්ව විද්‍යාල වල පමණයි. නමුත් වෛද්‍ය උපාධියත්, පරිගණක ඉංජිනේරු උපාධිත් කලමණාකරන උපාධිත් අදාල පුද්ගලික ස්ථානවලින් ලබා ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න ඔය වෙනස් ඩීග්‍රී තුන, හතරම දෙන්නේ වෙනස් ආයතන කිහිපයකින්,ඔය ආයතන තුන එකට එකතුවුනොත් එක කෙලින්ම කැම්පස් එකක් වෙනවා. තනිකරම පුද්ගලික විශ්ව විද්‍යලයක්. අනාගත්යෙදි බුදු ෂුවර් ඔය ආයතන ටික එකට එකතු වෙනවා. ඉට පස්සේ ටිකෙන් ටික රජය යටතේ පවතින අධ්‍යාපන ක්‍රමයට කන කොකා හැඩීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ප්‍රසිද්ධ කාරණාවක් තිනවා.. ඒක කිව්වොත් සුවර් ........... එකක් මාව හොයාගෙන එනවා.
තව පුරස්නයක් තිනවා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ පඩි වැඩ කරන්නේ නැත්තේ ඇයි කියන එක ....? එත් දැන් නම් එක තේරෙනවා, පඩි අඩු නිසා ආචාර්ය වරු පඩි වැඩි පුද්ගලික විශ්ව විද්‍යාල සොයා යනවා..එත් සමහර ආචාර්ය වරුන් මොන දේ වුනත් පෙර විශ්ව විද්‍යාල සමග සිටිනවා. ඒත් අතලොස්සයි... ඉතින් ඉට පස්සේ වෙන එක කියන්න ඕන නෑනේ. යාළුවනේ හිතන තරම් මෙවා ලේසි නෑ... තව කියනව නම්ගොඩක් දේවල් කියන්න අහැකි.සමහර කට්ටියගේ බැංකු අකවුන්ට් පිරෙනවන්ම් මේ රටේ තව මොනවා කරන්න බැරිද???









