Tuesday, August 23, 2011

මෙහෙමත් මිනිස්සු....


            ඇය නව හැවිරිදිය.පවුලෙ එකම දරුවාය.කුඩා වුවද පිරිපුන් එකියක් වුවාය.ඇය ජිවත් වුයේ දෙමාපියන් සමගිනි.අසල්වැසියන් වුයේ බාප්පා සහ පුන්චි අම්මාය. ඇය පාසල් හමාර වී දහවල ගෙදර පැමිණේ, දෙමව්පියන් ‍රැකියාව නිසා රෑ බොවි පැමිණේ. අප්‍රේල් මස දිනක ඇය රෝගා තුර විය.ඇයට නිතරම වාගේ ලේ වමනය සිදුවිය. මෙයට පැහැදිලි හේතුවක් නොවුයෙන් අධිකරණ වෛද්‍ය වරයාට ඉදිරිපත් කෙරුනේ වස විසක් ඇතුලු විද යන්න දැන ගැනිම පිණිසය.ඇයගේ රෝග ඉතිහාසයෙද එවැන්නක් හො පෙර රෝගි තත්වයක් නොතිබිණි.
                                                                     
   U.S.S පරික්ෂණයෙන් ඔප්පු වුයේ සිරොසිස් රෝගි තත්වයෙන් පෙලෙන බවයි.වැඩි දුර පරික්ෂණ වලදි හෙපටයිට්ස් B  අසාදනය වී ඇති බව නිරික්ෂණය විය.
හෙපටයිට්ස් B , D අසාදනය වනුයේ රුධිර පාරවිලයනයකදි හෝ ලිංගික ක්‍රියාවලියක් නිසාය.නමුත් රුධිර පාරවිලයනයක් නොකල බවට දෙමව්පියන් දෙදෙන තරයේම කිය සිටියහ.මේ අනුව අධිකරණ නියෝග මත ඇයව වෛද්‍ය පරික්ෂාවකට ලක් කෙරිණි.ඇයගේ කන්‍යා පටලයට හානි වි තිබිණි.පසුව නඩු විභාගයේදි ඇය සත්‍යය පැවසුවාය.

                                                                                                                                                                                   "දහවල් කාලයෙදි නිවසේ තනිවන විට අසල්වැසි බාප්පාගෙන් සිදුවු දේ ඇය හෙලි කලාය."

 බාප්පාට තිබු බය නිසාත්, ගෞරවය නිසාත් මෙතක් කල් එය ලෝකයාගෙන් වසන් කිරීමට ඇය වග බලා ගත් බවද සදහන් කලාය."නමුත් දැන් ඇය එ කූරිරු රෝගය නිසා සැමගෙන්ම සමුගෙනය.දැන් මොනවා කරත් වැඩක් තිද?
            මේ නැති වෙන්නේ මිනිස් ජිවිත නේද?
            අප ජිවත් වෙන්නේ මෙවැනි ලෝකයකද?
                     පිස්සු හැදේවි...........................

4 comments:

  1. මේ අපේ ලංකාවෙ උන දෙයක් ද කියලා හිතෙනවා..

    ReplyDelete
  2. ඔවා අහන්නත් පව් කරලා තිනවා අපි..

    ReplyDelete
  3. එලා බං නියටෙම ලියල තීනව

    ReplyDelete
  4. කම්මැලියා- බොහොම ස්තුතියි

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...