Wednesday, August 31, 2011

ආදරයක තරම.......,

              {මේ කතාව, අවුරුදු 11 කට පෙර සිදුවු සිද්ධියක් සම්බන්ධයෙනුයි.  උපුටා ගැනිමක්.......,(සිදුවු කතාව ඇසුරින්)}
                                         "මට පොඩි කාලේ ඉදන් තිබුණු ආසාවක් තමයි එක එක අමුතු කතා එකතු කරන එක.එහෙම එකතු කරපු කතාවක් තමයි මෙක".......... ලංකාවේ ජිවත් වන සමහර ව්‍යාපාරිකයන් සමහර හේතුන් මත ඕස්ට්‍රේලියා වැනි රටවල් වලට සංක්‍රමණය වෙනවා. රොබෙකා සහ ඇන්ටන් මෙසේ සංක්‍රමණය වු ව්‍යාපාරික පවුලක්. ඔවුන් බටහිර ඕස්ට්‍රේලියාව ස්ථිර පදිංචියට තොරා ගත්තා.සිය ව්‍යාපාරික කටයුතු හොදින් දියුණු කර ගත් නිසා අඩු කාලයකින් ඩොලර් ලක්ෂ ගණන් ආදායම් ලබාගත්තා.ඔවුන් රත්‍රං මුතු මැණික් ව්‍යාපාරයන් සමගම ප්‍රසිද්ධ කැසිනො ශාලාවන්ද එහි යහමින් පවත්වා ගිය.
                රොබෙකා 47 ක් වයසතිය, ඇන්ටන් 49 හැවරිදිය. ඔවුන්ට පිළිවලින් 20, 18 වයසති පිරිකි ළමුන් දෙදෙනකුද වුහ.ඔවුන් ඉතා සතුටින් සාමයෙන් සිටි පවුලක් විය.එත් දිනකින් සියල්ල වෙනස් විය.රොබෙකා, ඇන්ටන් සති අන්තයන් හි කැසිනො ශාලාවට පැමිණ කැසිනො ක්‍රිඩාවේ නිරත වෙමින් ‍රැය පහන් වනතුරුම ඩොලර් විසි කරති.මෙසේ එන යන අතරතුර රොබෙකාට ජුඩ් හමුවන්නේ අහම්බෙනි.ජුඩ් ‍රැකියාවක් සොයා ගැනිමේ අරමුණින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වු කෙනෙකි.ඔහු ‍රැකියාව ලෙස  මේ ශාලාවෙ පිරිසිදු කිරිමේ අංශයේ සේවය කලේය.මෙම පවුලට හොදින් සේවය කිරිම නිසා රොබෙකා ,ඇන්ටන් ගේ අවසර ඇතුව සේවා ස්ථානයේ ‍රැකියා ලබා දිමට තිරණය කලාය.ජුඩ් ඉතා විශ්වාසව සේවය කල නිසාද, ව්‍යාපාරියන් දියුණු කිරිමට සැහෙන්න කැප වුන නිසාද,රොබෙකාගෙ නොමද විශ්වාසයට හා ගෞරවයට ඔහු පාත්‍රවිය.රොබෙකාගේ ගෞරවය කෙමෙන් කෙමෙන් ආදරයක් දක්වා පෙරලිනි,ජුඩ් ද ඇයට ආදරය කරන්නට වුයේය.

  ජුඩ් ගේ වයස 22කි. පුතුගේ වයසට වයසට ආසන්න වයසති ජුඩ්ට ආදරය කිරිමේ හේතුව ඇය නොදත්තාය.මේ සිද්ධිය ඇන්ටන් ට ආරංචි විය.ඔහු තරයෙ දෙදෙනාටම අවවාද කළේය.නමුත් පලක් නොවිය,සම්බන්ධය දුර දිග ගිය නිසා ජුඩ් ‍රැකියාවෙන් ඉවත් වන ලෙස දන්වනු ලැබිණි.ආදරයක තරම............ මැයි මස දිනක රාත්‍රියේ අලුත් පෙම් යුවල පර්ත් ගුවන් තො‍ටුපලින් ගුවන්ගතවී ලංකාවට පැමිණියේ නව ජිවිතයක් පටන් ගැනිමේ අරමුණි.මෙ ජිවිතය නිසා රොබෙකාට සැමියා, දරුවන් , ධනය සියල්ල අහිමි විය.
මේ අතර ජුනි මස දිනක ‍තෝරයාය ප්‍රදේශයේ කැලයකින් හමුවුයේ පිලිස්සි තිබු මොටර් රථයක් හා රියදුරු අසුනේ පිලිස්සි තිබු මළසිරුරකි.වාහනයේ චැසි අංකයෙන් අයිතිකරුවන් ජුඩ් හා රොබෙකා බව තිරණය කෙරිණි, එදින ජුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ,අනුරාධපුරයට ගිය රොබෙකා නැවත නොපැමිණි බවයි.....

                          to be cont: ......
             

Sunday, August 28, 2011

ලොවෙත් නෑ

            ශ්‍රී ලංකාව
                           මහා පාවාදෙන්නන් සිටිනා රටකි
                           විශ්වාස කල නොහැකි කෙල්ලන් සිටින රටකි
                           සිම් මාරු කරන කෙල්ලන් ඉන්නා රටකි.(දන්නවනෙ තේරුම)
                           දිනකට මිනිමැරුම් 4ක් වන රටකි
                           පැය 2න් දෙකට සොරකම් සිදුවන රටකි
                           කෙල්ලො නිසා කොල්ලන්ට පදිරි වුන එවුන් සිටිනා රටකි
                           කුජිත දෙශපාළුවෝ සිටි/සිටිනා රටකි
                           කැම්පස් වල සියදිවි නසා ගන්න කොල්ලො,කෙල්ලො සිටිනා රටකි
                           ආර්මාර්ථකාමි අධමයන් වෙසෙනා රටකි
                           සංස්කෘතිය හානි කිරිමට හදන එවුන් සිටිනා රටකි
                           පිං පඩි කාරයෝ වෙසෙනා රටකි
                           පිට් පොකට් කාරයෝ වැඩිම ඉන්නා රටකි
                           බොක්ක වෙනස් වන එවුන් සිටිනා රටකි
                           තම බඩ ගැන පමණක් හිතනා එවුන් සිටිනා රටකි
                           boot නොකාපු කොල්ලො නොසිටි රටකි
                           තමා කැමති දේ කල නොහැකි රටකි
                           වැඩිම මිනිසුන් ගණනක් නිදා සිටින රටකි.
                           දෙමව්පියන් විකුණා කන රටකි
                           සැමියෙක් සිටියදි වෙන එකකු සමග යන ගැහැණුන් සිටින රටකි
                           මුදලට සියලු දේ විකුණන මිනිසුන් ඇති රටකි
                           8  හරියට ගැහුවට ,ලයිෂන් නැති.. 500 ට ලයිෂන් ඇති රටකි
                           තුන් වෙලම  _ _   කන අය ඉන්නා රටකි

".....කියනවනම් හම්බානෙක කියන්න පුලුවන්. අනිත් හැම දෙම කිව්වා කියලා හිතා ගන්නකො......................................"


            ශ්‍රී ලංකාව
                           බුදු දහම ‍රැක ගන්නා මිනිසුන් සිටි/සිටිනා රටකි
                           ලේ හලා රණවිරුවන් ‍රැක ගත් රටකි
                           මහා ගත් කරුවන් වීසු රටකි
                           පන්සල් වැඩියෙන්ම ඇති රටකි
                           ලොව හෙල්ලු ක්‍රිඩකයන් සිටි/සිටිනා රටකි
                           ලොවම දණ ගැස්සු රජවරු සිටි රටකි
                           සංවර්ධනය වෙමින් පවතින රටකි
                           ආදරේ වෙනුවෙන් ජිවිත පුජා කල කොල්ලන් වීසු/වෙසෙනා රටකි
                           උගතුන් පිරි රටකි ( මා වැනි)
                           නායකත්ව පුහුණුවක් ඇති රටකි.
                           ඡන්දය ඇති රටකි
                           ලස්සන රටකි

   කියන්න ගොඩක් තිනවා එත් මන් මේ ටිකයි ලිව්වේ. පොදුවේ  , එක් කාරණාවක් එකකට ම නොවේ,හැම අංශයකට අදාලයි. ආර්ථිකය, දෙශපාලනය, මිනිස්සු,  මෝඩ කම්, ..... ---

                                                         
                         
   මොනවා කරන්නද ආශ්චර්යය තමයි..............

Friday, August 26, 2011

...............අනේ මන්දා..............

අනිත් හැම යාළුවන්ගේම බ්ලොග් වල, ඒ ගොල්ලන්ගේ පිවිතුරු ආදර කතාවන් ලියලා තිබුණා.ඔවුන්ගේ ඒ අදහස් වලට මං ගොඩක් ගරු කරනවා. සංවේදී මිනිස්සුන්ගේ හැගිම් වල ප්‍රබලතාවය මට තේරුම් ගිය නිසා තමයි මගේ කතාවත් මං ලිව්වේ. එත් මන් අද ඉදන් ඒ කතා ලියන්නේ නෑ.....

             පොඩි කතාවක් කියන්න යන්නේ ,  ආදරය විශ්වාස කරන අය විතරක් කියවන්න..
           
        එම ලියුම ලියා තිබුනේ, වයස 19  -  22ත් අතර පසුවන, ඉවසිමක් සහිත, මුදල් යහමින් තියෙන, නමුත් දැඩි දුකකින් පසුවන කොල්ලෙක්.එම ලියුම මා හට හමුවුයේ මේ ආකාරයටය..........................,.මා දිනක් අත්‍යාවශ්‍ය කටයුත්තක් සදහා ක්‍රිඩා,කම්කරු,‍රැකීරක්ෂා,...හා සුභ සාධක වැනි අංශ භාර  දකුණු පළාත්  අමාත්‍යංශයට යන අතර  මගදී ය,. ඒ අසලම තින්නේ මොකක්ද කියල ගාල්ලේ හැමොම දන්නවා.. ඒ තමයි ගාල්ලේ කෙල්ලො කොල්ලන්ගෙ මල් වත්ත.මන් ඉතින් ඒ මල් පාරෙන් යන කොට තමයි ඒ ලියුම හම්බුනේ.එතකොටත් එ ලියුම දවස් දෙකක් විතර පරණයි.සපත්තුවකට පෑගුණු දුවිලි පාරකුත් තිබුණා.කාලගුණයට පිං සිද්ධ වෙන්න ස්භාවික හානියක් වෙලා තිබුනේ නෑ.හැබැයි කොලයෙ තිබුන සෙන්ට් සුවද  අඩුවෙලා.

ඒ ලියුම කියෙව්වාම ඇස් වලට කදුලු ආවේ මටත් නොදැනි, "මේ බනින්න එපා අනුන්ගේ ලියුම් කියෙව්වා කියලා" එකේ තිබ්බේ ආදරේ වෙන්ව යන්න මොහොතකට පෙර තම ආදරවන්තියට දෙන්න ගෙනාපු ලියුම,එකේ තින එවා මට ඔගොල්ලන්ට කියන්න බෑ. ,"එක හරි නැනේ අනුන්ගෙ කතාවක් මන් කියන එක"  ඒ ලියුම ආදරවන්තිය ‍රැගෙන ගොස් නෑ,නැත්නම් ඇවිත් නෑ, නැත්නම් මට හම්බවෙන්නේ නැනේ....ලියුමේ තිබ්බ විදියට මට තෙරුනේ කොල්ලා මෙක නවත්තන්න කැමති නැ එත් කෙල්ලට නවත්තන්න ඕන.කොල්ලා ගොඩක් ආයාචනා කරලා තිබුනා නමුත් වැඩක් වෙලා  නෑ, අන්තිමේ ලියුමේ මෙහෙම තිබුනා "මාව දාලා ගියොත් මේක මිනිමැරුමක් වෙයි කියලා' මෙක ප්‍රබල ප්‍රකාශයක් , හදිසියෙවත් සිය දිවි නසා ගත්තොත් ....... අපරාධයක් නොවෙද? ආදරෙන් අන්ද වෙලා හදිසි තිරණයක් ගත්තොත් නැවත් හැරෙන්න වෙලා නැතිවෙවි. මන් ලියුම ගෙදර අරන් ආවෙ නෑ එකට හේතුවක් තිනවා..(ඉන්න කියන්නම්)....

සිදුවිම වෙලා සති 1 දවස් 4කට පසු දිනක කොච්චියට පැන දිවි නසා ගත් කොල්ලෙකු ගැන අසන්නට ලැබුනා..මට එකපාරටම දාඩිය දැම්මේ..... හිතාගන්න බෑ.එත් මැරුණ කොල්ලගෙ වයස ආරංචි උනේ අවු;18ක් කියලා.ඒ මරණයට හෙතුවත් ආදර සම්බන්දයක් ගෙදරට මාට්‍ටු වෙලා.  (අර ලියුමේ නමක් තිබුනෙත් නෑ,)එත් මට හරියටම ඔප්පු කරගන්න සාක්ෂි මදි.මං මළ ගෙදර ගියා, වාසනාවකට මන් අදුරන අයියා කෙනෙක් හිටියා , එයාගේ පිහිටෙන් මැරුණු කොල්ලාගේ පොතක් අරගෙන අත් අකුරු බැලුවා හැබැයි අත් අකුරු වෙනස්..., මෙයා යාළුවෙකුට කියල වත් ලියාගත්තද? නැත්නම් මේ ලියුම ලියපු කෙනා නෙවෙයිද?.....මං මාර විදියට හිර උනා..

 මට තාමත් එක අභිරහසක්, දිනකට ගාල්ල මල්වත්තට එන කපල් ගාන (සාපෙක්ෂව) එක්ක බලනකොට පිදුරු ගොඩේ ඉදිකට්ට හොයනව වගේ වැඩක්.මට ඉවෙන් වගෙ තේරෙනවා මැරුණ කෙනායි ,ලියුම ලියපු කෙනාගෙයි කිසිම අදුරන කමක් නෑ කියලා,එක ඔප්පු කර ගත්තේ මෙහෙමයි, මායි තව අයියා කෙනෙකුයි ගියා මරුණු කොල්ලා යාළු වෙලා හිටපු කෙල්ලගෙ ගෙදර, එයා කිව්වා "මන් එයත් එක්ක,, එ සතිය තුලම කොහෙවත් ගියෙ නෑ, එහෙම ලියුමක් මට දුන්නෙත් නෑ" කියලා.. මට අහන්න හිතුනා මෙ කොල්ලාගේ මරණයට මුලික වුන හේතුව? එත් එයා කියන්න අකමති උනා.එයත් හිටියෙ දුකින්..මා නැවත ප්‍රශ්ණ කලේ නෑ..පසුව කල සොයාගැනිම් වලදි ඔප්පු වුනේ .. කොල්ලගේ පැත්තෙන් වුන ප්‍රශ්ණයක් නිසා සියදිවි නසාගත් බවයි..

විද්‍යාවට නම් සියදිවි හානි මරගැනිමෙන් සිදුවු මරණයක්. නමුත් හදවතට අපරාධයක්....

  ලියුම සම්බන්ධව මේ ප්‍රශ්ණ ඇත,
       
             1. එයා වෙන කාත් එක්ක හරි ආවාද?
             2. ඇයි ලියුම ඉ‍රැවේ නැත්තේ?
             3. සමහරවිට කෙල්ල ලියුම ගන්න ඇවිත් නෑ එ නිසා කොල්ලා ලියුම එතන දාල ගියාද?
             4. එ දෙන්නාගේ මුල්ම හමුව, ලියුම තිබු ස්ථානයේ සිදුවි තිබිය යුතුයි.
             5. දින දෙකක් පමණ පරණ නිසා පා අඩි වෙනස් විය හැකි විම.
 (පුද්ගලයා හදුනා ගැනිම සදහාය , ආරක්ෂා කර ගැනිමටත්ය)

            මා ලියුම ලියපු කෙනා ගැන කියපු පොඩි විස්තර මගේ රහස් පරික්ෂක බුද්ධියෙන් සොයාගත්ත එවා, අත් අකුරු, ලියාතිබු කොලය, වැනි දෙවලින්. ඔහු දකුණත් කාරයෙක් විය යුතුයි, මා ලියුම ලිවු ආදරවන්තයාගෙන් ඉල්ලන්නේ ජිවිතයට දුක් දෙන ,දෙමාපියන්ට දුක් දෙන තිරණ ගන්න එපා.එක පාපයක් වෙවි." ලියුමේ තිබුණු ආකාරයේ ප්‍රබල තිරණ ගන්න එපා. අනාගතය ගැන හිතන්න හොදට".

"ආ.. ආ.. මන් ලියුම අරන් ආවේ නැත්තේ කෙල්ල හදිසියෙවත් ආවොත් ලියුම අරන් යයි කියලා. "(ලියුමේ තින කතාව කියන්න බැරි, එක පුද්ගලික නිසා ). මා සෙවිමත් දැන් අතහැර ඇත.
                                          නවතිමි මෙම ගැටළුවෙන්....................
                                  ස්තුතියි.


Wednesday, August 24, 2011

සුගන්ධවත් පුෂ්පය.

කොයි වේලාවෙත්, කොහේ හිටියත්,කොතන හිටියත්
ඔයාට පුළුවන් වුනා එදා කවුරු හරි වෙන්න
මට පුළුවන් ඔයා අදුන ගන්න මිනිස්සු අතරෙ වුනත්,

සමහර විට ඔයා පුදුම වේවි
මගේ හිතේ ඉන්න එකම කෙනා ඔයා විතරයි.,

ඒ දවස  එවි
මගේ සිහින වලින් ඔබ ගිය දවස,
මුණ ගැහුනත්
එක මට සිහිනයක්ම වේවි,
මං කොච්චර විශ්වාස කරා ද
ඔයා එනකම් විතරයි බලන් හිටියේ
ඔයාට වැරදිය නොහැකි නේද?

                                                මට ගලපන්න තෙරේන්නෙ නෑ....එත් මන් ලියනවා, ලියන්නත් ඇගිලි වලට පණ නෑ.., එත් මන් කොහොමහරි ලියනවා, ඒකයි හදවතේ ස්වභාවය.මෙහෙම ලේසියෙන් පරදින්න දෙන්න එපා, එහෙම කරේ පරදින්න හිතාගෙන නෙවෙයි.මං කැමති නෑ ප්ලැ‍තෝනික ප්‍රේමයට, එත් ඔයා කැමති නම් එකට ඉඩ දෙන්නම්.

නුදු‍ටු තරමට සොදුරු.....
නොලද තර මට මිහිරි.....
වියොව සුව සිහිනයක් කරවන ...
පරම රමණීය....................................................,

                                              කිව්වා " මං හින්දා ගොඩක් රිදුනා කියලා" .., ඇයි මං රිද්දන්නේ, මොනව ගන්නද? මං  ගන්න ආවේ නෑ... පුදන්න විතරයි ආවේ.වැඩි කාලයක් නෑ..... දුර ගියොත් මට මාර සටනක් කරන්න සිදුවෙවි.බයවෙන්න එපා හුස්ම ගන්නවනම් කරන්න බැරි දෙයක් නෑ.      "දැන් ඔක මාරු කරලා මොකක්ද බලපොරොත්තු වෙන්නේ,, නිදහසද?" ඒක ලැබේ කියල හිතනවද?  හොද දෙයක් ලැබෙන්න හොද දෙයක් වපුරන්න ඕන. අනේ මන්දා ඔයාගේ කැමැත්තක්.......................,

                               තර්කයේ සියුම් තැන ස්පර්ශ කලත්
                               ලෞකික ලෝකයෙන් වෙන් කල නොහැකි
                               පරමාදර්ශි ප්‍රේමය වු කලී කුමන බලවේග ආවත්,
                               සංවේදි මිනිසුන් වසන තාක් පරාජය නොවන,
                               මිලිනව නොයන්නා වු සදා සුපුෂ්පිත සුගන්ධවත් පුෂ්පයකි.


                               අමාරුවෙන් හරි කියවපු අයට ගොඩක් පිං................,

මරුම නින්ද....................




  මා හට අසන්නට ලැබු සිද්ධියකි මේ ..................,
 ඔහු පදිංචිව සිටියේ, කොටහේන ප්‍රදෙශයේ  මුඩුක්කු වලින් පිරි, ජනාකිර්ණ ස්ථානයකය.ඔහුගේ ‍රැකියාව වුයේ සොරකමයි.පොඩි පොඩි දෙවල් හොරකම් කරලා විකුණලා තමයි ,ඔහු දවස ගැටගහ ගන්නේ.වයස අවුරුදු 60ක් විතර කෙනෙක්....හැමොම දැනන් හිටියා මු හොරෙක් කියලා,
                                                කොටහේන පොලිසියට ලැබුණු ආරංචියකට අනුව ක්‍රියාත්මක වු නිලධාරින්ට දැක ගත හැකි වුයේ, බිත්තියකට හේත්තු වි මිය ගිය හොරා ගේ මෘත ශරිරයයි.බැලු බැල්මටම ඔහු නිදි යැයි පෙනුනද,ඇත්තටම මිය ගොස්ය.ඔහුගේ ටී ෂර්ටය තුලින් මතුවි තිබුනේ යකඩ උලකි., ඒ හා සබැදි ලනුවකින් ගෙල සිරවි තිබිණි.ඔහු මැරි සිටි ස්ථානයේ ලේ පැල්ලම් ද නොතිබිණි, ඒ අනුව ඔහු මිය ගොස් ඇත්තේ ගෙල සිර විමෙන් බව ඔප්පු කෙරිණි.නමුත් මෙය සිදුවි ඇත්තේ කෙසේද?............... මේය මිනිමැරුමක් ද? මොහු සොරෙක් නිසා  සතුරන් නොසිටියාම නොවේ.යකඩ උල පරික්ෂා කිරිමෙදි හදුනා ගත හැකි වුයේ,  කඩවල් වැසිම සදහා භාවිතා කරන යකඩ පට්ටමක් බවයි.(පලල් ලී පටි සහිත දොරවල් එකට යා කිරිමට ගන්නා).මේ පට්ටම නිසා ශරිරයට හානි වි නොතිබිණි.මිනිමැරිමක් නම් මෙවැනි දෙයක් මරණින් පසු කල යුතුය.කෙනෙකු තමාව මරන්නට තැත් කරයි නම්,ඔහු ඉන් ආරක්ෂා විමට පිලියම් යොදයි.නමුත් එවැනි සලකුණු දක්නට නොවිය.
                                                                                                                සිදුවීම මෙසෙ ය...... ඊට පෙර දින රාත්‍රි ඔහු කුමක් හෝ සොරකම් කිරිමේ අරමුණින් නිවසින් පිටත් ව ඇත.මෙවර ඔහු තොරාගෙන ඇත්තේ යකඩ පට්ටමයි.ඔහු එය සොරා ගෙන ඇදුම් තුලින් රිංගවා ඇගට සවිවන සේ තද කොට ඇත.ඒ සදහා ගෙල ප්‍රදේශය තොරා ගෙන ඇත.යකඩ පට්ටමේ ඇති මුදුවක් තුලින් යැවු රෙදි ලනුවකින් ඔහු ගෙල වටා දවටා ගෙන, සාර්ථකව සොරකම සිදුකර නිවස බලා යහතින් පැමිණියේය. නිවසට පැමිණි වහාම බිත්තියට හේත්තු  වි,බිම ඉදගෙන කෙටි නින්දක් (ඇලර්ට් එකක්) ලබාගත්තේ මහන්සිය නිසා විය යුතුය.ඔහු පට්ටම ඉවත් නොකලේ එදා රෑම ගණු දෙණු කිරිමේ අරමුණ නිසා යැයි නිගමනය කළ හැක.නමුත් ඔහු එම නින්දේදි ම අවාසනාවන්ත මරණයකට ගොදුරු වී ඇත.ඒ ගෙල වටා බැදි ලනුව නින්දෙදි සිරවිමක් නිසාය.
             
                                                                                                  මෙය අමුතුම ආකාරයේ සිය දිවි හානි කරගැනිමකි.................. එල්ලුම් ගහ හොරමක් කරන් ආවා නම් මිට වඩා හොද ය.මේ වැනි සිදුවිමක් වාර්ථා වි ඇත්තේ ලෝකෙ මුල් වතාවටය.එය ලංකාව තැබු වාර්තාවකි.ලොකෙටම එකයි, මොනවා කරන්නද කරුමේ තමයි.ඉතින් ලෝකෙ හොදම ඉනොවෙටර්ස් ලා ඉන්නේ ලංකාවේනේ කව්ද නෑ කියන්නේ? .නින්දෙදි පහසුවෙන් මරණය ලගා කරගත හැකි උපකරණයක්.ආදරය පුදලා පැරදුණු අය භාවිතා නොකරන්න,කිමද ඔවුන් නොනිදා මග බලන් සිටින නිසා.....!

Tuesday, August 23, 2011

මෙහෙමත් මිනිස්සු....


            ඇය නව හැවිරිදිය.පවුලෙ එකම දරුවාය.කුඩා වුවද පිරිපුන් එකියක් වුවාය.ඇය ජිවත් වුයේ දෙමාපියන් සමගිනි.අසල්වැසියන් වුයේ බාප්පා සහ පුන්චි අම්මාය. ඇය පාසල් හමාර වී දහවල ගෙදර පැමිණේ, දෙමව්පියන් ‍රැකියාව නිසා රෑ බොවි පැමිණේ. අප්‍රේල් මස දිනක ඇය රෝගා තුර විය.ඇයට නිතරම වාගේ ලේ වමනය සිදුවිය. මෙයට පැහැදිලි හේතුවක් නොවුයෙන් අධිකරණ වෛද්‍ය වරයාට ඉදිරිපත් කෙරුනේ වස විසක් ඇතුලු විද යන්න දැන ගැනිම පිණිසය.ඇයගේ රෝග ඉතිහාසයෙද එවැන්නක් හො පෙර රෝගි තත්වයක් නොතිබිණි.
                                                                     
   U.S.S පරික්ෂණයෙන් ඔප්පු වුයේ සිරොසිස් රෝගි තත්වයෙන් පෙලෙන බවයි.වැඩි දුර පරික්ෂණ වලදි හෙපටයිට්ස් B  අසාදනය වී ඇති බව නිරික්ෂණය විය.
හෙපටයිට්ස් B , D අසාදනය වනුයේ රුධිර පාරවිලයනයකදි හෝ ලිංගික ක්‍රියාවලියක් නිසාය.නමුත් රුධිර පාරවිලයනයක් නොකල බවට දෙමව්පියන් දෙදෙන තරයේම කිය සිටියහ.මේ අනුව අධිකරණ නියෝග මත ඇයව වෛද්‍ය පරික්ෂාවකට ලක් කෙරිණි.ඇයගේ කන්‍යා පටලයට හානි වි තිබිණි.පසුව නඩු විභාගයේදි ඇය සත්‍යය පැවසුවාය.

                                                                                                                                                                                   "දහවල් කාලයෙදි නිවසේ තනිවන විට අසල්වැසි බාප්පාගෙන් සිදුවු දේ ඇය හෙලි කලාය."

 බාප්පාට තිබු බය නිසාත්, ගෞරවය නිසාත් මෙතක් කල් එය ලෝකයාගෙන් වසන් කිරීමට ඇය වග බලා ගත් බවද සදහන් කලාය."නමුත් දැන් ඇය එ කූරිරු රෝගය නිසා සැමගෙන්ම සමුගෙනය.දැන් මොනවා කරත් වැඩක් තිද?
            මේ නැති වෙන්නේ මිනිස් ජිවිත නේද?
            අප ජිවත් වෙන්නේ මෙවැනි ලෝකයකද?
                     පිස්සු හැදේවි...........................

Monday, August 22, 2011

ප්‍රිය මිතුර..



  "අඩෝ, මතකේයි.....  මුලින්ම හම්බෙච්ච දවස,"
බොරු කියන්න ඕන නෑ... මට නම් හරියට මතක නෑ..

බාලදක්ෂ කරන කාලේ ඉදනුත්, ඊට කලිනුත් මන් හිතන්නෙ,. අපි එකටමයි හිටියේ.
ඉට පස්සේ තමයි සිරි ව සෙට් වුනේ..

හැම ඉඩ ලැබෙන හැම වේලාවකම බැට්, බොල් අරගෙන, අපි කොර්ට් එකේ සෙල්ලම් කරා
එකට camp ගියා. අපි ජැම්බරිත් ගියා මතකයිනේ නුවර එළියේ,,,,,......
හැම වැඩැක්ම එකටමයි කරේ, එකටමයි කට්ට කැවේ.....

ඔහොම ඉන්න අතරෙ තමයි තාරක අපිට සෙට් උනේ, ඉට පස්සේ නදි, අපිටික
කරපු වැඩ ඉතින් දන්නවනේ. මරුම සෙට් එක......
රෑට කො‍ටුවට සෙට් වෙලා හැමදාම ගත්ත ආතල් මතක් වෙනකොට තාම හිනා....

k.k.k = කො‍ටුවේ කොත්තු කොකා කොලා

උබේ පාටියත් සිරා.........(තාරක නම් ආයි ඒ කඩේ පැත්ත පළාතේ යන්නෑ කිව්වා).

හ්ම්, හ්ම්........... ඔය ඇති,
තව මොනවා එලියට එවිද දන්නෑ.....

යන්න හදන ගමනට මගේ බොක්කෙන්ම සුභ පැතුම්....!
"පරිස්සමින් පලයන්...., ගිහින් msg1  එකක් දාපං.."
"කොහොමහරි   ඩිග්ග්‍රිය ගහපං...."
තව මොලේ කල්පනා කරලා වැඩ කරපං, මං වගේ..

උබ නැති පාළුව නම් හම්බානෙක දැනේවි......
අපිට හැමදාකම උබව මතක් වෙවි....


එච්චරයි........
                                           බුදුසරණයි!






 

Sunday, August 21, 2011

කෙල්ලට වැඩිපුර ආදරේ කොල්ලද, කෙල්ලගේ තාත්තාද?



කාලයකට කලින් වෙච්ච දෙයක් කියන්න යන්නෙ ,
අකමති නම් කියවන්න එපා,අහලත් ඇති සමහර විට,

කෙල්ලගෙ නම -------.පවුලේ හිටපු එකම දියණිය ------ විතරයි.
ඒක නිසා ඇය හිටියෙ ගෙදර AC කරපු කාමරයක, හැම සැප පහසු කමක් ම තිබුනා.

පාසල් යන්නේ තාත්තගේ වාහනයේ, දහසය ලැබුවාම,
යන්න ගත්තෙ බස් එකෙ යාළුවොත් එක්ක.
ඔය අතරේ බස් එකේ කොන්දා එක්ක ඇති වෙච්ච යාළුකම දුර දිග ගිහින්,
දවසක් ඒ දෙන්නා කාටවත් නොකියා රහසේම තිරණයක් අරන්....

මෙ සිද්ධිය ආරංචි උනා ම තාත්තයි,අම්මයි ගොඩක්ම දුක් වෙලා...
හිත හාදාගත්ත තාත්තා මෙක හොයන එක අතහරියා..
සදහටම අමතක කරා, අන්තිමට වෛරයක් ද ඇතිකර ගත්තා.

කොන්දා ට ගෙයක් වත් නෑ.. කුඩා අම්බලමක් වගෙ තැනක ජිවිතෙ පටන් අරන් තින්නෙ..
මාස කිපයකට පසුව ඇය රොහල් ගත කරා , ඇතුල් කරලා දින 16 කට පසුව,
ඇය සදහටම නෙත් පියගත්තා.........

නමුත් පශ්චාත් මරණ පරික්ෂණයෙදි පැහැදිළි හේතුවක් හම්බුනේ නෑ...

තාත්තා අන්තිමට මෙහෙම කිව්වා,
"මං අද මෙතනට ආවෙ මිනිය බලන්නවත්, බාර ගන්නවත් නෙවෙයි, මට කිසිම දුකක් නෑ.."

ඇගට විශ බිජයක් ඇතුලු වෙලා කියලයි, මරණ පරික්ෂණයේ සදහන් වෙන්නේ.

අවසානයේ පියා මෘත ශරිරය තනි කොට ,
(රජයට භාරදි, ) එතනින් සිනා මුසුව පිටව ගියේ,
සියලු දෙනාගේම හදවත් කම්පා කරමිනි....

ආදරයක මහිම.............

Thursday, August 18, 2011

ඇත්ත කතාව

මිනිස් ජිවිතයක් අහිමි විම විදි හතර ආකාරයකට සිදුවේ.
                1.මිනිමරුමක්
                2.සිය දිවි හානි කරගැනිමක්
                3.හදිසි අනතුරක්
                4.අත් වැරදීමක්.
                                      මා මෙහි ස්වභාවික මරණ සදහන් නොකරමි.එයට හේතු තිබේ.  බුදුන් වහන්සේ ගේ කාලයෙත්, හා පෙර අත්ම භව වලදිත්,ජිවිත විනාශ කිරිම් පිළිබද සිදුවිම් සිදු වි ඇත.එයට ජාතක කතා සංග්‍රහය සාක්ෂි දරයි.උම්මග්ග ජාතකය,මසක ජාතකය,රොහිණි ජාතකය,ශරභන්ග ජාතකය  නිදසුන්ය. ජාතක කතා මගින් ඉදිරිපත් කරන සිදුවිම් තුලින් සමජය ගොඩනැගිය යුතු ආකරය, ගුණ ධර්ම  දියුණු කර ගත යුතු ආකාරය, පිළිබදව මහාර්ඝ ආදර්ශ සපයයි. අභිධර්මයේ සදහන් වන අකාරයට මිනිසාගේ උපරිම ආයු කාලය අවුරුදු 80,000 වන විට ලොව පලමු වරට පස් පව් බිහි විය.ප්‍රාණඝාතය නිසා අවුරුදු 40,000 දක්වා ආයු කාලය පිරිහි ගොස් ඇත.පස් පව් නිසා දැන් අප ගත කරන්නෙ වයස 100-10 ත් අතර කාලයයි.කෙනෙකු තමාගෙ නොයෙක් අවශ්‍යතා ඉ‍ටු කරගැනීමට හෝ පුද්ගලික අමනප කම් වලට  කිසිවකු මරා දමන්නෙ නම් ඔහු මනස විකෘති වු පහත් අදහස් ඇති මිනිසෙකි.ඔවුන් අල්ලා ගැනිම,නිතියෙ ‍රැහැනට කො‍ටු කර ගැනිම යුහුසුලුව කල යුතුය.එසේ අල්ලා ගැනිමට  හොද සැලසුම් සහගත ක්‍රමයක් සහ සුපිරි බුද්ධියක් ඇති කෙනෙකු ක්‍රියා කල යුතුය.ඔහු මරණ සෙවිම සදහා පමණක් ම නොව,සොරකම් ඇල්ලිම්,ව්‍යාජ ලිපි ලේඛන ගැන,රාජ්‍ය විරෝධි සංවිධාන හසු කර ගැනිම හා වෙනත් ඕනම අපරාධයක් සෙවිම සදහා ක්‍රියා කල යුතුය.ඔහු පරිසරය සමග නිතර ගණු දෙණු කරන හිතකාමි ධනාත්මක සිතිවිලි සහිත අයකු විය යුතුය.
                                          යම් කෙනෙකු තවත් පුද්ගලයකුගෙ මනසට හානි කරයි නම්,හැගිම් වලට පි‍ටුපායි නම්,එයත් අපරධයකි. මෙවැනි සිදුවිම් ඉහත කරුණු 4 න් 1 කරුණකට හෝ අයත්ය.(ආදර සම්බන්ධතා වලදි කොතෙකුත් අසන්නට ඇත). යමෙකුගෙ සිය දිවි හානි කරගැනිමත් වෙනත් පුද්ගලයකුගේ අවශ්‍යතවයක් විය හැක,මේය පසුපස තවත් අතකොලු තිබිමටද පුලුවන.එවා හෙලිවිම පත්තර  මගිනුත්,වෙනත් මාධ්‍ය මගිනුත් අසන්නට ලැබෙන්නේ අඩුවෙනි. ...
                                                     මේවා ලිවිමෙන් අත් විය හැකි පල විපාක මොනවඩැයි කිමට පොහොසත් වුවත් ඒවා සදහන් නොකරමි.සිදුවන සැක සහිත මරණයක් සදහාම අධිකරණ වෛද්‍යවරයා පශ්චත් මරණ පරික්ශන මගින්,විවිධ සිද්ධාන්ත මගින්,මරණ කරුවාගෙ ඉතිහාසය සාක්ෂි මතින් ගොඩානංවයි.ඔහු පෙන්වා දෙන මග ඔස්සෙ පොලිසිය ඇතුලු කණ්ඩායම ගමන් කරයි.සිදුවිමක සාක්ෂි නැතිකිරිම ඉතා අපහසු කටයුත්තකි.මෙයින් කළ නොහැකි යන අදහස ගම්‍ය නොවේ.
                      අධිකරණ වෛද්‍යවරයා කරණ ක්‍රියාදාමය රහස් පරික්ෂකයා දැන සිටිය යුතුය.සමහර අපරාධ සුක්ෂම ඒවය.එම අපරාධ එලි කරත් දිගු කාලයක් ගතවේ.මෙවැනි අපරාධ CONSULTING CRIMINAL ඝණයට අයත්ය.මෙවැනි අපරාධ සැලසුම් කිරිමට සුපිරි මොලයක් තිබිය යුතුය,එවා ඇල්ලිමටත් එහා සමන මොලයක් ඇති කෙනෙකු අත්‍යාවශ්‍යවේ.

Wednesday, August 17, 2011

Private Detective


ලංකාව වැනි රටකට මෙම ක්‍රමය හොදින් ගැලපේ.සැම පැය හයකටම වරක් එක් මිනිමරුමක් සිදුවෙ.ඒ අනුව දිනකට මරණ හතරකි.පැය 61/2 වරක් ස්ත්‍රි දුශනයක් සිදුවේ. දැනට ලංකාව තුල මෙම පරික්ෂක ධුරය හොබවන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ය.නමුත් පශ්චාත් මරණ පරික්ෂාව පමනක් ඔහුට අදාල වේ.
                                                                 මෙය බැ‍රැරුම් ප්‍රශ්නයකි.දැනට සිදුවන ක්‍රමවේදය අනුව යම් සැක කටයුතු දෙයක් සෙවිමට වැඩි කාල වේලාවක් ගතවේ.ඉක්මනින් කටයුතු කල හැකි පුද්ගලයන් නොමති විම මෙහි අති එක් අඩුවකි.
                                                                                         මා කුසගින්නෙ සිටිමි.තනිව හො නැගී සිටිය යුතුය..            

එන්න බලන්න

මෙතෙක් ඔබ අසා නොමැති සියලු මිහිරි, අමිහිරි ඛේදවාචක දැනගැනිමට කැමැත්තක් ඇත්නම් මෙහි හා සම්බන්ද වන්න..

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...