අනිත් හැම යාළුවන්ගේම බ්ලොග් වල, ඒ ගොල්ලන්ගේ පිවිතුරු ආදර කතාවන් ලියලා තිබුණා.ඔවුන්ගේ ඒ අදහස් වලට මං ගොඩක් ගරු කරනවා. සංවේදී මිනිස්සුන්ගේ හැගිම් වල ප්‍රබලතාවය මට තේරුම් ගිය නිසා තමයි මගේ කතාවත් මං ලිව්වේ. එත් මන් අද ඉදන් ඒ කතා ලියන්නේ නෑ.....
පොඩි කතාවක් කියන්න යන්නේ , ආදරය විශ්වාස කරන අය විතරක් කියවන්න..
එම ලියුම ලියා තිබුනේ, වයස 19 - 22ත් අතර පසුවන, ඉවසිමක් සහිත, මුදල් යහමින් තියෙන, නමුත් දැඩි දුකකින් පසුවන කොල්ලෙක්.එම ලියුම මා හට හමුවුයේ මේ ආකාරයටය..........................,.මා දිනක් අත්‍යාවශ්‍ය කටයුත්තක් සදහා ක්‍රිඩා,කම්කරු,රැකීරක්ෂා,...හා සුභ සාධක වැනි අංශ භාර දකුණු පළාත් අමාත්‍යංශයට යන අතර මගදී ය,. ඒ අසලම තින්නේ මොකක්ද කියල ගාල්ලේ හැමොම දන්නවා.. ඒ තමයි ගාල්ලේ කෙල්ලො කොල්ලන්ගෙ මල් වත්ත.මන් ඉතින් ඒ මල් පාරෙන් යන කොට තමයි ඒ ලියුම හම්බුනේ.එතකොටත් එ ලියුම දවස් දෙකක් විතර පරණයි.සපත්තුවකට පෑගුණු දුවිලි පාරකුත් තිබුණා.කාලගුණයට පිං සිද්ධ වෙන්න ස්භාවික හානියක් වෙලා තිබුනේ නෑ.හැබැයි කොලයෙ තිබුන සෙන්ට් සුවද අඩුවෙලා.
ඒ ලියුම කියෙව්වාම ඇස් වලට කදුලු ආවේ මටත් නොදැනි, "මේ බනින්න එපා අනුන්ගේ ලියුම් කියෙව්වා කියලා" එකේ තිබ්බේ ආදරේ වෙන්ව යන්න මොහොතකට පෙර තම ආදරවන්තියට දෙන්න ගෙනාපු ලියුම,එකේ තින එවා මට ඔගොල්ලන්ට කියන්න බෑ. ,"එක හරි නැනේ අනුන්ගෙ කතාවක් මන් කියන එක" ඒ ලියුම ආදරවන්තිය රැගෙන ගොස් නෑ,නැත්නම් ඇවිත් නෑ, නැත්නම් මට හම්බවෙන්නේ නැනේ....ලියුමේ තිබ්බ විදියට මට තෙරුනේ කොල්ලා මෙක නවත්තන්න කැමති නැ එත් කෙල්ලට නවත්තන්න ඕන.කොල්ලා ගොඩක් ආයාචනා කරලා තිබුනා නමුත් වැඩක් වෙලා නෑ, අන්තිමේ ලියුමේ මෙහෙම තිබුනා "මාව දාලා ගියොත් මේක මිනිමැරුමක් වෙයි කියලා' මෙක ප්‍රබල ප්‍රකාශයක් , හදිසියෙවත් සිය දිවි නසා ගත්තොත් ....... අපරාධයක් නොවෙද? ආදරෙන් අන්ද වෙලා හදිසි තිරණයක් ගත්තොත් නැවත් හැරෙන්න වෙලා නැතිවෙවි. මන් ලියුම ගෙදර අරන් ආවෙ නෑ එකට හේතුවක් තිනවා..(ඉන්න කියන්නම්)....
සිදුවිම වෙලා සති 1 දවස් 4කට පසු දිනක කොච්චියට පැන දිවි නසා ගත් කොල්ලෙකු ගැන අසන්නට ලැබුනා..මට එකපාරටම දාඩිය දැම්මේ..... හිතාගන්න බෑ.එත් මැරුණ කොල්ලගෙ වයස ආරංචි උනේ අවු;18ක් කියලා.ඒ මරණයට හෙතුවත් ආදර සම්බන්දයක් ගෙදරට මාට්‍ටු වෙලා. (අර ලියුමේ නමක් තිබුනෙත් නෑ,)එත් මට හරියටම ඔප්පු කරගන්න සාක්ෂි මදි.මං මළ ගෙදර ගියා, වාසනාවකට මන් අදුරන අයියා කෙනෙක් හිටියා , එයාගේ පිහිටෙන් මැරුණු කොල්ලාගේ පොතක් අරගෙන අත් අකුරු බැලුවා හැබැයි අත් අකුරු වෙනස්..., මෙයා යාළුවෙකුට කියල වත් ලියාගත්තද? නැත්නම් මේ ලියුම ලියපු කෙනා නෙවෙයිද?.....මං මාර විදියට හිර උනා..
මට තාමත් එක අභිරහසක්, දිනකට ගාල්ල මල්වත්තට එන කපල් ගාන (සාපෙක්ෂව) එක්ක බලනකොට පිදුරු ගොඩේ ඉදිකට්ට හොයනව වගේ වැඩක්.මට ඉවෙන් වගෙ තේරෙනවා මැරුණ කෙනායි ,ලියුම ලියපු කෙනාගෙයි කිසිම අදුරන කමක් නෑ කියලා,එක ඔප්පු කර ගත්තේ මෙහෙමයි, මායි තව අයියා කෙනෙකුයි ගියා මරුණු කොල්ලා යාළු වෙලා හිටපු කෙල්ලගෙ ගෙදර, එයා කිව්වා "මන් එයත් එක්ක,, එ සතිය තුලම කොහෙවත් ගියෙ නෑ, එහෙම ලියුමක් මට දුන්නෙත් නෑ" කියලා.. මට අහන්න හිතුනා මෙ කොල්ලාගේ මරණයට මුලික වුන හේතුව? එත් එයා කියන්න අකමති උනා.එයත් හිටියෙ දුකින්..මා නැවත ප්‍රශ්ණ කලේ නෑ..පසුව කල සොයාගැනිම් වලදි ඔප්පු වුනේ .. කොල්ලගේ පැත්තෙන් වුන ප්‍රශ්ණයක් නිසා සියදිවි නසාගත් බවයි..
විද්‍යාවට නම් සියදිවි හානි මරගැනිමෙන් සිදුවු මරණයක්. නමුත් හදවතට අපරාධයක්....
ලියුම සම්බන්ධව මේ ප්‍රශ්ණ ඇත,
1. එයා වෙන කාත් එක්ක හරි ආවාද?
2. ඇයි ලියුම ඉරැවේ නැත්තේ?
3. සමහරවිට කෙල්ල ලියුම ගන්න ඇවිත් නෑ එ නිසා කොල්ලා ලියුම එතන දාල ගියාද?
4. එ දෙන්නාගේ මුල්ම හමුව, ලියුම තිබු ස්ථානයේ සිදුවි තිබිය යුතුයි.
5. දින දෙකක් පමණ පරණ නිසා පා අඩි වෙනස් විය හැකි විම.
(පුද්ගලයා හදුනා ගැනිම සදහාය , ආරක්ෂා කර ගැනිමටත්ය)
මා ලියුම ලියපු කෙනා ගැන කියපු පොඩි විස්තර මගේ රහස් පරික්ෂක බුද්ධියෙන් සොයාගත්ත එවා, අත් අකුරු, ලියාතිබු කොලය, වැනි දෙවලින්. ඔහු දකුණත් කාරයෙක් විය යුතුයි, මා ලියුම ලිවු ආදරවන්තයාගෙන් ඉල්ලන්නේ ජිවිතයට දුක් දෙන ,දෙමාපියන්ට දුක් දෙන තිරණ ගන්න එපා.එක පාපයක් වෙවි." ලියුමේ තිබුණු ආකාරයේ ප්‍රබල තිරණ ගන්න එපා. අනාගතය ගැන හිතන්න හොදට".
"ආ.. ආ.. මන් ලියුම අරන් ආවේ නැත්තේ කෙල්ල හදිසියෙවත් ආවොත් ලියුම අරන් යයි කියලා. "(ලියුමේ තින කතාව කියන්න බැරි, එක පුද්ගලික නිසා ). මා සෙවිමත් දැන් අතහැර ඇත.
නවතිමි මෙම ගැටළුවෙන්....................
ස්තුතියි.
මේ මං ටිකක් විතර දන්න කියන කොල්ලෙක්නෙ.
ReplyDeleteඅඩේ ඒකත් මාරයිනෙ...
බූස්සෙ කෑම්ප් එකේ කොල්ලො තුන් දෙනෙක් දැනට බ්ලොග් ලියනව එහෙනම් මාත් ඇතුලුව.
එල එල.
අනිත් පෝස්ට් ටිකත් කියවන්න ඕන.
නියමයි නියමයි.... මටත් මතකයි
ReplyDeleteඑල එල.. ලියුම දාලා ආවේ අපරාදේ..
ReplyDelete