Wednesday, August 24, 2011

සුගන්ධවත් පුෂ්පය.

කොයි වේලාවෙත්, කොහේ හිටියත්,කොතන හිටියත්
ඔයාට පුළුවන් වුනා එදා කවුරු හරි වෙන්න
මට පුළුවන් ඔයා අදුන ගන්න මිනිස්සු අතරෙ වුනත්,

සමහර විට ඔයා පුදුම වේවි
මගේ හිතේ ඉන්න එකම කෙනා ඔයා විතරයි.,

ඒ දවස  එවි
මගේ සිහින වලින් ඔබ ගිය දවස,
මුණ ගැහුනත්
එක මට සිහිනයක්ම වේවි,
මං කොච්චර විශ්වාස කරා ද
ඔයා එනකම් විතරයි බලන් හිටියේ
ඔයාට වැරදිය නොහැකි නේද?

                                                මට ගලපන්න තෙරේන්නෙ නෑ....එත් මන් ලියනවා, ලියන්නත් ඇගිලි වලට පණ නෑ.., එත් මන් කොහොමහරි ලියනවා, ඒකයි හදවතේ ස්වභාවය.මෙහෙම ලේසියෙන් පරදින්න දෙන්න එපා, එහෙම කරේ පරදින්න හිතාගෙන නෙවෙයි.මං කැමති නෑ ප්ලැ‍තෝනික ප්‍රේමයට, එත් ඔයා කැමති නම් එකට ඉඩ දෙන්නම්.

නුදු‍ටු තරමට සොදුරු.....
නොලද තර මට මිහිරි.....
වියොව සුව සිහිනයක් කරවන ...
පරම රමණීය....................................................,

                                              කිව්වා " මං හින්දා ගොඩක් රිදුනා කියලා" .., ඇයි මං රිද්දන්නේ, මොනව ගන්නද? මං  ගන්න ආවේ නෑ... පුදන්න විතරයි ආවේ.වැඩි කාලයක් නෑ..... දුර ගියොත් මට මාර සටනක් කරන්න සිදුවෙවි.බයවෙන්න එපා හුස්ම ගන්නවනම් කරන්න බැරි දෙයක් නෑ.      "දැන් ඔක මාරු කරලා මොකක්ද බලපොරොත්තු වෙන්නේ,, නිදහසද?" ඒක ලැබේ කියල හිතනවද?  හොද දෙයක් ලැබෙන්න හොද දෙයක් වපුරන්න ඕන. අනේ මන්දා ඔයාගේ කැමැත්තක්.......................,

                               තර්කයේ සියුම් තැන ස්පර්ශ කලත්
                               ලෞකික ලෝකයෙන් වෙන් කල නොහැකි
                               පරමාදර්ශි ප්‍රේමය වු කලී කුමන බලවේග ආවත්,
                               සංවේදි මිනිසුන් වසන තාක් පරාජය නොවන,
                               මිලිනව නොයන්නා වු සදා සුපුෂ්පිත සුගන්ධවත් පුෂ්පයකි.


                               අමාරුවෙන් හරි කියවපු අයට ගොඩක් පිං................,

2 comments:

  1. ...

    (මුකුත් කියන්නේ නා... ඒත් ගොඩක් දේවල් තේරුම ගත්තා...)

    දේව්දාස්...

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...