ඔහු එක ගුරුවරයෙකු පමණක් නොවේ...!

"දෙවියෝ වගේ ඉන්න මිනිස්සුන්ට මඩ ගහන්න එපා ඔයි...
ඔවා පලදෙනවා..
ඔහෙල හිතන් ඉන්නේ ඒ කවුරු කියලද..? එ මනුස්සයට දෙවියනුත් වදිනවා.
එහෙව් මිනිස්සුන්ටද, ඔයි මෙහෙම කරන්නේ....
වාහනයක ටයර් එකක් පිපිරුනත් ඒක බොම්බයක් වෙච්ච කාලයකුත් තිබුණා...., පිළිගත් සංවිධානවල වගකීමක් නිවරදි,සත්‍ය කරුණු පමණක් මහ ජනතාවට ඉදිරිපත් කරණ එක.

එකපාරටම මෙහෙම දෙයක් කියන්න වුනේ මේකයි..., මුලින්ම මෙහෙම පටන් ගන්නම්කෝ...
ජනක සර් කියන්නේ ගාල්ල, මාතර , තංගල්ල යන ප්‍රදේශවල සංයුක්ත ගණිතය උගන්වපු විශිෂ්ඨ ගුරුවරයෙක්.. සර් අපිට ගොඩක් ම ජීවිතය දිනන හැටි සර් ගේ ජීවිතයේ අත්දැකීම් උපයෝගි කරගෙන කියලා දුන්නා. ජනක සර් තරම් හොදට උගන්නන්න වෙන කිසිම ගුරුවරයෙක් ට බෑ.. ජනක සර් ගේ පන්ති ආපු අපේ හැම යාළුවෙක්ම  එකගයි ඒකට. අපේ ජනක සර් උසස් පෙළ කරන කාලේ දිස්ත්‍රික්කේ පළමු වැනියා සහ ලංකාවෙන්ම හතර වෙනියා  . සර් මොර‍ටුව විශ්ව විද්‍යාලයේ ඉංජීනේරු විද්‍යාව හැදැරීමට තේරුණත්, සර් ට ඉගැන්වීමට තිබූ ආසාව නිසා රුහුණු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව ‍තෝරගත්තා .. සර් කියපු විදුහල්පතිතුමාගේ කතාව අපේ යාළුවන්ට මතක ඇති. ජනක සර් පන්තිවල ළමයින් වෙනුවෙන් කරපු කැපකිරීම කවදාවත් මුදලටවත්, මොනව දෙයකටවත් මිල කරන්න බෑ.. ඒ වගෙම සර් ගේ වටිනකම විස්තර කරන්නත් මේ වචන මදි.. ඇත්තටම ළමුන් කී දාහක්ට නම් ,ප්‍රමාණයක් නම් කියන්න බෑ !  නිවරදි මග පෙන්නුවද..... මට මේ ලිපිය ලියන විටත් සර් අපිට කියපුවා දෝංකාර දෙනවා වගේ ඇහෙනවා.. කවදාවත් ඒ කියපුවා අමතක වෙන්නෙ නෑ..සර් ගේ හැම ටියුට් එකක් පටන් ගන්නෙම වටිනා කියමන් වලින්. ගණිතය හදාරපු ගාල්ලේන් වගේම අනිත් දිස්ත්‍රික්ක වලත් කැම්පස් යන සිසුන්ගේන් 90% කට එහා ජනක සර්ගෙන් ඉගෙන ගත් අය.

මමත් මේ ඉන්න තත්වේ ඉන්නෙ ජනක සර් නිසා, නැත්නම් හොයාගන්නත් නෑ මෙහෙම එකෙක්.., මට උසස් පෙළ ගණිතයට හම්බෙච්ච A එකට ලොකු ශක්තියක් වුනේ සර්.පන්ති ගිය අනිත් හැමොටමත් එහෙමයි, මට මාරම ආසාවක් තිබුණා සර් ගේ අතින් පන්තියේ දී තැග්ගක් ගන්න. ඒත් මට කවදාවත් එකට අවස්ථාවක් හම්බුනේ නෑ.මට හැමවාරයකදීම වගේ ලකුණු දෙක තුනක් මදි වුණා. ඒ විතරක් නෙවෙයි අපිට උසස් පෙළ ඉවර වෙලා කැම්පස් පටන් ගන්නකම් ඉන්න කාලය ඇතුලත, සර් කැම්පස් වල පොදුවේ උගන්නන ගණිතය කොටසත් කිසිදු මුදලක් අය නොකර අපිට ඉගැන්නුවා. ඇත්තටම මෙහෙම කරන සර් ලා අඩුයි.. සර් සල්ලිවලට නෙවෙයි ඉගැන්නුවේ. අපි උසස් පෙළ ඉවර වුනයින් පසුවත් සර් එක්ක හිටියා ඒ කාලේ අනිත් වසර වල ළමුන්ගේ ටෙස්ට් පෙපර් බැලුවෙ අපි... අපේ ඉසුරු එහෙම සාක්ෂි ඔන්න.

ජනක සර් කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක් .. මෙ වගේ මඩ ප්‍රචාර ගහන්න එපා. සර් -Ms.c උපාධියත් පටන් අරගෙන යි තින්නේ. සර් ට උපාධි නැ කියලා කියන්න බෑ. සර් ට නියම උපාධිය දෙන්නෙ ළමයි.ලංකාවෙ නෙවෙයි මුළු ලෝකෙම තින  උපාධි මදී.සර් එච්චර වටිනවා. මන් අදහස් කරන්නේ ලොකු ලොකු වැඩ දාන් ඉන්න අයට වඩා තින පොඩි දෙයින් මහා සේවයක් කරන එක ගැන. කවුරු මොනවා කිව්වත් අපි සර් එක්ක ඉන්නවා,...
මේ ටික කියන්නේ මඩ ගහපු පුද්ගලයට දෙයක් ලියනකොට දැනගෙන , හරී දේ ලියනවා.වැදගත් මිනිස්සුන්ට ඒ තැන දීලා කතාකරන්න. රටේ අනාගතය හදන්න ඒ සර් වැඩ කරන්නේ. රටේ අනාගතයට හානිවෙන්න වැඩ කරන්න එපා..!!

(මෙය කඩේ යැමක් නොවන බව සළකන්න.... හිතට එකගවම ලීවෙමි.............. ඔහු එක ගුරුවරයෙකු පමණක් නොවේ...)

Post Comment

28 ස්තුතියි...!! නැවත එන්න..:

Pravin Indranama said... Reply To This Comment

මම දකින විදියට රන්දිව පත්තරේ ඔය ටියුෂන් ගුරුවරු ගැන ආටිකල් එක හොඳ සංවාදයක්. බොහෝ අයගෙන් එරෙන්න ප්‍රශ්න අහලා තියෙනවා. පේන විදියට ජනක සර් මෙතන අවුල් කරගෙන තියෙන්නෙ ඉන්ටර්විව් එකට මුහුණ නොදී මගඇරීම නිසයි (හරියට කියන්න දන්නෙ නෑ, මම ඔය ලිපිය කියවලා නෑ, මේ පින්තූරෙත් කුඩා වැඩියි කියවන්න බෑ).

කොහොම උනත් පුද්ගලයෙක් විදියට මමත් සර්ට ගරු කරනවා, මටත් හම්බවෙච්ච හොඳ ගුරුවරුන්ගෙන් කෙනෙක් නිසා.

Vimukthi said... Reply To This Comment
This comment has been removed by the author.
Vimukthi Liyanage said... Reply To This Comment

මෙන්න ලිපිය. කියවලා බලන්න. http://enadun.co.cc/janaka_sir.jpg මම දකින විදියට රන්දිව කරපු වැඩේ වැරදියි. සර්ගේ කැමැත්ත අකමැත්ත මොකක් වුනත් ඒ අය ඉන්ටවිව් එක පත්තරේ දාලා තියෙනවා. ඒක මාධ්‍ය සදාචාර වලට එකඟ නැහැ. දෙවිවරු වගේ මනුස්සයෙක්ගේ නම විකුණලා ප්‍රසිද්ධිය ගන්නයි රන්දිව උත්සහ කරලා තියෙන්නේ.

සයුරි said... Reply To This Comment

මේ මගෙත් සර්..මාත් මොරටුවට සිලෙක්ට් උනේ සර් ගෙන් ඉගන ගෙන...මේ මඩ ගැන මම දැන ගෙන හිටියේ නැහැ..අපිට උගන්වපු කාලේ (2003) සර් බැඳලා වත් නැහැ..ඒත් අපිට කතා කළේ පුතේ කියලා...එච්චරට මනුස්ස ගතිගුණ තියන කෙනෙක් තමා ජනක සර්

තනි අලියා said... Reply To This Comment
This comment has been removed by the author.
තනි අලියා said... Reply To This Comment

පළ අැති රුකටනෙ ගල් ගහන්නෙ! :( :( :(

Dinesh said... Reply To This Comment

කෙනෙක් කරන හොද බලාගෙන්න ඉන්න බැරි අය තමයි ඔය වගේ දේවල් කරන්නෙ..

කුබූ said... Reply To This Comment

උන්ගෙ පත්තරේ විකුනගන්න ඕන නිසා දෙවියෙක් වගේ ඉන්න මනුස්සයෙකුට මඩ ගහනවා..ජනක සර්ගෙන් එක දවසක් හරි ඉගෙන ගත්තු කෙනෙක් නම් කවදාවත් ඔය හිඟන පත්තරේ අයෙත් බලන එකකුත් නෑ...

!!!MR. A!!! said... Reply To This Comment

අනිවා මචෝ, අපිත් මෙහෙම ඉන්නෙ සර් නිසා තමයි!

Iresha said... Reply To This Comment

me wage paththara nam allanawath hithenne na.sir gana danne igena gathipu apiyi..e igena gathipu dewal jiwithe mona tharam wadagathda kiyala jiwithe purawatama danenawa.e tharam hoda manussayonta mehema mada gahana aya koheta yawida manda

....ජනියා.... said... Reply To This Comment

@Pravin Indranama - විමුක්ති පින්තුරයක ලින්ක් එකක් දාලා...... එකෙන් බලන්න.
අනිවා ඉතින් සර් වගේ ගුරුවරු හොයන්න අමාරුයි...!

Sachinthya Gunathillake said... Reply To This Comment

Sirta karapu wade anthima weradi.api hela dakinawa a wade sirgen thamath igenaganna lamai widihata.sir kochchara uthumda kiyanawa num clz ekedi wath a gena eka wachanayak kiwwe ne.ballek biruwata kandak path wenne ne kiyana kiyamana mathak karala denawa wage.paththareka deyak pala karanakota metta wada godak wagakeemen weda karanna one.Raththaran minissunta mada gahanna me widihata madya yoda danna eka weradi.deiyoma dakinna one mewa! :/

....ජනියා.... said... Reply To This Comment

@Vimukthi Liyanage එල මචං.... මෙහෙම වැඩ කරලා දියුණු වෙන්න බෑ ඔකුන්ට...
අනිවා වැඩේ කැතයි,,..
ලින්ක එකට තැන්කු මචං..!

....ජනියා.... said... Reply To This Comment

@සයුරි
... අක්කත් සර්ගේ ආවද.. කලින් කිව්වෙත් නැනේ..
කොච්චර වැන්දත් මදී...!!

සයුරි said... Reply To This Comment

@ ජනියා : මල්ලි ජනක සර් ගේ ගියා කියලා මම දැනගෙන හිටියෙත් නෑ නේ :)අපි නම් ඉතින් මාතර...

....ජනියා.... said... Reply To This Comment

@තනි අලියා ඔව් අලි.... ලංකාවේ වෙන්නෙම ඕකනේ....!

....ජනියා.... said... Reply To This Comment

@Dinesh ඔව් අයියේ.... උන් එකෙනුත් උන්ගේ වාසි ගන්න හැදුවේ...!

....ජනියා.... said... Reply To This Comment

@කුබූ අනිවා.... මඩ පත්තර ඕනම නෑ....

....ජනියා.... said... Reply To This Comment

@කුබූ කුබු ගාල්ලේ පන්ති ආපු කෙනෙක්ද?? මාතරද?? ස්තුතියි ආවට..

....ජනියා.... said... Reply To This Comment

@!!!MR. A!!! මගේ බොක්ක... මතකෙයි අපි එකටමයි හිටියේ...
හැමදාම තැග්ග ලකුණු දෙක තුනෙන් මිස් වුණා මතකද????
ගාල්ලේ ආවම කියපන් ....

....ජනියා.... said... Reply To This Comment

@Iresha ඔව් , සර් අපිට කොතෙකුත් වටින දේ කිව්වද...... මන් නම් ආයි ගන්නෑ ඒ පත්තරේ

....ජනියා.... said... Reply To This Comment

@සයුරි නියමයිනේ අක්කා.... මම දිගටම ගියේ ජනක සර් ගේ තමා....
පස්සේ මාතර අර ‍ෆිරි කරපු පන්තියටත් ආවා....

මධුරංග said... Reply To This Comment

උඩ කමෙන්ට් කරපු අය කියන විදිහට හොද ගුරුවරයක් වගේ !
කෙනෙක්ට හරියට තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙන්න ඒ කෙනාට උපාධියක් තියෙන්නම ඕනේ යෑ.

....ජනියා.... said... Reply To This Comment

@Sachinthya Gunathillake අනිවා අනිවා... :)

....ජනියා.... said... Reply To This Comment

@මධුරංග ඔව් අයියේ..සර් මාරම හොද කෙනෙක්

ලහිරු said... Reply To This Comment

ඕවා ගොන් ආතල්. දන්න මිනිස්සු දන්නවා ඒ ඇතිනේ!

කුබූ said... Reply To This Comment

@ජනියා
ඔව් මම ගාල්ලේ ආවේ. :) {2007 A/l}

Anonymous said... Reply To This Comment

ඵල ඇති රුකටයි පොලු ගහන්නේ කියලා කතාවක් තියනවනේ...

Post a Comment