ඉතින් , මිනිහා යන්න සතියකට විතර කලින් අපි 4දෙනා ඉසුරු, තාරක, මම,නදී එකතුවෙලා රෑ කැමකට සෙට් වුණා. අපි සමහරක් දවස් වලටත් මෙහෙමම තමයි.අතට කියක් හරි ලැබුනොත් ආයි ලොවෙත් නෑ. සෙට් එක කතාකරගත්තා "අපි අද කොටුවේ ගිහින් පස්සෙ කන්න එමු" කියලා .අපි ට බයිසිකල් දෙකයි තිබුණේ. ඉසුරුයි තාරකයි ආවේ එක බයිසිකලයක. උන් දෙන්න මාරු වෙන් මාරුවට තමයි පැද්දේ . ඔහොම අපි කතා කරකර, ගාලු කොටු මුව දොර ඇතුලු වෙලා කන්ද නගින හදනකොටම ඉසුරුව කැගැහුවා... "ඒයි , අඩෝ මගේ පොන් එක නෑ බන්".

පයින් යන එකෙක් නිසා ටයිනි එක ගාව ඉදන් මෙතනට එන්න වෙලාවයි, අපි බයිසිකල් වලින් ගිහින් ආපු වෙලාවයි බලනකොට කාලය පිළිබද ප්‍රශ්ණයක් නෑ. මන් නිකන් කිව්වා" මචං වු බැලුවෙ උගේ පර්ස් එක වෙන්න බැරිද" ඉසුරු හිටියෙත් රත් වෙලා ,රට යන්නත් සතියයි...... ඊට වඩා කැල්ලගේ පින්තුරත් තිනවා. අපි මග දිගට බලාගෙන ටයිනි එක ගාවටත් ආවා , එ හරිය හොදටම බැලුවා වැටිලා පැගිච්ච වගෙ සලකුණු, ප්ලාස්ටික් කැලි,පසෙ කා වැදුණු සලකුණු, කාණුවෙත් බැලුවා .. එත් හොයා ගන්න බෑ.පොන් එක කාටවත් පැගිලත් නෑ...එක්කො රින්ග් වෙනවා දැකලා කවුරු හරි අරගෙන වෙන්නත් පුළුවන්. මන් ආයි පාරක් රින්ග් කරා එත් පොන් එක ඔෆ්. දැන් මොකද කරන්නේ ඒ අස්සේ පට්ට බඩගිනි..... ගෙදර කැමත් නෑ..... කන්නත් මොකක්ද වගේ. තාරකයන් කිව්වෙ" ඔක අතෑරලා දාපන් මචං දැන් කරන්න දෙයක් නෑ." ඉසුරුවට ප්‍රශ්නේ පොන් එක නෙවෙයි කැල්ලගේ පින්තුර ටික. මං කිව්ව එහෙම නෙවෙයි..." කොහොම හරි මෙක හොයා ගමු" අපරාදනේ බන්.
හොයාගන්නත් මුකුත් සාක්ෂි නෑ.... කිසිම දෙයක් නෑ.අර සෙඩ් එක ගාව හිටපු එකා තමයි ටිකක් සැක. කොහොමහරි වැඩේ අතහැරලා දාලා ටයිනි එකට ගියා කන්න. "චිකන් කොත්තු 2යි මාළු දෙකයි." විනාඩි 15 කින් විතර ප්ලෙට් හතරකට දාලා ගෙනත් තිබ්බා, තියනකොටම මගෙ පොන් එකට කෝල් එකක් ආව ... නම වැටෙන්නේ ඉසුරුගෙ "අඩො උබේ පොන් එකෙන් කොල් එකක්" මන් පටස් ගාලා ආන්සර් කරා...... වයස 45-50 අතර, කලබලයක් නැති, ටිකක් ගොරොසු, උගුර ගෙවිච්ච වගේ කටහඩක් , ... ඔව් අන්කල් අපේ පොන් එකක් නැතිවුණා... අන්කල් මේ.......... " ඔව් මල්ලි දැන් මන් ගාව තිනවා... මල්ලිලා කොහෙද ඉන්නේ?" ආ අයියේ අපි ඉන්නේ ටයිනි එක ගාව.. "අයියා කොහෙද ඉන්නේ? මල්ලි ඔහොමම ඉස්සරහට එන්නකො බන්දුල එක ගාවට....එතනින් තින ඇතුල් පාරේ ඉස්සරහට එන්න. ටිකක් සැකයිත් වගේ අවුලක් නෑ... මමයි තාරකයි, ඉසුරුයි ගියා ..... නදී විතරක් කැම ටික බලාගෙන ටයිනි එකේ....
අපි ඒ ගෙදරට ගියාම., මන් හිතුවා හරි 45-50 අතර වගේ අන්කල් කෙනෙක්..., දැත් අනුව බර වැඩ කරන කෙනෙක් ... නීට් එකට වැඩ කරන කෙනෙක් කියලත් තෙරුණා.එහෙම අය ඉන්නේ හමුදාවෙ වගෙනේ.. කතාකරනකොට එ අන්කල් කිව්වා අන්කල් වැඩ කරෙ පොලිසියේ කියලා..... "ශිට්.., මට පොලිසිය අමතක වුණානේ" අන්කල් කිව්ව පොන් එක මඩ වල එරිලා වගෙ තිබුන නිසා ගලවලා පිහිදැම්මා කියලා. එත් පොන් එක, භුමිය එවැනි ලක්ෂණ පෙන්නුම් කරෙ නෑ. කමක් නෑ පොන් එක හම්බුනානේ... අපිට ඒ ගෙදරින් බිස්කට්, තේ හම්බුණා. නදී එ අතරේ කෝල් කරනවා , කැම හතරක් තියාගෙන ටයිනි එකේ ..... පැය බාගයක් විතර තිස්සේ අපි එ ගෙදර ... පස්සේ අපි ස්තුති කරලා ටයිනි එකට ආවා........... කොත්තුවත් නිවිලා, මන් කාපු චාටර්ම කොත්තුව තමයි එදා කැවේ..
ඔය අාකාරයෙන් ෆෝන් එකක් හමු වීම සතුටට කරුණකි! :)
ReplyDeleteමොනවා උනත් කෑල්ලගෙ ෆොටෝ ෆෝන් එකේ තියන්න එපා..
ReplyDeleteහොඳයි කියන්න පුළුවන් මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නව නේ...........
ReplyDeleteඅවංක මිනිස්සු තාමත් ඉන්නවා කියන එක ගැන සතුටුයි... කෙල්ලගේ ෆොටො ෆෝන් එකේ තියන්න එපා බං....
ReplyDeleteතනි අලියා - ඇත්තටම ලොකුම දෙයක් හම්බෙච්ච එක...
ReplyDeleteසදා අනාතයි නැත්නම්..
විසිතුරු - ඒක නම් ඇත්ත.... හී හී...
මහි - සහතික ඇත්ත...
ReplyDeleteඑහෙම නොහිටින්න මෙහෙමවත් ලෝකේ තින එකක් නෑ..
Dinesh - මන් මගේ පොන් එකේ තිබ්බ එවත් මකලා දැම්මා......
නියමයි ආ........
මගේ උපදෙසත් කෙල්ලගේ ෆොටෝ එකක්වත් තියන්න එපා ෆෝන් එකේ අහලක. මොකද ඕක කාගේ අතට යනවද කියලා හොයන්න බෑනේ.
ReplyDeleteමධුරංග - මධුරංග අයියේ ආයිමත් කෙල්ලගේ තියා හින්දි නිලියකගෙ වත් තියන්නෙ නෑ....
ReplyDeleteහොඳ මනුස්සයෙක්ගේ අතට ෆෝන් එක ලැබුණු නිසා හොඳට ගියා. නැත්නම් ඉතින් දුක තමා සෝපාක :)
ReplyDelete