කට්ටිය මේ සින්දුවේ තේරුම දන්නවද?????
ගොඩක් හිතුවා මෙකෙන් මොකක්ද කියන්නේ කියලා එත හරියටම තේරුමක් හිතා ගන්න අමාරුයි.. ඔගොල්ලො දන්නවනම් ඒ ගැන පහලින් සදහන් කරන්න. කොහොමවුනත් ආයි සුපිරිම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්..
අළු පාට වළාකුළු කථාවක් නෑ.
තරු නිවී තරු නිවී රාත්‍රියේ.
සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං.
ගිනි අරන් ගිනි අරන් මොනවක් හොයන්.
උල්කාපාතයක්, අහසේ ගිනි අරන්.
අළු වෙලා පොළවට වැටෙනා, උල්කාපාතයක්.
අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ.
ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා.
පොළවට වැටෙනා දේවතා එළියක්.
ගිනි ගත්ත තරු එළියක්....
අයියෝ..තේරුම් ගන්න බැරි වුනාම කොහොමද සුපිරි නිර්මාණයක් වෙන්නේ?
ReplyDeleteමමත් මේක කීපපාරක්ම අහලා තියෙනවා.. ඒත් අදහස හරියටම ආවේ නෑ මළයා..
ReplyDeleteආදරේ හොයාගෙන ගියාට හමු උනේ නැති කෙනෙක්ගේ කතාවක් නෙමෙයිද?
ReplyDeleteආදරෙත් උල්කාපාතයක් වෙන වෙලාවල් නැත්තේමත් නෑ...
ReplyDeleteගොඩාක් කාලෙකින් මේ පැත්තට ආවේ. මම කැමතිම නළුවෙක්.
ReplyDeleteමුගෙ අනිත් සින්දු වලට නං වඩා හොඳා මගෙහිතේ :D
ReplyDeleteමම කල්හාරගේ රසිකයෙක්. වැඩිය අරුත ගැන නොහිතා විදිනවා..
ReplyDeleteමොනව වුනත් දක්ෂයෙක් !
නිකන් හොල්මන් වගේ
ReplyDelete@රූ.... ඒ වුනාට අක්කේ බලන්නකෝ අදහස් කරන්න හදන දෙය.. අර ගෑණු කෙනා මැරෙන්නේ කොහොමද??? අනික උල්කාපාතයක් කියලා අදහස් කරන්නේ මොකක්ද??
ReplyDeleteසින්දුවේ අනිත් පසුතල නිර්මාණත් සුපිරියටම තිනවා.. සංකිර්ණ දෙයක් කියනවා කියලා තේරෙනවා.. එත් දන්නෙ නෑ
@Dinesh පිස්සු සින්දුවක් නේ අයියේ... මන් හැමදාම වගේ අහනවා.. ඒත් තේරුම දන්නෙ නෑ
ReplyDelete@සයුරි හරි අක්කේ හොයාගෙන ගියේ කවුද??? උල්කාපාතයක් කියලා අදහස් කරන්නේ?
ReplyDeleteචාපා අන්තිමේ වෙඩින් යුනි එකක් ඇදන් ඉන්නේ?
@Raj උල්කාපාත වර්ෂාවක් වෙනවා ඒක නම්...
ReplyDelete@අසරණයා එල එල... කොහොමවුනත් අර කිව්වා වගේ ඇක්ටින් එක ගානට දෙනවා.. ගායකයෙක්ට වඩා නළුවෙක් කියලා වගේ තමයි පෙන්නේ
ReplyDelete@තනි අලියා සිරාවටම අනිත් සින්දුවලට වඩා ගොඩක් හොදයි අලී...
ReplyDelete@sAm (සෑම්) එක ඇත්ත... කොහොමවුනත් වුන්ගේ සින්දු වල කොලිටි එකක් තිනවා
ReplyDelete@අඩවි රජා හී හී.. ඇත්තටම හොල්මන් සීන් එකක්ද දන්නේ නෑ කියන්නේ??
ReplyDeleteඅම්මා...පල්ල !!!
ReplyDeleteමම මේ සිංදුව ඇහුවෙත් අදමයි !
මන් සින්දුව හා රූප රාමු යන දෙකම එකට එකතු කරලා හදා ගත්ත තේරුමක් තමා තියෙන්නේ..
ReplyDeleteතුන්කොන් සම්බන්ධයක් තමා පෙන්නනේ.. ඒ ගැහැනිය ආදරේ කරන කෙනාව නෙවේ වෙන කෙනෙක්ව තමා බඳින්නේ. එයා බැඳපු දවසේ තමා මනමාලයා දැන ගන්නේ එයා කන්‍යවියක් නොවෙන බව..
"උල්කාපාතය අහසේදීම ගිනි අරගෙන.. පොළවට වැටෙන්නේ අළු.. "
මනමාලයාට ලැබෙන්නේ හිස් රුවක්.. එයාගේ හිත සහ ආත්මය වෙනකෙනෙක්ගේ වෙලා ඉවරයි..
ඔහුගේ ජීවිතේට ඇය සඳක් වෙයි කියලා ඔහු බලාපොරොත්තු වුනා..ඒත් එහෙම නැ.. ඇය දැනටමත් ගිනි අරගෙන ඉවරයි. වෙන කෙනෙක්ගේ ආදරයෙන් ඈ ගිනි ගෙන..
ඔහු පොළවට වැටෙන දේවතා එළියක් කියලා හිතපු දේ අවසානයේදී ගිනි ගත්ත උල්කාපාතයක්.. ඔහුට ශාන්තියක් ගෙන දෙන දෙයක් නෙවෙයි.. මට හිතෙන්නේ එහෙමයි..මන් වැරදි වෙන්න පුළුවන්..
@red - අප්පටසිරි මෙයා දන්න දේවල්...!! එතකොට
ReplyDeleteඅහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ.
ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා. .. මේ කියන අරමුණ මොකක්ද?
@මධු අයියා - පට්ටනේ සින්දුව.. හරි ජුජුප්සාජනකයි :D
ReplyDelete