Sunday, April 8, 2012

උල්කාපාතයක්

කට්ටිය මේ සින්දුවේ තේරුම දන්නවද?????

ගොඩක් හිතුවා මෙකෙන් මොකක්ද කියන්නේ කියලා එත හරියටම තේරුමක් හිතා ගන්න අමාරුයි.. ඔගොල්ලො දන්නවනම් ඒ ගැන පහලින් සදහන් කරන්න. කොහොමවුනත් ආයි සුපිරිම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්..



                                          අළු පාට වළාකුළු කථාවක් නෑ.
                                          තරු නිවී තරු නිවී රාත්‍රියේ.
                                          සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං.
                                          ගිනි අරන් ගිනි අරන් මොනවක් හොයන්.


                                           උල්කාපාතයක්, අහසේ ගිනි අරන්.
                                           අළු වෙලා පොළවට වැටෙනා, උල්කාපාතයක්.


                                           අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ.
                                           ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා.
                                           පොළවට වැටෙනා දේවතා එළියක්.
                                           ගිනි ගත්ත තරු එළියක්....

20 comments:

  1. අයියෝ..තේරුම් ගන්න බැරි වුනාම කොහොමද සුපිරි නිර්මාණයක් වෙන්නේ?

    ReplyDelete
  2. මමත් මේක කීපපාරක්ම අහලා තියෙනවා.. ඒත් අදහස හරියටම ආවේ නෑ මළයා..

    ReplyDelete
  3. ආදරේ හොයාගෙන ගියාට හමු උනේ නැති කෙනෙක්ගේ කතාවක් නෙමෙයිද?

    ReplyDelete
  4. ආදරෙත් උල්කාපාතයක් වෙන වෙලාවල් නැත්තේමත් නෑ...

    ReplyDelete
  5. ගොඩාක් කාලෙකින් මේ පැත්තට ආවේ. මම කැමතිම නළුවෙක්.

    ReplyDelete
  6. මුගෙ අනිත් සින්දු වලට නං වඩා හොඳා මගෙහිතේ :D

    ReplyDelete
  7. මම කල්හාරගේ රසිකයෙක්. වැඩිය අරුත ගැන නොහිතා විදිනවා..

    මොනව වුනත් දක්ෂයෙක් !

    ReplyDelete
  8. නිකන් හොල්මන් වගේ

    ReplyDelete
  9. @රූ.... ඒ වුනාට අක්කේ බලන්නකෝ අදහස් කරන්න හදන දෙය.. අර ගෑණු කෙනා මැරෙන්නේ කොහොමද??? අනික උල්කාපාතයක් කියලා අදහස් කරන්නේ මොකක්ද??
    සින්දුවේ අනිත් පසුතල නිර්මාණත් සුපිරියටම තිනවා.. සංකිර්ණ දෙයක් කියනවා කියලා තේරෙනවා.. එත් දන්නෙ නෑ

    ReplyDelete
  10. @Dinesh පිස්සු සින්දුවක් නේ අයියේ... මන් හැමදාම වගේ අහනවා.. ඒත් තේරුම දන්නෙ නෑ

    ReplyDelete
  11. @සයුරි හරි අක්කේ හොයාගෙන ගියේ කවුද??? උල්කාපාතයක් කියලා අදහස් කරන්නේ?
    චාපා අන්තිමේ වෙඩින් යුනි එකක් ඇදන් ඉන්නේ?

    ReplyDelete
  12. @Raj උල්කාපාත වර්ෂාවක් වෙනවා ඒක නම්...

    ReplyDelete
  13. @අසරණයා එල එල... කොහොමවුනත් අර කිව්වා වගේ ඇක්ටින් එක ගානට දෙනවා.. ගායකයෙක්ට වඩා නළුවෙක් කියලා වගේ තමයි පෙන්නේ

    ReplyDelete
  14. @තනි අලියා සිරාවටම අනිත් සින්දුවලට වඩා ගොඩක් හොදයි අලී...

    ReplyDelete
  15. @sAm (සෑම්) එක ඇත්ත... කොහොමවුනත් වුන්ගේ සින්දු වල කොලිටි එකක් තිනවා

    ReplyDelete
  16. @අඩවි රජා හී හී.. ඇත්තටම හොල්මන් සීන් එකක්ද දන්නේ නෑ කියන්නේ??

    ReplyDelete
  17. අම්මා...පල්ල !!!
    මම මේ සිංදුව ඇහුවෙත් අදමයි !

    ReplyDelete
  18. මන් සින්දුව හා රූප රාමු යන දෙකම එකට එකතු කරලා හදා ගත්ත තේරුමක් තමා තියෙන්නේ..
    තුන්කොන් සම්බන්ධයක් තමා පෙන්නනේ.. ඒ ගැහැනිය ආදරේ කරන කෙනාව නෙවේ වෙන කෙනෙක්ව තමා බඳින්නේ. එයා බැඳපු දවසේ තමා මනමාලයා දැන ගන්නේ එයා කන්‍යවියක් නොවෙන බව..

    "උල්කාපාතය අහසේදීම ගිනි අරගෙන.. පොළවට වැටෙන්නේ අළු.. "

    මනමාලයාට ලැබෙන්නේ හිස් රුවක්.. එයාගේ හිත සහ ආත්මය වෙනකෙනෙක්ගේ වෙලා ඉවරයි..

    ඔහුගේ ජීවිතේට ඇය සඳක් වෙයි කියලා ඔහු බලාපොරොත්තු වුනා..ඒත් එහෙම නැ.. ඇය දැනටමත් ගිනි අරගෙන ඉවරයි. වෙන කෙනෙක්ගේ ආදරයෙන් ඈ ගිනි ගෙන..

    ඔහු පොළවට වැටෙන දේවතා එළියක් කියලා හිතපු දේ අවසානයේදී ගිනි ගත්ත උල්කාපාතයක්.. ඔහුට ශාන්තියක් ගෙන දෙන දෙයක් නෙවෙයි.. මට හිතෙන්නේ එහෙමයි..මන් වැරදි වෙන්න පුළුවන්..

    ReplyDelete
  19. @red - අප්පටසිරි මෙයා දන්න දේවල්...!! එතකොට
    අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ.
    ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා. .. මේ කියන අරමුණ මොකක්ද?

    ReplyDelete
  20. @මධු අයියා - පට්ටනේ සින්දුව.. හරි ජුජුප්සාජනකයි :D

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...