මට තේරේන්නේ නෑ....

"   මේ දවස් වල විවෙක සුවයෙන් ඉන්න නිසා එක එක දේවල් මතක් වෙනවා...,, "

 ' එහෙම මතක් වෙච්ච ප්‍රශ්ණ කිහිපයක් තමයි මේ ඔගොල්ලන්ගෙන් අහන්න යන්නේ '

                                      මෙහෙමයි.., අපේ රටේ විශ්ව විද්‍යාලවල විවිධ ක්ෂේත්‍ර වලට අදාල  විවිධ විශයන් උගන්නනවා.ඒ ඒ විශයන්ට අදාලව, විශ්ව විද්‍යාල ප්‍රජාවට ලොකයේ ඔනම  තැනක කැමති ‍රැකියාවන් සදහා පිළිගත් උපාධියක් ලබාගන්න පුළුවන්.පරිගණක ක්ෂේත්‍රයක් ගත්තොත් යන්න පුළුවන් පැති රාශියක්ම තිනවා.... එත් කලා විශය ධාරාවකින් ඉස්සරහට යන්නේ නම්, යන්න පුළුවන් පැති සීමිතයි නේද?  එත් කලාව කියන්නේ ඕනම මිනිසෙකු තුල තිබිය යුතු, රටේ සංස්කෘතියට බලපාන, රටක ඉතිහාසයට වටිනාකමක් එකතු කරන ක්ෂේත්‍රක්.

    (සමහර) විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් අතර (මේ කියන්නේ සාහිත්‍ය මහාචාර්යවරුන් ගැන) පෙර සිටම පිළිගෙන පැමිණි සාහිත්‍යයට විවිධ අංග එකතු කරමින් තමාට අවශ්‍ය පරිදි ගෙන යන කලාවකුත් නැතුවාම නෙවෙයි.ඒ කියන්නේ අනාගතයට යන සාහිත්‍ය විකෘති වු එකක්. ලංකාවේ සාහිත්‍ය දියුණුවට වැඩියෙන්ම උර දෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්, සිසුන්, සමස්ථයක් වශයෙන් කිව්වොත් විශ්ව විද්‍යාල ප්‍රජාව. ඔකට පිට ඉන්න කට්ටියට මුකුත් කරන්න බැරිද? විශ්ව විද්‍යාල යන්නෙ නැති සිසුවෙක්ට සාහිත්‍යට මෙහෙයක් කරන්න බැරිද?  යටින් කියන්නෙ මෙකයි.." අද ඔය කලා විශය උගන්වන විශ්ව විද්‍යාලවල වැඩි හරියක්ම පාහේ කරන්නේ 'මාටින් වික්‍රමසින්හ ශුරීන්ගේ , කුමාරතුංග මුණිදාස ,වගේ ගත් කතුවරුන්ගේ පොත් පරිශිලනය කරන එක. ඒ ගත් කතුවරු එක්කෙනෙක්වත් (එකල) විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබපු අය නෙවෙයි.මන් හිතන්නේ ඉස්කොලේ ගියෙත් අටේ පන්තියට වෙනකම් විතරයි. පොත් කිහිපයක් පාඩම් කිරිමෙන් පමණක් ම දියුණුවක් ගැන හිතන්න අමාරුයි. සාහිත්‍යට කැපවෙන විශ්ව විද්‍යාල ප්‍රවෙශය නොලැබු ප්‍රජාවක් ඉන්නවා, ඔවුන්ට සාධාරණයක් වෙන්නෙ නැද්ද?   අනාගතයේ මාටින් වික්‍රමසින්හලා වගේ ගත් කතුවරුන් බිහිවිය යුත්තේ විශ්ව විද්‍යාල වලින් පමණක්මද?


තව දෙයක් තිනවා ...." රටට බෞද්ධ සංස්කෘතිය ගෙන එන්න විශාල කැප කිරිමක් කරපු කෙනෙක් තමයි 'අනගාරික ධර්මපාල' කියන්නේ. එතුමා , එතුමාගේ අවසාන කාලය ගත කරන්න ලංකාවෙන්  ගිය හේතුව ඔගොල්ලො දන්නව ඇතිනේ.. මේ සිංහලයට ලැබුණු බෞද්ධ සංස්කෘතිය තමාට ඕන විදියට වෙනස් කිරිමට ගත්ත උත්සහයක ප්‍රතිපල වශයෙන් නෙවෙයිද? "  සියල්ල වෙනස් වෙනවා ඒක සාධාරණයි... නමුත් එය අතිතයට ,අනාගතයට ගැළපෙන පරිදි වෙනස් විය යුතුයි.

                   [ නිකන් හිතුන කාරණා ටිකක් ලිව්වේ.. වැ‍රැද්දක් තිනව නම් කියන්න හොදේ...........]

Comments

  1. කතාව ඇත්ත.විශ්ව විද්‍යාලේ යන්නම ඕනි නෑ ඕනිම අංශයක උන්නතියකට අත ගහන්න... අද කාලේ මිනිස්සුන්ට වැරදුනු තැන තමයි ඕක!! සාමන්‍ය පෙලවත් හරියට නොකරපු මිනිස්සු , ලෝකෙම පුදුම කරවන නිර්මාණ කලේ ස්ව හැකියාවෙන් මිසක්,පොත පතින් ගත්තු දැනුමෙන් නෙවෙයි.හොඳ ලිපියක්!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කලාව කියන්නෙ හැමෝම ඉගෙනගන්න එ්න එකක්. විබාග වලට දෙන එකෙං වෙන්නෙ කලාව බාල්දු වෙන එක

    අවසන් ඡේදය සමග සපුරා එකඟයි!

    ReplyDelete
  4. කලාව කියන දේට සීමා නෑ.. ඒනිසා කොතැන හිටියත් ඒකට දක්ශ කෙනා ඉදිරියට යනවා..

    ReplyDelete
  5. මටත් ඔය රස්සාවල් කතාව බස් එකේ යන ගමන් හිතුනා. අපේ උපාධිය වෘත්තිමය උපාධියක් නිසා රස්සාවක් හොයා ගන්න අමාරු නෑ. ඒත් අධ්‍යාපනික උපාධියක් ගත්තම රස්සාවල් හොයන්න අමාරුයි. මෙහෙම වෙන්න හේතු හොයලා බලන එක කාගේ කාගෙත් යුතුකමක් !!!

    ReplyDelete
  6. මට මතක විදිහට ජී.බී.සේනානායකයන් තමන්ගේ විනිවිඳිමි අඳුර කියන චරිතාපදානයේදී කියනවා "මගේ සරසවිය වුණේ කොළඹ මහජන පුස්තකාලයයි" කියලා

    ReplyDelete
  7. ජංජාල චාමර - ස්තුතියි.... ආවට තවත් ස්තුතියි....!!!

    තනි අලියා - එස්. බී ට මොනවහරි කරන්න පුළුවන් වෙයිද?,,....... විභාග ක්‍රමේ මදි...

    Dinesh - ඒක ඇත්ත අයියේ නමුත්... සමහරු ඉන්නවනේ අවස්ථාවක් නැති..

    ReplyDelete
  8. මධුරංග - කවුරු හරි මෙකට මුකුත් කරොත් හොදයි... නැත්නම් ලෙඩ ගොඩක් වෙයි වගේ අයියේ...

    Hasitha - අහා ... අයියේ මටත් මතකයි ඒක.. දැන් එහෙම අය අඩුයිනේ....???

    ReplyDelete

Post a Comment

Popular Posts