හැබැයි මේකේ කතා නායකයා නුවර එළියේ පදිංචි ආදර වන්තයෙක්.....
(ඉතින් ,,,, ඔය එක එක අමුතු කට්ටියත් ඉන්නවනෙ මේ රටේ.. මහ ලොකු දෙකුත් නෙවෙයි එහෙම බලනකොට.. )
මගේ මතකේ හැටියට 2006 පෙබරවාරි මාසේ දවසක තමා මෙක මන් දැක්කේ....
අපි කට්ටිය, ඒ කිවිවේ අපේ බාලදක්ෂ කට්ටිය , 2006 නේ....., අපි ගියා නුවර එළියේ තිබුණ ජැම්බරියට.ගාල්ලේ ටීම් එක කියල තමයි පොදුවේ ගාලු බාලදක්ෂයන් එකතු වුනේ.
ඇත්තටම එ කැම්ප් එකට පිට රටවලින් පවා බාලදක්ෂයන්, බාලදක්ෂිකාවන් ඇවිත් හිටියා. මරු ලස්සන කෙල්ලො... බොනික්කො වගේ .. එ ගොල්ලා තරග කරෙ රටවල් එක්ක.
අපි නියොජනය කරේ ගාලු දිස්ත්‍රික්කය. අන්තිම තරගෙ අවෙ කොළබ කට්ටියත් එක්ක .... එත් අපි එගොල්ලන්ව ගෙමක් නතුව පරාද කරල එක වුනා.අන්තිමෙ ගාල්ලට ජය.
ඔය අතරේ පිට රටවල බාලදක්ෂිකාවෝ අපිත් එක්ක හොදටම මිත්‍ර වෙලා ,යාලුවොන්ට චීසුත් දුන්නා....... එක වෙනම කතාවක්...
අපේ ස්කොලෙම බාලදක්ෂ කණ්ඩායමේ නායක උප නායකයින් 8 විතර හිටියා. එක ස්කොලෙ කට්ටියනෙ ඉතින්. දන්නැද්ද ඉතින් එකතු වුනාම.
ඔහොම ඉන්න අතරේ අපේ ස්කොලෙ මල්ලියෙක් ලෙඩ වෙලා (ලෙඩ උනේ ආපු දවස් වලම) ඉස්පිරිතාලේ නවත්තලා තිබුණා.. එදා එයාගේ තනියට නවතින්න උනේ මට,
මන් හවස 4.30 ට විතර කදවුරෙන් ඉස්පිරිතාලෙට යන්න පිටත් උනා..ස්ටැන්ඩ් එකෙදි කෙල්ලෙකුයි කොල්ලෙකුයි ටිකක් උණුසුම් විවාදයක
පැටලිලා මොකක්ද ජරමරයක්.,...... "මොකක් හරි ලව් හුටපටයක් වෙන්න ඇති" කියලා මන් ගනන් නොගෙන මගෙ ගමන මං ගියා
එදා කදවුරේ සංගිත ප්‍රසන්ගය.. මගේ වාසනාවට එදාම මල්ලිගේ ටිකට් කැපුවා.(මිනිහගේ අවාසනාව, කදවුරේ බිමට වඩා ඇද)......... අපි සෙරම එකේ නැටුවා..
ඉට වඩා එදා පට්ට හිතල !!.....
එ අස්සේ ස්ක්‍රින් එකෙ ස්වර්ණවාහිනියේ "දග මල්ල" පෙන්නන්වා.
කොහොමහරි රෑ 10 විතර වෙනකොට ඔක්කොම සද්ධ බද්ධ නැවතුනා..
"අද රෑ අපේ එකෙක්වත් නිදාගන්න එපා" ඒ --- ගේ කටහඩ....
සර් ලා දෙන්නෙක් හිටියා අපි බාරව.
එක් සර් කෙනෙක් කිව්වා "ඔය නායකයො ටික, පොඩි කට්ටිය ඔක්කොම බලලා නිදාගන්න කියලා"
"හරි සර්" එ මගෙ කටහඩ.
වේලාව රෑ 12.10යි .,
සර් ලත් නිදි. පොඩි කට්ටියත් නිදි
අපි ටික සෙරම අපේ සයිඩ් එකෙන් පිට වුනේ කාටවත් නොදැනී.
අපි ටිකක් ගමේ එවුන් වගෙ හැසිරිලා පිට්ටනියේ ගෙට්‍ටුවෙනුත් එළියට පැන්නා...
මොකෙක්වත් නෑ පාරේ..... කලාතුරකින් වාහනයක් යනවා...එච්චරයි.
අපි පොඩි අතු පාරවල් පුරාම ඇවිද්දා . කියලා වැඩක් නැ මාර ෆන්..
අන්තිමට අපි ටවුන් එකට එන්න බලන කොට හරියට පාර සුවර් නෑ..
එතකොට වේලාව 2.15 විතර වෙලා.
ඉස්සරහට හම්බුනා පොඩි අතු පාරක් එක වැටිලා තින්නේ ලොකු ඇට්ටොරිය ගස්
තින කැලයක් මැදින්....
බුදු අම්මෝ...... කට්ට කරුවල.. ෆොන් එළිය විතරයි,,....
අපි 8ක් ඉන්න නිසා එ පාරෙ එන්න තිරණය කරා.. ඇත්තටම එක විතරයි විසදුමකට තිබ්බෙ.
මිනිත්තු 25 ක් විතර අපි කැලේ ඇතුලෙන් ආවේ..
මතක් වෙනකොට කකුල් තාම වෙව්ලනවා..
එ කැලේ නිකන් අර හැරි පොටර් එකේ මකුලුවො ඉන්න කැලැව වගේ
අපේ එක බූරුවෙක් මහාසෝනා මතක් කරනවා.. අනේ අම්මපා මූට,,,
දෙවියන්ගේ පිහිටෙන් අපි නගරෙට අවා.
ස්ටැන්ඩ් එකේ ඉදන් තමයි ගිමන් හැරියේ....
ස්ටැන්ඩ් එකෙ අලුත් මොකෙක්වත් හිටියෙ නැ පෙන්න.
බිම නිදා සිටින වැරහැලි ඇදගත් 2නෙක් නම් හිටියා....
එක පාරට ගැබුරින් කහින කෙනෙක්ගේ සද්ධයක් ආවා
හැබැයි අපි හිටපු තැනට ටිකක් දුරින්
කව්ද දන්නේ අන්තිම හුස්ම අදින කෙනෙක්ද කියලා
අපි ටිකක් කිට්‍ටු කරලා බැලුවා...
"අඩෝ මේ අර අයියා බන්" යාළුවොන්ට කිව්වා
මන් හවස යනකොට කෙල්ලෙක් එක්ක අර සිරියස් කතාවක හිටපු......
එ යකා නස්පුට් වෙන්න ගහලා කෙලින් ඉන්න පණ නෑ...
ලග පොඩි බොතලෙකුත් තිබ්බා...
මට ඉතින් කතාව තෙරුනා.... නොදොකින් මේ කෙල්ලෝ....ශික්,
අනේ මන්දා ... මොනවා කරන්නද?
සොරි තමයි............,
අපි කැම්ප් එකට යනකොට සර්ලට ඇහෙරිලා අපිව හොයලා
"කොහෙද තොපිලා ගියෙ.."
දැන් අපිට සොරි තමයි".....
"උදෙ තේ එකයි උදෙ කැමයි දෙකම හදන්න උනා"...
honda wede.....
ReplyDeleteමොනවා කරන්නද ... ඉතින්
ReplyDeleteඒ කාළේ කරපු දඟ වැඩ පස්සේ දවසක මතක් කරනකොට තමයි නියම. අතීතය කොච්චර සුන්දර ද කියලා හිතෙනවා එතකොට......
ReplyDeleteනැතුව නැතුව
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවැටිල ඉන්නව කිව්වම මම හිතුව කෙල්ලගෙං ඝුටිකාල කියල! :D
ReplyDeleteතනි අලියා- හි හි හි......
ReplyDeleteදැක්කාම ඇඩෙනවා හැබැයි. පව් ඒ අයියා.
සූදානම්ව සිටිනු කියන්නේ ඒක තමා :))
ReplyDeleteඅයියා මතකයි නේ.. අපි මුලින්ම හම්බුනේ... අපි පැනලා ගියේ අර තිබුණ අන්තිම මියිසිකල් එක දවසේ....!!
ReplyDelete