කොච්චර දේවල් කියන්න තිද? කොච්චර කල් නම් හංගගෙන ඉන්නද? .. හැමදේටම කළබල වෙන්න හොද නෑ... නමුත් ගොඩක් කල් පහු වුනොත් ඒත් වැඩක නෑ.. මේ කතාව කියන්න මන් කොච්චර උත්සහ කරාද..
එත් මට එකට නියම අවස්ථාවක් හම්බුනේ නෑ... දවසක,........ ඔයා මගේ ඉදිරියේ හිටියත් මට මුකුත් කියාගන්න බැරි වුනා... මට කතාකරන්න වචන ආවේ නෑ... කියන්න හිටපු සේරම අමතක වුණා.. ඔව් මගෙ දුර්වල කමක් නිසා වෙන්න ඇති එහෙම වුනේ..
ඔයා දවසක කියාවි '"ඔය වැඩේ නවත්තන්න., මෙකට ආයි කතා කරන්න එපා...."' ඔව්, ඔයා අකැමති , මන් දන්නව එක.. . එක ඔයාගේ තිරණේ... මට ඊට එහා දෙයක් කරන්න නෑ, ඔයා , එදාට වඩා අද සතුටින් ඉන්නවා ඇති.. මට ඒ ගැන ආඩම්බරයි.
එදා මන් මුකුත් අහන්න කලින් .., ඔයා ඉස්සර වුණා. ඔයා මාව තේරුම් ගත්තෙ නෑ..එ වෙලාවෙදිම ඔයා අපේ කතාවට තිත තිබ්බා.. මට හැමොටම පෙන්න, ඔයාගෙ අත අල්ලගෙන හැමතැනම ඇවිදින්න කිසිම ඕන කමක් නෑ..එහෙම ගියත් යන්නේ හිතට අවංකව ලෝකයාට පෙන්න නෙවෙයි, මන් ඒ දේ කරේ අවංකවමයි.. කාටවත් රිද්දන්න නෙවෙයි.. මන් පොඩි මිනිහෙක් ,මට දෙන්න ලොකු ලොකු යාන වාහන, ඉඩ කඩම් නෑ..එත් මන් පොඩි දෙයක් දුන්නා මතකද? එකේ ලොකු තෙරුමක් තිනවා එක ගැළපෙන්නෙ ඔයාටමයි,වෙන කාටවත්ම හරියන්නෙ නෑ..වෙන මට දෙන්න කියලා දෙයකුත් නෑ.. එත් මට දෙන්න පුළුවන් තව එක දෙයක් තිනවා,....
අපි කොහෙවත් ගිහින් නෑ..බෙදා ගන්නට මතකයන් නෑ, එකෙන් වැඩක් නෑ...මම හිතන් ඉන්නේ ඒ ගමන මන් ගියේ නැ කියලා .. හැබැයි , මන් පස්සේ කතා කරා මගේ ගමේ සුන්දරත්වය පෙන්නන්න මාත් එක්ක එන්න කියලා.. එත් මන් කවදාවත් බළකලේ නෑ..කැමතිනම් එන්න කියල විතරයි කිව්වේ.එත් ඒ දේ සිද්ද වුනේ නෑ.. එදා ඔයා ආවනම් ජිවිතේ කවදාවත් අත්නොවිදපු සතුටකුත් , ස්භාවධර්මයේ අරුමයත් විදගන්න තිබුණා. ඉටත් වඩා උතුම් මිනිසුන් පිරිසක් හදුනා ගැනිමටත් අවස්ථාවක් උදා වෙන්න තිබුණා..
ගමේ ඉදන් කොළඹ රටට ආවයින් පස්සේ ඇත්තටම ගොඩක් දෙවල් මගහැරුනා, ඒ වගෙම ගොඩක් දෙවල් හමුවුණා.කොළඹ රටට ආවා කිව්වට මන් ඉන්නේ ඩොටේ නෙවෙයි.. ඇත්තටම කියනවනම් කොළඹට වඩා අපේ ගම දියුණුයි,ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම් දියුණුයි..අහස උසට බිල්ඩින් තිබුණට, දවසකට පාරේ සුපිරි කාර් ගොඩක් ගියාට, එතන දියුණුයි කියන්න බෑ..
තව වැඩිකල් යන්න කලින් මම ආපහු ගමට යනවා..මෙහේ කොච්චර හොද දේ වැපිරුවත් එවා පැළවෙන්නෙ නෑ.මුල් දුවන්නෙ නෑ.ඇත්තටම මුල් වලට දුවන්න තැනක් නෑ..ලැබෙන අස්වැන්නත් සීමිතයි.. ඉතින්...,මට කරන්න පුළුවන් සේරම මම කරලා තින්නේ.,මග හැරුනු දෙයක් තී නම් කියන්න , ඉතුරු දේවල් තින්නේ ඔයාගෙ අතේ...... සතුට කියන එක මාරම වැදගත්... එක කවදාවත් මුදලට ගන්න බෑ... ෆන් එක කියන්නේ සතුටකට නෙවෙයි..!! ඒක වෙනම දෙයක්... මන් ප්‍රර්ථනා කරනවා ඒ සතුට ඔයාට හම්බෙන්න කියලා.. මා කවදාවත් තිතක් තියන්නෙ නෑ.. මිනිස්සු මැරුණත් වැටෙන්නේ කොමා එකක්, ඒ වගේ මාත් මෙකට තියන්නේ කොමාවක්..හැබැයි පෙර මාවතටමයි...
බොහොම ස්තුතියි....!!!
................... කරන්න දෙයක් නැතිවුණු නිසා ම ලීවෙමි.....මේ අවසානයයි,...!!!
සිතට දැනුනු දුක
ReplyDeleteඊයම් බරුවක් සේ සිත් පතුලටම
ගිලා බැස ඇති සඳ
හිතේ දිරියෙන්ම යළි නැගිටින්න
ඒ දුකම සවිය වනු ඇත හෙට...
" මිනිස්සු මැරුණත් වැටෙන්නේ කොමා එකක්.."
ReplyDeleteඅන්න ඒ කතාවනම් සුපිරියි.. මොකද මේ හදිස්සියේම උනේ.. අර සීන් එක නිසාවත්ද??
ඕ අයියේ ඒ සිද්ධිය තමයි..
Deleteම්හු මට ටිකක් ටියුබ් ලයිට් වගේ...
ReplyDeleteමැරුණත් වැටෙන්නේ කොමාවක් කියපු එකනම් ඇත්තම ඇත්ත...තිත වැටෙන්නේ ඉතින් නිවන් දැකපු දාට තමයි...
ඒකනේ... මටත් ෆ්ලැස් ලයිට් එකක් වගේ... :D
Deleteහැම වෙලාවේ ම මටත් හිතෙන දෙයක්.. පුහු ආටෝපය නැති උනාට අපි දියුණුයි මචං.. අපේ මිනිස්සු දියුණුයි.. බෙන්තර ගඟෙන් මෙහා තියෙන මෙව්වා එක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.. යන එවුන්ට යන්න දීපන්.. අපේ එවුන් අපි එක්ක ඉන්නවා..
ReplyDeleteඔලුව බිත්තියේ හැප්පුනා වගේ මඤ්ඤං ගතියක් දැනෙනවා.
ReplyDeleteඉස කුඩිච්චියක්වත් දාන්න වෙයි ද මන්දා.
ගනන් ගන්න එපා බන් ජීවිතේ හැටි ඔහොම තමා!
ReplyDelete@රූ.... ප්‍රර්ථනාවමද එයයි..!!
ReplyDelete