Saturday, March 31, 2012

ජාවා පාත් සහ ක්‍රියා කිරිම

හරි ... එදා අපි දැන ගත්තා ජාව, අපගේ පරිගණකයට install කරගන්නේ කොහොමද කියලා. අද ලියන්න හදන්නේ ජාවා අපගේ පරිගණකයේ වැඩ කරන හැටි. ජාවා දැම්මයින් පස්සේ අපි ජාවා සදහා පාත් එකක් සැදිය යුතු වෙනවා. එය සාදන ආකාරය පහත රූප මගින් තේරෙවි. එමගින් තමයි අප අදාල programme එක Run වීමට අවශ්‍ය දත්ත, ගැජට් ලබා ගැනීම හා ඇති ස්ථානය තීරණය කරන්නේ. තව සරලවම කිව්වොත් codes, ජාවා file එකක් හරහා run කිරිමට, අප ජාවා install කර ඇති ස්ථානය පරිගණකයට පෙන්වා දිමක්.
ජාවා වලට පාත් එක සැදිමට මෙමෙ ක්‍රමය භාවිතා කල හැක.
පළමුව Desktop එකහි Right Click කිරිමෙන් ලැබෙන dialog box එකේ  personalize මගින් පහත window එක ලබා ගන්න.

ඉන්පසුව මෙහි වම් පස ඇති Advances System settings වෙත පිවිසෙන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබෙවි.

අනතුරුව මේ properties එකේ Environment Variables මත click කරන්න. එවිට පහත ආකාරයෙන් Environment Variables එකක් ලැබෙවි.

පසුව මෙහි දක්වා ඇති පරිදි system variables එකේ path වෙත පිවිස edit යතුර click කරන්න.
එවිට පහත ආකාරයේ box1 ලැබෙවී.

හරි දැන් වැඩේ සම්පුර්ණෙන්ම පාහේ ඉවරයි. ඔගොල්ලන්ට දැන් කරන්න තින්නේ ඔගොල්ලො java toolkit එක install කරපු තැනට ගිහිල්ල ,එහි ඇති bin file1 ඇතුලට ද ගොස් ඒ file එකෙ location එක copy කරලා රූපයේ පරිදි paste කිරිමයි.
(ex- මම install කර ඇත්තේ D partition එකේ java jdk කියල file එකක නිසා රූපයේ පෙනෙන ආකාරයෙන් මට location1 පැමිණ ඇත.ඔබට ජාවා Run වන බව නිසකවම දැන ගැනිමට අවශ්‍ය නම් cmd එක ලබා ගෙන java ලෙස type කර enter කර බලන්න.එය ක්‍රියා කරන ආකාරය ඔබට දිස්වේ.

හරි...., දැන් අපි coding ගැන බලමු.
මුල්ම පොස්ට් එකේ සදහන් කරා වගේ notepad open කරලා අරගෙන අපි අපගේ කේතය ලිවිමට අවශ්‍ය වෙනවා.එසේ අපි ලියන කොඩ් වලට source code ලෙස හදුන්වන්න පුළුවන්. එම කොඩ්ස් human readable නැතිනම් මිනිසාට තේරෙන ආකාරයෙන් ලියන කොඩ්ස්. එය තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකය සතුව නැහැ. අපට සිදුකිරිමට අවශ්‍ය කාර්යය යම් නිස්චිත ක්‍රමයකට ලියා ගැනිම තමයි මෙහිදි සිදුකරන්නේ.නමුත් මෙහිදිද මෙය ලිවිය යුතුවන ක්‍රමයක් තිබෙනවා.. ඒ ගැන අප ඉදිරියේදි බලමු.
අපි එසේ ලියන ලද කොඩ්ස් පරිගණකයට තේරුම් ගැනිමට හැකිවන පරිදි හැරවිය යුතු වෙනවා. එයට  convert/ compile කිරිම  ලෙස ද හදුන්වා දිය හැකියි. එසේ හැරවීම සිදු කරන්නේ අපි ජාවා install කිරිමෙදි ඒ සමග install වෙන java compiler එකකින්. එසේ compile වීමෙන් පසු ලැබෙන කොඩ්ස් වලට byte codes ලෙස හදුන්වනවා. ඒවා කොහෙත්ම අපට නම් තේරුම් ගැනිමට අපහසුයි.එය human readable නැහැ. එය තේරුම් ගැනිම ජාවා වල ඇති Java virtual machine(jvm) මගින් සිදු කරයි.ඉන් පසුව එම code 1 අපගේ පරිගණකයේ ඇති cmd වෙත ගොස් අප සැපයු කාර්යය සිදුකරයි.  

පහත රූපය බලන්න....

මෙහි අප ලියන source code එක name.java ආකාරයෙන් සුරකිය යුතුයි. compile වීමෙන් පසුව ලැබෙන bytecode එක ලැබෙන්නේ classname.class කියන නමින්.ඒ වෙනසින් අපට source code එක හා bytecode එක වෙන් කර හදුනා ගන්න පුළුවන්.

යාළුවනේ ඔගොල්ලන්ට තේරෙවි ජාවා වැඩ කරන කොට පොඩි රවුම්ක් කරකැවෙනවා. ඒ කියන්නේ process වෙන පියවර ගනන වැඩි. ඒ කියන්නේ ජාවා ටිකක් slow.

coading වලින් හමුවෙමු..

Tuesday, March 27, 2012

Java සරලව

ජාවා තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්න . සරලයි ලෙසි යි. ඇත්තටම ජාවා පාඩම් හැම තැනම එක එක විදියට තිනවා.තමන්ට ගැළපෙන විදියට අදාල දේ, තෙරුම් ගත යුතුයි. ජාවා ගැන ලියන්න හිතුවේ අපේ කට්ටියට පහසුවක් වෙයි කියලා දැනුන නිසයි.

කැම්පස් එකේ ඉන්න යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා. දන්න කට්ටියත්  ඇති. මුකුත්ම නොදන්න කෙනාටත් දැන ගන්න පුළුවන් විදියට කියන්නම්.

Computer programme  යනු කිසියම් කාර්යයක් කර ගැනීම සදහා සැකසු INSTRUCTIONS සමුහයකි. එය නිශ්චිත පිළිවලකට සකසා ඇති ද නම් එයට පරිගනක භාෂාවක් ලෙස හැදින්විය හැකියි.


ජාවා යනු පරිගණක භාෂාවකි.එය මුලින්ම හදුන්වා දුන්නේ "ජේම්ස් ගොසලින්" විසින් ය. ජාවා ,C++ වලට සමාන කමක් දැක්වුවද ,ඒ හා සමාන අසමානකම්ද ඇත. ජාවා, "ඕක්" යන පරිගනක භාෂාවේ දියුණු අවස්ථාවක් ලෙස ද හැදින්විය හැකිය.   ජාවා මගින් අපට බොහෝ ගණිත ක්‍රම, පරිගණක ක්‍රියාත්මක කිරීමට අදාල පරිගණක මෘදුකාංග නිපදවා ගැනිමේ හැකියාව ද පවති. දැනට ලෝකයේ බහුලවම භාවිතා වන පරිගනක භාෂාවක් ලෙස හැදින්විය හැක.

ජාවා ඇතුලත් කිරිම..
ජාවා පරිගනකයට ඇතුලත් කිරිම සදහා Java jdk tool kit install කර ගත යුතුය. එය ඔබ සතුව නොමැතිනම් මෙම ස්ථානයෙන් බා ගත හැක.
1. පළමුව සාමාන්‍ය ආකාරයට බා ගත් tool kit එක install කරගන්න.(.exe ඩබල් ක්ලික් කිරිමෙන්).
2. එසේ අවශ්‍ය පියවර සිදු කිරිමෙන් පසු Windows හි ඇති cmd එක විවෘත කරගන්න  ,  (search- type cmd)
3. පසුව පරිගනකයේ කැමති තැනක ෆොල්ඩර් එකක් සාදා ගන්න. එය තුලට cmd 1 භාවිතා කරමින් පිවිසෙන්න.(cd යන ආකාරයට)
4. ඉන්පසුව එහි notepad name.java  ලෙස කැමති නමක් යොදා ගනිමින් notepad 1 විවෘත කරගන්න.නමුත් එය නිවරදිව  .java ලෙස සු‍රැකිය යුතුය.
5.පසුව එම notepad තුල අපට අවශ්‍ය java source code  නැතිනම් ක්‍රම ලේඛනය සිදු කර ගත හැක.
(ජාවා මුලින්ම පටන් ගන්න අය notepad  යොදා ගැනිම පහසු වේ)

සිද්ධාන්ත සමග 2වන කොටසෙන් හමුවෙමු

Friday, March 16, 2012

මා දු‍ටුවේ..

මේ ලෝකේ ගොඩක් දෙනෙක් ඔයාට කියාවි
ඔයා පරාජිතයෙක් කියලා
මෝඩයෙක් , නිකමෙක්, බුරුවෙක් !! කියාවී..
ඒත් ඔයා ඔයාටම  ඒ සංඥාව යවා ගන්න එපා.
මිනිස්සු ඕනේ දෙයක් අපිට කියන්න පුළුවන්
ඒත් අපි එවට සැලෙන්න හොද නෑ
ඔයාට මොනවා හරි දෙයක් ලබා ගන්න ඕන නම් ඔයා ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ
ඔයා බිත්තියකට ගහනවා නම් ඒක හිල් වෙන්නම ගහන්න ඕනේ..,
කවදාවත් පරදින්න එපා...!



ඒ මොනවා කරන්න උනත් තව අවුරුදු 6 යි තින්නේ... ඊට පස්සෙ වෙන දේ හිතාගන්නවත් බැරි වෙයි  .තෙරෙන්නෙත් නෑ.. මොනව කරන්නද, අරන් ආවේ මෙච්චරයි... එත් ඊට වඩා දෙයක් වපුරන්න තව කාලයක් යනවා... බලමුනේ උපරිම වැඩක් ගන්න.. ..

Saturday, March 10, 2012

ගෙම්බාගේ කැමතිම ......... ?



පොඩි දෙයයි අහන්නේ..,

ගෙම්බාගේ හැගීම් විස්තර කරන්න?

Sunday, February 26, 2012

kassyOpea



මොකක්ද මේ ...?
මොනවද වෙන්නේ....?

යාළුවනේ මේ තින්නේ අපි විශ්වසනීයත්වයෙන් යුතුව පටන් ගත්තු පුංචි වැඩක්. පුංචි කිව්වට මේකෙන් වෙන කර්තව්යය නම් සුළු ප‍ටු නැහැ.. ඔගොල්ලන්ට මෙකෙන් වෙන්නේ මොකක්ද? කරන්නෙ මොකක්ද කියල මම කියන්නම්....,
අපි...!

“අපගේ සේවාග්‍රාහකයාගේ නිෂ්පාදන ඵලදාව ඉහල නැංවීමත්, වඩා ලාභදායී නිෂ්පාදනයක් සඳහා දායක වීමත්, ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය උසස් කිරීමත් යන මූලික අභිප්‍රායන් සමඟම පාරිභෝගිකයා ඉලක්කගත කරගත් විශ්වාසනීය නිර්මාණශීලී විසඳුම් අප සතුයි."

Internet Marketing
අපගේ අන්තර්ජාල අලෙවිකරන උපදෙස් සැපයීමේ සේවාව ඔබගේ අලෙවිකරන කර්තව්‍යය සඳහා මහඟු රුකුලක් වනු ඇත.උපායශීලී සහ ක්‍රමවත් අන්තර්ජාල අලෙවිකරන ක්‍රියාවලියක් සඳහා අපගේ වෘත්තීයමය විශේෂඥයින් ඔබ සමඟ අත්වැල් බැඳගනිමින් කටයුතු කරනු ඇත

Web Developing
නිෂ්පාදනයක වටිනාකම රඳාපවතිනුයේ අලෙවි කිරීමේ හැකියාව සහ ඉලක්කගත පාරිභෝගිකයාට ඇති අදාලත්වය මතයි. අන්තර්ජාලය තුල අලෙවිකරන කර්තව්‍යයේදී එම නිෂ්පාදනයේ නිර්මිතිය සැකිල්ල සහ තොරතුරු පරිශිලනය වැනි දේ පාරිභෝගිකයාට පහසු වන අයුරින් නිර්මාණය විය යුතු බව අපගේ මතය යි


Social Media Optimization
විවිධ සමාජතල අතර පුද්ගලයින් සමඟ ගනු දෙනු කිරීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි අද වනවිට මහඟු මෙහෙයක් ඉටු කරයි.මෙම සමාජ වඩාත් ක්‍රියාකාරී, එකිනෙක හා ගනුදෙනු කරන මාධ්‍යයක් බවට පත් වී ඇති සේම මේ වන විටද සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.




ඔබට අපෙන් ලබා ගත හැකී සේවාවන්.......,


1. Web Developing & Designing
2. Online Advertising
3. Social Media Optimization
4. Search Engine Optimization
5. Web Analytic
6. Internet Marketing
7. Pay per click Marketing
8. Graphic Design
9. Web Hosting Solution
10. Website Maintains
11. eCommerce Shopping Cart System
12. Blogging System
13. Mobile Application Developing


ඔබට තව දුරටත් විස්තර සදහා අපගේ නිළ වෙබ් අඩවියට පිවිසිය හැක. මෙතනින් යන්න

Sunday, February 12, 2012

ඔහු එක ගුරුවරයෙකු පමණක් නොවේ...!

"දෙවියෝ වගේ ඉන්න මිනිස්සුන්ට මඩ ගහන්න එපා ඔයි...
ඔවා පලදෙනවා..
ඔහෙල හිතන් ඉන්නේ ඒ කවුරු කියලද..? එ මනුස්සයට දෙවියනුත් වදිනවා.
එහෙව් මිනිස්සුන්ටද, ඔයි මෙහෙම කරන්නේ....
වාහනයක ටයර් එකක් පිපිරුනත් ඒක බොම්බයක් වෙච්ච කාලයකුත් තිබුණා...., පිළිගත් සංවිධානවල වගකීමක් නිවරදි,සත්‍ය කරුණු පමණක් මහ ජනතාවට ඉදිරිපත් කරණ එක.

එකපාරටම මෙහෙම දෙයක් කියන්න වුනේ මේකයි..., මුලින්ම මෙහෙම පටන් ගන්නම්කෝ...
ජනක සර් කියන්නේ ගාල්ල, මාතර , තංගල්ල යන ප්‍රදේශවල සංයුක්ත ගණිතය උගන්වපු විශිෂ්ඨ ගුරුවරයෙක්.. සර් අපිට ගොඩක් ම ජීවිතය දිනන හැටි සර් ගේ ජීවිතයේ අත්දැකීම් උපයෝගි කරගෙන කියලා දුන්නා. ජනක සර් තරම් හොදට උගන්නන්න වෙන කිසිම ගුරුවරයෙක් ට බෑ.. ජනක සර් ගේ පන්ති ආපු අපේ හැම යාළුවෙක්ම  එකගයි ඒකට. අපේ ජනක සර් උසස් පෙළ කරන කාලේ දිස්ත්‍රික්කේ පළමු වැනියා සහ ලංකාවෙන්ම හතර වෙනියා  . සර් මොර‍ටුව විශ්ව විද්‍යාලයේ ඉංජීනේරු විද්‍යාව හැදැරීමට තේරුණත්, සර් ට ඉගැන්වීමට තිබූ ආසාව නිසා රුහුණු විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව ‍තෝරගත්තා .. සර් කියපු විදුහල්පතිතුමාගේ කතාව අපේ යාළුවන්ට මතක ඇති. ජනක සර් පන්තිවල ළමයින් වෙනුවෙන් කරපු කැපකිරීම කවදාවත් මුදලටවත්, මොනව දෙයකටවත් මිල කරන්න බෑ.. ඒ වගෙම සර් ගේ වටිනකම විස්තර කරන්නත් මේ වචන මදි.. ඇත්තටම ළමුන් කී දාහක්ට නම් ,ප්‍රමාණයක් නම් කියන්න බෑ !  නිවරදි මග පෙන්නුවද..... මට මේ ලිපිය ලියන විටත් සර් අපිට කියපුවා දෝංකාර දෙනවා වගේ ඇහෙනවා.. කවදාවත් ඒ කියපුවා අමතක වෙන්නෙ නෑ..සර් ගේ හැම ටියුට් එකක් පටන් ගන්නෙම වටිනා කියමන් වලින්. ගණිතය හදාරපු ගාල්ලේන් වගේම අනිත් දිස්ත්‍රික්ක වලත් කැම්පස් යන සිසුන්ගේන් 90% කට එහා ජනක සර්ගෙන් ඉගෙන ගත් අය.

මමත් මේ ඉන්න තත්වේ ඉන්නෙ ජනක සර් නිසා, නැත්නම් හොයාගන්නත් නෑ මෙහෙම එකෙක්.., මට උසස් පෙළ ගණිතයට හම්බෙච්ච A එකට ලොකු ශක්තියක් වුනේ සර්.පන්ති ගිය අනිත් හැමොටමත් එහෙමයි, මට මාරම ආසාවක් තිබුණා සර් ගේ අතින් පන්තියේ දී තැග්ගක් ගන්න. ඒත් මට කවදාවත් එකට අවස්ථාවක් හම්බුනේ නෑ.මට හැමවාරයකදීම වගේ ලකුණු දෙක තුනක් මදි වුණා. ඒ විතරක් නෙවෙයි අපිට උසස් පෙළ ඉවර වෙලා කැම්පස් පටන් ගන්නකම් ඉන්න කාලය ඇතුලත, සර් කැම්පස් වල පොදුවේ උගන්නන ගණිතය කොටසත් කිසිදු මුදලක් අය නොකර අපිට ඉගැන්නුවා. ඇත්තටම මෙහෙම කරන සර් ලා අඩුයි.. සර් සල්ලිවලට නෙවෙයි ඉගැන්නුවේ. අපි උසස් පෙළ ඉවර වුනයින් පසුවත් සර් එක්ක හිටියා ඒ කාලේ අනිත් වසර වල ළමුන්ගේ ටෙස්ට් පෙපර් බැලුවෙ අපි... අපේ ඉසුරු එහෙම සාක්ෂි ඔන්න.

ජනක සර් කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක් .. මෙ වගේ මඩ ප්‍රචාර ගහන්න එපා. සර් -Ms.c උපාධියත් පටන් අරගෙන යි තින්නේ. සර් ට උපාධි නැ කියලා කියන්න බෑ. සර් ට නියම උපාධිය දෙන්නෙ ළමයි.ලංකාවෙ නෙවෙයි මුළු ලෝකෙම තින  උපාධි මදී.සර් එච්චර වටිනවා. මන් අදහස් කරන්නේ ලොකු ලොකු වැඩ දාන් ඉන්න අයට වඩා තින පොඩි දෙයින් මහා සේවයක් කරන එක ගැන. කවුරු මොනවා කිව්වත් අපි සර් එක්ක ඉන්නවා,...
මේ ටික කියන්නේ මඩ ගහපු පුද්ගලයට දෙයක් ලියනකොට දැනගෙන , හරී දේ ලියනවා.වැදගත් මිනිස්සුන්ට ඒ තැන දීලා කතාකරන්න. රටේ අනාගතය හදන්න ඒ සර් වැඩ කරන්නේ. රටේ අනාගතයට හානිවෙන්න වැඩ කරන්න එපා..!!

(මෙය කඩේ යැමක් නොවන බව සළකන්න.... හිතට එකගවම ලීවෙමි.............. ඔහු එක ගුරුවරයෙකු පමණක් නොවේ...)

Friday, February 10, 2012

ගැහිලි ටිකක්...,

මංකොල්ලකාරයෝ..,

සෝමාලියාවේ මුහුදු මංකොල්ල කාරයෝ ගැන කට්ටිය අහල ඇති නේ? ලොකේ ඉන්න දරුණුතම මංකොල්ලකාරයෝ ටිකක්, ඇත්තම කතන්දරේ කිව්වොත් එකේ ඉන්නෙ කව්ද කියලවත් මොනම මිනිහෙක් දන්නෙ නෑ.. හැබැයි අර ජැක් ස්පැරෝ වගේ චරිත නම් නෙවෙයි ඉන්නේ, අහුවුනොත් හිරිකිතයක් නැතුව මාළු කපනවා වගේ කපනවා.ආයි එකේ හොදන්න දෙයක් නෑ.. අපේ මිනිස්සු ටිකකුත් ඔවුන්ගේ හිර කාරයෝ වෙලා කියලා කට්ටිය දන්නව ඇතිනේ.... ඔවුන්ව නිදහස් කිරිමට විශාල කප්පමක් ගෙවීමට සිදුව තියෙනවා. මොනවා හරි කරලා කට්ටිය ඉක්මනට බේර ගත්තොත් හොදයි...!! ඉදිරියේදි ඔය මංකොල්ලො කාරයෝ ගැන මා සොයාගත් විස්තර ඉදිරිපත් කරන්නම්.










 



අනිත් කාරණාව තමයි...., 
සත්‍ය සිදිවීමක් ඇසුරෙන් කියන්නේ, අපේ සමහර උදවිය ඉන්නවා... අපේ රට සංවර්ධනය කියන මාවතේ ගමන් කරනකොට ඒකට උගුල් අටවන අය. සමහර මිනිස්සු සුද්දෝ අපේ රටට එන එකට කැමති නෑ. අපේ රටේ දියුණුවේ වැදගත් පොයින්ට් එකක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ.ගොඩක් ‍රැකියා අවස්ථා ප්‍රමාණයක් අපේ තරුණ තරුණියන්ට හිමිවෙනවා.මා නිවරදි විය යුතුයි, රජය විසින් විශ්ව විද්‍යාල වලට මේ සම්බන්ධ අලුත් විශයයක්ද ඉදිරිපත් කරනු ලැබුවා.
අපි සියළු දෙනාම දන්නවා ටික කාලෙකට පෙර විදේශිකයකු ඝාතනය වුණා යම් සිදුවීමක් නිසා. ඒ සිදුවිමෙන්  පස්සේ විදේශිකයන් ජිවිත ආරක්ෂාව පිණිස නැවත පෙර ලා යන්නට පටන් ගත්තා.නමුත් දැන් වෙනකොට ඒ තත්වය සමනය වෙලා විදේශිකයන් සංක්‍රමණය වන තත්වෙකට පත්ව තියෙනවා.එත් සමහර අපේ බත් කන හරක් ඉන්නවා සුද්දන්ව බය කරලා එළවගන්න හදන අය. " ඇයි ඔගොල්ලෝ ආවේ , දන්නෙ නැද්ද ‍ටුවරිස්ට්ලා මරනවා මේ දවස් වල..,ඉන්න එපා මේ රටේ, කිසිම ආරක්ෂාවක් නෑ.. ,අපිත් ඉන්නෙ බයෙන්" මෙවැනි ප්‍රකාෂ කරමින් විදේශ විනිමයට හානිකරන එවුන් නැතිවද නොවේ.(සත්‍ය සිදුවීමකි). සංචාරක කර්මාන්තය වැ‍ටුනොත් වෙන පාඩුව ආයිත් කියලා නිම කරන්නද......?

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...