Tuesday, January 10, 2012

ප්ලීස්...!!

මට මෙකට උත්තරයක් දැන ගන්න ඔන .....

ඔයාලගේ උදව්ව ගොඩක් වටිනවා... දිගට ලියන්නෙ නෑ.. මේ කයි අහන්න තින්නේ......

කැතලික් කෙල්ලෙක් ,බෞද්ධ කොල්ලෙක් එක්ක යාළු වෙන එක වරදක්ද???
 නැතිනම්.., කැතලික් කොල්ලෙක් බෞද්ධ කෙල්ලෙක් එක්ක යාළු වෙන එක වරදක්ද??..

ඇත්තටම කියන්නේ අපේ ලොකු එකාත් එහෙමයි.......

සිතට එකගව අවංක උත්තරයක් ඕන..... ???

යාළුවනේ...... ලොකු පුරස්නයක්....??

23 comments:

  1. පිස්සු ද බන්!
    එහෙම වරදක් නෑ. ආදරය කරන දෙන්නට ඒක අවුලක් නැත්නම් අනිත් එවුන්ට තියෙන රුදාව මොකෑ.
    ආගමක් කියන්නේ මිනිස්සුන්ව යහ මගට ගන්න දෙයක් මිසක් මිනිස්සු බේද වෙන්න තියෙන දෙයක් නෙමේ.
    දෙන්නට කිසිම හිතේ කහටක් නැතුව පන්සලුයි පල්ලියි යන්න පුලුවන් නම් අවුලක් තියේ යෑ.

    ReplyDelete
  2. මමනම් වරදක් දකින්නේ නැත.ඒත් මධුරංග කියලා තියෙනවා වගේ ඒ දෙන්නටම පන්සල් වගේම පල්ලි යන්න පුලුවන්කමක් තිබිය යුතුයයි කියා හිතනවා.නැත්නම් ගොඩාක් වෙලාවය අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් කියා මම හිතනවා.

    නමුත් ඉතින් මේ මම හිතන විදිය විතරයි.ඔය මොකටත් වඩා වැදගත් වන්නෙ දෙන්නට දෙන්නා තේරුම් ගැනීමේ හැකියාවක් තිබීම බව මම විස්වාශ කරනවා.

    ReplyDelete
  3. පිස්සුද බං... ඕකත් ප්‍රශ්ණයක්ද?? ආගමකින් කෙරෙන්නේ මිනිස්සුන්ට හොද නරක කියා දීලා ඒ මිනිස්සුන්ට යහපත් කරන එක.. ඉතින් එහෙම දෙයක් කොහොමද ආදරයකට භාදාවක් වෙන්නේ..

    ReplyDelete
  4. මටත් නං වරදක් පේන්නෙ නෑ (අාදරේ කියන එක පොදුවේ වරදක් වීම හැර). අපේ පැතිවල නං ඉතිං සුලභව දකින්න ලැබෙන දර්ශණ නෙ! වෙනතැංවල තියන ගොංපාට් ම තමා මේ අවස්ථාවෙ තියෙන්නෙත්! :D

    ReplyDelete
  5. මධු අයියේ , දිනෙෂ් අයියේ මන් අසරණයි,.... කොහොම තෙරුම් කරන්නද? ඔලුවට මුක්ත්ම එන්නෙ නෑ... හිතාගන්නත් බෑ...

    ReplyDelete
  6. sithuwam - ස්තුති මේ පැත්තට ආවට. ..... මටත් හිතාගන්න බෑ..!!

    තනි අලියා - ආ... එහෙනම් අලි මලයගෙන් දැන ගන්න බැරි වෙන එකක් නෑ .. මොනව හරී...

    ReplyDelete
  7. කිසිම බැදිමකට ආගම,ජාතිය ප්‍රශ්නයක් නෙවෙයි.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා අක්කේ.. තෙරුම් ගන්නෙ නැති අයත් ඉන්නවා..!!

      Delete
  8. ආදරේ කරද්දී ආගම ප්‍රශ්නයක් වෙන්නේ නෑ බං... මම දන්නා දෙන්නෙක් ඉන්නවා , මුස්ලිම් කෙල්ලෙකුයි,බෞද්ධ කොල්ලෙකුයි.කිසිම අවුලක් නෑ.මාරම සතුටින්.දන්නවනේ ඉතින් මුස්ලිම් නීතිවල තරම.උන් දෙන්නා ඒකට මූන දෙන්න සුදානම්.දෙන්නගේ ආදරේ කොච්චර ඇත්තද කියන එක තමයි වටිනා දේ..නැතුව ආගමවත්,ජාතියවත් නෙවෙයි බං...

    ReplyDelete
    Replies
    1. සිරා කපල් එකක්නේ... .. මාගේ ආචාරය පුද කරා ඕන්...!!

      Delete
  9. මේ ප්‍රශ්නෙ හරිම සාපේක්ෂයි...සමහර වෙලාවට පිටින් පේන දේට වඩා ප්‍රශ්නෙ ගැඹුරින් තියෙන්න පුළුවන්...යාළු වෙන එක කෙසේ වෙතත් විවාහ වෙද්දි නම් මේ ගැන ගොඩක් හිතන්න වෙනවා...

    මොකද විවාහය කියන්නෙ පවුල් ජාල දෙකක් එකට එක් වීමක් නිසා..හදිසියෙ හරි අපි වැරදි තීරණයක් ගත්තොත් විඳවන්න වෙන්නෙ අපි ගොඩක්ම ආදරය කරන අය නිසා..

    මගේ අවවාදය නම් තනියම නැතිව යාළු වෙලා ඉන්න දෙන්නා කතා කරගන්න ඕනි ප්‍රශ්නයක්..අනික තනියම විසඳුම් හොයන එක භයානක වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. මට නම් එච්චර දුරට තේරෙන්නෙ නෑ අක්කෙ.. බරපතළයි කියල නම් දැනෙනවා..!

      Delete
  10. ආදරේ අවංකනම්, ඔව්වා කාටවත් කව්දාවත් ප්‍රශ්නයක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිතු... එත් දැන් පරක්කුයි.!!

      Delete
  11. dennama manussa wargayata iythinam kamak nehe

    ReplyDelete
  12. එතන කිසිම වරකක් නැහැ.වැරැද්ද තියෙන්නේ පුහු ආකල්ප තියෙන මිනිසුන්ගේ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට සමහර මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න බෑ මචං.....

      Delete
  13. මොන ආගමේ මිනිහගෙත් තියෙන්නෙ එකම ලේ , හැමෝම මිනිස්සු . ආදරය වගේ අති මානුෂීය දෙයකදී ජාති ආගම් භාෂා දේශ සීමා බේද නැ . කතෝලික /ක්‍රිස්තියානි බෞද්ධ/ හින්දු ආගම් වල අයට නම් විවාහයකින් පස්සේ එන සමාජීය ප්‍රශ්නත් අවමයි (දෙමල සිංහල ජාති ප්‍රශ්නය මිසක් ආගමිකව එන දෙයක් නෙවෙයි ) . හැබැයි පුතෝ උඹේ කොණට ආදරයක් තියේ නම් මුස්ලිම් කෙල්ලන්ගෙන් ඇත්වෙලා හිටහන් . හැමෝම මිනිස්සු තමයි ඒත් උන්ගෙ සංසකෘතියත් එක්ක මිශ්‍ර වෙන්න ලේසි නැ .

    ReplyDelete
  14. ම්ම්ම්ම්....ඒක වරදක් නෑ, ඒත් ඒ දෙන්න ම ඒක කතාකරලා විසඳගත්තා නම් තමයි හොඳ, එහෙම අවුලක් නැත්තම් අනිත් අයට ප්‍රශ්නයක් වෙන්න බෑ. හැබැයි ඔය තත්වය අපේ දරුවෙකුට උනා නම් අපි හිතන විදිය ඔයිට හරිම වෙනස්!

    ReplyDelete
    Replies
    1. ඒක තව පැත්තක්...අනේ මන්දා ලහිරු අයියේ..

      Delete
  15. සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි ඒ වගේම ජැක්සන් ඇන්තනි සහ බිරිඳ...... තව කට්ටියව මට මතක් වෙන්නේ නැහැ. ඔයාගේ ප්‍රශ්නයට ජීවමාන පිළිතුරු

    ReplyDelete
  16. එකනේ අයියේ... මන් අයියට කිව්වනේ කතාව.. අයියලා ගියපු ට්‍රිප් එකත් එන්න බැරි වුනේ එක නිසා..!

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...