Wednesday, August 31, 2011

ආදරයක තරම.......,

              {මේ කතාව, අවුරුදු 11 කට පෙර සිදුවු සිද්ධියක් සම්බන්ධයෙනුයි.  උපුටා ගැනිමක්.......,(සිදුවු කතාව ඇසුරින්)}
                                         "මට පොඩි කාලේ ඉදන් තිබුණු ආසාවක් තමයි එක එක අමුතු කතා එකතු කරන එක.එහෙම එකතු කරපු කතාවක් තමයි මෙක".......... ලංකාවේ ජිවත් වන සමහර ව්‍යාපාරිකයන් සමහර හේතුන් මත ඕස්ට්‍රේලියා වැනි රටවල් වලට සංක්‍රමණය වෙනවා. රොබෙකා සහ ඇන්ටන් මෙසේ සංක්‍රමණය වු ව්‍යාපාරික පවුලක්. ඔවුන් බටහිර ඕස්ට්‍රේලියාව ස්ථිර පදිංචියට තොරා ගත්තා.සිය ව්‍යාපාරික කටයුතු හොදින් දියුණු කර ගත් නිසා අඩු කාලයකින් ඩොලර් ලක්ෂ ගණන් ආදායම් ලබාගත්තා.ඔවුන් රත්‍රං මුතු මැණික් ව්‍යාපාරයන් සමගම ප්‍රසිද්ධ කැසිනො ශාලාවන්ද එහි යහමින් පවත්වා ගිය.
                රොබෙකා 47 ක් වයසතිය, ඇන්ටන් 49 හැවරිදිය. ඔවුන්ට පිළිවලින් 20, 18 වයසති පිරිකි ළමුන් දෙදෙනකුද වුහ.ඔවුන් ඉතා සතුටින් සාමයෙන් සිටි පවුලක් විය.එත් දිනකින් සියල්ල වෙනස් විය.රොබෙකා, ඇන්ටන් සති අන්තයන් හි කැසිනො ශාලාවට පැමිණ කැසිනො ක්‍රිඩාවේ නිරත වෙමින් ‍රැය පහන් වනතුරුම ඩොලර් විසි කරති.මෙසේ එන යන අතරතුර රොබෙකාට ජුඩ් හමුවන්නේ අහම්බෙනි.ජුඩ් ‍රැකියාවක් සොයා ගැනිමේ අරමුණින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වු කෙනෙකි.ඔහු ‍රැකියාව ලෙස  මේ ශාලාවෙ පිරිසිදු කිරිමේ අංශයේ සේවය කලේය.මෙම පවුලට හොදින් සේවය කිරිම නිසා රොබෙකා ,ඇන්ටන් ගේ අවසර ඇතුව සේවා ස්ථානයේ ‍රැකියා ලබා දිමට තිරණය කලාය.ජුඩ් ඉතා විශ්වාසව සේවය කල නිසාද, ව්‍යාපාරියන් දියුණු කිරිමට සැහෙන්න කැප වුන නිසාද,රොබෙකාගෙ නොමද විශ්වාසයට හා ගෞරවයට ඔහු පාත්‍රවිය.රොබෙකාගේ ගෞරවය කෙමෙන් කෙමෙන් ආදරයක් දක්වා පෙරලිනි,ජුඩ් ද ඇයට ආදරය කරන්නට වුයේය.

  ජුඩ් ගේ වයස 22කි. පුතුගේ වයසට වයසට ආසන්න වයසති ජුඩ්ට ආදරය කිරිමේ හේතුව ඇය නොදත්තාය.මේ සිද්ධිය ඇන්ටන් ට ආරංචි විය.ඔහු තරයෙ දෙදෙනාටම අවවාද කළේය.නමුත් පලක් නොවිය,සම්බන්ධය දුර දිග ගිය නිසා ජුඩ් ‍රැකියාවෙන් ඉවත් වන ලෙස දන්වනු ලැබිණි.ආදරයක තරම............ මැයි මස දිනක රාත්‍රියේ අලුත් පෙම් යුවල පර්ත් ගුවන් තො‍ටුපලින් ගුවන්ගතවී ලංකාවට පැමිණියේ නව ජිවිතයක් පටන් ගැනිමේ අරමුණි.මෙ ජිවිතය නිසා රොබෙකාට සැමියා, දරුවන් , ධනය සියල්ල අහිමි විය.
මේ අතර ජුනි මස දිනක ‍තෝරයාය ප්‍රදේශයේ කැලයකින් හමුවුයේ පිලිස්සි තිබු මොටර් රථයක් හා රියදුරු අසුනේ පිලිස්සි තිබු මළසිරුරකි.වාහනයේ චැසි අංකයෙන් අයිතිකරුවන් ජුඩ් හා රොබෙකා බව තිරණය කෙරිණි, එදින ජුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ,අනුරාධපුරයට ගිය රොබෙකා නැවත නොපැමිණි බවයි.....

                          to be cont: ......
             

3 comments:

  1. කතාව යන විදියට නම්....
    එක්කො ඕන නෑ...ඊලඟ කොටසත් කියවලම ඉමුකො...
    ඉක්මනට දෙන්න සහෝ....!!

    ReplyDelete
  2. හරි ඉක්මනට දෙනවා

    ReplyDelete
  3. හ්ම්ම්.. මම හිතන්නේ නම්,,.. ඒත් එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. බලමුකෝ මොකද වෙන්නේ කියලා..

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...