Wednesday, August 24, 2011

මරුම නින්ද....................




  මා හට අසන්නට ලැබු සිද්ධියකි මේ ..................,
 ඔහු පදිංචිව සිටියේ, කොටහේන ප්‍රදෙශයේ  මුඩුක්කු වලින් පිරි, ජනාකිර්ණ ස්ථානයකය.ඔහුගේ ‍රැකියාව වුයේ සොරකමයි.පොඩි පොඩි දෙවල් හොරකම් කරලා විකුණලා තමයි ,ඔහු දවස ගැටගහ ගන්නේ.වයස අවුරුදු 60ක් විතර කෙනෙක්....හැමොම දැනන් හිටියා මු හොරෙක් කියලා,
                                                කොටහේන පොලිසියට ලැබුණු ආරංචියකට අනුව ක්‍රියාත්මක වු නිලධාරින්ට දැක ගත හැකි වුයේ, බිත්තියකට හේත්තු වි මිය ගිය හොරා ගේ මෘත ශරිරයයි.බැලු බැල්මටම ඔහු නිදි යැයි පෙනුනද,ඇත්තටම මිය ගොස්ය.ඔහුගේ ටී ෂර්ටය තුලින් මතුවි තිබුනේ යකඩ උලකි., ඒ හා සබැදි ලනුවකින් ගෙල සිරවි තිබිණි.ඔහු මැරි සිටි ස්ථානයේ ලේ පැල්ලම් ද නොතිබිණි, ඒ අනුව ඔහු මිය ගොස් ඇත්තේ ගෙල සිර විමෙන් බව ඔප්පු කෙරිණි.නමුත් මෙය සිදුවි ඇත්තේ කෙසේද?............... මේය මිනිමැරුමක් ද? මොහු සොරෙක් නිසා  සතුරන් නොසිටියාම නොවේ.යකඩ උල පරික්ෂා කිරිමෙදි හදුනා ගත හැකි වුයේ,  කඩවල් වැසිම සදහා භාවිතා කරන යකඩ පට්ටමක් බවයි.(පලල් ලී පටි සහිත දොරවල් එකට යා කිරිමට ගන්නා).මේ පට්ටම නිසා ශරිරයට හානි වි නොතිබිණි.මිනිමැරිමක් නම් මෙවැනි දෙයක් මරණින් පසු කල යුතුය.කෙනෙකු තමාව මරන්නට තැත් කරයි නම්,ඔහු ඉන් ආරක්ෂා විමට පිලියම් යොදයි.නමුත් එවැනි සලකුණු දක්නට නොවිය.
                                                                                                                සිදුවීම මෙසෙ ය...... ඊට පෙර දින රාත්‍රි ඔහු කුමක් හෝ සොරකම් කිරිමේ අරමුණින් නිවසින් පිටත් ව ඇත.මෙවර ඔහු තොරාගෙන ඇත්තේ යකඩ පට්ටමයි.ඔහු එය සොරා ගෙන ඇදුම් තුලින් රිංගවා ඇගට සවිවන සේ තද කොට ඇත.ඒ සදහා ගෙල ප්‍රදේශය තොරා ගෙන ඇත.යකඩ පට්ටමේ ඇති මුදුවක් තුලින් යැවු රෙදි ලනුවකින් ඔහු ගෙල වටා දවටා ගෙන, සාර්ථකව සොරකම සිදුකර නිවස බලා යහතින් පැමිණියේය. නිවසට පැමිණි වහාම බිත්තියට හේත්තු  වි,බිම ඉදගෙන කෙටි නින්දක් (ඇලර්ට් එකක්) ලබාගත්තේ මහන්සිය නිසා විය යුතුය.ඔහු පට්ටම ඉවත් නොකලේ එදා රෑම ගණු දෙණු කිරිමේ අරමුණ නිසා යැයි නිගමනය කළ හැක.නමුත් ඔහු එම නින්දේදි ම අවාසනාවන්ත මරණයකට ගොදුරු වී ඇත.ඒ ගෙල වටා බැදි ලනුව නින්දෙදි සිරවිමක් නිසාය.
             
                                                                                                  මෙය අමුතුම ආකාරයේ සිය දිවි හානි කරගැනිමකි.................. එල්ලුම් ගහ හොරමක් කරන් ආවා නම් මිට වඩා හොද ය.මේ වැනි සිදුවිමක් වාර්ථා වි ඇත්තේ ලෝකෙ මුල් වතාවටය.එය ලංකාව තැබු වාර්තාවකි.ලොකෙටම එකයි, මොනවා කරන්නද කරුමේ තමයි.ඉතින් ලෝකෙ හොදම ඉනොවෙටර්ස් ලා ඉන්නේ ලංකාවේනේ කව්ද නෑ කියන්නේ? .නින්දෙදි පහසුවෙන් මරණය ලගා කරගත හැකි උපකරණයක්.ආදරය පුදලා පැරදුණු අය භාවිතා නොකරන්න,කිමද ඔවුන් නොනිදා මග බලන් සිටින නිසා.....!

3 comments:

  1. කතාව කට්ටියට තේරිලා නෑ වගේ....
    ( සත්‍ය සිදුවිමක්)

    ReplyDelete
  2. දිට්ඨදම්ම වේදනීය කරුමෙ වෙන්ටැති! :D

    ReplyDelete
  3. තනි අලියා - ආයි අහලා....... ඔහොම තමයි ඉතින්..

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...