Friday, September 7, 2012

කඳු පාර ඇත අයිනේ .. (මල කෙලියයි)


අද විචාරයෙන් හිතුවා කලාවට අදාල දෙයක් කථා කරන්න...,
 ඕන්න මෙහෙමයි...,

අපේ ඉස්සර කාලේ හිටියා හෙන සුප්‍රසිද්ධ ගායකයෝ..ආයි ඔරිජිනල්ම සෙට් එක. ඒ කට්ටිය නැත්නම් මේ තියෙන ප්‍රමාණයකවත් සංගීත කලාවක් ලංකාවේ ඉතිරි වෙන්නේ නෑ.. ඒ කාලේ හිටපු ගායකයන් ගේ වැඩි ගීත ප්‍රමාණයක් ලියවුනේ ස්ටෙජ් වලට . ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙදිකාවට..ඒ කාලේ හයිස් පීඩ් රිද්ම තිබ්බේ නෑ.. ලොකු වායින් කියලා තාක්ෂණයකුත් තිබ්බේ නෑ. ඒ වුනාට ඒ කාලේ හිටපු මිනිස්සුන්ට ඒ තිබ්බ තාක්ෂණය තමයි සුපිරි.., ඒ තාක්ෂණය භාවිතා කරල තමයි ඒ ගීත කියවුනේ.. ගායකයා ගේ හඬ වුනත් රිමික්ස් කරලා තිබුනේ නෑ.. සුපිරිසිදු ගායනයක්.. ඒ නිසාමත් වෙන්න ඇති මේ තාක් කලුත් ඉදිරියටත් ඒ ගීත ‍රැකිලා තියෙන්නේ .. ඇත්තම කියනව නම් විනෝද චාරිකාවක් ගියත් ඇහෙන්නේ ඒ කාලේ සින්දු. ..(අයියෝ ට්‍රිප් යන්න එපා වෙනවා .. ඒ සින්දු අහලවත් නෑ) ඇත්ත ඉතින් දැන් යන සින්දු වල ඔක්කොම මිනිස්සුන්ට මතක නෑ.. ඇයි කඩ්ඩෙනුත් ඒක කියනවනේ..

ඔන්න ඔහොම යන අතරේ දැන් ගායකයන් පරණ ගායකයන්ගේ සින්දු රිමෙක් කරලා එයාගේ කටහඩෙන් අලුත් තාක්ෂණයත් මුසු කරලා කියනවා. ඒක ඔරිජිනල් එකට වඩා හොද වෙන්නත් පුළුවන් නරක් වෙන්නත් පුළුවන්. ඒක එක් එක් කෙනා දකින විදිය . මොන දේ වුනත් සාපෙක්ෂයිනේ.... හැබැයි එහෙම සාපෙක්ෂයි කියලා අලුත් ගායකයෙක් එයාගේ කටහඩින්, අතීත සුපිරි ගායකයෙක් ගේ වටිනාම ගිතයක් ගැයුවා කියලා ඒ මනුස්සයට සින්දුව කාලා තව අනන් මනන් කියලා නිගා කරන එක වැරදි..මොකද.. ඒ මනුස්සයත් කරන්නේ තමන්ගේ උපරිම පුළුවන් කමින්..,බැරි නම් මිනිහා සින්දු කියන්න එන්නේ නෑනේ.. අනික පෙර ගායකයා ගායනය කියන විට ඒ සින්දුව දැනිච්ච නැති කෙනෙකුට, අලුත් ගායකයා ඒ සින්දුවම ගායනය කරන විට හද පත්ලටම (බොක්කට නෙවෙයි) දැනෙන්න පුළුවන්. අන්න ඒකයි රසාස්වාදය කියන්නේ.... ඒක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් .. එහෙනම් ඒක වැරදි කියලා දකින කෙනෙක් බොරුවට ඩයල් එකක් කියලා පෙන්නන්නැතුව කෑ නොගහ හිටියනම් හරි.. හැබැයි අලුත් ගායකයාගේ වගකීමකුත් තිනවා පෙර ගීතයේ වටිනාකම තියන්න..

මටත් මේ පොස්ට් එක ලියන්න, එහෙම වැදිච්ච සින්දුවක් තිනවා. ඇත්තටම මේ ගීතය පෙර ගායනා කරනවිට අහල තිබුනත් එච්චර දැනිලා තිබුන්නෑ..(රසස්වාදය වෙනස් නේ) කලින් මෙම ගීතය ගායනා කරන්නේ මිල්ටන් මහත්තයා..අලුත් රිමෙක් එක කියන්නේ නවක ගායකයෙක්. වැඩි හරියක් දෙනා බැනලා තිබුනා මේ ගිතය විනාස කරලා කියලා. නමුත් මට නම් එහෙම දැනිලා නෑ. මන් මේ ගිතය මුළු ‍රැයක් පුරාම, මේ ලිපිය ලියන තුරුම ඇහුවා. මට මේ රිමෙක් එක හොදට දැනුනා.  මන් හිතන්නේ කලින් සිනුත් මතක වුනා.. :O



අහලා බලන්න මේ ගීතය ..,
කඳු පාර ඇත අයිනේ
සද රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
මේ ගීත රාවේ ඇසේවා.. ජීවීතේ පුරා


  යාළුවී දෙවටේ එදා                   
 කී කතා අසා                             
පාළුවි හැඩුවා සදා 
මාරුතේ පවා..

කඳු පාර..

ගං ඉමේ මාදං කැලේ
පාසලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන්වෙලා ගියා

කඳු පාර.......................


           

19 comments:

  1. රීමෙක් එක සංගීතය පැත්තෙන් උපරිමයෙන් අලුත් වෙනස්ක් එක්ක කරල තියනවා , හැබැයි අර කසි කබල් විඩියෝව නොකල නම් තමයි වඩා හොඳ

    ReplyDelete
  2. හ්ම්ම් රිමික්ස් වලට බැන්නට පරණ සින්දුවට වඩා හොඳ වෙන වෙලාවලුත් තියනවා..

    ReplyDelete
  3. ඕනෙම දෙක දෙපැත්තක් තියෙනවා..පක්ෂ විපක්ෂ....ඕනෙම තැනක..අන්තිමේ අපි අපි තුලම හිතුවොත් සමහර අකමැති දේවල් තවත් සමහර විටක ගොඩක් හොද වෙනවා...ඒක නිසා මේ සින්දුව උනත් කෝණ දෙකෙන්ම බලන්න පුළුවන්...

    හොදයි ...
    නරකයි....

    ReplyDelete
  4. මමත් මේ සිංදුව අහලා තියෙනවා.. මට නම් එච්චරම නරකක් පේන්නේ නෑ මේකේ..

    ReplyDelete
  5. @බුවාගේ සිතුවිලි - අලුත් වෙනසේ අවුලක් නෑ කියල තමයි මටත් දැනෙන්නේ. ඒක නම් ඇත්ත රූප රචනය නම් ගැලපෙන්නෙ නෑ තමයි....

    ReplyDelete
  6. @සයුරි - අන්න ඒකනේ .. සයුරි අක්කත් එකඟයි කතාවට.. මන් දැක්කා මිනිස්සු බැනලා දාලා තිබ්බා .ඒක වැරදියි..

    ReplyDelete
  7. @ vishi dharsha - හී හි .. ඉතින් හැම දේම සමබර වෙන්න ඕන නේ.. දෙකම තිනවා. ප්‍රශ්නේ කියන්නෙ සමහර මිනිස්සු කරන්නේ එක පැත්තකින් විතරක් බලලා බොරුවට බුරන එක

    ReplyDelete
  8. @Dinesh - මන් දන්නවනේ ඉතින් අයියා ගැන,.. අයියා මේ දවස් වල මනමාල සිහියෙන් නිසා ඔන සින්දුවක් අයියට එල කිරිම තමා.. හී හී (ආදරේට)

    ඇත්තටම පට්ටට කියනවා සින්දුව

    ReplyDelete
  9. සාපේක්ෂයි නොවැ :)

    ReplyDelete
  10. මට නම් අලුත් සින්දු එච්චර දිරවන්නේ නෑ.. ඒවයේ තියෙන බෙලෙක්ක සංගීතෙයි රේඩියෝ වල මැද්දෙන් පනින නිවේදිකාවොයි එක්ක.... පරණ සින්දුවකට රැප ටිකක් දාලා ටකරන් සංගීතයක් දාලා, මැද්දෙන් ඉංග්‍රීසියෙන් හරි දෙමලෙන් හරි කෑලි ටිකක් මොනාද කියන්නේ කියලා තේරෙන්නෙ නැති තරම් වේගෙන් කියාගෙන යන එක නම් රීමේක් කියන්‌ෙන් මට හිතෙන විදියට ඒක සාර්ථක නෑ.....

    කොහෙදෝ තිබිච්ච පෙන් එකකින් මගේ කොම්පීතරේටත් මේ සින්දුව ඇවිල්ලා තිබුනා... වීඩියෝ තිබුන් නෑ... ඒක නිසා අහද්දි මේ මිල්ටන් නම් නෙවෙයි කියන එක ඇරෙන්න මට නම් ලොකු වෙනසක් දැනුන් නෑ.. පස්සේ බලද්දි මේක සංඛගේ කිව්වා.. කල්ප කාලයක් සින්දුවත් මං ටික දවසක් ආස කරපු සින්දුවක්... මේකේ පැරණි සින්දුවේ රසය තියෙන්නේ මිල්ටන්ගේ හඩ සහ පදවැලත් එක්ක....අලුත් එකේ රස තියෙන්නේ සංඛගේ හඩ සහ පදවැලත් එක්ක... එතකොට බැලුවම වෙනස් වෙලා තියෙන්නේ හඩ විතරයි.. වීඩියෝව බැලුවෙ නැති නිසා ඒක ගැන නම් මුකුත් කියන්න බෑ... තව එකක් මට පේන විදියට මේකේ බෙලෙක්ක සංගීතයක් නෑ.... බොහොම සෞම්‍ය සංගීතයක් නේ..

    ReplyDelete
  11. මටනම් මෙලඩිය හොඳනම් අහනවා ඕන එකක්..:)

    ReplyDelete
  12. සුලුතරයක් හොඳයි හැබැයි අර මිනිස්සු මහන්සිවෙලා හිට් කරපු සින්දුවක් රීමික්ස් කරලා කියලා එක රැයකින් ජනප්‍රිය වෙන ගායකයන්ගේ පැවැත්මක් නෑ

    ReplyDelete
  13. මට නං දෙකම සුපිරි!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. පරණ ඒවා නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. ඒකට අළුත් ඒවා. මෙලෝ රහක් නෑ...

    මේ ලඟදි සිංදුවක් ඇහුවා.. ආහ් නෑ ඇහුනා... බස් එකේදි...
    ඌ උගේ සිංදුව පුරාම එළුවෙක් වගේ බෑ බෑ බෑ කියනවා...

    ධනාත්මක චින්තන කාරයෙක්ට එහෙම ඇහුනොත් මූව උල තියෙනවා. ඇයි ඉතින් සෘණාත්මකවනේ හිතන්නේ !!

    ReplyDelete
  15. මම නම් ඔය සේරටම කැමතී .....හොද කටහඩක් තියෙන එකෙක් ලස්සන මෙලඩියකට සින්දුවක් කලොත් .. අන්න මගේ ටයිප් එකේ බුවෙක්

    ReplyDelete
  16. මිල්ටන්ගෙ කටහඬ අහන්නෙ නැතුව ඕක ඉස්සරවෙලා ම රිමික්ස් කරලා ඇහුවනම් හොඳයි කියලා හිතෙන්නත් තිබ්බා සමහරවිට...

    ReplyDelete
  17. @Hasitha- අර වැඩෙත් සාපෙක්ෂයි අයියේ

    ReplyDelete
  18. දෙකම හොදයි මටනම්....
    අලුත් වීඩියො1 නම් දැක්කේ මෙතනින්... එල

    ReplyDelete
  19. සින්දුවක් කියන්නෙ කීප දෙනෙක් එකතු වෙලා කරන නිර්මාණයක් මල්ලි..ඉතින් තව එක්කෙනෙක් ඒක ආපහු නිර්මාණයකට යොදා ගන්නවා නම් ඒක අචාරධර්ම වලට එකඟව සිදුවිය යුතු බවයි මගේ හැඟීම..

    මේ වගේ නිර්මාණයක් කනින් අහලා විතරක් රසවිඳලා ඒක අපූරුයි කියන්න අපිට අයිතියක් නෑ ප්‍රේක්ෂකයෝ විදිහට..මේ ආචාර ධර්ම රසවින්දනයට කෙලින්ම අදාල වෙනවා..

    උසස් රසවින්දනයක් ඇති තැන තමා සරු නිර්මාණ බිහිවන්නේ..

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...