Wednesday, July 25, 2012

රෙඩ් ලේබල්

අහා.. අද කියන්න හදන්නේ ෂොට් එකක කතාවක්.

අම්මා තාත්තා ළඟ ඉද්දි හොරාට බීලා තින කට්ටිය ඉන්නවන්ම් කියන්න බලන්න. එහෙම කට්ටියත් ඇති..  :D :D ඔන්න ඒ වගේ කතාවක් තමයි කියන්න හදන්නේ..!


මේ ළඟදි දවසක නෑදැ වෙන අයියා කෙනෙක්ගේ මඟුල් ගෙදරක් තිබුණා. අපේ ගෙදර කට්ටියත් ඒකට සහභාගි වුණා.අපේ අයියා කාරයත්..(ලොකු අම්මගේ පුතා. ) ඕකට ආවා. අපි දෙන්නා හිටියේ එක මේසේ.. ඉතින් දැන් එක එක කට්ටිය ඇවිත් අපිත් එක්ක කතා කරනවා.. ඒ වුනාට ඒ කතාකරන කට්ටිය කවුරුවත් මට මතක නෑනේ. පස්සේ තමයි අරුගෙන් දැන ගත්තේ කාගේ කවුද  කොහෙද කියලා.. එක වෙලාවකදි අපි හිටපු මෙසෙට නැදැයො ටිකක්  සෙට් වුණා. ඉතින් ඔය වල් පල් කතා කර කර ඉන්න අතරේ වෙල්කම් ඩ්‍රින්ක් එකටත් පස්සේ පොඩි ග්ලාස් එකකට දුඹුරු පාට මොනවද දාගෙන සර්වන්ට් කෙනෙක් ආවා.

"මේ ඔයි අර මොනවද??
මන් හිතන්නෙ වයින්, කැමට කලින් දෙන්නේ..!
ඒ තාත්තා ඉන්නවනේ දැක්කොත් හරි නෑනේ.."
ඔයි ඔක ගැහුවට මුකුත් වෙන්නෙ අනේ ඔක වයින් එකක්." එහෙම කියලා අයියා වයින් එකක් ගත්තා, මන් මුල් පාර ගත්තේ නෑ. මූ කොහොමත් ගෙදර දිත් වයින් පෙරන නිසා මූ අරක බිව්වා. දැන් මටත් ටිකක් දාගන්න ඕන.., ඉතින් මන් අර සර්වන්ට් අයියා දිහා අමුතු විදියට බලන් හිටියා. මිනිහට වැඩෙ තේරුණා වගේ මගේ ලගට ඇවිත් වයින් එකක් තියලා ගියා. වෙලාවටම අපේ එකා "බය නැතුව බොනවා ඔක ප්‍රශ්ණයක් නෑ " කිව්වා. මන් ඉතින් උගුරක් බිව්වා. කට්ටිය ඒ වෙලාවේ ෆන් එකෙනේ හිටියේ වැඩිය ගානක් නෑ. වැඩේ කියන්නේ අපේ තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ මන් අරකින් බිව්වා නිසා තාත්තත් එකේ රස බැලුවා.

ඔහොම ඉන්න අතරේ වෙන අයියා කෙනෙක් ඇවිත් මල්ලිලා "දෙන්න අර පැත්තට යමුද ඇහුවා". මම නම් ඉතින් ඕන වෙලාවක. ප්‍රශ්නේ තින්නේ තාත්තා දැක්කොත් අඩ්‍රසුත් නෑ..
" මේ අයියේ අර පැත්තට යමු....."
" මට නම් අවුලක් නෑ. . ඒත්  මට ඔහෙව එක්ක යන්න බෑ. .. යන්න ඕන නම් "තාත්තේ මන් බොනවා කමක් නැද්ද බිව්වට " කියලා අහලා අවසර අරන් එනවා.
"අනේ මෝඩ හරකෝ තාත්තගෙන් ඕක අහන්න පුළුවන් යෑ.."

ඔහොම ඉදිද්දි තාත්තා හිටිය නෑදෑ මාමලා එක්ක බාර් එක පැත්තට  ගියා.තාත්තා නම් ඔවා කටේ තියන්නේ නෑ.කතා කර කර ඉන්න ඕන නිසා යන්න ඇත්තේ..   ටික වෙලාවකට පස්සේ අයියයි  මායි ඒ පැත්තට රිංගුවා. මු මට ගන්න දෙන්නෙම නෑ,.. " මට බෑ චාටර් වෙන්න තාත්ත්ගෙන් අහලා එනව" .මු කියනවා.

හරි ඔහේ දාගන්නවකෝ.. මු ගිහින් රෙඩ් ලෙබල් එකේන් දාගෙන මෙසෙන් ගිහින් වාඩි වුනා. මමත් පොර වගේ මුලින් කෝක් විතරක් දාගෙන බයිට් එකකුත් අරගෙන ඒ මෙසෙන් වාඩි වුනා.

" මේ ඔය මොනවයි බොන්නේ" තාත්තා ඇහුවා. " ආ මෙන්න තාත්තේ කෝක් , ටිකක් ඕනද??  ඔය අතරෙම අම්මත් එතනට ආවා. "මෙන්න මේ ගොල්ලෝ. ආ තමුසෙත් මෙතනද ඔය මොනවයි?? "නෑ අම්මේ මේ කෝක්.." මන් එහෙම කියලා අම්මට ග්ලාස් එක දුන්නා .අම්ම උගුරු දෙකක් බීලා ආ කෝක් නේ.." කියලා ආයි ඇතුලට ගියා.


ඊට පස්සේ මන් තව කෝක් එකක් දාගෙන එන්නම් කියලා ගිහින් රෙඩ් එකෙන් හොදට දාන් කොක් චුට්ටක් දාගෙන  ලස්සනට ගැහුවා." සැක හිතන්න දෙයකුත් නෑ.. අවුලකුත් නෑ..

30 comments:

  1. බේබද්දො වෙන්න හදනවද යකෝ !

    ReplyDelete
  2. රෙඩ් ලේබල් චුට්ටක්වත් ඉතුරු නැද්ද කියලා අහන්නත් හිතෙනවා. ඒත් මොකද්ද මොකද්ද වගේ.... :)

    ReplyDelete
  3. ඔහොම ෂේප් එකේ කෝක් එක්ක ෂොට් එකක් දාගෙන පටන් ගත්තම තව ටික කාලෙකින් කරුමක්කාර බේබද්දෙක් වෙයිද දන්නෑ. කෝකටත් ලොකු අම්මගේ පුතාගෙන් පරිස්සම් උනොත් හොදයි වගේ...

    ReplyDelete
  4. අනේ අනේ කරන වැඩ. :)

    ReplyDelete
  5. කොක් එපා බං අමුවෙන් පට්ට

    ReplyDelete
  6. ඒකත් මරු ක්‍රමේ නොවැ
    කස්ටිය ඉස්සරහ බය නැතුව බොන්න පුළුවන්
    අපි ඕවගේ පාවිච්චියක් නැති හින්දා වැඩක් නෑ :D

    ReplyDelete
  7. එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.....................................:/

    ReplyDelete
  8. අනේ අනේ කොල්ලෝ. මොකක්ද මේ කරගන්න යන්නේ ???

    ReplyDelete
  9. sAm(සෑම්)- නැ නෑ.. අයියේ කලා තුරකින්නේ.. හී හී හී

    ReplyDelete
  10. අනේ මන්දා
    රැවටෙන්නේ කවුද කියලා මට නම් සැකයි ජනියා..

    ReplyDelete
  11. @මධුරංග - අයියා එදා 18 සන්නිය දවසේ කිව්වානම් අයියට සෙට් කරලා දෙනවනේ,, හී හී :D :D :D ඉතුරු වුනා.. කොහෙද ආරක්ෂක අංශ මැද නේ බිව්වේ

    ReplyDelete
  12. @හිරු - හී හී.. මද්‍යපමා..... ඔව් ඒක නම් ඇත්ත හිරූ අනිත් හැම දෙයකින්ම අයියගේන් පරිස්සම් වෙන්න ඕන.. හී හී ..

    ReplyDelete
  13. @නිසුපා - අක්කේ එක පාරයිනේ.. හී හී ..ටිකක් මොන වගෙද බලන්න හිතුනා.. :)

    ReplyDelete
  14. @raj - අන්න එල කොල්ලෙක්.. හී හී පට්ට

    ReplyDelete
  15. @අවතාර් - ඒකනේ වැඩේ සිම්පල්.. :D :D

    ReplyDelete
  16. @හිරුහිමාවී - හී හී .. ඇයි ඒ?? වෙලාවට ළඟක හිටියේ නැත්තේ :D

    ReplyDelete
  17. @Hasitha - අයියෝ එහෙම නෑ අයියේ.. එදා විතරනේ...

    ReplyDelete
  18. @රූ.... - හරි අක්කේ හරි... ආයි නෑ...

    ReplyDelete
  19. ස්ස්ස්....ස්ස්.. ඕව කට්ටියට කියල දෙන්න එපා..!

    ReplyDelete
  20. miyo ra bila lol

    ReplyDelete
  21. අපි අමධ්‍යප නේ.. :)

    ReplyDelete
  22. මම අයියගේ වෙඩින් එකේ බෙස්මන්ට් ට හිටපු දවසේ ඔය වගේ තමා. හෙනම ගේමක් දීලා ටිකක් බිවුවේ..

    ReplyDelete
  23. @ඇනෝ. - මොකක්ද බොල ඒකේ තෙරුම.. ඇයි තල්මස්සු රා ගහන හැටි දැකලා නැද්ද??? :P :P :D

    ReplyDelete
  24. @වීපොකුර - අප්පා..., ඒ කත් ඇත්තනේ පොඩි කට්ටිය පුරුදු වෙනවනේ.... SsZzzzzzzzzz

    ReplyDelete
  25. @සයුරි - ඇයි අක්කේ එහෙම කිව්වේ?????
    එක පාරයිනේ.. ඕක මොකක්ද... දෙදාස් ගානක එකක් ..මොන සික් ද??

    ReplyDelete
  26. @Dinesh - අහන්නත් සතු‍ටුයි.. වෙඩින් එක දවසට මොනව හරි කරමු අයියේ නේ??

    ReplyDelete
  27. @අසරණයා - ඔය ඉන්නේ ප්ලේයර්ස් ලා.. එලම තමා...

    ReplyDelete
  28. කෝක් කිව්වෙ ..... කාබන්ද? නැත්තං................. :D :D :D

    ReplyDelete
  29. @තනි අලියා- ඔය කිව්වේ මෝඩයා.. සැන්ඩි කරන්න කාබන් දනවද මෝඩයෝ.. හී හී හී හී'
    ඒ කොකා කෝලා.. මූට කෙමිස්ට්‍රි වැඩි වෙලා වගේ

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...