Friday, April 27, 2012

Java සරලව (3)

ජාවා කේතනය...,

අපි කලින් පාඩම් වලින් ජාවා ක්‍රියාත්මක වන ආකාරයත් වැඩ කරන ආකාරයත් ඉගෙන ගත්තා. මෙම පාඩමින් ජාවා කේත හා එවායින් සිදුවන දේ ඉගෙන ගනිමු.

පහත ඇති කේතය බලන්න...,
     class Example1{
public static void main(String args[]){
System.out.println("I'm the one");
}
}


මෙම කේතය, notepad එක විවෘත කරගෙන එහි type කරන්න.ඉන් පසුව එය Example1.java යන අකාරයට පරිගණකය තුල තමාට පහසු තැනක සුරකින්න. අනතුරුව cmd එක ලබාගෙන java ලෙස type කර enter  කරන්න.එවිට ජාවා හි ඇති දෑ ඔබට නිරික්ෂණය කල හැක. ඉන් පසුව ඔබ  Example1.java  එක සුරකි තැනට cmd එක ආදාරයෙන් ගොස්, cmd හි javac  Example1.java  ලෙස type කර enter කරන්න.එවිට එම ස්ථානයෙ ම   Example1.class  එක සැදි ඇති ආකාරය බලා ගත හැක.නැවතත් cmd හි java  Example1 ලෙස type කර enter කල විට අදාල ප්‍රථිඵලය නිරික්ෂණය කල හැක. එලෙස පහත කේතන ද සිදු කර බලන්න.

class Example2{
public static void main(String args[]){
System.out.println("My name is ......");
}
}


class Example3{
public static void main(String args[]){
System.out.println("abc");
System.out.println("abc");
System.out.println("abc");
}
}


මෙහි අප javac ලෙස දෙනුයේ අප ලියු source code එක byte code බවට compile කර ගැනිම සදහා දෙනු ලබන විදානයයි. ඉහත ක්‍රම මගින් අපට අවශ්‍ය දෙයක් නිරුපනය කරවා ගත හැක. println යෙදිම මගින් new line එකක අදාල දැ print වන අතර print පමනක් යොදා ඇති නම් එම පේළියේම  නිරුපනය  වේ.


integers හා variables
පහත කේතය සලකා බලන්න.

class Example4{
public static void main(String args[]){
int x;
x=100;
System.out.println("x");
}
} // {}නිවරදිව යොදන්න


 මෙහිදි කේතය ක්‍රියාත්මක කල විට x අකුර print බව නිරික්ෂනය කල හැක. නමුත් අප මෙහිදි x සදහා  100 යන අගය ඇතුලත් කර ඇත.එය පරිගණකයේ අදාල ස්ථානයේ x නම් variable name එකක් යටතේ සු‍රැකී ඇත. මෙහි ("x") වෙනුවට (x) ලෙස ලබාදි print කලවිට x හි අගය  නිරික්ෂණය වේ.

එසේ නම් පහත කේතනය සිදු කර අදාල ප්‍රතිපලය ලබා ගන්න...

class Example4{
public static void main(String args[]){
int x;
System.out.println(x);
}
}

ඊළග පාඩමින් හමුවෙමු.....!!

3 comments:

  1. එළතමා! ඔහොම යං! :)

    ReplyDelete
  2. එල එල නියම වැඩක් පටන් අරගෙන තියෙන්නේ.

    ReplyDelete
  3. font size wenas karana gadget eka weda karanne netha.

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...