Tuesday, March 27, 2012

Java සරලව

ජාවා තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්න . සරලයි ලෙසි යි. ඇත්තටම ජාවා පාඩම් හැම තැනම එක එක විදියට තිනවා.තමන්ට ගැළපෙන විදියට අදාල දේ, තෙරුම් ගත යුතුයි. ජාවා ගැන ලියන්න හිතුවේ අපේ කට්ටියට පහසුවක් වෙයි කියලා දැනුන නිසයි.

කැම්පස් එකේ ඉන්න යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතනවා. දන්න කට්ටියත්  ඇති. මුකුත්ම නොදන්න කෙනාටත් දැන ගන්න පුළුවන් විදියට කියන්නම්.

Computer programme  යනු කිසියම් කාර්යයක් කර ගැනීම සදහා සැකසු INSTRUCTIONS සමුහයකි. එය නිශ්චිත පිළිවලකට සකසා ඇති ද නම් එයට පරිගනක භාෂාවක් ලෙස හැදින්විය හැකියි.


ජාවා යනු පරිගණක භාෂාවකි.එය මුලින්ම හදුන්වා දුන්නේ "ජේම්ස් ගොසලින්" විසින් ය. ජාවා ,C++ වලට සමාන කමක් දැක්වුවද ,ඒ හා සමාන අසමානකම්ද ඇත. ජාවා, "ඕක්" යන පරිගනක භාෂාවේ දියුණු අවස්ථාවක් ලෙස ද හැදින්විය හැකිය.   ජාවා මගින් අපට බොහෝ ගණිත ක්‍රම, පරිගණක ක්‍රියාත්මක කිරීමට අදාල පරිගණක මෘදුකාංග නිපදවා ගැනිමේ හැකියාව ද පවති. දැනට ලෝකයේ බහුලවම භාවිතා වන පරිගනක භාෂාවක් ලෙස හැදින්විය හැක.

ජාවා ඇතුලත් කිරිම..
ජාවා පරිගනකයට ඇතුලත් කිරිම සදහා Java jdk tool kit install කර ගත යුතුය. එය ඔබ සතුව නොමැතිනම් මෙම ස්ථානයෙන් බා ගත හැක.
1. පළමුව සාමාන්‍ය ආකාරයට බා ගත් tool kit එක install කරගන්න.(.exe ඩබල් ක්ලික් කිරිමෙන්).
2. එසේ අවශ්‍ය පියවර සිදු කිරිමෙන් පසු Windows හි ඇති cmd එක විවෘත කරගන්න  ,  (search- type cmd)
3. පසුව පරිගනකයේ කැමති තැනක ෆොල්ඩර් එකක් සාදා ගන්න. එය තුලට cmd 1 භාවිතා කරමින් පිවිසෙන්න.(cd යන ආකාරයට)
4. ඉන්පසුව එහි notepad name.java  ලෙස කැමති නමක් යොදා ගනිමින් notepad 1 විවෘත කරගන්න.නමුත් එය නිවරදිව  .java ලෙස සු‍රැකිය යුතුය.
5.පසුව එම notepad තුල අපට අවශ්‍ය java source code  නැතිනම් ක්‍රම ලේඛනය සිදු කර ගත හැක.
(ජාවා මුලින්ම පටන් ගන්න අය notepad  යොදා ගැනිම පහසු වේ)

සිද්ධාන්ත සමග 2වන කොටසෙන් හමුවෙමු

29 comments:

  1. මට ඒ දවස් වලත් තේරුනේම නැති දෙයක්නේ මේක..

    ReplyDelete
  2. මාත් සෙට්වෙනව අලුත් පංතියට.

    ReplyDelete
  3. එළ එළ එළ :D :D :) :) <3 <3 <3

    ReplyDelete
  4. මාත් එනවා පංතියට

    ReplyDelete
  5. නියමායි නියමායි......ඕං අද ඉඳන් හැමදාම එනවා මාත්

    ReplyDelete
  6. @පිසාචයා උබ කාලෙකින් බන්.. පෙරාදෙණිය පැත්ත සුපිරි ඇති නේ... එල එල

    ReplyDelete
  7. @රාජ් නියමයි නියමයි.. ආවට ස්තුතියි

    ReplyDelete
  8. @Dinesh බලන්නකො අයියට මන් ලියන එක තෙරෙනවාද කියලා?

    ReplyDelete
  9. @බින්දු නියමයි නියමයි.. ස්තුතියි

    ReplyDelete
  10. @සිත්රූ සිහින නියමයි නියමයි.. මටත් මගහැහුරුණු දෙයක් තිබුනොත් කියන්න..

    ReplyDelete
  11. @Priyanka ඔකේ මචන්... තැන්කු වේවා..!!

    ReplyDelete
  12. @ගැමියාගේ පත් ඉරුව හොදයි නියමයි නියමයි... ඉලග ටික ඉක්මනට දාන්නම්

    ReplyDelete
  13. අනේ මන්දා... මට නම් ඇල්ලුවෙ ම නැති බාසාවක්. පුළුවන් නම් ගොඩදාන්න මාව!

    ReplyDelete
  14. දිගටම ලියනවා නම් මල්ලි හොඳ වැඩක්. oop වෙනකම් අපිට තියෙනවා මේ semester එකේ වගේ මටත් කුප්පියක් දාන්න වෙලාවක් සෙට් වෙන්නේ නැති වෙයි. ඒ නිසා දිගටම ලියන්න.

    ReplyDelete
  15. @ලහිරු හරි අයියා... අවුලක් වුනොත් කියන්න,,,.....

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. @pubudu nawarathna හරි පුබුදු අයියේ . මාත් දන්න ටික ලියන්නම්..වැරදුනු තැනක් තිබුනොත් කියන්න අයියේ.. ... :) :)

    ReplyDelete
  18. යනු කිසියම් කාර්යයක් කර ගැනීම සදහා සැකසු INSTRUCTIONS සමුහයකි.....
    මෙහි යනු කියන්නේ මොකද්ද?
    අද තමයි ඔයාගේ ලිපිය කියෙව්වේ
    ජාවා ඉගෙන ගන්න කලින් ජාවා වල ඉතිහාසය පොඩ්ඩක් කිව්වොත් හොඳයි වගේ. ගොස්ලින් ගේ Green Team එක තමයි මුලින්ම ජාවා හඳුනවා දුන්නේ. එහි 1.0.2 වන සංස්කරණයට දාන්න නමක් හොය හොය ඉද්දි අවන්හලකදි ජාවා කියන කෝපි වර්ගයක රස බැලීමට මේ අයට ලැබී තියෙන්නේ. ඉන්පසුවයි ජාවා 1 කේත නාමය ඕක් ලෙසින් 1996 ජනවාරි මාසයේ 23 වෙනිදා ලොවට දායාද වන්නේ දැනට පවතින නවතම සංස්කරණය වන ජාවා 7 හි කේත නාමය ඩොල්පින් කියා හඳුන්වනවා. එහි 3වන යාවත්කාලීන සංස්කරණය 2012 පෙබරවාරි 14 වෙනිදා එළි දැක්වුවා.

    ජාවා මුලින්ම ඇරඹීම සඳහා පථ සකස් කිරීමක් කල යුතු වෙනවා. එහි ස්ථිර ක්‍රමය ගැන ලිපියක් මම ලියලා තියෙනවා ඒක ඔයාට අවුලක් නැත්නම් මම මෙතන ලින්ක් එක දාන්නම්. නැත්නම් ඒ ගන හිමින් කථා කර ගෙන යන්න. සුභ පතනවා. වැඩේ හොඳයි. මම කලින් කිව්වා වගේ සතියකට ලිපි දෙකක් වත් දාන්න නැත්නම් ඉවර කර ගන්න ලැබෙන් නෑ.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. @pubudu nawarathna ඔව් අයියේ එතන එන්න ඕන computer programs යනු කියලා. මගේ අතින් එක හැලිලා . හදන්නම් එක.

    එක හොදයි අයියේ , ජාවා ආරම්භය ගැන වැඩිය ලියන්න හිතුවේ නෑ.. ඉක්මනටම programs පැත්තකට අත තියන්න හැදුවේ, තියරිත් එක්ක.. අයියා ජාවා හැදුනු හැටි දැම්ම එක හොදයි. අර ලින්ක් එකත් දාන්න අයියේ .. මමත් ඉළග කොටසින් පාත් එක හදන හැටි ලියන්න හැදුවේ

    ReplyDelete
  21. ජාවා මුලින්ම් ඉගෙන ගන්නකොට නෝට් පෑඩ් එක පාවිච්චි කරන එක ගොඩක්ම හොදයි.

    ටිකක් විතර හුරු උනාම නෙට්බීන්ස්, ඉන්ටෙලිජේ අයිඩියා වගේ ටෙක්ස‍්ට් එඩිටර් එකක් පාවිච්චි කරන එක හොදයි.

    ආහ්... වින්ඩෝස් නෝට්පෑඩ් එක වෙනුවට Notepad++,SciTE පාවිච්චි කරන්න. ඒකත් නෝට්පෑඩ් එකක්ම තමා. ඒත් සින්ටෑක්ස් හයිලයිට් වෙලා පෙන්නනවා.

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...