Saturday, March 31, 2012

ජාවා පාත් සහ ක්‍රියා කිරිම

හරි ... එදා අපි දැන ගත්තා ජාව, අපගේ පරිගණකයට install කරගන්නේ කොහොමද කියලා. අද ලියන්න හදන්නේ ජාවා අපගේ පරිගණකයේ වැඩ කරන හැටි. ජාවා දැම්මයින් පස්සේ අපි ජාවා සදහා පාත් එකක් සැදිය යුතු වෙනවා. එය සාදන ආකාරය පහත රූප මගින් තේරෙවි. එමගින් තමයි අප අදාල programme එක Run වීමට අවශ්‍ය දත්ත, ගැජට් ලබා ගැනීම හා ඇති ස්ථානය තීරණය කරන්නේ. තව සරලවම කිව්වොත් codes, ජාවා file එකක් හරහා run කිරිමට, අප ජාවා install කර ඇති ස්ථානය පරිගණකයට පෙන්වා දිමක්.
ජාවා වලට පාත් එක සැදිමට මෙමෙ ක්‍රමය භාවිතා කල හැක.
පළමුව Desktop එකහි Right Click කිරිමෙන් ලැබෙන dialog box එකේ  personalize මගින් පහත window එක ලබා ගන්න.

ඉන්පසුව මෙහි වම් පස ඇති Advances System settings වෙත පිවිසෙන්න. එවිට පහත ආකාරයේ window එකක් ලැබෙවි.

අනතුරුව මේ properties එකේ Environment Variables මත click කරන්න. එවිට පහත ආකාරයෙන් Environment Variables එකක් ලැබෙවි.

පසුව මෙහි දක්වා ඇති පරිදි system variables එකේ path වෙත පිවිස edit යතුර click කරන්න.
එවිට පහත ආකාරයේ box1 ලැබෙවී.

හරි දැන් වැඩේ සම්පුර්ණෙන්ම පාහේ ඉවරයි. ඔගොල්ලන්ට දැන් කරන්න තින්නේ ඔගොල්ලො java toolkit එක install කරපු තැනට ගිහිල්ල ,එහි ඇති bin file1 ඇතුලට ද ගොස් ඒ file එකෙ location එක copy කරලා රූපයේ පරිදි paste කිරිමයි.
(ex- මම install කර ඇත්තේ D partition එකේ java jdk කියල file එකක නිසා රූපයේ පෙනෙන ආකාරයෙන් මට location1 පැමිණ ඇත.ඔබට ජාවා Run වන බව නිසකවම දැන ගැනිමට අවශ්‍ය නම් cmd එක ලබා ගෙන java ලෙස type කර enter කර බලන්න.එය ක්‍රියා කරන ආකාරය ඔබට දිස්වේ.

හරි...., දැන් අපි coding ගැන බලමු.
මුල්ම පොස්ට් එකේ සදහන් කරා වගේ notepad open කරලා අරගෙන අපි අපගේ කේතය ලිවිමට අවශ්‍ය වෙනවා.එසේ අපි ලියන කොඩ් වලට source code ලෙස හදුන්වන්න පුළුවන්. එම කොඩ්ස් human readable නැතිනම් මිනිසාට තේරෙන ආකාරයෙන් ලියන කොඩ්ස්. එය තේරුම් ගැනීමේ හැකියාවක් පරිගණකය සතුව නැහැ. අපට සිදුකිරිමට අවශ්‍ය කාර්යය යම් නිස්චිත ක්‍රමයකට ලියා ගැනිම තමයි මෙහිදි සිදුකරන්නේ.නමුත් මෙහිදිද මෙය ලිවිය යුතුවන ක්‍රමයක් තිබෙනවා.. ඒ ගැන අප ඉදිරියේදි බලමු.
අපි එසේ ලියන ලද කොඩ්ස් පරිගණකයට තේරුම් ගැනිමට හැකිවන පරිදි හැරවිය යුතු වෙනවා. එයට  convert/ compile කිරිම  ලෙස ද හදුන්වා දිය හැකියි. එසේ හැරවීම සිදු කරන්නේ අපි ජාවා install කිරිමෙදි ඒ සමග install වෙන java compiler එකකින්. එසේ compile වීමෙන් පසු ලැබෙන කොඩ්ස් වලට byte codes ලෙස හදුන්වනවා. ඒවා කොහෙත්ම අපට නම් තේරුම් ගැනිමට අපහසුයි.එය human readable නැහැ. එය තේරුම් ගැනිම ජාවා වල ඇති Java virtual machine(jvm) මගින් සිදු කරයි.ඉන් පසුව එම code 1 අපගේ පරිගණකයේ ඇති cmd වෙත ගොස් අප සැපයු කාර්යය සිදුකරයි.  

පහත රූපය බලන්න....

මෙහි අප ලියන source code එක name.java ආකාරයෙන් සුරකිය යුතුයි. compile වීමෙන් පසුව ලැබෙන bytecode එක ලැබෙන්නේ classname.class කියන නමින්.ඒ වෙනසින් අපට source code එක හා bytecode එක වෙන් කර හදුනා ගන්න පුළුවන්.

යාළුවනේ ඔගොල්ලන්ට තේරෙවි ජාවා වැඩ කරන කොට පොඩි රවුම්ක් කරකැවෙනවා. ඒ කියන්නේ process වෙන පියවර ගනන වැඩි. ඒ කියන්නේ ජාවා ටිකක් slow.

coading වලින් හමුවෙමු..

17 comments:

  1. මචන් ටෙම්පලේට් එක අවුල්.. ෆේස් බුක් කමෙන්ට් වල ටෙක්ස්ට් කලර් එකත් කලුපාට නිසා පේන්නෙ නෑ....

    ReplyDelete
  2. ජාවා පාඩමක් පටන් අරගෙන වගේ..හොඳයි හොඳයි

    ReplyDelete
  3. @චතුර බුද්ධික එකේ කිසිම අවුලක් නෑ.. එක හදන්න ඔන බුකියේ කොඩ් එකෙන්මයි. එක පිටින් වෙනස් කරන්න බෑ.මන් කෙලින්ම comment box එක අරන් තින්නේ. මේ xml එක මන් හදලා edit කරපු එකක්.

    ReplyDelete
  4. කියෙවුවා.. මේ මගෙත් හැමතිස්සෙම වැටෙනවා ජාවා එක අප්ඩේට් කරන්නයි කියලා..

    ReplyDelete
  5. ජාවා ටිකක් ස්ලෝ! අැත්ත! :)
    ගොඩක් ස්තූතියි! :)

    ReplyDelete
  6. මටත් ඉස්සර ඕව කරපුව මතක් වෙනව. මුලින් මුලින් නෝට් පෑඩ් එකේ ගහන්නයි, ගහපුව රන් කරන්න තිබ්බ අමාරුව. ප්‍රොජෙක්ට් කරන කාලේ වෙනකොට නෝට් පෑඩ් එකෙන් නෙට්බීන්ස් වලට මාරු උනා. සිම්පල් ප්ලෑන් එකක්.

    ReplyDelete
  7. ජාවා අනේ මන්දා...........

    ReplyDelete
  8. http://www.pubudunawarathna.blogspot.com/2011/03/blog-post.html

    මේ මම මීට වසරකට විතර කලින් දවසකින් විතර හදපු පොඩි මෘදුකාංගයක්. ජාවා ඉගෙන ගෙන මේ වගේ දේවල් නෙමේ මීට වඩා ගොඩාක් ලොකු දේවල් කරන්න පුලුවන් කියන එක පෙන්නන තමයි මේක මම මෙතන දැම්මේ.


    ජාවා path එක හදන ලින්ක් එක මෙන්න
    http://www.pubudunawarathna.blogspot.com/2011/03/set-java-pathpermenent-method.html

    ReplyDelete
  9. @සයුරි අක්කට නම් ඉතින් ජාවා නතින්... ගෙමක් නැ අක්කට නම්

    ReplyDelete
  10. @Dinesh නෙට් ගැහුව ගමන් එනවා.. මාර වදයක් නේ වෙලාවකට

    ReplyDelete
  11. @තනි අලියා මේ ගොල්ලො නම් ඉතින් ජාවා කප්පිත්තොනේ.. නේ අලී...

    ReplyDelete
  12. @දූපත් වැසියා ඔව් නේට් බින්ස් වල නම් පට්ට ලෙසි මේ වැඩේ...

    ReplyDelete
  13. @නිසුපා අක්කලට ඉති ජාවා මොනවද නේ. කැම්පස් එකේ පට්ට ගහලා ඇත්තේ ජාවා

    ReplyDelete
  14. @pubudu nawarathna නියමයි අයියේ වැඩේ..... ලින්ක් එකටත් ස්තුතියි. මොනව හරි තියේ නම් ඇතුලෙදි අයියගෙන් අහගන්න පුළුවන්නේ...

    ReplyDelete
  15. මට මතකයි ජාවා ප්ලැට්ෆෝම් ඉන්ඩිපෙන්ඩන්ස් එකක් ගැන උගන්වද්දි කියනවා. ඒක නම් හරියටම මතක නෑ.

    වින්ඩෝස් වල පාත් එක සෙට් කරන විදිහට වඩා ලිනක්ස් වල පාත් සෙට් කරන ක්‍රමය වෙනස්. ඒක ගැනත් පොඩ්ඩක් කියන්න පුලුවන් නම් හොදයි.

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...