Friday, February 10, 2012

ගැහිලි ටිකක්...,

මංකොල්ලකාරයෝ..,

සෝමාලියාවේ මුහුදු මංකොල්ල කාරයෝ ගැන කට්ටිය අහල ඇති නේ? ලොකේ ඉන්න දරුණුතම මංකොල්ලකාරයෝ ටිකක්, ඇත්තම කතන්දරේ කිව්වොත් එකේ ඉන්නෙ කව්ද කියලවත් මොනම මිනිහෙක් දන්නෙ නෑ.. හැබැයි අර ජැක් ස්පැරෝ වගේ චරිත නම් නෙවෙයි ඉන්නේ, අහුවුනොත් හිරිකිතයක් නැතුව මාළු කපනවා වගේ කපනවා.ආයි එකේ හොදන්න දෙයක් නෑ.. අපේ මිනිස්සු ටිකකුත් ඔවුන්ගේ හිර කාරයෝ වෙලා කියලා කට්ටිය දන්නව ඇතිනේ.... ඔවුන්ව නිදහස් කිරිමට විශාල කප්පමක් ගෙවීමට සිදුව තියෙනවා. මොනවා හරි කරලා කට්ටිය ඉක්මනට බේර ගත්තොත් හොදයි...!! ඉදිරියේදි ඔය මංකොල්ලො කාරයෝ ගැන මා සොයාගත් විස්තර ඉදිරිපත් කරන්නම්.










 



අනිත් කාරණාව තමයි...., 
සත්‍ය සිදිවීමක් ඇසුරෙන් කියන්නේ, අපේ සමහර උදවිය ඉන්නවා... අපේ රට සංවර්ධනය කියන මාවතේ ගමන් කරනකොට ඒකට උගුල් අටවන අය. සමහර මිනිස්සු සුද්දෝ අපේ රටට එන එකට කැමති නෑ. අපේ රටේ දියුණුවේ වැදගත් පොයින්ට් එකක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ.ගොඩක් ‍රැකියා අවස්ථා ප්‍රමාණයක් අපේ තරුණ තරුණියන්ට හිමිවෙනවා.මා නිවරදි විය යුතුයි, රජය විසින් විශ්ව විද්‍යාල වලට මේ සම්බන්ධ අලුත් විශයයක්ද ඉදිරිපත් කරනු ලැබුවා.
අපි සියළු දෙනාම දන්නවා ටික කාලෙකට පෙර විදේශිකයකු ඝාතනය වුණා යම් සිදුවීමක් නිසා. ඒ සිදුවිමෙන්  පස්සේ විදේශිකයන් ජිවිත ආරක්ෂාව පිණිස නැවත පෙර ලා යන්නට පටන් ගත්තා.නමුත් දැන් වෙනකොට ඒ තත්වය සමනය වෙලා විදේශිකයන් සංක්‍රමණය වන තත්වෙකට පත්ව තියෙනවා.එත් සමහර අපේ බත් කන හරක් ඉන්නවා සුද්දන්ව බය කරලා එළවගන්න හදන අය. " ඇයි ඔගොල්ලෝ ආවේ , දන්නෙ නැද්ද ‍ටුවරිස්ට්ලා මරනවා මේ දවස් වල..,ඉන්න එපා මේ රටේ, කිසිම ආරක්ෂාවක් නෑ.. ,අපිත් ඉන්නෙ බයෙන්" මෙවැනි ප්‍රකාෂ කරමින් විදේශ විනිමයට හානිකරන එවුන් නැතිවද නොවේ.(සත්‍ය සිදුවීමකි). සංචාරක කර්මාන්තය වැ‍ටුනොත් වෙන පාඩුව ආයිත් කියලා නිම කරන්නද......?

15 comments:

  1. ලංකාවෙ ගොඩක් අයට කොමන් සෙන්ස් නෑ..ඒක නිසා තමා මේ කරදර ඔක්කොම..ඒත් ඔයා කියලා තියනවා වගේ අපි හැමොටම වගකීමක් තියනවා තමන්ගෙ රට ගැන..

    ReplyDelete
  2. තමන්ගේ වල තමන්ම කපා ගන්න මිනිස්සු කොට්ඨාසයකුත් ඉන්නවා මේ රටේ !
    අර මුහුදුකොල්ලකාරයෝ ගැන හොයාගත්තු ටිකත් ඉක්මනට දාන්ඩෝ.

    ReplyDelete
  3. තමන්ගේ රටටම වල කපන අය ඕන තරම් ඉන්නවා...අර හයි වේ එකේ යන වාහන වලට ගල් ගහපු එකත් මේ වගේ අරමුණකින් කරා වෙන්න පුළුවන්..

    // විදේශිකයකු ඝාතනය වුණා යම් සිදුවීමක් නිසා// මේවා නම් ඉතින් කැළැල් තමා..

    ReplyDelete
  4. අපේ මිනිස්සු සමහර කරන වැඩ ගැන හිතාගන්නත් බෑ.. මුහුදු මංකොල්ල කාරයෝ ගැන ලියන එක හොදයි..

    ඒක නෙමෙයි මේ ඇදුමෙන් ලියන පෝස්ට් එක ගොඩක් පැත්තට ඇදලා දාලා වගේ.. අර පැත්තෙන් තියෙන ගැජට් වල ඉඩ අඩු කරලා පෝස්ට් එකේ ඉඩ වැඩි කරන්න...

    ReplyDelete
  5. සෝමාලියාවේ මිනිස්සුන්ගෙ වැඩ කොහොමද? ඔන්න එයාලට කන්න හාල් යවන්නෙත් මෙහෙන් නෙ......

    ReplyDelete
  6. උන් කෝටි 58 ක් ඉල්ලනවා, අනේ මන්දා... කොහෙන් කියලා හොයන්නද එච්චර ගානක්?
    …උනුත් කෙළින්නේ අපි වගේ දුප්පත් රටවලට තමයි!

    ReplyDelete
  7. අලුත් අභිරහස කොල්ලකාරයො හොයන එකද? සුද්ද මරපු එකා හොයන එකද? ,:D

    ReplyDelete
  8. ඉතිං රටක පරිහානියට පත්කරන ඒක දේශපාලනව වාසි ගැනීමක්.කල කන්නි පිරිසක් ඉන්නවා මේ රටේ..

    ReplyDelete
  9. @රූ.... අපි ඔක්කොටම තිනවා රට ගැන හැගිමක්.., ඉස්සර හිටපු මුතුන් මිත්තන්ට එහෙම හැගීම් තිබ්බෙ නැත්නම් අපිට මොනවා වෙවිද???

    අර වගේ මිනිස්සුත් ඉන්නවා අක්කේ හදන්න බැරී...!

    ReplyDelete
  10. @මධුරංග ඉක්මණටම දානවා අයියේ ඒ ගැන...!

    ReplyDelete
  11. @සයුරි ඔව් ඔව් අක්කේ ගල් ගහපු එකත් කැතම වැඩක්...
    අන්නගතයට තමා ඔව්ගේ ප්‍රතිවිපාක

    ReplyDelete
  12. @Dinesh විස්තර ඉක්මණටම දාන්නම්,..
    හරී අයියා හදන්නම්....

    ReplyDelete
  13. @Shani අපෙන්ද හාල් යවන්නේ... ආ... ආ... ඔය කිව්වාමයි මතක් වුනේ...
    අරුන් නම් ඉතින් තිරිසන් වගේ ජාතියක්..

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...