Friday, February 3, 2012

මව්බිමට ජයවේවා..!!

කොහොමද යාළුවනේ කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරිවුණා.. ඒ නිසාම අද ටිකක් ලියන්න හිතුවා...,

මුලින්ම කියන්න ඕන මා කලින් ඔගොල්ලත් එක්ක හිටියේ රහස් පරික්ෂකයා කියන නමින්. එත් , හදිසියේම අවශ්‍ය කර්තව්‍යක් සදහා නම ජනියාගේ සයිබර් ලෝකය ලෙස වෙනස් කරන්න වුණා. ඔන්න එහෙනම් හරිනේ.......


අද ලියන්න හදන්නේ අපේ මව්බිමට උදාවු විශේෂ දවසක් ගැන පොඩි විස්තරයක්. හෙට තමයි පෙබරවාරි 4 ,එ කියන්න්නේ අපි සුද්දගෙන් නිදහස් වෙච්ච දවස.. නිදහස් වුණු දවස කිව්වට සුද්දා අපිට ඔක්කොම දිලා ගියේ නැනේ, උන්ගේ ක්‍රමයක් හදලා තමයි උන් ගියේ.ඉංග්‍රිසින් එන කාලේ අපේ රටේ රජකම් කරේ කීර්තී ශ්‍රි රාජසිංහ රජතුමා. එකාලෙ ඉංග්‍රිසින්ට ලංකාවෙ ප්‍රදේශ අල්ලගන්න තිබුණු එකම ප්‍රශ්ණේ තමයි ඒ ප්‍රදේශ ලන්දේසීන් සතුව තිබුණ එක. යුරෝපයෙදි ලන්දේසින් ජාතිකයන් හා ඉංග්‍රිසින් අතර තිබුණු මිතුරු කම නිසයි ඉංග්‍රිසින් එවා අල්ලගත්තේ නැත්තේ.ඔන්න ඔය කාලෙදි ඉංග්‍රිසින්ට පොඩි චාන්ස් එකක් දුන්නා අපේ හිටපු රජතුමා ,ලන්දේසීන් එළවීමට අපේ රජතුමා ඉංග්‍රිසීන්ගෙන් සහය ඉල්ලලා සංදේශයක් ඉදිරිපත් කරා.  ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් 1975 අගොස්තු මසදි ලන්දසීන් සතුව තිබුණු ත්‍රිකුණාමල වරාය ඉංග්‍රිසින් අල්ල ගත්තා. අනතුරුව ඔවුන් යාපනය ,මන්නාරම,කල්පිටිය,කොළඹ වරායද අල්ලා ගත්තා.

ඔන්න ඔය කාලෙදි යුරොපා යුද්ධය ඇවිලෙමින් තිබුණු කාලේ, 1796 දි ප්‍රංශ ජාතිකයන් ඔලන්දය(ලන්දේසීන් ගේ රට) ආක්‍රමණය කරා. ඔලන්දේ ධජය බිද වැටෙන් කොට එහි පාලකය වු විළියම් කුමරු ‍රැකවරණය පතා එංගලන්තයට පැනලා ගියා. ඔන්න ඔය අතරේ පොඩි සීන් එකක් තිනවා...,ප්‍රංශය විසින් ඔලන්දය සතුව තිබු යටත් විජිත අල්ල ගනි කියලා ඉංග්‍රිසින් බය වුණා. ඉංග්‍රිසීන්ගේ බිස්නස් වලට කෙළවෙනවා එහෙම වුනොත්,ඔන්න ඒ නිසා උන් කරේ තමා යටතේ ආරක්ෂාව සිටි ඔලන්දේ පාලකයාගෙන් යටත් විජිත තමාට පවරන ලෙස ඉංග්‍රිසින් ලිපියක් ලබාගත්තා.. දැන් ගේම ගොඩ.  ඔන්න ඔය ලිපියට තමයි කියන්නේ "කියු ලිපිය" කියලා... ඔන්න ඔය කාලෙදි ලංකාවේ මුහුදු බඩ පළාත් වල තිබුනේ මදුරාසී පාලන ක්‍රමය.ඉංග්‍රිසින් අපේ එවුන්ට අසීමිත බදු පැනෙව්වා... 'අනේ අම්මපා මම හිටියනම් කනවා ඕකුන්ව. '  මරුම වැඩේ කියන්නේ අලුතින් පොල්ගස් බද්දකුත් ගහලා , ඒ කියන්නේ සෑම පොල් ගසකින්ම පනමක් , ගස් පනහකට වඩා වැඩි අයගෙන් එක ගසකට පනම් දෙක බැගින්.ලොවෙත් ගහනවද එහෙම බදු...

ඔයි වැඩ ඇල්ලුවේ නෑ අපේ එවුන්ට..., පටන් ගත්තා උන්වත් එළවන්න . ඒ 1797 කැ‍රැල්ල පටන් ගෙන.ඒ කැ‍රැල්ල ගැන හොයන්නත් උන් ත්‍රිපුද්ගල කමි‍ටුවක් පත් කරා. කට්ටිය දන්නවනේ, දැන් කාලේ මොකක් හරි අවුලක් වුනොත් මොකද කරන්නේ කියලා. හැම එකකටම 'ත්‍රිපුද්ගල කමි‍ටු පත් කරනවා' කරලා එගොල්ලන්ගේ වැඩ බලන්නත් තව ත්‍රිපුද්ගල කමි‍ටු පත් කරනවා. ඔන්න ඔකේ ප්‍රතිඵලයක් වශයෙන් 1978ඉදන්1802 කාලය දක්වා ගෙනාවා අලුත් පාළන ක්‍රමයක්.ඒ තමයි දිවිත්ව පාලනය කියන්නේ. ෆෙඩ්‍රික් නොර්ත් අයියා ආණ්ඩුකාරයා වුනේ ඔන්න ඔය කෙහෙම්මල නිසා තමයි.1802 දි අපි සම්පුර්ණයෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් වුණා. එ වුනාට නොර්ත්ට බැරිවුනා කදුරටට සද්ද දාන්න. අපේ මුදුන් මල්කඩ, අපේ උතුම්ම වස්තුව, පුජනීය දළදා කරඩුන් වහන්සේ ,අපේ රාජකීය ලකුණ, වැඩ සිටියේ මහනුවර රාජධානියේ.ඒ කට අත තියන්න මෙලෝ යකෙකුට ඉඩ දෙන්නෙ නෑ.අනේ අම්මපා මරාගෙන මැරෙනවා... මහනුවරට ගහන්න ඔය නොර්ත් සුද්දා චන්ඩි එක්කරගෙන ආවා. එත් එක සුද්දෙක්ට රිංගන්න දුන්නෙ නෑ.මුලින්ම යුද්දේ පටන් ගත්තේ ස්භාවධර්මයෙන්, ගංඋතුරලා සුළග සැඩ වෙලා සහමුලින්ම සුද්ද කරලා දැම්මා.උපරිම යුධ ක්‍රම භාවිතා කරපු අපේ වීර කොල්ලොත් ගරිල්ලා ගේම් දිලා නොර්ත්ට උතුර දකුණ මාරු වෙන්න ගැහුවා. ආපු චන්ඩි නැට්ට #$&-- ගහගෙන පැනලා ගියේ බල්ලු බළල්ලු විදියට.

නොර්ත් ගෙන පස්සේ පත්වුනේ ‍තෝමස් මෙට්ලන්ඩ්. මිනිහා ටිකක් මොළ කාරයා.මිනිහා තමයි ඔය ජූරී සභා ක්‍රමය මුලින්ම හදුන්වා දුන්නේ.., මිනිහා ටිකක් දැගලුවා මහනුවරත් එක්ක සාම සාගඡ්චා තියලා නුල් සූත්තර ගේමක් දෙන්න ,ඒත් ඒ වැඩේ හරි ගියේ නෑ... එතකොට අපේ රජතුමා වුනේ ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා....රජතුමාගේ පාළන ක්‍රමය ඒ වන විට ගැටළු සහගත වු නිසා මහනුවර මිනිස්සුත් තරහින් හිටියේ.ඔය සිද්ධිය නිසා උඩරට රදළයෝ පිරිසකුත් ඉංග්‍රිසින්ට එකතුවුනා.ඉට පස්සේ තමයි මෙට්ලන්ඩ් උඩරට ආක්‍රමණය කරේ.. අපි 1815 දි සම්පුර්ණයෙන්ම යටත් වුණා.
ඔන්න  ඔහොම වෙලා පස්සේ ඉංග්‍රිසින්ගේ පාලනයත් අවුල් වීගෙන එනකොට නැවත එකතු වෙලා 1818,1848 වෙල්ලස්සේ කැ‍රැල්ලයි මාතලේ කැ‍රැල්ලයි ගැහුවා .අපේ ගොඩක් අය දිවි පිදුවා එකෙන්.කුඩාපොළ හාමුදුරුවෝ, පුරන් අප්පු,බස්නායක ඇත්තෝ ඔය වගේ අය ගොඩක් හිටියා... පස්සේ1829 දි ඉංග්‍රිසින් කැරලි නවත්වගන්න බැරිවුන තැන ප්‍රතිසංස්කරණ සමුහයක් ඉදිරිපත් කරලා.. අපේ කට්ටියටම බළතල පැවරුවා.අන්තිමට අපේ ප්‍රථම අගමැති පත්කරමින් .,ඒ කියන්නේ සේනානායක මහත්තයා.,1948 පෙබරවාරි 4 දා නිදහස ගත්තා...

නිදහස ගත්තට උන්ගේ ක්‍රමයක් මේකේ පැළ කරලා උන් ගියේ.. දෙනටත් උන්ගේ මුල් තිනවා.., අපි අපේ කම හදාගනිමු, අපේ සංස්කෘතියට ගැළපෙන්න..!!

(යාළුවනේ, පොඩි වැඩකට අත තිබ්බා පොඩි තරගයකට මෙන්න මෙක තමයි අලුත් වැඩේ. ඔගොල්ලන්ගේ සහයෝගය තිනවා නම් ගොඩක් වටිනවා.. ස්තුතියි..)

18 comments:

  1. පැරණි නොවන පැරණි පාඩම් මතක් වේ :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව කොහොම අමතක කරන්නද?

      Delete
  2. බ්ලොහ් එක ඔක්කොම වෙනස් වෙලා.. නියමයි..

    අපි අපිට මේ වගේ ඉතිහාසයක් තිබ්බ එක ගැන සතුටු වෙන්න ඕන මල්ලී..

    ReplyDelete
    Replies
    1. ආයි දෙකක් නෑ අයියා.... ඔව් අයියේ ටිකක් වෙනස් කරන්න වුනා..

      Delete
  3. ඇත අතිතය ගැනනම් සතුටුයි...වර්ථමානය ම්....එත් අනාගතේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අනාගතේ කෙලෙවෙයිද???

      Delete
  4. හනේ මෙයා නම වෙනස් කරගෙන අපිව අමාරුවේ දානවනේ...:)

    මොනවා උනත් වටිනාම වටින ලිපියක්..මේවා ඇහෙනකොට මල පනිනවා නේන්නම්...අපිට මෙහෙම මල පනිනවානම් පිට එවුන් අපේ රට පාලනය කරද්දී ඒ කාලේ හිටපු අයට කොහොම මල පනින්න ඇත්ද? මොකද සිංහල ජාතිය වහල් ජාතියක් නොවෙන හින්දා..

    ReplyDelete
    Replies
    1. ඔව්..නේ අක්කේ. රට වෙනුවෙන් කතානොකර අහැකිද??
      ඇත්තටම ඒ කාලේ හිටියනම් කොච්චර හොදද.!!

      Delete
  5. මමත් බැලුවා මේ කවුද කියලා... අත්‍යාවශ්‍ය කටයුත්තකට කිව්වේ??
    …ඵල ඵල ... නිදහසේ සැබෑ අරුත දැන් අමතක කරලා කියලයි මට හිතෙන්නේ!

    ReplyDelete
    Replies
    1. නෑ අයියේ මේ කැම්පස් එකේ වැඩකට..
      කට්ටිට ඇත්තටම නිදහස කියන වචනෙත් විකුණලයි කතා කරන්නේ

      Delete
  6. නිදහසේ ඉතිහාසය ගැන මතක් කරලා.. නියමයි!!!

    ReplyDelete
    Replies
    1. නිදහසේ කිව්වට නිදහසක්ම තිබ්බේ නෑ හිතු... විභාගයක් හිර වෙලා.

      Delete
  7. අර අන්තිමට කරන්න යන වැඩේ නම් පංකාදුයි මල්ලි !
    දිගටම කරගෙන යන්න ! ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ කැම්පස් එකෙ කළා උලෙලට හදපු එකක්..!
      එල අයියා.... තැන්කු

      Delete
  8. රහස් පරීක්ෂක මොකෝ නම වෙනස් කරගෙන? ජොබ් එකෙන් අස් උණාද? හ්ම්ම් හ්ම්ම්ම් එල එල.. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ ජොබ් එකෙන් අස්වුණේ නෑ... මේ කලා උලෙලකට දාන්න. එකට අර නමෙන් දාන්න බෑනේ.. හී හී .. :D

      Delete
  9. රහස් පරීක්ෂකයෙක් හොයාගෙන ආවම දැන් මෙතන ඉන්නේ කල කාරයෙක් නේ..කමක් නෑ එක්කෝ..

    ReplyDelete
  10. @අසරණයා - :P අපෝ නෑ... මන් කලා කරුවෙක් නෙවෙයි... පොඩ්ඩක් එඩිට් කරා

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...