Monday, January 16, 2012

දු කුමරිය ...

කොහොමද යාළුවනේ.. අද මන් ආවේ පොඩි වෙනසක් අරගෙන. මන් අද අපේ කොල්ලන්ට රජ කුමාරිකාවක් සෙට් කරලා දෙන්නයි හදන්නේ.කොල්ලොටික මේ ගාන හැදුවොත් කුමාරිකාවයි,දැවැද්දයි දෙකම හම්බවෙවි.. කෙල්ලන්ටනම් ටිකක් අමාරුවෙයි. හැබැයි මෙක විසදුවොත් දැවැද්ද විතරක් දෙන්නම්. මේ ගණන වසර කිහිපයකට පෙර ලැබිච්ච ගණනක්.මට මතක විදියට පත්තරෙක හෝ ගුරුභවතකුගේ පොතක තිබ්බේ. මෙන්න මෙහෙමයි......!!

ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක රජ කෙනෙක් හිටියා.. ඒ රජතුමා මන් වගේ බුද්ධිමත් (:ඪ්) චරිතයක්.ඉතින් ඔය රජතුමාට හිටියා පුත්තු දෙන්නෙකුයි එක් දු කුමාරියකුයි. රජතුමා , කුමාරවරුන් දෙදෙනාට කුඩා කල සිටම හොදින් දුනු ශිල්ප,කඩු ශිල්ප් ඉගැන්වුවා..ඒ රාජ්‍යයේ ඉදිරි පැවැත්ම උදෙසා. ඒත් රජුට අවශ්‍ය බුද්ධිමත්  පාලකයෙක් ඇති කරන්න.ඒ නිසා තම දු කුමරිය හොද බුද්ධිමතෙක් කිරිමට අවශ්‍ය සැම පියවරක්ම රජු ලබා ගත්තා.
             

ඔන්න ඔහොම යන අතරේ කුමරිය සරණ පාවා දිය යුතු නියමිත කාලය උදා වුණා.මේ වෙනකොට කුමරිය හොද, ගුණ යහපත් බුද්ධිමත් කාන්තාවක්.. ඔය දැන් ඉන්න කට්ටිය වගේ නෙවෙයි.රජතුමාටත් ඕන වුනේ තම දු කුමරිය කඩවසම් ,ඊට වඩා බුද්දිමත් තරුණයකුට විවාහ කර දිමට. ඒ සදහා දැවැද්ද වශයෙන් කහවණු කෝටි දහසක් (10,000,000,000) ලබා දෙන බවද ප්‍රසිද්ධ කරා..ඉතින් ඕක කන වැ‍ටුනු කුමාරවරු,තරුණයන් නොයෙක් දෙසින් වැල නොකැඩි රජ වාසලට ආවා.දැවැද්දට ආස නිසා හෝ කුමරියගේ ඇති මනා රූ සපුවට තින  ආසාව නිසා සි‍ටු කුමාරවරු වගේම මධ්‍යම පන්තියේ තරුණයන්ද කුමරියගේ අත ගන්න ආවා.

පැමිණි සෙනග අධික වු නිසාත්, රජුට සිදුවුණා පැමිණි සිටින තරුණ කුමාරවරුන්ගෙන් බුද්ධිමත් කෙනෙකු තොරන්න.ඉතින් රජතුමා මේකට විසදුමක් වශයෙන් දින 14ක් තිස්සෙ කල්පනා කරලා, පිටින් බැලුවට ඉතා සරල මුත් හොදින් සිතිය යුතු ගැටළුවක් ඉදිරිපත් කරා.ඒ කිව්වට මේක ගණිත ගැටළුවක්.මෙම ගැටළුව විසදිමට කුමාරවරුන්ට සති දෙකක කාලයක්ද ලබා දුන්නා.ඉතින් දවසින් උදේ වරුව සාමාන්‍ය අයටද, හවස් වරුව සි‍ටු කුමාරවරුන්ටද,සැදැ සමය රජ කුමාරවරුන්ටද. වශයෙන් කාල තුනක්ද වෙන් කරා.

මේ අතරේ සමහරු මෙලො දෙයක් දන්නෙ නැතුව ඇවිත් තිබුණා.සමහරු ඇවිත් හිටියේ වාසනාව උරගා බලන්න.කෙසෙ වෙතත් එකල මධ්‍යම පන්තියේ තරුණයන්ගේ ගණිත හැකියාව සි‍ටු කුමරුන්ගේ ගණිත හැකියාව ඉහළ මට්ටමක පැවතුණා.ඒ අතරේ හිටපු සමහරුනට අවුල වුනේ 'අපි මේ තරගේ දිනුවොත් ඉට පස්සෙ තින වැඩෙට මුහුණ දෙන එක ගැන'....

මෙන්න මේකයි රජතුමාගේ ගණන......,
              "X, Y යනු 10,000 ට අඩු ප්‍රභින්න මුත්, ආසන්න වශයෙන් සමාන ධන සංඛ්‍යා දෙකකි.දුවට දායාදය සදහා දෙන කහවණු ප්‍රමාණය ආසන්න වශයෙන් X*Y  , X+Y හා X/Y+Y/X අගයන් අතුරින් එකකි..පිළිතුරට එළඹෙන X හා Y අගයන්හිදී, දායාදය සදහා දෙන කහවණු ප්‍රමාණය කොපමණ දැයි පැහැදිළි කරන්න." ??

රජතුමා කලින් කියනවා තමයි මෙච්චර දෙනවා කියලා,  ඒත් ගණනේ තින්නේ ඒක ඔප්පු කරන්න ,.. රාජ අණ වෙනස් වෙන්නෙ නැනේ.. ඒ කියන්නෙ මේ ගැටළුව තින්නේ ඒ සම්බන්ධව.. ඔගොල්ලොම ගාණ හදන්න.මම මේ ගාණ හැදුවේ තුන්වෙනිපාර හිතන කොට.. මුල් පාර හොයාගන්නම බැරිවුණා.ඔගොල්ලන්ට එහෙම වෙන එකක් නෑ.. හදලා උත්තරේ කියන්න බලන්න.  කුමාරිකාව සමග දැවැද්ද ඔබ අතේ...............!!!

18 comments:

  1. මට නම් හිතාගන්නත් බෑ.
    උත්තරේ දැනගෙන හිටියා නම් දූ කුමාරිව නැතුව දෑවැද්ද විතරක් ඉල්ලනවා.
    මොකද ඉතින් කොයි කුමාරියත් කෙල්ලෙක් නේ. !!!:)

    ReplyDelete
  2. මටනම් කුමාරියි දෑවැද්දයි දෙකම එපා..
    දැන් මේකට උත්තරේ තුන් වෙනි පාර මලයා හොයාගත්තා කිවුවනේ.. එහෙනම් අපි උත්තරේ හෙවුවා කියලත් වැඩක් වෙන්නේ නෑනේ..

    ReplyDelete
  3. මට හිතෙනවා ඔය කුමාරි එක්කෙනෙක්ටවත් හම්බු උනේ නෑ කියල...

    ReplyDelete
  4. සෑහෙන්න කම්පනා කරලා මොලේ කොලොප්පම් වෙන්න කලින් ඔන්න කොමෙන්ටුවක් දැම්මා..මට නම් දෑවැද්දයි කුමාරියි දෙකම එපා...

    ඒත ඔයා උත්තරේ දාන්නෙ කවද්ද මලේ..

    ReplyDelete
  5. අයියෝ! මෙතනත් ගනං! :O

    ReplyDelete
  6. දුවගේ වයස කියක් විතර ඇද්ද.මට වැඩ වැඩුමල් කෙනෙක්නම් වැඩක් නැහැ.අපරාදේ නැත්නම් මහන්සිය.නැත්නම් ඕක වැඩක් නෙවෙයි.හා හා හා..

    ReplyDelete
  7. කුමාරි කාට අයිති වෙයිද .? ඔන්න මමත් හයියක් දීලා බුද්දිමතෙක් වුනා

    ReplyDelete
  8. @මධුරංග අන්න අයියේ මැක්සා කතාව .. මමත් එකගයි

    ReplyDelete
  9. @Dinesh මන් දැවැද්ද අරගෙන , අයියට කුමාරි දෙන්නම්

    ReplyDelete
  10. @Hasitha තාම නෑ.. තව ටිකකින් විනාසයි

    ReplyDelete
  11. @සයුරි නෑ අක්කේ ගමක ඉන්න කොල්ලෙක් ඇවිත් ගන්නවා. මිනිහා ලස්සනට ගාණ හදනවා

    ReplyDelete
  12. @රූ.... මටත් මුලින්ම කොලොප්පන් වුණා .. හී හී.. දාන්නම් අක්කේ , දාන්න දෙයකුත් නෑ.. 3 වෙනි එක උත්තරේ.. = 10^-6 යි . = 10^-16 යි.. ^ කියන්නෙ දහයේ බලය කියන එක

    ReplyDelete
  13. @අසරණයා අන්න වැදගත්ම ප්‍රශ්ණේ වයස කියද කියන එක.. හී හී මැක්සා ආ....!

    ReplyDelete
  14. @පුංචි කුමාරිහාමි එස් එම් එස් ගහලාවත් බලන්න ඕන.. හී හී... තැන්කු වෙවා,, ආයි එන්න

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...