Friday, January 13, 2012

මන් එනවා..

ඔවා ඔහොම වෙනව තමයි .. එත් කොහොමද අවංකව දෙයක් කරලා පරදින්නේ...
මේ ලියමන ලිව්වේ, සැමරුම් පොතකට දාන්න... එත් මට එකට අවස්ථාවක් නැති වුණා.., නෑ නෑ.. නැති කරගත්තා.ඒ මොකද..., මේ ලිපිය කෙනෙකුට හානියක් වෙයිදෝ කියන සැකය නිසා.  ඉතින් , මගේ පි‍ටුවේ ඉඩක් ඒ ලිපියට වෙන් කලා..

" මන් එනවා... කොහොමහරි එනවා..,
 ඔව්, මන් පොරොන්දු වෙනවා..!!  
 'එත් අද මට එන්න විදියක් නෑ..,
 එදාට වඩා අද තත්වය වෙනස්..,
 අද මන් පැරදිලා... ඉතින් මන් කොහොම එන්නද???'  ,
 'එදා එතන එකම එක සුදු පාට පුංචි මලක් පිපිලා තිබුණා.
 මන් ඒ මල නෙළා ගත්තේ හරිම පරිස්සමින්...,
 එහෙම නෙළා ගත්තා විතරයි....,
 ඝන මීදුම මා වට කර ගත්තා..,
 දැස් ඝන මීදුමෙන් අන්ධ කරා..,
 ආලෝක ධාරා ඇතුලු වුනේ කඩින් කඩ..,
 ඒත් , එ මල මා හොදින් අල්ලාගෙන සිටියා....
 ඒ මදිවට එදා නා කපන වැස්ස...,
 මා  හොදටම විඩා බරයි..,
 නමුත් ඒ මලෙන් හැමු සුවද , මා ප්‍රබොධමත් කරා..
 කඩින් කඩ පැමිණි ආලෝකයන්ට සිනාසුනු ආකාරය,
 මා ශක්තිමත් කරා , දිරිමත් කරා...
 නමුත් අද මා පැරදිලා...
 කියන්න සතු‍ටුයි... අද ඒ මල වෙනදට වඩා හිනහෙනවා.
 සමහරවිට දැන් ප්‍රභල ආලෝකය වැටෙනවා ඇති....,
 ඒ මල අද දිනලා.. සම්පුර්ණ වෙලා..
 මට කියන්න බැරි තරම් සතු‍ටුයි... එත් මන් අද පැරදිලා..
 එත් දවසක, කඩින් කඩ එන ආලෝකය ඒ මල පෝෂණය කරාවී...
 ඔව් පෝෂණය කරාවි....!!!


(මා කතා ලිව්වට, මේ වගේ එවා හරියට ලියන්න තේරෙන්නෙ නෑ... මට ඇත්තටම දැනුන දේ ලිව්වේ...... )


16 comments:

  1. කලින් ලියල නැති වුනාට මේ හොඳට ලියල තියෙන්නේ.වතුරට බහින්නම වෙනවා පීනන්න.

    ReplyDelete
  2. ඒ මල දැන් ඔයාට අයිති නෑ කියලා හිතෙනවා ?
    ඒක ඇත්තක් ද මල්ලි ?
    මට හරියටම පැහැදිලි නෑ. ඒ නිසා කමෙන්ට් කරනකොට ටිකක් පරිස්සම් වෙන්න වෙනවා :)

    ReplyDelete
  3. // එත් දවසක, කඩින් කඩ එන ආලෝකය ඒ මල පෝෂණය කරාවී...
    ඔව් පෝෂණය කරාවි....!!!//

    අනේ මන්දා මලටත් දුක හිතෙන්නැති හොඳටෝම..

    ReplyDelete
  4. මේ අර මාත් එක්ක කියපු සිද්දිය නිසාද ලිවුවේ??

    මොනවා උනත් නිසදැසනම් ලස්සනයි...

    ReplyDelete
  5. අසරණයා අයියා හා එකඟයි!!! වතුරට බහින්නම වෙනවා පීනන්න..:)
    දිගටම ලියන්න....

    ReplyDelete
  6. මේ ෆීල්ඩ් එකේ මොනා කලත් පරාදයි!

    ReplyDelete
  7. මාත් ආවෝ... ආයෙත් එන්නම්.. ජය වේවා!!!

    ReplyDelete
  8. @අසරණයාඒ වුනාට බයයි ටිකක් ගිලෙද කියලා.... තැන්කු වේවා....!!

    ReplyDelete
  9. @මධුරංගඔව් අයියේ මට අයිති නෑ කියලා තමයි මටත් දැනෙන්නේ.... :'(

    ReplyDelete
  10. @රූ....දන්නැ අක්කේ.... සමහරවිට එයා මෙක නොදැක්කා වෙන්නත් පුළුවන්

    ReplyDelete
  11. @Dineshඔව් .. අයියේ ඒ සිද්දිය තමයි...!!

    ReplyDelete
  12. @තනි අලියාමලා ජොන්.. උබවත් ටිකක් කියලා දියන්කො එහෙනම්...!

    ReplyDelete
  13. @Shaniබොහොමම ස්තුතියි... ආයි එන්න

    ReplyDelete
  14. ඔය ලියලා තියෙන්නේ මල්ලියෝ ලස්සනට..
    කමක් නෑ,. ඒ මලට හිනා වෙන්න දෙන්න, ඒ මලේ හිනාව ඔයාගේ සතුටක් කරගන්න.. මගේ මල්ලියට වරදින්නේ නෑ..

    ReplyDelete
  15. @ප්‍රාර්ථනා අක්කා ඉතින් ඉන්නවනේ මාත් එක්ක, අක්කා ආපුවාම පෙන්නන්නම්කෝ...

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...