Thursday, January 5, 2012

තෙල් අභිරහස විසදේ...

මෙන්න මෙහෙමයි ඉතුරු ටික කතාවෙ වෙන්නේ.....,, කට්ටිය හිතපු එවා හරිද බලන්න...,

  "කළමණාකාර මහත්තයට කිසිම දෙයක් සොය ගැනිමට බැරි වුණ නිසා... ගැහුවා සැලසුමක්.... ඔය කිව්වට දරුණු සැලසුමක් නෙවෙයි.. පොඩි පොඩි බොතලයක සැලසුමක්... ඔන්න එදා කොම්පැනියේ පඩි දවස ..එදාට එක එක අංශවල කට්ටිය, පොඩි පොඩි පාටි වලට සෙට් වෙලා බෝතලයක රස බලනවා..
 
"එ වෙලාවෙ ඉතින් සුපුරුදු පරිදි ඩ්‍රයිවර් මහත්වරු ටිකයි, තෙල් ගහන කට්ටියයි එකට සෙට් වෙලා බොතල් දෙකක් අනුමත කරලා.. එතකොට වෙලාව ‍රැ 11 ට විතර ඇති. ඔය කණ්ඩායමට තුන්වන බෝතලයත් අරගෙන කළමණාකාර මහත්තයා ගාණට නුලට, එන්ටර් වෙනවා." ඔන්න ඔහොම වැඩේ නැගලා යන අතරේ කළමණාකාර මහත්තයා කතාව වෙනස් කරලා, මේ සිදුවිම පැත්තට කට්ටිය නම්ම ගෙන තියෙනවා. සෙට් එකේ ඉන්නවා බෝතලයක මුඩිය පැගුනත් ඇති ... ඒ වෙලවේ මිනිහා කරටි කැඩෙන්න ගහලා ඉදලා තින්නේ.." "මිනිහා පටන් ගත්තලු කතාව මෙහෙම ' මහත්තයෝ..... මහත්තයට කියන්න අපි දෙනවා ඔකට හෙන ගේමක්.......'



'දැන් හරිනෙ ඉතින් ,... අයිමත් මිනිහා කියනවා... ' මහත්තයො තෙල් ගහනකොට අපි පුල් ටැන්ක් ගහනවා .., අපි කවදාවත් බාගෙට තෙල් ගැහුවෙ නෑ... ලොරි වලට තෙල් ගහන කොට යතුරු පුවරුවෙන් යතුර අරගෙන  ඉබ්බ ඇරලනේ තෙල් ගහන්නේ.., තෙල් ගැහුවායින් පස්සේ අපි අත්සන් කරලා යතුරත් භාර දෙනවා.. එවයෙ නම් කිසිම ප්‍රශ්ණයක් නෑ...  '
"එහෙනම් කොහොමද අයිසේ තේල් නැතිවුනේ....?'  ඉන්නකො මහත්තයෝ කියනකම්..... 'ඔය තෙල් ගහන එකා ඉන්නවනේද.... වු තමයි මෙක ලස්සනට ගෙනියන්නෙ. මිනිහා ටැංකි ඔක්කොටම තෙල් ගහනවා .. ගහලා ටැංකි වලට ඉබ්බ දාන්න ඕනනේ... ඔය වෙලාවේ මිනිහාගේ සාක්කුවේ තිනවා, ලොක් කරන  ජාතියේ වගේ වෙන ඉබ්බේක් .. ඒ ඉබ්බගේ යතුර කොහොමත් වු ගාව තිනවනේ.. ඉතින් මිනිහා ලොක් කරන්නේ එ ඉබ්බා... කොම්පැනියෙන් දාන ඉබ්බ තව සාක්කුවක දාගෙන තියාගන්නවා.. ඒ ඉබ්බගේ යතුර තින්නේ යතුරු පුවරුවෙ නිසා මගදි කාටවත් තෙල් ගන්න බෑ කියලා තමයි කොම්පැනියෙන් හිතන්නේ.... නමුත් දැන් පුළුවන්.. ඔය විදියට ඇවිත්, මගක් හරියෙදි තමයි මේ තෙල් උස්සන්නේ.උස්සලා අඩු ගාණකට විකුණලා දානවා.. එක අමතර බිස්නස් එකක්නේ...' මහත්තයා නිසාම මේක කිව්වේ.. වෙන යකෙක් ඇහුවා නම් කෙල බිදක් හෙලන්නෙ නෑ...  (අන්තිමට මිනිහා එහෙමත් කියලා)


'දැක්කනේ ඉබ්බා මාරු කරලා තෙල් වලට දුන්න ගේම් එක. ඔක හොයන්න ගත්තා කියලා එක පාරට ඔහොම එකක් හිතෙනවද??? .. කළමණාකාර මහත්තයගේ සැළසුම වැඩ කරා.. කොහොමහරි මේ බොතලේ නිසා විශාල ජාවාරමක් අල්ල ගත්තා..දැක්කනේද බෝතලේ පවර් එක.... කවුද කියන්නෙ මතට  තිත කියලා.!!!...

පොඩ්ඩක් හිතන්න - මෙහෙම සිද්දි වෙලා සමහර ආයතන, කර්මාන්තශාල වහන්න වුනොත් ඒක මොන තරම් බලපාවිද.... පරපුරකට මොකක් වෙවිද???  .. සොරි තමයි ඉතින්......!!

12 comments:

  1. ඛනිජ තෙල් vs නැටුං තෙල්! :D

    ReplyDelete
  2. තෙල් කතා නම් ලෝකයයි..මම් මේ ඇත්තටම අහන්නෙ ඔය දේවල් බීවම සිරාවටම අග මුල පැටලෙවනවද?

    ReplyDelete
    Replies
    1. අයියො අක්කේ ඔය වගෙ දෙවල් ඔන තරම් වෙලා තිනවා,,!!

      Delete
  3. අඩේ බිව්වම එහෙමත් වෙනවද ?
    ආහ් වෙනවා නේන්නම්. අපේ එකෙකුත් දවසක් බීලා ඇවිත් මුත්‍රා කරන්න ටොයිලැට් එකට ඇවිත් මුත්‍රා කරලා ඉවර වෙලා එකේම නිදාගත්තේ. අපිටත් පුදුමයි.:)

    ReplyDelete
    Replies
    1. හී හී... අයියා ඒ කතාව ලිව්වා නෙද?? අයියා ඒක කිව්වා මතකයි වගේ..!

      Delete
  4. අලේ..ඔයා කලින් අහපු ගැටළුව තේරුනෙත් දැන් නේ මලේ :ඔ

    ReplyDelete
    Replies
    1. එකනේ අක්කේ.. පොඩි දෙයකින්නේ ඩීල් එක දෙන්නේ... එක පාරට ඔහොම හිතෙන්නෙ නෑ හොදට බැලුවෙ නැත්නම්..

      Delete
  5. මරු ගේම් කාරයෙක්නේ.. ඉතින් ලොක්කා මේකට ගත්ත විසදුම මොකක්ද??

    ReplyDelete
    Replies
    1. අයියේ .., ආරංචි විධියට මුලික හොරු දෙන්නා රස්සාවෙන් අයින් කරලා.. , සහය දුන්න අයගේ දිමනා කපලා තිනවා කාලවකවාණුවක්... කොහොම හරි පඩියෙන් අඩු කරගනී..

      Delete
  6. වැටත් නියරත් ගොයම් කා නම්
    කාට කියම් ද ඒ අමාරුව ?

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...