Saturday, January 7, 2012

50 යි

එකමත් එක කාලේක..., පුංචි රටක, පුංචි තැනක උපන්,   හිතුවක්කාර, අකීකරු, කිසිම වැඩක් හරියට කරගන්න බැරි,.. දහසක් දේ හිතුනත් කියාගන්න බැරි...මෙලෝ හසරක් නොදත් සොදුරු දඩබ්බරයෙකුගෙ 50යි මේ..
ඔහු මෙලොව උපන් දා සිට තම ජිවිතය කැපකරේ එකම එක අරමුණකටය.. එහෙම කිව්වට අර පොඩි කාලේ ආසාවට කියනවා වගේ වෛද්‍ය වරයෙක් වෙන්න,ඉංගිනේරුවෙක් වෙන්න වගේ ආසාවන් ඔහු සතුව පොඩ්ඩක්වත් තිබුනේ නෑ..  ඇත්තම කියනවා නම් බෙහෙතකට වත් ගෙදර හිටපු ඩයල් එකක් නෙවෙයි. යාළුවොත් එක්ක රොන්දේ ගහපු, කිසිම බරපතළ කමක් නොදන්නා හිතුවක්කාරම චරිතයක්.. අම්මා දැනට වුනත් කියන්නෙ "උබට ඕන දෙයක් කරගනින්.., අපිට එක එකාගේ කතා අහන්න තියන්නෙ නැතුව...." කියලා. දඩබ්බර වුණාට කාටවත් කිසිම හිරිහැරයක් වෙන්න කිසිම වේලාවක ඉඩ තියලා නැ, පුළුවන් තරම් වැඩ කරේ අනිත් මිනිස්සු වෙනුවෙන්.. ලොකු කමකට කියනවා නම් නෙවෙයි .. ඇත්තටම ගොඩක් උදව් කරලා තිනවා.ආඩම්බරව කියන්නේ තමන් ගේ සතුටට වඩා අනුන්ගේ සතුටට වැඩ කරලා තිනව.කාවවත් අඩවලා නෑ .. කාත් එක්කවත් තරහ වෙලා ඉදලා නෑ.තරහා වෙන්නෙත් නෑ.මෙවා මොකටද  ? අපි මැරෙන මිනිස්සු....!

..මා හරි වෙන්න ඕන 'ඔහුට කවදාවත් තරහ වෙලා, වෛර කරපු යහළුවන් හිටියේ නෑ.. අදටත් එහෙමයි. ගෙදර ඉන්න හැම වෙලාවකම කරේ යාළුවොත් එක්ක ගාලු කො‍ටුවට එකතු වෙලා ‍රැ වෙනකම් සිංදු කියලා ෆුල් ෆන් එකක් ගන්න එක. අවංකව කියන්නේ එක මත්පැන් බිදක් කටෙ තියලා  නෑ.. ඒ වගේ අසමජ්ජති කිසිම වැඩක් කරලා නෑ..කො‍ටුවට සෙට් වුනාම බොන්නේ කොලා එකයි කන කොත්තුවයි ... කොත්තුව නම් මෙලෙ රහක් නෑ.. ඒ වුනාට සෙට් වෙලා කනකොට  නම් කියලා වැඩක් නෑ..

ඔහු ඉස්සර ඉදන්ම ගියේ ගාල්ල මහින්ද විද්‍යාලයට..,උසස් පෙල හැදැරුවෙත් ඒ ඉස්කොලෙන් මයි...එවා ගැන කියන්න ගියොත් නම් මැරෙනකම්ම කියන්න හැකී. පොඩි සිද්දියක් තිනවා කියන්න, මෙහෙමයි ඒක සිද්ද වුණේ 'ඔහුට සාමාන්‍ය පෙල කාලේ අජුතම විශයක් තමයි සිංහල කියන්නේ... සිංහල මිස් හැමදාම ඔහුව එළියට දානවා,ඔහුත් එක්ක එතකොට වැඩිපුරම කිට්‍ටුවෙන් හිටියේ දසුන් කියල මන්ද චරිතයක් .. අකුරු ගන්න දෙයක් නැතිලු.., මෙලො වැඩක් කරනෙ නැතිලු, රචනයක් ලිව්වොත් දහයෙන් තුනයි, හතරයි.විභාග වලදිත් උපරිම තිබ්බේ ලකුණු 38 යි.ඒ කාලෙ මිස් ට හිටියා පොශ් සෙට් ටික දෙනෙක්...වුන්ට නම් ලකුණු තිබ්බා මදි නොකියන්න.උනුත් අපේම කොල්ලො ටිකක්....ඔහොම ඉදලා සා/පෙ ප්‍රතිඵල ආවාම ඔහු ගියා මිස්ට ප්‍රතිඵල කියන්න."මිස් සිංහලවලට A එකක් තිනවා.." මිස් හිනාවුණා විතරයි..මුකුත් කිව්වේ නෑ.. ඔහුට තාම තෙරෙන්නේ නෑ ඇයි කියලා??

"මෙහෙම දෙවල් කිව්වේ අද මන් බ්ලොග් පි‍ටුව ලියන්න පටන් අරන් ලියන 50 වෙනි ලිපිය .. මේ ලිපිය අද ඔහුට වෙන් කරා..මේ පි‍ටුව ලියන ගමනේදි ගොඩක අය ,නොයෙක් විදියෙන් උදව් උපකාර කරා.... ඒ අයත් මතක් කරන්න ඔන.. 'අපේ රසික අයියා ...බොහොම ස්තුති වේවා..!! මෙහෙම ලියන්න දිරිමත් කරාට.. , සිතක සංකල්පනා ලියන මධුරංග අයියා , වර්ණ ලියන දිනෙෂ් අයියා, අල්ලපු වත්තේ සිත් අහස ලියන ප්‍රර්ථනා අක්කා,සයුරි අක්කා.., මුත්‍ර කරන්න ගියත් උබ කොහෙද ගියේ කියලා අහන අපේ අලි මලයා.., නිතරම ආදරය ගැන කතාකරන හිතු...,අපේම නෑදැ වෙන ආගිය කතා ලියන හසිත අයියා.. ඔගොල්ලව ආදරයෙන් මතක කරනවා.. ඒ විතරක් නෙවෙයි නිසුපා අක්කත්,විසිතුරු අයියත් , දේව්දාස් මලයත් , පේරාදෙණියෙ ඉන්න පිසාචයත්..,ලස්සන ලස්සන පින්තුර පෙන්වමින් ලෝකෙ වටෙ යන කවිකාරි අක්කත්.,අරුණැල්ල ලියන නජා මලයත්,තව ජෝන්, අපේ අචිරවත්, ඩගියත්,තාරකවත්, ..,චතුමිතු අක්කත්,ලට්ට ලොට්ට ලියන පොඩි මැන් අයියත්රූ අක්කත් ,කම්මැලියාත් ආදරයෙන් මතක් කරනවා...මුහුණු පොතේ ඉන්න යළුවනුත් .., නම් කියන්නට බැරි උනානම් සොරි වෙන්න ඕන..ඒ හැමොමවත් ආදරයෙන් මතක් කරනවා.. කියන්න බැරි වුණ ඔක්කොමටත් ගොඩක් ස්තුතියි...!!!


  අද මට උදේ එකෙක් කියාගෙන ගියා..'මට උබ ගැන දුක හිතෙනවා කියල' ..., උබ කිව්ව එකත් තේරුණා බන් අපි බලමු ඉස්සරහට..."
 
පිනි බිදුවක් වෙන්නට ආසයි 
මිහි මත සිසිලස ‍රැදුණු
දිය ‍රැල්ලක් වෙන්නට ආසයි
තොල මත දිය ‍රැල් නැගුණු


සිසිලස දෙන්නම් මා සැමදා
පවනක් වී එන හමා..
සුරකින්නම් සෙනෙහස සැමදා
ඔබේ මතකය සිත් පුරා,,,,!


මීට ඔහු..
                                                                    ස්තුතියි...!!!!! ,
(අවධාරණයෙන් කියමි.. මමත්ව දේශනාවක් නොවෙයි..)

30 comments:

  1. පෝස්ට් පනහා දෙසීය පනහා වෙලා පන්සිය පනහා වෙන දවස් වෑඩේ ඈතක නොවේවා කියලා පතනවා.
    ඒ වගේම බ්ලොග් කළාවේ දිගු ගමනට සුබාසිරි පතනවා.
    තව තවත් මිනිමැරූම් මංකොල්ලකෑම් වල හෝඩුවාවල් ලැබෙන්න කියලා පතනවා.

    ReplyDelete
    Replies
    1. මධු අයියා..- තැන්කු තැන්කු ගොඩක් තැන්කු වෙවා අයියේ...!! හී හී... එවත් හම්බවෙවී.....!!

      Delete
  2. ලියන්න ලියන්න මුවහත් වෙන පෑනක් ලැබේවා... සුබ පැතුම්! දිගටම ලියන්න!

    ReplyDelete
    Replies
    1. බොහොමම ස්තුති ලහිරු අයියේ.....!! අයියටත් මුවහත්ම පැනක් හම්බවේවා..

      Delete
  3. සුබ පැතුම් ! දෙපාරක්ම කියවන්න උනා .

    ReplyDelete
    Replies
    1. තැන්කු වෙවා ජොන්.. ඒ මොකද ඒ...??

      Delete
  4. උත්සව අවස්ථාවක‍නේ බොල "සෑමා" මේ පැත්තට ගොඩ බැහැලා තියෙන්නේ. ජය පතනවා.. හිට්ස් 3000කුත් තියෙන්නේ..

    ඔය ලිස්ට් එකේ බොහොමයක් මටත් උදව් කලා නොවැ..

    ජය ශ්‍රී !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති... එකනේ නියම වෙලාවට ඇවිත් තින්නේ මේ පැත්තට.... !!

      Delete
  5. සුභ පැතුම් මල්ලී. යහපත් බලාපොරොත්තු සඵල වෙන යහපත් අනාගතයක්. ඒ වගේමයි තවත් චිරාත් කාලයක් සිංහල බ්ලොග් අවකාශයේ යෙහෙන් වැජඹේවා :))

    ReplyDelete
    Replies
    1. හසිත අයියා .. ඉතින් දන්නවනේ... දවසක වෙට් වෙමු මහරගම ගෙදරදි... බොහොම ස්තුතියි..!!

      Delete
  6. හිතේ අදහස් උපදින තුරා ලියන්න හැකීයාව ලැබේවා!! මම ඉන්නවා උඹත් එක්ක.. සුභ පැතුම් මල්ලියේ...

    ReplyDelete
    Replies
    1. මන් දන්නවා දිනෙෂ් අයියේ... අයියා හැමදාමත් මාත් එක්ක හිටියා.. ඉතාලියේ හිටියත් මට නම් අල්ලපු ගෙදර ඉන්නවා වගේ...

      Delete
  7. සමාවෙන්න පරක්කු ව්උනාට... 50 නෙවෙයි පෝස්ට් 5000කටත් වඩා ලියන්න වාසනව ලැබෙන්න ඕනෙ... දිගටම ලියන්න..ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයා හැමදාම ඔහොමනේ ඉතින්.. හී හී... බොහොම තුති... හිතු....!!

      Delete
  8. නියමයි මචෝ දිගටම කරගෙන පලයන්...
    අපි ඉන්නව ඕන වෙලාවක.!

    ReplyDelete
    Replies
    1. අඩෝ... මචන් උබ ඉතින් මගේ දකුණු අත නේ,,.... එලම එල මචං...
      මගේ ශර්ට් එක ඩගියගෙන් අරගෙන උබ ගාව තියාගන්න....

      Delete
  9. 50ට 500ක් ආවඩා ආයුබෝ වේවා...
    තවත් සොඳුරු දේ බෙදාගන්න දිරි ලැබේවා..
    සුභ පැතුම් මලේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි .. රූ අක්කේ.. අක්කටත් තව වැඩියෙන් ආවඩා ආයුබෝ වේවා..!!

      Delete
  10. අඩේ.. උඹ මගේ ගැනත් කියලා නේ.. එල එල හොඳේ!!
    අනිවා.. 50 500 නෙවෙයි, 5000 වෙන දවස වැඩි ඈතක වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා!!

    ReplyDelete
    Replies
    1. එල එල මචං.... උබලව හම්බවෙන්න ආසයි බන්....!!

      Delete
  11. හැම දාම පොස්ට් කියවල නිකම්ම යන මම මේ වගේ පාර්ටි එකක් තියෙද්දී මොනවත් නොකිය යන්නේ කොහොමද.එහෙනම් ඉක්මනින් 100 ක ගහමු.

    ජයෙන් ජය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ....!!! ජයෙන් ජයම වේවා...!! ආයි ආවහම නොකියා යන්න එපා..!!

      Delete
  12. 50ක් ලියලා ඈ...

    හොදා හොදා තව ලියමු....

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ආ... නිසුපා අක්කේ.. අක්කත් මාරම ගැම්මක් වුනා.. බොහොම ස්තුති වේවා..!!

      Delete
  13. ජය වේවා!!! දිගටම ලියපං!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති මචං...... එල එල... !!!

      Delete
  14. මෙලෝ රහක් නෑ බං... උඹ ලියන එක නවත්තපං!! :D :D :D

    ReplyDelete
  15. ඔව්.. වරෙන් ගෙදර මන් අල්ලගන්න.

    ReplyDelete
  16. මොනව අල්ලන්නද බං? :D

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...