Thursday, December 8, 2011

සිරගෙයින් පැනයාම....



                   යාළුවනේ මන් අද කියන්න යන්නේ වෙනස් දෙයක් ගැන.දැනටමත් මේ ගැන බොහෝ පිරිසක් දන්නවා.ඒ වගෙම මේ ගැන අහලා තින නොබලපු අයත් ඇති, ඒ හැමොටම තමයි මේ ..   "මිනිසාට ලැබි ඇති බුද්ධියෙන් මිනිසා කොතෙක් වැඩ ගන්නවාදා... නමුත් ඔබට මේ කතාමාලාව බැලුවොත් හිතෙවී... 'අපි මොනවද කරන්නෙ කියලා'. ඇමරිකාවේ Fox ආයතනයෙන් තමයි මේ කතාව එළිදැක්වුයේ. විශාල චරිත ප්‍රමානයක් සහිත, අවදි හතරක් සහ තවත් එක් කතාංගයක් මීට ඇතුලත්." තමා සේවය කරපු රට යම් දවසක තමාටම එරෙහි වෙවි. තමා ආදරය කරන, තමා විශ්වාස කරන අය දවසක තමාටම විරුද්ධ වෙවී.. මව් සෙනෙහස මුදලට විකිණේවී..සල්ලිවලට ඇති අශාවෙන් ඕනම තිරිසන් වැඩකට අත ගැසිමට දෙවරක් නොසිතෙවි. මේ වන සියලු අපරාදයන්ගෙන් තමා ආරක්ෂාවී ,තමාට හොදටම විශ්වාස අයත් ආරක්ෂා කරගැනිමට නම් උපායශිලි නුවණක්, අනාගතය හොදින් සැළසුම් කල හැකි බුද්ධියක් ද අනිවාර්යයෙන් තිබිය යුතුයි.

                                   මේ කතාමාලාව තමයි prison break කියන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කතාවේ ප්‍රධාන චරිත කිහිපයක්ම තිනවා. ඉන් වඩාත්ම ප්‍රධාන චරිත තමයි., Michael Scofield ,Fernando Sucre ,Lincoln Burrows,Dr. Sara Tancredi,Alex Mahone,Veronica Donovan,Theodore "T-Bag" Bagwel,  Paul Kellerman ,Benjamin “C-Note” Miles Franklin, LJ Burrows       .  "කිව්වට විශ්වාස කරන්න මන් මේ කතාව මන් හතර පාරක් බැලුවා.. මන් මෙකට අබ්බැහි වෙලා.. මට හිතෙන්නෙ නෑ මෙක කතාවක් ම විතරයි කියලා..., ඇත්තටම කීව්වොත් මන් මෙ කතාව තුළ ජිවත් වෙනවා." මේ කතාමාලාව ටිකක් පරණයි.. බලපු අයත් ඇතී.නොබලපු අය ඉන්නවනම් බලන්න.. එකෙන් යම් දෙයක් ජිවිතයට එකතු කරගන්න පුලුවන් වෙවි. මේ කතාවේ විස්තර වන දේ මන් කෙටියෙන් ලියන්නම්..

                        ඇමරිකාවේ උප-ජනාධිපති තුමියගේ සහොදරයා ඝාතනය කිරිමේ වරදට Lincoln නමැති පුද්ගලයා හසු කරවනවා..එය සුක්ෂම සැළසුමකට අනුවයි සිදුවෙන්නේ.ඒ ක්‍රියාදාමයට මුලසුන ගන්නේ ඇමරිකානු රජයත් යක් ප්‍රමාණයකට යටත්ව ඇති රහස්‍ය ආයතනයක් මගින්..Lincoln ට සහොදරයෙක් ඉන්නවා. ඔහු තමයි ,Michael . ඔවුන්ගේ දෙමාපියන් කුඩා කාලෙදිම ඔවුන්ගෙන් ඇත් වෙනවා.'කතාවේ අන්තිම හරියට යන්න තමයි ඔවුන් හමුවෙන්නේ.' සහෝදරවරු දන්නේ දෙමාපියන් මිය ගොස් ඇති බවයි. Michael ට පවුලේ කෙනෙකුට ඇත්තේ තම අයියා විතරයි.ඔහු තම අයියා බේරා ගැනිමට ඉතා දියුණු බුද්ධිමය සැලසුමක් ක්‍රියාත්මක කරනවා.අවසානයේ ඔහු අයියා බෙරාගන්නවා.. "මෙතන එ ඔක්කොම ලියන්න ගියොත් මට පිස්සු හැදේවී.." ඔගොල්ලො හොයාගෙන බලන්න.... කැමති කෙනෙකුට මා හා සම්බන්ධවී මේ කතාමාලාව ලබා ගත හැකි..'  මන් තව ලිව්වොත් කතාවේ අගය නැති වෙවි. තව දෙයක් කියන්න ඕන.. මේ කතාව සර්ව සම්පුර්ණ කතාවක්,  ඕනම කෙනෙකුට නැරඹිය හැකියි. මේ කතාවට එරෙහී විය හැකි කතාවක් බිහිනොවනවා නම් එය සිහිනයකි.

සිරගෙය තුලදි අයියා අහනවා මල්ලිගෙන්.. "-why"
I'm getting u out of here
it's impossible
"not if u design the place it isn't .    ..       මල්ලි මේ කියනේ වචනවල ගැඹුරුතාවය ඔගොල්ලන්ට තෙරෙනවා ඇති..ඔය වගේ තැන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. මන් කියන්නේ මෙකයි පුළුවන් නම් මෙක බලන්න.... යම් දෙයක් එකතු කරගන්න පුළුවන් වෙවි......, කතාව බලපු අයට ගැටළුවක් තී නම් ඉදිරිපත් කරන්න් කියලා කියන්න කැමතී.."

16 comments:

  1. මේ කතාවටනම් 1++++++++

    අපෝ අර T-Bag කියන එකා මට පේන්න බැහැ...සික්

    ReplyDelete
  2. මාත් කලින් නම් බලලා නෑ.. මේක දැක්ක ගමන් you tube එකේ නම් ටිකක් බැලුවා... ලස්සනයි වගේ..:) ඔයා ළග තියෙනව නම්.. මටත් සම්පුර්ණ කතා මාලාව ඔනේ..:)

    ReplyDelete
  3. හොයලා බලන්න ඕනා

    ReplyDelete
  4. මමනම් බලලා තියෙනව.. මේවා නෙමෙයි බං කෝ උඹෙ අර කතාව??

    ReplyDelete
  5. මම ඔය සීරීස් එක බලලා නෑ. හොයාගන්න ඕනා. ඒත් ඉතින් ඕවා එකක් බැලුවම අනිත් ටික බලන්නම ඕනේ වෙනවා. වහ කෑවා වගේ වැඩක් නේ.:)

    ReplyDelete
  6. ෆිල්ම් එක බලල නැහැ හැමෝම කියනවා ලස්සනයි ලු

    ReplyDelete
  7. මම බලපු සිරාම කතාව!! මචං ආයි කියන්න වචන නෑ!! ජීවිතේ ගැන ඉගෙනගන්න කියාපු කතා මාලාවක්!!

    ReplyDelete
  8. මම බලලා නෑ..ඒත් මේක කියෙව්වහම ආස හිතුනා බලන්න ඕනෙ..

    ReplyDelete
  9. ඔන්න මම බැලුවා/// නියමයි... එකෙන්ම නියමයි..

    ජය....

    ReplyDelete
  10. සයුරි - නියමයි නේ අක්කේ....
    මිනිහා නම් අමුතුම චරිතයක්.. මිනිමරන එකනේ රස්සාව
    හැබැයි නියම චරිතාංග නළුවෙක්...

    චතුමිතු - හරි හරි... අනිවා දෙන්නම්... නියම කතාවක්..!

    විසිතුරු | visituru -එල එල....

    ReplyDelete
  11. Dinesh - එල අයියේ... අරු ඉන්නේ මට එහා ඇදේ .. ලැප දිග ඇරගෙන උට හොරා උගේ ගැන ලියන එක තමයි ගේම.... කොහොමහරි දාන්නම් අයියේ..!

    මධුරංග - එක නම් ඇත්ත අයියේ .. අබ්බැහි වුණා වගේ එත් පාඩුවක් වෙන එකක් නෑ

    ReplyDelete
  12. අසරණයා - බලන්නකො... පට්ටයි..!!!

    ජංජාල චාමර - ඔය තින්නේ... ඇඩෙනවා නේ මචං.... එල එල..

    හිතුවක්කාරි - බලන්න බලන්න... ඔයාට නොහිතෙන පැත්තක් හිතෙවී

    ReplyDelete
  13. Gayan Rupasinghe - එල එල... නියමයි....

    ReplyDelete
  14. හුඟාක් අය මේ සීරියස් එක ගැන කිව්වට මට නම් තාම බලන්න වුනේ නැහැ. ඉස්සරහ දවසක සීරියස් එක බලන්න ඕනේ...... download කරන එකනේ කම්මැලි වැඩේ :)

    ReplyDelete
  15. Hasitha- මන් බාප්පට දුන්නා.. හම්බුන වෙලාවක එයාගෙන් ඉල්ල ගන්න අයියේ....

    ReplyDelete
  16. ඔව් පට්ට කතාවක් අපිට මේක බැලුවම හිතෙනවා අපි අපේ මොලෙන් කොච්චරද පාවිච්චි කරන්නෙ කියලා !!!

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...