Saturday, December 3, 2011

ඉපදිච්ච දවසෙම දාලා යන්න තිබුණානම්.....!

          ගොඩක් කාලෙකට පස්සේ ආයි එන්න පුලුවන් වුනේ , මෙහෙම ලියන්න වාසනාවක් හම්බවෙවි කියලා පොඩ්ඩකටවත් හිතුන්නේනෑ....මේ සති කිහිපය ජිවිතයේ ලබපු අමිහිරිම අත්දැකිම් ටිකක්.  කරාපිටිය රොහලේ ඇදක් මත සේලයින් බිබී, සතිගණන් හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න කොට කොහොමද ආතල් එක.....

           ඔහොල්ලො දන්නවනේ රූකඩ වලට ප්‍රසිද්ධ අම්බලන්ගොඩ..., රඹුටන් වලට මල්වාන.... ඒ වගේ ඩෙංගු වලට ප්‍රසිද්ධ තැනත් දන්නවා ඇතිනේ... මාත් හිටියේ අන්න එතන තමයි.ඒක හැදුනාම මාර රහයි..ඉලග ආත්ම හැම එකක්ම පේනවා.. ඔය රහ හම්බවෙලා මුල්ම දවසේ කාපු දුක ආයි කියන්න ඔන නෑනේ.. හිතාගන්න පුළුවන්නේ.... , රොහල් ගත වෙලා මුල්ම දවසේ කරපු blood එකේ තිබ්බේ රුධිර පට්ටිකා 20,000යි. සාමාන්‍ය මිනිසෙකුගේ තියෙන්න ඔන ගාන කට්ටියම දන්නවා ඇතිනේ. එ වෙලාවේ ඉදන් මට ඇදන් බහින්න තහනම්. පොඩ්ඩක් හෙල්ලෙන්න දෙන්නෙ නෑ...."හැමොම කියන්නේ මහන්සි වෙන්න එපා, දගලන්නෙ නැතුව ඉන්න,,,," එහෙම කිව්වට මට එහෙම ඉන්න ඇහැකිය , එ මදිවට පැය 4කට පාරක් වගේ ලේ ගන්නවා... ඩෙංගු නෙවෙයි, ලේ අරගෙනම මගෙ ඇගේ ලේ නෑ.. එහෙම බැලුවාම ඩෙංගු හොදයි වගේ, ඉට පස්සේ කරපු blood එකෙදි පට්ටිකා තිබුනේ 18,000..

                             දින 2කට පස්සේ ආයි වැඩි වෙන්න පටන් ගත්තා..,මන් ගෙදර එනකොටත් තිබ්බේ 66000 යි. ඉස්සරහට තමයි මොනවා වෙයිද බලන්න ඔන,,......

11 comments:

  1. හප්පච්චියේ! :O

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව බොස්! :(

    ReplyDelete
  2. මලයෝ... ඉක්මනින් සනීප වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  3. මල්ලිට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. අපේ මාමලාගේ දූටත් ඩෙංගු හැදිලා යාන්තන් ගොඩ ආවා. අම්මෝ අපි බය වෙලා හිටියේ.

    තව ටිකක් රෙස්ට් කරලා වැඩ කරන්න බැරියෑ.

    ReplyDelete
  4. අදතමා මෙතනට පලවෙනියටම ගොඩවුනේ හා හා පුරා කියලා කියෙවේ පුදුම දෙයක් නේ ..ඉක්මනින් සුව වේවා සහෝදරයා..

    ReplyDelete
  5. අපොයි දෙයියනේ...ඉක්මනට සුව වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා...

    අපේ නැන්දාට ඩෙංගු හැදිලා ප්ලේට්ලට් 8000 ට බැස්සා....ඒත් යන්තම් ගොඩ ආවා...අම්මෝ කරුම ලෙඩක් ඩෙංගු කියන්නේ නම්...

    ReplyDelete
  6. ගිය සතියෙත් ඩෙංගු හැදිලා මැරුණු මල්ලී කෙනෙක්ගේ මළ ගෙදරක ගියා කළුතර..... කොල්ලෝ ඉක්මන් සුව පතනවා.... :)

    ReplyDelete
  7. ya ikmanatama saniiipa wenna ona

    ReplyDelete
  8. තනි අලියා - දැන්නම් ටිකක් හොදයි... ස්තුති වෙවා,...!!

    Dinesh - දැන්නම් ටිකක් හොදයි අයියේ...

    මධුරංග - එපා වෙනවා .. දැන්නම් අවුලක් නෑ.. මට දැන් රෙස්ට් කරලම එපා වේලා.

    ReplyDelete
  9. මහේෂ් බුද්ධික- හී හී... බොහොම ස්තුතියි ආවට......

    සයුරි - ඔව් අක්කේ.. බලමුකො... දැන්නම් වැඩි වෙයිලු...

    Hasitha - අපෝ හසිත අයියේ මේ...., බය කරන්න එපා..!!!! එහෙම ලෙසියෙන් මදුරුවෙක්ට මරන්න බෑ මාව....

    ReplyDelete
  10. අහ්හ්හ්.... ඒක තමයි මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තේ නාවේ........

    ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... :))))

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...