Sunday, September 25, 2011

ඔයාගේ නම්බර් එක දෙනවද ..... පෑන එවන්න....

              මේ ටිකේ හොයන්න සැක කටයුතු දෙයක් හම්බුනේ නෑ... පරණ එකක් තිනවා විසදපු, එක ගැන ඉක්මනටම ලියන්නම්. මේ කියන්න හදන්නේ තවත් රස කතාවක් අපේ  එකෙක්ට වෙච්ච.

   නායකත්ව පුහුණුව ඉවර වෙලා ගෙදර ඇවිත් සති 2/3 කට විතර පස්සේ ලියුමක් ආවා, විශ්ව විද්‍යාල ලාභී සිසුන්ට උපහාර උත්සවයක් තිනවා කියලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්.අපේ සෙට් එකත් කතා වෙලා, ආතල් එකටත් එක්ක ගියා උත්සවය මොන වගෙද බලන්න.එතනට ගියායි පස්සේ ,.කැම්ප් එකෙ හිටපු යාළුවෝ දැකලා, උන් එක්ක පච හලන්නයි, යන එන කෙල්ලො දිහා බලන්නයි ගියාම, කට්ටියට වෙන වැඩක් තිබුන්නෑ..ඉතින් අපෙ කට්ටිය එක එක තැන්වල. ඔහොම ඉන්න කොට මටත් ආරාධනවක් ආවා, අපේ කැම්ප් ගෘප් එකෙ හිටපු කෙල්ලො සෙට් එකෙන්. එතනට යන්න හදනකොටම, අරයත් ඉන්නවනේ (කලින් ලිපි) එතන  "මොන මගුලක්ද, මන් එතනට ගියොත් හිතයි මන් එයාව බලන්න ආවා කියලා"  ඒ නිසා සෙට් එක ගාවට යන එක මග හැරියා.

                    ඔය අතරෙ උදේ තිබුණ ‍රැස්විම ඉවරවෙලා, අනිත් කට්ටිය ඇතුලට දානවා. ඒ කියන්නෙ අපි ටික. අපෙ කට්ටිය කලින්ම ඇතුලට ගිහින් , මමයි අචිරයි  යනකොට උන් හිටපු තැන අපිට ඉඩ නෑ.. එක නිසා අපි දෙන්නා පස්සෙන වාඩි වුණා. ඔය අතරෙ ‍රැස්විම ජයටම කෙරි ගෙන යනවා, හැබැයි අපිට කම්මැලී, අපේ අනිත් කට්ටිය වාඩි වෙලා හිටපු පේළියට ඉස්සරහ පෙළියේ හිටියේ කෙල්ලො ටිකක්. අපෙ එකෙක්(R කියමුකො නම) හිටපු කෙල්ලෙක් එක්ක චැටක් පටන් ගත්තා , හැබැයි උන් දෙන්න කලින් අදුරන්නෙ නෑ , එහෙම දන්නවනම් අපි නොදන්න විදියක් නැනේ..... පොඩි පොඩි ටොල්ක් දිදි ඉන්නකොට දන්නෙම නැතුව හවස් වෙලා 6.15 වගේ , ‍රැස්විම් අවසන් වෙන්න මොහොතකට පෙර , ‍රැස්විම ගැන අදහස් ලියන්න කොලයක් දුන්නා. අපෙ එකෙක් ගාව වත් පැනක් තිබුන් නෑ...

         
R ට මෙක පුරවලා දෙන්නත් ඕන.එත් විදියක් නෑ,....මු පැනක් හොයන සද්දේ ඇහුණා අර කෙල්ලට.. එකිටත් යන්න පරක්කුවෙලා, කළබලේ ... ඉතින් ඒකි එකිට හම්බුන කොලෙ පුරවන්නත් ඉස්සෙල්ලා - ට පැන දුන්නා පුරවන්න. මු හෙමින් හෙමින් පුරවන අතරේ කෙල්ලට යන්න පරක්කුවෙලා, කෙල්ල කිව්වා " කමක් නෑ...., ඔයා පැන තියා ගන්න මට යන්න පරක්කු වෙනවා කියලා"..මු ටිකක් වෙලා හිතලා කිව්වා
 " මන් ඔයාව අදනේ දැක්කේ, අදුරන්නේ වත් නැනේ.  ඔයාගේ නම්බර් එක දෙනවද ..... පැන එවන්න." අපිට පට්ට හිනායි වැඩෙට ... හිනාව නවත්තගන්න බෑ..... හරක් නාම්බා, ඇදගෙනම නෑවා

        ඒකිට එපා වුණා කිව්ව කතාවට , එහෙම කිව්වා විතරයි මුහුණ දෙක කරගත් කෙල්ල "මේක උබම තියාගනින්" මෙන් මුකුත් ම නොකියා යන්න ගියා. අපි ‍රැස්විම ඉවර වෙලා යනකොටත් මු කරපු වැඩෙට හිනා වෙවී ආවේ.    තාමත් මිනිහා පැන තුරුළු කරන් නිදාගන්නවද දන්නේත් නෑ........
                                 

                           

15 comments:

  1. කෙල්ලෙක්ගේ නම්බරේ ඉල්ලන්න අළුත් ක්‍රමේ එක.... ට්‍රයි කරලා බලන්න ඕන...

    ReplyDelete
  2. මටත් තියන බරපතල ප්‍රශ්ණයක් මේක! කොහොමද සාර්ථකව කෙල්ලෙක්ගෙ නොම්මරයක් ඉල්ලගන්නෙ?

    ReplyDelete
  3. Dinesh - හි හි....... ගානට කරන්න...
    මූ වගේ කරොත් නම් සදා අනාතයි....



    තනි අලියා - එකනේ.... කතාකරන්න ඕන ප්‍රශ්ණයක් එක....
    හොද ප්ලැන් එකක් ගහන්න ඕන..
    මටත් මාර ප්‍රශ්ණයක් මේක

    ReplyDelete
  4. මමනම් ඕකව දන්නවා.ඕන්නම් කනෙන් පෙන්නන්නම්!!!!!!!!!

    ReplyDelete
  5. කිව්වත් වගේ නම්බරේ ගන්න පට්ටම විදිය.. :D :D

    මලයෝ මේ කලින් ලිපි වලට යොමුවක් දානකොට ඒක ලින්ක් එකක් විදියට දාන්න , එතකොට අලුතින් කියවන්න එන අයට ටාර් ගාල එතනදීම ඕපන් කරලා කියවන්න පුළුවන් නේ :)

    ReplyDelete
  6. !!!MR. A!!! - මතකනේ එදා........ !!!!!!!!!!


    ChammA - හී හී....:D
    හරි අයියා... ලින්ක් කරන්නම්,.

    ReplyDelete
  7. ChammA -
    http://janithdream.blogspot.com/2011/09/blog-post_21.html කෙනා තමයි...

    ReplyDelete
  8. පෑනෙන් ගොඩ යාම. නියම කතාවක් නේ.
    මාත් පොඩ්ඩක් උත්සහ කරලා බලන්න ඕනේ.

    ReplyDelete
  9. ඒ ළමයා අළුත් විදිහ ට හිතලා තියෙනවා නේ. හොඳ මොළයක්.... :P

    ReplyDelete
  10. මධුරංග - නූලට කරන්න.... වැඩේ ගොඩ


    මහි - ආයි අහලා......මට හිතෙන්නෙත්,
    හිතලා වැඩි වෙලා ඔහොම වුනේ...

    ReplyDelete
  11. මම ඕකට ගියේ මචං උදේ....
    කියන්න තරම් දෙයක් නෑ....ඒත් අර අන්තිමට ආපු හැමෝටම ඉගෙනගන්නෙයි කියල දුන්න දෙමළ පොත නම් මෙලෝ රහක් නෑ.
    ඒ සල්ලි වලින් අපිට තව කන්න මොනව හරි දුන්න නම් නරකද මං අහන්නේ...

    ReplyDelete
  12. පිසාචයා - සිරාවටම බන්..., කූල් එකත් බැහැපු මයිලෝ එකක්නේ හම්බුනේ..
    සමහර කොල්ලො දවල්ට කාලා ඇවිල්ලත් නෑ.., කන්න දෙයි කියලා හිතලා

    ReplyDelete
  13. කෙල්ලෙක් දා ගන්න කොල්ලෙක් වෙන මහන්සියක්. ඔහොම තමා මහන්සි වුණු තරමට තමා සාර්ථකත්වය වැඩි :))

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...