Sunday, September 18, 2011

ජනාධිපතිතුමා දුන් ලන්ච් එක

මේ කියන්න හදන්නේ අවුරුදු කිහිපයකට පෙර නොසැලකිල්ල සිදුවු එක්තරා විදියක අපරාධයක් පිළිබදවයි.
මෙහි නම් , ගම් , කාලය ගැන සදහන් කල නොකරමි.

ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ ලංකාවේ ප්‍රසිද්ධ පාසලක. සාමාන්‍ය පෙළින් පසු උසස් අධ්‍යාපනය සදහා තොරා ගත්තේ ගණිත අංශයයි. ඔහු පාසලේ දක්ෂතම සිසුවෙක්, වාර කිහිපයකදිම දක්ෂතම සිසුවා ලෙස පිදුම් ලැබුවා. ---- වර්ශයේ ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා. විභාගේ සම්පුර්ණෙන් අවසන් වුවාට පසු සහොදරයා ඇහුවා "කොහොමද මල්ලි විභාගේ ?" ඒත් ඔහු සැලකිය යුතු පිළිතුරක් දුන්නේ නෑ. ඔහොම කාලය ගෙවිලා ගියා. නොවැම්බර් 29 දින උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ප්‍රතිඵල බලන්නත් ඔහුට එතරම් ආසාවක් තිබුණේ නෑ. ඒ මොහොතෙම යාළුවෙක් දුවන් අවා  "මචො උබට A4 යි දිස්ත්‍රික් ඉහළ රෑන්ක් එකක්". ඊට පස්සේ තමයි ඉස්කොලෙට ගියේ.

          ඔහොම කාලය සතුටින් ගෙවිලා ගියා....  මාස කිහිපයකට පස්සේ රටේ ඡන්දේ ,, එකල හිටපු ජනාධිපතිතුමා උසස් පෙළ හොදින් සමත් වුණු සිසුන්ට දිවා භෝජන සංග්‍රහයකට ආරාධනා කරලා තිබුණා. ඒ බව දන්වා එවන ලියුම එවලා තිබ්බේ පාසලට, සංග්‍රහය පැවැත්වන දිනට සතියකට පෙර. A3 B1 ට ලියුම ඇවිත් තිබුණා (පාසලෙන්). ඔහු සිතුවේ A3 B1 ලකුණු මට්ටම ඉහළ බවයි. සංග්‍රහය පැවෙත්වන දිනය දි පළ වුණු පත්තරේ, සංග්‍රහයට සහභාගි වන සිසුන්ගේ නම් දාලා තිබුණා. ඒ පත්තරේ බල බල හිටපු අංකල් ගෙදරට ඇවිත් මෙ "කොලුවෝ... පත්තරේ උබේ නම තිනවනේ මොකො ගියෙ නැත්තේ. "

 
        ලියුම නොලැබුණු නිසා පාසලට ගිහින් සොයා බලන විට ලියුම තවමත් පාසලේ. දැන් ඉතින් ලන්ච් එක ඉවරයි. මේ ගැන අර අංකල් ජනාධිපති ලේකම්ටත් ලිපියක් මගින් දන්වලා තිබුණා. වහාම නිලදාරින් ඇවිත් ඒ ගැන සොයා බැලුවා.මෙක නිකන් ජනාධිපතිතුමා එවපු ලිපියක් නොසලකා හැරියා වගෙ වැඩක්. ඇත්තටම ලියුම් බාර ගන්න පාසලේ නිළධාරියාට වුණු අතපසුවීමක්... මිනිස්සු අතෙන් වැරදි වෙනවනේ.. ඔහොම තමයි. අන්තිමට කොහොමහරි රාජකීය සංග්‍රහය මිස් වුණා.

16 comments:

  1. වැඩිම උනොත් තියෙයි....... රෝස් කරපු කුකුල් අඬුවයි, චිලීපේස්ට ද මොනාද කියන එ්වයි, සමහරවිට බිත්තරේකුයි, ෆයිඩ් රයිසුයි, ඔ්ක කන්න දුක්විඳං ලොක්ක මන්දිරේට යන්න ඔ්නද බං

    ReplyDelete
  2. හි හි...
    ඇත්තටම ලොකු ප්‍රශ්ණයක් වුණා මේ කේස් එක. ලියුම එව්වේ නැති එක ,ජනාධිපතිගේ වචනේ සැලකුවේ නෑ කියන එකනේ. ජනාධිපති කොමිසෙනුත් ඇවිත් තිනවා

    ReplyDelete
  3. පිනා අලියෙක්ද? :D

    ReplyDelete
  4. නැ නැ .. එක අතපසුවීමක්.. වැ‍රැද්දක් කියන්නත් බෑ.. මිනිස්සුනේ

    ReplyDelete
  5. මම හිතන්නේ මම දන්නවා කවුද මේ කොලුවා කියලා :))

    ReplyDelete
  6. අයියෝ..... අවාසනාවක මහත. අපරාදේ.... ඒත් ඉතින් රාජ භෝජන වලට වඩා දුප්පත් පැලක ඉදෙන කිරි හොද්දකුයි බතකුයිත් රහ වෙන වෙලාවල් තියන්වා...:)

    කොහොම වුනත් කලාතුරකින් ලැබෙන අවස්ථාව මිස් වුන එක අපරාදයක්.

    ReplyDelete
  7. අපරාදේ! සමහරවිට ලොක්කාගෙ අතින් බත් කටක් කවගන්න ඉඩ තිබුණා

    ReplyDelete
  8. අපරාදේ. ජනාදිපති තුමා එක්ක එකට වාඩි වෙලා වහ කෑවත් මොකෝ. නම්බුයි නේ.

    ReplyDelete
  9. Hasitha - අනේ හසිත අයියේ කියන්න එපා.... මන් නම් ,ගම්, වැඩි දෙවල් ලිව්වෙ නැත්තේ හරි නැති නිසා ස්කොලෙටයි, ඒ සර් ටයි.

    විසිතුරු - ඒක නම් ඇත්ත. හි හි... ඡන්දේ කාලේනේ.

    මධුරංග - අයියේ , එතකොට හිටියෙත් ප්‍රබළ , හිටපු හොදම ජනාධිපතිවරයෙක්. හොදටම ප්‍රසිද්ධ කෙනෙක්.

    ReplyDelete
  10. හිතුවක්කාරි - මාරම වාසනාවක් එක , යන්න ලැබුන නම්. දුප්පත් පැලක ඉදලනේ එහෙම කන්න ආවේ. එකත් මිස් කරා.

    ReplyDelete
  11. මම කලිනුත් කිව්වේ කෙළ බිඳුවක් මම හලන්නේ නැහැ :)

    ReplyDelete
  12. මේකනම් සුවර් එකටම කඩාකප්පල් කාරී වැඩක්.. රහස් පරීක්සකයෙකුට (පරවියෙකුටද මන්ද) දීල රහස්‍ය වාර්තාවක් ගන්න වෙන කේස් එකක්...

    ReplyDelete
  13. Tanikada - එ කලේ හෙව්වා ඔක හොදටම..

    ReplyDelete
  14. මාර වැඩේනෙ බං......
    තවත් අභිරහසක්......හිහි.හි.හි....!!!

    ReplyDelete
  15. පිසාචයා -- එකනේ මචෝ කියන්නේ.

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...