Thursday, August 18, 2011

ඇත්ත කතාව

මිනිස් ජිවිතයක් අහිමි විම විදි හතර ආකාරයකට සිදුවේ.
                1.මිනිමරුමක්
                2.සිය දිවි හානි කරගැනිමක්
                3.හදිසි අනතුරක්
                4.අත් වැරදීමක්.
                                      මා මෙහි ස්වභාවික මරණ සදහන් නොකරමි.එයට හේතු තිබේ.  බුදුන් වහන්සේ ගේ කාලයෙත්, හා පෙර අත්ම භව වලදිත්,ජිවිත විනාශ කිරිම් පිළිබද සිදුවිම් සිදු වි ඇත.එයට ජාතක කතා සංග්‍රහය සාක්ෂි දරයි.උම්මග්ග ජාතකය,මසක ජාතකය,රොහිණි ජාතකය,ශරභන්ග ජාතකය  නිදසුන්ය. ජාතක කතා මගින් ඉදිරිපත් කරන සිදුවිම් තුලින් සමජය ගොඩනැගිය යුතු ආකරය, ගුණ ධර්ම  දියුණු කර ගත යුතු ආකාරය, පිළිබදව මහාර්ඝ ආදර්ශ සපයයි. අභිධර්මයේ සදහන් වන අකාරයට මිනිසාගේ උපරිම ආයු කාලය අවුරුදු 80,000 වන විට ලොව පලමු වරට පස් පව් බිහි විය.ප්‍රාණඝාතය නිසා අවුරුදු 40,000 දක්වා ආයු කාලය පිරිහි ගොස් ඇත.පස් පව් නිසා දැන් අප ගත කරන්නෙ වයස 100-10 ත් අතර කාලයයි.කෙනෙකු තමාගෙ නොයෙක් අවශ්‍යතා ඉ‍ටු කරගැනීමට හෝ පුද්ගලික අමනප කම් වලට  කිසිවකු මරා දමන්නෙ නම් ඔහු මනස විකෘති වු පහත් අදහස් ඇති මිනිසෙකි.ඔවුන් අල්ලා ගැනිම,නිතියෙ ‍රැහැනට කො‍ටු කර ගැනිම යුහුසුලුව කල යුතුය.එසේ අල්ලා ගැනිමට  හොද සැලසුම් සහගත ක්‍රමයක් සහ සුපිරි බුද්ධියක් ඇති කෙනෙකු ක්‍රියා කල යුතුය.ඔහු මරණ සෙවිම සදහා පමණක් ම නොව,සොරකම් ඇල්ලිම්,ව්‍යාජ ලිපි ලේඛන ගැන,රාජ්‍ය විරෝධි සංවිධාන හසු කර ගැනිම හා වෙනත් ඕනම අපරාධයක් සෙවිම සදහා ක්‍රියා කල යුතුය.ඔහු පරිසරය සමග නිතර ගණු දෙණු කරන හිතකාමි ධනාත්මක සිතිවිලි සහිත අයකු විය යුතුය.
                                          යම් කෙනෙකු තවත් පුද්ගලයකුගෙ මනසට හානි කරයි නම්,හැගිම් වලට පි‍ටුපායි නම්,එයත් අපරධයකි. මෙවැනි සිදුවිම් ඉහත කරුණු 4 න් 1 කරුණකට හෝ අයත්ය.(ආදර සම්බන්ධතා වලදි කොතෙකුත් අසන්නට ඇත). යමෙකුගෙ සිය දිවි හානි කරගැනිමත් වෙනත් පුද්ගලයකුගේ අවශ්‍යතවයක් විය හැක,මේය පසුපස තවත් අතකොලු තිබිමටද පුලුවන.එවා හෙලිවිම පත්තර  මගිනුත්,වෙනත් මාධ්‍ය මගිනුත් අසන්නට ලැබෙන්නේ අඩුවෙනි. ...
                                                     මේවා ලිවිමෙන් අත් විය හැකි පල විපාක මොනවඩැයි කිමට පොහොසත් වුවත් ඒවා සදහන් නොකරමි.සිදුවන සැක සහිත මරණයක් සදහාම අධිකරණ වෛද්‍යවරයා පශ්චත් මරණ පරික්ශන මගින්,විවිධ සිද්ධාන්ත මගින්,මරණ කරුවාගෙ ඉතිහාසය සාක්ෂි මතින් ගොඩානංවයි.ඔහු පෙන්වා දෙන මග ඔස්සෙ පොලිසිය ඇතුලු කණ්ඩායම ගමන් කරයි.සිදුවිමක සාක්ෂි නැතිකිරිම ඉතා අපහසු කටයුත්තකි.මෙයින් කළ නොහැකි යන අදහස ගම්‍ය නොවේ.
                      අධිකරණ වෛද්‍යවරයා කරණ ක්‍රියාදාමය රහස් පරික්ෂකයා දැන සිටිය යුතුය.සමහර අපරාධ සුක්ෂම ඒවය.එම අපරාධ එලි කරත් දිගු කාලයක් ගතවේ.මෙවැනි අපරාධ CONSULTING CRIMINAL ඝණයට අයත්ය.මෙවැනි අපරාධ සැලසුම් කිරිමට සුපිරි මොලයක් තිබිය යුතුය,එවා ඇල්ලිමටත් එහා සමන මොලයක් ඇති කෙනෙකු අත්‍යාවශ්‍යවේ.

3 comments:

  1. නියමයි.. වටිනා ලිපියක්. දිගටම ලියන්න

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...