Monday, January 28, 2013

සබඳ අපි


මේ කට්ටියම සනීපෙන් ඉන්නවද???..............:D

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැ‍ඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින

නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන

(-ගුනදාස කපුගේ)

= අපි තාමත් එතනමයි..., හී හී කොහොමද කට්ටියට.. ඔන්න ආවා ආයි...
පොඩි දෙයක් කියන්නම් ගලේ ගැහුවත් මරන්න බෑ හී හී. තාම පණ පිටින් ඉන්නවා...!! ඇත්තටම මේ කයි වුනේ.. මේ හැම එකම ටිකක් නවත්තලා පොඩි ජොබ් එකක් කරන්න ගියා.ඒ අතරේ ලැප් එකේ හාඩ් එකත් කෙලවෙලා ලියපු ගොඩක් දේවල් නැතිවුණා,,.

කට්ටියට කියන්න මේ ටිකේ ලියන්න කියන්න හිතුනේ නෑ... ඇයි කියන්න දන්නේ නම් නෑ..කොහොම වුනත් කොල්ලා ටිකක් දියුණු වුණා මේ කාලේ.. :D .. කාලෙකින් යාළුවොන්ගේ රස කතා ටිකක්වත් කියවන්න වුනේ නෑ.. සොරි වේවා එකට.!!...හී හී කට්ටියට අපිව අමතක වෙලත් ඇත්තේ..

ඒ වගේම තව වැඩක් පටන් ගත්තා .. ඒක තමයි මේ No OrDinarY.. හී හී

හරී ... ඔක්කොම හරී කියමුකෝ.. මන් කියනවා  "අලී ගැන හිතන්න එපා" ඔගොල්ලෝ මොනවා ගැනද හිතන්නේ??? ඊළගට ඒකෙන් හමුවෙමු...!!


8 comments:

  1. //සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන//

    මරා ගත්ත කියල මොනා ලැබෙනවද බන්

    ReplyDelete
  2. අළුත් වැඩේට සුභ පැතුම්...

    ReplyDelete
  3. අළුත් වැඩේට සුබ පතනවා !
    කාලෙකට පස්සේ දැක්ක එකත් මදෑ. බොලා ගෙට්ටුවට ගියාද ?

    ReplyDelete
  4. මචන් සිරාවටම අද මන් ඔය සින්දුව ඇහුව බුඩිස්ට් එකේ
    යනවා හරි අසාවෙන්.ඊට පස්සේ දිගටම රිපීට් ගැහුවා ..ඒ අතරෙයි
    මේක දැක්කේ බන්...හරි ලස්සන අදහසක් ...
    ජය වේවා ජීවිතේ උබේ ...

    ReplyDelete
  5. පෙට්ටියේ අධිපති.. ..හරස්කඩ - ඒකනේ.. ඇති දෙයකුත් නෑ... :) ස්තුතියි ආවට

    ReplyDelete
  6. @රූ....- අක්කේ මොහොමද ඉතින්.. කාලෙකින් අක්කවත් දැක්කේ. තැන්කු තැන්කු

    ReplyDelete
  7. @මධුරංග- අයියා.. හම්බුනෙත් නෑ කාලෙකින් අය්යා ලගදිම හම්බෙන්නම්කෝ

    ReplyDelete
  8. @silentsahan- බොහොම තුති.... ඔබටත් එසේම වේවා..!

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...