Saturday, July 14, 2012

රකිවු...

මේ කියන ටික කොච්චර දුරට සාධාරණද  නැද්ද යන්න මට තේරෙන්නෙ නෑ.. එත් මිනිස්සු මේ ගැන කතා කළ යුතුයි යැයි හැගෙන නිසා, පොඩි සටහනක් ලිවිමට සිතුවෙමි ..!!


බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා උනත් සුදනෙකු නම් පු‍ටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....


බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
දැකොත් කුළ නොදු‍ටු උන් පණ පිළිපදිනු
වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු


සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
කසයෙන් තලා හිස පලදා ක‍ටු ඔ‍ටුනු
ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....


රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!


   

මේ ගීතය අප කවුරුත් අසා ඇත. මේ ගීතය ඇතුළත් ගී ඇල්බමය තහනමට ද පවා ලක්විය. නමුත් මේ ගීතයෙන් කතා කරන්නෙ සංශොධනය විය යුතු කාරණා ගැන නොවේද? සාධාරණය, සමානාත්වය මිනිසුන්ගේ හදවතට තාමත් කාවැදි නැතැයි සිතමි.. මෙය දෙශපාලනික හෝ වෙනත් ආණ්ඩු ක්‍රමයක් විග්‍රහ කිරිමක් නොව ,මිනිසුන් ගේ ක්‍රියා කලාපයන් අනුව සමාජයේ සිදුවන සංහාරය අනුව අනාගතය යථාර්ත එකක් වේ යැයි කිව නොහැකිය. මේ ගීතය වදින්න තැන් වලට කෙළින්ම වදින පරිදි සැදුනු ශ්‍රේෂ්ථතම නිර්මාණයකි.. අද වෙන්නේ ඕකද කියලාත් හිතලා බලන්න...!!

12 comments:

  1. වැදගත් කතාවක්..ඒත් හැමදේටම වැඩිය අපි ජීවිතේට ආදරෙයිනෙ..!!

    ReplyDelete
  2. ඇත්තමයි පද ටික නම් නියමෙට ගලපලා අපරාදේ සිංදුව තහනම් උනේ

    ReplyDelete
  3. සමහර කට්ටියට රිදෙන්න ඇති. ඒකනේ මේ වගේ ලස්සන ගීයක් තහනම් කරලා තියෙන්නේ.
    මොනවා උනත් මම ආසම ගීයක් !!

    ReplyDelete
  4. මේ ගීතය නන්දා මාලනී මහත්මියගේ නේද?

    ReplyDelete
  5. කවුද මේ සිංදුව කියන්නේ ??

    ReplyDelete
  6. පද අපූරුවට ගැලපුන ලස්සන සින්දුවක් අහලනම් නෑ...තහනම් වුණාට පස්සෙ මොන අහනවද?..

    අදයි මේ පැත්තෙ ආවෙ...

    ReplyDelete
  7. @රූ.- ඔව් ඒකත් ඇත්ත ඒ වුනාට අපි ඇත්ත කතා කරන්න එපයි

    ReplyDelete
  8. @අවතාර්- සින්දුව තහනම් වුනේ ඒ කාලේ ජේ.වි.පී කලබල තිබුන නිසා.. ඔවා ඇහුවොත් කැලි කැලි වලට කපලා මරන්නේ

    ReplyDelete
  9. @මධු අයියා..- ඔව් අයියේ ඒ කාලේ මාරට නැගලා ගිය සින්දුවක් .. ගෙදර අය එහෙම තාම අහනවා.. හොඩක් අයට කන පැලෙන්න ගහපු සින්දුවක්

    ReplyDelete
  10. @අසරණයා -- ඔව් නන්දා මාලණි මහත්මියගේ තමයි

    ReplyDelete
  11. @හසිත අයියේ , - සින්දුව කියන්නේ නන්දා මාලනී මහත්මිය . අහලා බලන්නකෝ පවන කියලා ඇල්බම් එකක් තිනවා

    ReplyDelete
  12. @සිත්තමි.- බොහොම ස්තුති ආවට.. තහනම් වෙච්ච එවා තමා අහන්න ඕන. ඇයි තහනම් කරේ කියලාවත් දැනගන්න පුළුවන්නේ.. හී හී හී,,

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...