Tuesday, June 12, 2012

ක්‍රිස් ගේල්...

හිතුවා පොඩි විචාරයක් කරන්න. විචාරයක් කිව්වට එහෙම ම විචාරයක් නෙවෙයි. කට්ටිය බැලුවද දන්න නෑ මේ ‍ෆිල්ම් එක. "සුපර් සෙක්ස් නෑ නෑ සුපර් සික්ස්" ඇත්තටම ඔය ‍ෆිල්ම් එකට දෙන්න පුළුවන් හොදම නම මොකක්ද?                      

                           


ඔන්න දවසක් අපි ටික දෙනෙක් කතාවෙලා ගියා ඔය ‍ෆිල්ම් එක බලන්න. එකේ වැඩිහිටියන්ට පමණයි කියලා කොහෙවත් ගහලා තිබුනේ නම් නෑ.. එ වුනාට මොකො අපි කොහොමත් 18+ නේ...  අපි ඇතුලට යන කොටත් අන්තිම පේළි හරිය ටිකක් පිරිලා.  ඉතින් අපි හොද තැනක් බලල වාඩි වුනා.. වාඩි වුනා විතරයි මගේ එහා පැත්තේ වාඩි වුනා කියහන්කො වයසක ආච්චි කෙනෙක්,අපිටමයි මේ වගේ ක‍ටු හම්බෙන්නේ. ඇයි අප්පා ලස්සන කෙල්ලෙක්ට එතන වාඩි වෙන්න හිටියෙ නැත්තේ.. ආච්චිට අර ස්ක්‍රින් එක පේනවද දන්නේත් නෑ.. මට නම් වැඩේ හිරිකිතයි වගේ. ඒ මදිවට ඉස්සරහ පේළියෙම හිටියේ සිස්සත්වේ ලියන්න ඉන්න වගේ පොඩි එවුන් ටිකක්..  වට පිට බැලුවාමත් ඉන්නේ හිච්චි කොලු පැටවු. මෙකේ නම් තින්නේ සුපර් සික්ස් කියලනේ පොඩි එවුන් හිතන්න ඇති මේකේ ඩිල්ෂාන් ලා ජයසුරියලා ඉන්නව ඇති කියලා.
ඒ මොනව වුනත් දැන් ‍ෆිල්ම් හෝල් වල වැඩිපුරම ඉන්නේ පොඩි එවුන්.. කපල් වලට දැන් එකේ ඉඩ නෑ... :D

ඔන්න දැන් ‍ෆිල්ම් එක පටන් ගත්තා.. පිස්සු හැදෙනවා ඔයි..හුවක් තියන්නවත්, කුප්ප කතාවක් කියලා ෆන් එකක් ගන්නවත් විදියක් නෑ.. කොහෙද ආච්චි කෙනෙක් ඉන්නවනේ. මන් ශේප් එකේ එහා පැත්තට පැන්නා.ඒ පැත්තේ හිටියේ අපේ නදියා..
"ඒ බන් මේ බලහන්කෝ පිස්සු හැදෙනවා නේ....,
"ඇයි... උබ ඊට වඩා හොද එවා දැකලා නැද්ද...
"මේකේ පොඩි එවුමුත් ඉන්නවනේ...."
ගණන් ගන්න එපා බන්.. බලන් හිටපන්"

ඔහොම ‍ෆිල්ම් එක යන ගමන් එක පාරටම කරන්ට් එක ගියා. ඒ වෙලාවෙම බල්ලෙක් බුරන්න ගත්තනේ ඉස්සරහ පේළියකින් ... ඒ සීන් එකට මුළු හෝල් එකටම හිනා... ඊට පස්සේ මෝටරයක් ස්ටාට් කරන සද්දේ ඇහුනා.. අපේ එකෙක් කෑ ගහනවා "අන්න අරු වතුර මෝටරේ ගහලා".. එකට කට්ටියට තව හිනා..

                                 

ඇත්තටම ‍ෆිල්ම් එකට හොදට වියදම් කරලා තිනවා, නළු නිළියෝ ගොඩක් අරන් තිනවා.., හදේ ගහගන්න එවා ටිකක් තිනවා..හොද ප්ලෙස් ටිකක ෂූට් කරලා තිනවා. ලස්සනයි... කතාව පටන් ගන්නේ ඉවර වෙන්නේ කොහොමද කියලානම් මම තාම දන්නේ නෑ..  ඔය ‍ෆිල්ම් එක ලංකාවට ගැලපෙනවද කියන ප්‍රශ්ණේ ඔගොල්ලගෙන් ඇහුවොත් මොකක්ද කට්ටිය දෙන උත්තරේ??? ලංකාව ඒ මට්ටමට පත්ව ඇත්ද?  පවුලේ සැමට එකට ගිහින් ඕක බලන්න පුළුවන්ද?  ලංකාවෙ ඔයිට වඩා වැඩ තීන ‍ෆිල්ම් ආවා හබැයි එවා ආවේ "වැඩිහිටියන්ට පමණයි " කියන ලේබල් එක ගහලා.බොලිවුඩ් , හොලිවුඩ් ටිකක් මික්ස් කරලා කොට කලිසම් ඇද ගත්ත අක්කලා ටිකක් ලස්සනට නට නට  පෙන්නන එවා ලංකාවෙ තීන පවුල් සංස්කෘතියට කොහොම ගැළපෙනවද කියන එක පොඩි ප්‍රශ්ණයක් තිනවා. තරුණ කොල්ලො කෙල්ලොන්ට නම් කිසිම ප්‍රශ්ණයම් නෑ.. ‍ෆිල්ම් එකෙ වැ‍රැද්දක් කියනවා එහෙම නෙවෙයි... ලංකාව තාම ඒ තත්වෙට ඇවිත් නෑ කියන එක නම් තේරෙනවා...

ඔන්න පවුලක් එනවා ඔය ‍ෆිල්ම් එක බලන්න. ඒ පවුලේ ඉන්නවා කටකාර කොල්ලෙක් ..,  ඒ කොල්ලා අහනවා තාත්තගෙන් " ඇයි තාත්තේ අර අක්කා අර කොට ඒවම ඇදන් ඉන්නේ"  ...? මොකක්ද දෙන උත්තරේ...? එක එක රටවලට ගැළපෙන සංස්කෘති අපේ රටට කොහොම ගැළපෙනවා ද කියන එක පළමුව සිතිය යුතුයි..  ...අපිටනම් මොනවා වුනත් එකයි.. ඒත් ලංකාවෙ සමහර සමාජ මට්ටම් වලට කොහොම යයි  ද කියන එක තමයි ප්‍රශ්ණේ... සමහර විට මේ ‍ෆිලිම් එක ඉදිරි සිනමා ගමනේ වෙනස් වීමක, එක හැරීමක පළමු පියවරක් වෙන්න පුළුවන්...

සුභ පෑතුම්..!!

කොහොමවුනත් ලස්සන සින්දු ටිකක් තිනවා... :ඵ්
(පින්තුර ගූගල් එකෙන්)

21 comments:

  1. මේක සුපර් සික්ස් නෙමේ සුපර් ලෙග්ස් :D

    ReplyDelete
  2. ඕක සුපර් සික්ස් වෙලා තියෙන්නේ නිතරම එලියේ තියෙන කෙල්ලො තුන් දෙනාගේ සික්ස් ලෙග්ස් නිසා...

    ඔන්න මගේ විචාරේ...

    ReplyDelete
  3. බැලුවේ නැත., නොබලමි...!!

    ReplyDelete
  4. balapu chaterma film ekak melo rahak ne

    ReplyDelete
  5. බලන්න විදියක් නෑ... දැන්නම් පුලුවන් කමක් තිබ්බත් බලන්නෙත් නෑ

    ReplyDelete
  6. වෙන වැඩක් ඇත්තෙම නැත්තම් විතරක් බලනවා...

    ReplyDelete
  7. ඔය සංස්කෘතිය අරක මේක නම් වැඩකට ඇති කෙහෙල් මල් නෙවෙයි , අබා පවුල පිටින් බැලුවා නම් ගැනු කකුල් ටිකක් වැඩිපුර දකින එක මොකක්ද , මට තියන ප්‍රශ්නේ ගොඩ දෙනෙක් මේකේ කථාව අමු චාටර් කියන එක . අනික් අතට සිනමාකරණ ලක්ෂන නම් සැහෙන්න හොඳයි කියලත් කියනවා (මම නම් නොබැලු නිසා නොදනී )

    දෙමල චිත්‍රපටි ටයිප් එකේ ඇක්ශන් නම් මට කොහොමටත් එච්චර දිරවන්නේ නැ

    ReplyDelete
  8. කොට සායවල් නම් ගෙදෙරදිම අපේ පොඩි උන් බලනවානේ...ඇයි අපේ තරුණ අම්මලා හින්දි ෆිල්ම් කෙල හල හල ගෙදර ඉඳන් බලන කොට ඔව අරුමයක් යෑ. නමුත් ඔය සික්ස් ෆිල්ම් එකේ කතාවක් තියෙද කියන එකයි ප්‍රොබ්ලම් එක ලංකාවෙ අපිට ඔවැනි ෆිල්ම් වලින් ගතයුත්තක් තිබෙද සිනමාව නව ට්‍රෙන්ඩ් එකකට යන්න හදනවද මොකද්ද වෙන්නේ කියන එකයි හිතන්න ඔන මට හිතුනේ එහේම

    ReplyDelete
  9. ලංකාවේම දෙයක් නම් මොන වල් වුනත් බලනවා ඒත් දෙමළ මගුල් කොපි කර කර ගහන ඒවා අපි දෙමළෙනුත් බලලා සිංහලෙනුත් බලන්න ඕන නැහැනේ නේද?

    ReplyDelete
  10. මමත් නොබලමි...
    ටීවී එකේ බලමි... :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. Hasitha- හී හී ඒ නමත් මරු.... අයියා බලලා ඒ කියන්නේ..

    ReplyDelete
  12. Dinesh- ඔය කියන්නේ... අන්න ඒක තමයි.. 2*3

    ReplyDelete
  13. වීපොකුර- හී හී... එහෙමම කියන්න එපා. එක එක එක්කෙනාට රසාස්වාදය වෙනස් නේ??... සමහරවිට හිතට අල්ලයි

    ReplyDelete
  14. sAm (සෑම්) - ඒකත් මරු.. නියමයි

    ReplyDelete
  15. සචිත්- හී හී... ඔව් ඔව් ප්‍රතිචාර නේ....

    ReplyDelete
  16. Mee Godayaa- එහෙමම නෙවෙයි .. රසාස්වාදය වෙනස්නේ. යාළුවො සෙට් එකක් එක්ක ගියොත් කෑගහලා හරි විනොද වෙන්න පුළුවන්

    ReplyDelete
  17. කොච්චර සල්ලි වියදම් කලත් වැඩක් තියෙනවද බං,කතාවක් හදාගන්න බැරුව.

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...