Wednesday, December 28, 2011

තෙල් අභිරහස...

මෙ කියන්නෙ බෙල්ල ගහලා යන සිද්ධියක් ගැන.කරන්න දෙයක් නෑ කියන්න වෙනවා. මේ කතාව වෙන්නේ ලංකාවේ ඇති ප්‍රසිද්ධ කොම්පැණියක.නම් ගම් ඔය දේවල්නම් කියන්න බෑ.. , ඕන්න ඔය කොම්පැණිය ටික කලකට ඉහතදි පාඩු ලබන ආයතනයක් බවට පත්වුණා.එකට ප්‍රධාන හේතු කිහිපයක් ම බලපෑවා... ඔය අතරතුරෙ සිද්ධ වෙච්ච බුද්ධිමය ගේමක තමයි මේ කතාව..

 කම්පැණියෙන් , අදාල අංශ සැම එකකටම පාහේ මුදල් වෙන්වෙනවා.. එය පිළිගත් ක්‍රමයකට ඈත සිටම පැවත් එන්නක්..ඒත්.., එක් කාලවකවාණුවකදි එක්තරා අංශයක් සදහා පෙරට සාපෙක්ෂව වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කිරිමට කළමණාකාර තුමාට සිදුවුණා. මෙය කොම්පැණියේ ආර්ථිකයට එල්ල කලේ දරුණු පිහි පාරක්.. අපි ඒ අංශයට කියමු තෙල් අංශය කියලා.. කොම්පැණියේ සිදුවන නිශ්පාදන, ප්‍රවාහනය කිරිම සදහා වෙනමම අංශයක් පිහි‍ටුවා තිබෙනවා..එකට තමයි තෙල් අංශය කිව්වෙ.. කොම්පැණියට අදාලව මේ ප්‍රවාහන වැඩ කටයුතු සදහා ලොරි රථ කිහිපයක් ම සේවයේ යෙදිමින් තිබුණා. ඔය අංශයේ වැඩ කරේ ගමේම ඉන්න සාමන්‍ය කම්කරුවන් පිරිසක්.ඔවුනට භාරව තිබුණේ , අදාල නිශ්පාදන අවශ්‍ය ස්ථාන කරා ගෙනයාම පමණයි.නමුත් මේ කාලවකවාණුව තුලදි ලොරි වලට යන වියදම සිඝ්‍ර ලෙස ඉහල ගිහින්..ලොරි වල අමතර තෙක් ටැංකිත් තිනවනේ.. ලොරි වලට තෙල් ගහන්නෙත් කොම්පැණියෙන්මයි..ඒ විතරක් නෙවෙයි,, තෙල් ගැහුවායින් පස්සෙ අදාල ප්‍රවාහන කටයුතු කරන්නන් එම තෙල් ටැංකි ඉබ්බන් දමා ලොක් කිරිමක් සිදුකරනවා.. එම යතුරුත් කොම්පැණියේ අදාල ස්ථානයේ එල්වා, එල්වු බවට සහතිකද කළ යුතුයි.. මේ ක්‍රියාදාමය සිදුවුණත් තෙල් වල යන වියදම හා වැයවන තෙල් ප්‍රමාණය ඉහලයි.. මෙය විසදිම සදහා කොපමණ පියවර ගත්තත්, එය සෙවිම අපහසු වුණා.. අනතුරුව විශ්ව විද්‍යාල සිසුන් ලවා වාර්ථා පරික්ෂා කරමින් කලමණාකාර කටයුතු පිරික්සුවත් ඔවුනට අවශ්‍ය සාක්ෂි සොයා ගැනිම අපහසු වුණා. මොන සෙල්ලම දාලා හෙව්වත්  මෙ තෙල් වලට සිදුවන දේ හොයාගන්න අපහසු වුණා.. තෙල් ටිකත් ඉක්මණට ඉවර වෙන්න යනවා... යන වියදමත් වැඩි... මේ මොනවා වුණත් කලමණාකාරතුමා සිද්ධිය එළියට යන්න නොදි තමා කෙසෙ හෝ හොයාගන්නවා යම අදිටනින් මෙහෙයුමක් දියත් කර තිබෙනවා..

 තේරෙනවද???   ලංකාවට පුද්ගලික රහස් පරික්ෂකයෙක් නොසිටින එකේ පාඩුව.. මටනම් මේ කතාව අහන කොටම දෙවන තර්කයෙන් තෙරුනා සිද්ධිය මෙකයි. මෙහෙමයි යන්නේ.., ලුස් පොයින්ට් එක මෙකයි කියලා.. අවංකෙන්ම කියන්නෙ..  ඔගොල්ලන්ටත්  අවස්ථාවක් දෙනවා මේ ගැටළුව විසදන්න.. කලමණාකරතුමා ගත්ත පියවරත් හිතෙනවනම් කියන්න. හැබැයි එතුමා ගත්ත පියවර නම් මට හිතාගන්න බැරි වුණා. එත් මා සිතු සිදුවිම තමයි සිදුවෙලා තින්නේ... තර්කාණුකුලව හිතලා පිළිතුරක් ලබාදෙන්න.... ඉතුරු කොටස ඉලග කතාවෙන්....

11 comments:

  1. මෙහෙමයි මගේ යාලුවෙකුගෙ (සර් කෙනෙක්) නෑදෑකෙනෙක් වැඩකරලා තියනවා UAE වල ඔය වගේ තැනක එතනත් ඔය වගේ හොරෙන් තෙල් උස්සනවලු ඒකෙනං කරන්නෙ වාහනේ මගකට ගෙනිහින් නවත්තලා තෙල් අදිනවලු එහේ තෙල් ගාන හරිද බලන්නෙ තෙල් කැලතිලා එන පෙනවල උසින්ලු ඉතිං අපේ උන් තෙල් ටිකක් එලියට ඇදලා තෙල්වලට වොශිං පවුඩර් දානවලු එතකොට ඒවගේ පෙන නිසා තෙල් වල පෙන අඩුයි තෙල් උස්සලා කියලා මාට්ටු වෙන්නෙ නෑ ලු.... මං හිතන්නෙ මෙතනත් වෙන්න ඇත්තේ ඒක ඉබ්බා ඇරගන්න එක අපේ උන්ට ගේමක් නෑ නේ

    ReplyDelete
  2. දැං අභිරහස විසඳලද :D

    ReplyDelete
  3. රහස් පරීක්ෂකයෙක් හිටියා නම්..... ඒකාටත් පගාවක් දීලා නම්ම ගනීද මන්දා.

    ReplyDelete
  4. ටැංකිය හිල් වෙලා වෙන්න ඇති.. අනේ උඹ වගේ මැට්ටෙක්!! :D :D

    ReplyDelete
  5. තෙල් වල මිල වැඩි උනාම වියදම ඉහල යනවා තමයි...:))

    ReplyDelete
  6. ම්ම්ම්ම්......... මටත් හිතෙන්නේ තෙල් ටැංකි හිල් වෙලා වෙන්නැති කියලා....:)))))))

    ReplyDelete
  7. මලයාගේ වැඩේ අපිට කරන්න කිවුවම කොහොමද? අපිට ඔය රහස් පරීක්ෂක වැඩ බෑනේ...

    ReplyDelete
  8. කිඩෝ - එහෙමත්ම නෙවෙයි,,... කතාව දාන්නම් කෝ...

    තනි අලියා- මම නම් විසදුවා

    ReplyDelete
  9. මධුරංග - මන් නම් බොක්කෙන්ම වැඩ අයියේ...!!


    Pravin Indranama- අනේ හලෝ.. මගෙන් ටිකක් ඉගෙන ගන්නවා..තෙල් පාරෙ හල හල යනවද??? හී හී

    ReplyDelete
  10. සයුරි - ඔව්.. එත් හොරකමනේ..

    මහි - එහෙම වුනොත් පාරේ හැලෙනවනේ.... ටැංකි කැඩිලනම් ආයි කොම්පැනියට ආවම චෙක් කරන අයට පේනවනේ...

    ReplyDelete
  11. Dinesh - අයියටත් පුළුවන්... පොඩ්ඩයි හිතන්න තින්නේ..

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...