Thursday, November 10, 2011

දවසින් කාබාසිනිය කරපු හැටි..

                                                          මන් ඉපදුණු දවසේ ඉදන්  මාසයක් පාසාම, තාත්තා රුපියල් 125 ගානේ,, මහජන බැංකුවේ ස්ථිර තැන්පතක් විදියට, මගෙ නමට දාපු සල්ලි වලට වෙච්ච දේ ගැනයි මෙ කියන්න යන්නේ..
                               එකට එකතුවන පොලිය කියද කියන්න නම් මම දන්නේ නෑ. කොහොමහරි පොළියත් එක්ක තව රුපියල්5000 කුත් එකතු වෙනවා.. ඔහොම වෙලා මේ ගිණුමේ තිබ්බනේ මරු ගානක්.කිව්වට ඉතින් මහ ලොකු ගාණක් නෙවෙයි. 
                                      ඇත්තටම කියන්න, ඔය ගිණුම ගැන මන් දැනගත්තේත් සතියකට කලින්නේ.තත්තා මට එහෙම එකක්ගැන කියලා නෑ.මන් දන්නේත් නෑ.මන් දැනන් හිටිය නම් ඔච්චර කල් තියෙන්නෙත් නෑ. මහජන බැංකු  ස්ථිර ගිණුමෙන් සල්ලි ගන්න අහැකි වයස අවු.18 පැන්නයින් පසුවලු.එ කියන්නෙ  බාළවයස්කාර ගිණුම. විශ්වාස කරන්න යාළුවනේ එකේ තිබ්බනේ රු;49.958 ක්.

          මන් වැඩිදුර අධ්‍යාපනය සදහා ලැප් ටොප් එකක් ගන්න හිත හිත හිටියේ. අර ඇස් .බී ගේ එක  (ලැප)  ගන්න හදනකොට හැමොම කියනවා, උබට පිස්සුද ඔක මාර අලාභයි කියලා. ඇත්තම කියන්න ඔය ලැප් එක ගත්ත එකෙක් මට තාම හම්බුන්නැනේ. ඇස්. බී මහත්තයට මොකද දන්නවද කරන්න වෙන්නේ..... ඇමරිකාවා අතිරික්ත ආහර මුහුදු බත් කරනව වගේ ,ලැප් ටිකත් මුහුදු බත් කරන්න. එහෙම කරත් අවුලක් වෙන එකක් නෑ. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලිනේ තින්නේ භාණ්ඩාගාරේ. ආයි මොනව කියන්නද?????  ලැප් ටොප් නිකන් දෙනවා වගේ පටන් ගත්තේ... පුහ්....

   මේ වැඩේ හරි යන්නේ නෑ..... ගත්තා බැංකුවෙන් සල්ලි, කෙලින්ම ගියා laptop.lkඑකට ගත්තා ලාභම ලාභ එකක්.. වෙන කරන්න දෙයක් නෑ.ඔන්න ඔහොමයි බැංකුවේ තිබ්බ සල්ලි එක දවසින් ඉවර කරේ. බැංකු ගැන කිව්වාමයි මතක් වුණේ .. කවුරු හරි ඉන්නවද බැංකුවකට ගිහින් ඉක්මනට වැඩක් කරගත්ත කෙනෙක්??? හිතනවද ලංකාවෙ බැංකු කාර්යක්ෂමයි කියලා.....බැංකුත් නිකන් මී පැණි වගේ, අපි නිකන් මැස්සෝ වගේ.  ඔන්න ඔය බැංකු ගැන ඉළග පාර ලියන්නම්.....
                 

23 comments:

  1. ඔය විදියටම අපේ අම්මත් මට ගිණුමක් හදලා 100 ගානේ දාල තිබුණා...ඒ මුල්ම කාලේ අම්මගේ සම්පුර්ණ පඩිය 400 ලු (ගුරු පඩියක්). ඉතින් මාත් 18 වෙද්දී ඒකෙ 50000+ ගානක් තමයි තිබුනේ...ඒ ටිකටනම් මුකුත් කරන්න මට හිතුනේ නැහැ...තාම තියනවා ස්ථිර තැන්පතුවක දාලා...

    ReplyDelete
  2. පවු රහස්, එස් බී ට දුක හිතුනොත්, අැඬුවොත්

    ReplyDelete
  3. අයියෝ මලේ තව ටිකක් කල් ඉදලා තව ගානක් දාලා හොද එකක් ගන්න තිබුනානෙ.

    ඔය විදිහට ගිණුමක් අපේ සීයා හදලා තිබුනා මං ඉපදුන දවසෙම.සීයාගෙ මුනුබුරෝ මිනිබිරියො ඔක්කොටම හදලා තිබුනා.මං ලොකු එකා නිසා මට තමා ලොකුම ගාන තිබුනේ.

    ReplyDelete
  4. දැන් ඉතින් අරන් ඉවරනේ.. ඇත්ත කියපන්.. ඔය කම්පියුටරේ ගන්න ඔච්චර හදිස්සි උනේ කැම්පස් එකේ වැඩ කර ගන්නද නැත්නම් බ්ලොග් එක ලියන්න ආස නිසාද???

    ReplyDelete
  5. අහ් මටත් තිබුනා මහජන බැංකුවෙ ඔහොම ගිණුමක්. මට 18 සම්පූර්න වෙද්දිත් තිබුනෙ 50000 + ගානක් තමා :) මමත් 2008 දි ඒ සල්ලිත් අරන් දාලා තමා මේ දැන් තියන කම්පියුටර් කට්ට ගත්තෙ..:D

    ReplyDelete
  6. සයුරි - එහෙනම් දැන් තින සල්ලි වලින් අක්කට BMW කාර් එකක් ගන්න අහැකි වෙවි.

    ReplyDelete
  7. තනි අලියා -මිනිහට අඩන්න තමයි දැන් වෙන්නේ....... කොල්ලොන්ටත් එපා වෙලා එක,


    නිසුපා - ටිකක් හොද එකක් තමයි ගත්තේ අක්කේ... දැනට ඉගෙන ගන්නනේ.. ජොබ් එකක් කරන කාලෙක බහිමු හොද එකකට..

    ReplyDelete
  8. Dinesh - ඇත්තටම අයියේ ජාවා , මැට්ලැබ්, සි++ වැඩ වලට... ඒ අතරෙත් මෙකත් ලියනවා අයියේ.... හි හි හි.. :)



    හිතුවක්කාරි - ඔය කියන්නේ... හැමොම එහෙමයි බලන් යනකොට... එල එල...එ කොම්පුයුටරෙ නැත්නම් හිතුව හම්බවෙන්නෙත් නැනේ..

    ReplyDelete
  9. අම්මෝ වැරදිලාවත් ඇස් බී 'මහත්තයා' දෙන ලැප් ටොප් ගන්න නම් එපා. කොටි වලිගේ අල්ලගත්තා වගේ ලොකු කාලයක් පොලිය ගෙවන්න වෙයි.

    ReplyDelete
  10. මධුරංග - එකනේ අයියේ.. පට්ට ගානක් ගෙවන්න වෙනවා..

    ReplyDelete
  11. බැංකු වට බනින එකට නම් මම විරුද්ද්යි . හරි මමත බලාගෙන ඉන්නෙ අර කියපු ලිපිය බලන්න

    ReplyDelete
  12. හපොයි ඔව්, බැංකු වල කවදද හරියට වැඩක් කරේ,. හපොයි දෙවියනේ කාලෙකින් ඇවිත් පෝස්ට් ගොඩක් දාලා ගිහින්,.. හෙ හෙ

    ReplyDelete
  13. මගේ තිබ්බා ඔය වගේ එකක් ..හැබයි ඉපදුන දා දැම්මා දැම්මයි ආයේ දාලා නැ..පස්සේ අහම්බෙන් වගේ හම්බවෙලා ගාන බලද්දි 5000ක් ද කොහෙද තිබ්බා..මම එක ගන්න ගියෙත් නැ..ඔන්නොහේ තිබ්බදෙන් කියලා හිටියා..

    ReplyDelete
  14. ලොකු ඡෝන් - බනින එකක් නෙවෙයි... ක්‍රියාපටිපාටිය කාර්යක්ෂම මදි කියලයි කියන්නේ.. සති ගනන් යන්න වෙන එවා...


    ප්‍රාර්ථනා - එකනේ අක්කේ හිර වුණානේ ටිකක්. දැන් නම් අවුලක් නෑ... අක්කට නිදගස් වුණාම කියන්නකො.කැම්පස් එකෙදි මීට් වෙන්න පුළුවන්නේ...

    ReplyDelete
  15. නිම්ශා - එහෙනම් දැන් ඔයාට ඉඩමක් ගන්න පුලුවන් ඇති....

    ReplyDelete
  16. මටත් ලියුම ආවා.ඒත් ගන්න ගියේ නෑ.අන්තිමේහි ඩබල් ගෙවන්න වෙන්නේ.
    පස්සෙ අඩුවට එකක් ගන්නව.දෙනවයි කියන එකට වඩා හොඳ එකක් ඊට වඩා අඩුවට දැන් ගන්න පුළුවන්.....

    ReplyDelete
  17. එක දවසින් කාබාසිනියා කළත්, වැදගත් වැඩකට නේ වියදම් කරලා තියෙන්නේ...
    ඒක හොඳ වැඩක්.....:D

    ReplyDelete
  18. පිසාචයා - ඔව් බන් තේරුමක් නැති වැඩක්..

    ReplyDelete
  19. මහි - මාත් එහෙම හිතනවා,,,.. වැඩ තිනවා කරන්න..
    ගොඩක් කාලෙකින්.

    ReplyDelete
  20. අවුරුදු 18 ක වැඩිය එකතු කරපුව පැයෙන් ඉවර උනාද හරි සතුටුවෙයි ඔයාගේ තාත්තාට

    ReplyDelete
  21. තාත්තා අවුලක් නෑ......

    ReplyDelete
  22. ගත්ත ලැප්ටොප් එකේ ෆොටෝ එකක්ද දාලා තියෙන්නේ ??? :)

    ReplyDelete
  23. Hasitha aiya- නෑ අයියේ ගත්තේ hp probook 4530s එකක්..

    ReplyDelete

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...