Friday, January 13, 2012

මන් එනවා..

ඔවා ඔහොම වෙනව තමයි .. එත් කොහොමද අවංකව දෙයක් කරලා පරදින්නේ...
මේ ලියමන ලිව්වේ, සැමරුම් පොතකට දාන්න... එත් මට එකට අවස්ථාවක් නැති වුණා.., නෑ නෑ.. නැති කරගත්තා.ඒ මොකද..., මේ ලිපිය කෙනෙකුට හානියක් වෙයිදෝ කියන සැකය නිසා.  ඉතින් , මගේ පි‍ටුවේ ඉඩක් ඒ ලිපියට වෙන් කලා..

" මන් එනවා... කොහොමහරි එනවා..,
 ඔව්, මන් පොරොන්දු වෙනවා..!!  
 'එත් අද මට එන්න විදියක් නෑ..,
 එදාට වඩා අද තත්වය වෙනස්..,
 අද මන් පැරදිලා... ඉතින් මන් කොහොම එන්නද???'  ,
 'එදා එතන එකම එක සුදු පාට පුංචි මලක් පිපිලා තිබුණා.
 මන් ඒ මල නෙළා ගත්තේ හරිම පරිස්සමින්...,
 එහෙම නෙළා ගත්තා විතරයි....,
 ඝන මීදුම මා වට කර ගත්තා..,
 දැස් ඝන මීදුමෙන් අන්ධ කරා..,
 ආලෝක ධාරා ඇතුලු වුනේ කඩින් කඩ..,
 ඒත් , එ මල මා හොදින් අල්ලාගෙන සිටියා....
 ඒ මදිවට එදා නා කපන වැස්ස...,
 මා  හොදටම විඩා බරයි..,
 නමුත් ඒ මලෙන් හැමු සුවද , මා ප්‍රබොධමත් කරා..
 කඩින් කඩ පැමිණි ආලෝකයන්ට සිනාසුනු ආකාරය,
 මා ශක්තිමත් කරා , දිරිමත් කරා...
 නමුත් අද මා පැරදිලා...
 කියන්න සතු‍ටුයි... අද ඒ මල වෙනදට වඩා හිනහෙනවා.
 සමහරවිට දැන් ප්‍රභල ආලෝකය වැටෙනවා ඇති....,
 ඒ මල අද දිනලා.. සම්පුර්ණ වෙලා..
 මට කියන්න බැරි තරම් සතු‍ටුයි... එත් මන් අද පැරදිලා..
 එත් දවසක, කඩින් කඩ එන ආලෝකය ඒ මල පෝෂණය කරාවී...
 ඔව් පෝෂණය කරාවි....!!!


(මා කතා ලිව්වට, මේ වගේ එවා හරියට ලියන්න තේරෙන්නෙ නෑ... මට ඇත්තටම දැනුන දේ ලිව්වේ...... )


Tuesday, January 10, 2012

ප්ලීස්...!!

මට මෙකට උත්තරයක් දැන ගන්න ඔන .....

ඔයාලගේ උදව්ව ගොඩක් වටිනවා... දිගට ලියන්නෙ නෑ.. මේ කයි අහන්න තින්නේ......

කැතලික් කෙල්ලෙක් ,බෞද්ධ කොල්ලෙක් එක්ක යාළු වෙන එක වරදක්ද???
 නැතිනම්.., කැතලික් කොල්ලෙක් බෞද්ධ කෙල්ලෙක් එක්ක යාළු වෙන එක වරදක්ද??..

ඇත්තටම කියන්නේ අපේ ලොකු එකාත් එහෙමයි.......

සිතට එකගව අවංක උත්තරයක් ඕන..... ???

යාළුවනේ...... ලොකු පුරස්නයක්....??

Saturday, January 7, 2012

50 යි

එකමත් එක කාලේක..., පුංචි රටක, පුංචි තැනක උපන්,   හිතුවක්කාර, අකීකරු, කිසිම වැඩක් හරියට කරගන්න බැරි,.. දහසක් දේ හිතුනත් කියාගන්න බැරි...මෙලෝ හසරක් නොදත් සොදුරු දඩබ්බරයෙකුගෙ 50යි මේ..
ඔහු මෙලොව උපන් දා සිට තම ජිවිතය කැපකරේ එකම එක අරමුණකටය.. එහෙම කිව්වට අර පොඩි කාලේ ආසාවට කියනවා වගේ වෛද්‍ය වරයෙක් වෙන්න,ඉංගිනේරුවෙක් වෙන්න වගේ ආසාවන් ඔහු සතුව පොඩ්ඩක්වත් තිබුනේ නෑ..  ඇත්තම කියනවා නම් බෙහෙතකට වත් ගෙදර හිටපු ඩයල් එකක් නෙවෙයි. යාළුවොත් එක්ක රොන්දේ ගහපු, කිසිම බරපතළ කමක් නොදන්නා හිතුවක්කාරම චරිතයක්.. අම්මා දැනට වුනත් කියන්නෙ "උබට ඕන දෙයක් කරගනින්.., අපිට එක එකාගේ කතා අහන්න තියන්නෙ නැතුව...." කියලා. දඩබ්බර වුණාට කාටවත් කිසිම හිරිහැරයක් වෙන්න කිසිම වේලාවක ඉඩ තියලා නැ, පුළුවන් තරම් වැඩ කරේ අනිත් මිනිස්සු වෙනුවෙන්.. ලොකු කමකට කියනවා නම් නෙවෙයි .. ඇත්තටම ගොඩක් උදව් කරලා තිනවා.ආඩම්බරව කියන්නේ තමන් ගේ සතුටට වඩා අනුන්ගේ සතුටට වැඩ කරලා තිනව.කාවවත් අඩවලා නෑ .. කාත් එක්කවත් තරහ වෙලා ඉදලා නෑ.තරහා වෙන්නෙත් නෑ.මෙවා මොකටද  ? අපි මැරෙන මිනිස්සු....!

..මා හරි වෙන්න ඕන 'ඔහුට කවදාවත් තරහ වෙලා, වෛර කරපු යහළුවන් හිටියේ නෑ.. අදටත් එහෙමයි. ගෙදර ඉන්න හැම වෙලාවකම කරේ යාළුවොත් එක්ක ගාලු කො‍ටුවට එකතු වෙලා ‍රැ වෙනකම් සිංදු කියලා ෆුල් ෆන් එකක් ගන්න එක. අවංකව කියන්නේ එක මත්පැන් බිදක් කටෙ තියලා  නෑ.. ඒ වගේ අසමජ්ජති කිසිම වැඩක් කරලා නෑ..කො‍ටුවට සෙට් වුනාම බොන්නේ කොලා එකයි කන කොත්තුවයි ... කොත්තුව නම් මෙලෙ රහක් නෑ.. ඒ වුනාට සෙට් වෙලා කනකොට  නම් කියලා වැඩක් නෑ..

ඔහු ඉස්සර ඉදන්ම ගියේ ගාල්ල මහින්ද විද්‍යාලයට..,උසස් පෙල හැදැරුවෙත් ඒ ඉස්කොලෙන් මයි...එවා ගැන කියන්න ගියොත් නම් මැරෙනකම්ම කියන්න හැකී. පොඩි සිද්දියක් තිනවා කියන්න, මෙහෙමයි ඒක සිද්ද වුණේ 'ඔහුට සාමාන්‍ය පෙල කාලේ අජුතම විශයක් තමයි සිංහල කියන්නේ... සිංහල මිස් හැමදාම ඔහුව එළියට දානවා,ඔහුත් එක්ක එතකොට වැඩිපුරම කිට්‍ටුවෙන් හිටියේ දසුන් කියල මන්ද චරිතයක් .. අකුරු ගන්න දෙයක් නැතිලු.., මෙලො වැඩක් කරනෙ නැතිලු, රචනයක් ලිව්වොත් දහයෙන් තුනයි, හතරයි.විභාග වලදිත් උපරිම තිබ්බේ ලකුණු 38 යි.ඒ කාලෙ මිස් ට හිටියා පොශ් සෙට් ටික දෙනෙක්...වුන්ට නම් ලකුණු තිබ්බා මදි නොකියන්න.උනුත් අපේම කොල්ලො ටිකක්....ඔහොම ඉදලා සා/පෙ ප්‍රතිඵල ආවාම ඔහු ගියා මිස්ට ප්‍රතිඵල කියන්න."මිස් සිංහලවලට A එකක් තිනවා.." මිස් හිනාවුණා විතරයි..මුකුත් කිව්වේ නෑ.. ඔහුට තාම තෙරෙන්නේ නෑ ඇයි කියලා??

"මෙහෙම දෙවල් කිව්වේ අද මන් බ්ලොග් පි‍ටුව ලියන්න පටන් අරන් ලියන 50 වෙනි ලිපිය .. මේ ලිපිය අද ඔහුට වෙන් කරා..මේ පි‍ටුව ලියන ගමනේදි ගොඩක අය ,නොයෙක් විදියෙන් උදව් උපකාර කරා.... ඒ අයත් මතක් කරන්න ඔන.. 'අපේ රසික අයියා ...බොහොම ස්තුති වේවා..!! මෙහෙම ලියන්න දිරිමත් කරාට.. , සිතක සංකල්පනා ලියන මධුරංග අයියා , වර්ණ ලියන දිනෙෂ් අයියා, අල්ලපු වත්තේ සිත් අහස ලියන ප්‍රර්ථනා අක්කා,සයුරි අක්කා.., මුත්‍ර කරන්න ගියත් උබ කොහෙද ගියේ කියලා අහන අපේ අලි මලයා.., නිතරම ආදරය ගැන කතාකරන හිතු...,අපේම නෑදැ වෙන ආගිය කතා ලියන හසිත අයියා.. ඔගොල්ලව ආදරයෙන් මතක කරනවා.. ඒ විතරක් නෙවෙයි නිසුපා අක්කත්,විසිතුරු අයියත් , දේව්දාස් මලයත් , පේරාදෙණියෙ ඉන්න පිසාචයත්..,ලස්සන ලස්සන පින්තුර පෙන්වමින් ලෝකෙ වටෙ යන කවිකාරි අක්කත්.,අරුණැල්ල ලියන නජා මලයත්,තව ජෝන්, අපේ අචිරවත්, ඩගියත්,තාරකවත්, ..,චතුමිතු අක්කත්,ලට්ට ලොට්ට ලියන පොඩි මැන් අයියත්රූ අක්කත් ,කම්මැලියාත් ආදරයෙන් මතක් කරනවා...මුහුණු පොතේ ඉන්න යළුවනුත් .., නම් කියන්නට බැරි උනානම් සොරි වෙන්න ඕන..ඒ හැමොමවත් ආදරයෙන් මතක් කරනවා.. කියන්න බැරි වුණ ඔක්කොමටත් ගොඩක් ස්තුතියි...!!!


  අද මට උදේ එකෙක් කියාගෙන ගියා..'මට උබ ගැන දුක හිතෙනවා කියල' ..., උබ කිව්ව එකත් තේරුණා බන් අපි බලමු ඉස්සරහට..."
 
පිනි බිදුවක් වෙන්නට ආසයි 
මිහි මත සිසිලස ‍රැදුණු
දිය ‍රැල්ලක් වෙන්නට ආසයි
තොල මත දිය ‍රැල් නැගුණු


සිසිලස දෙන්නම් මා සැමදා
පවනක් වී එන හමා..
සුරකින්නම් සෙනෙහස සැමදා
ඔබේ මතකය සිත් පුරා,,,,!


මීට ඔහු..
                                                                    ස්තුතියි...!!!!! ,
(අවධාරණයෙන් කියමි.. මමත්ව දේශනාවක් නොවෙයි..)

Thursday, January 5, 2012

තෙල් අභිරහස විසදේ...

මෙන්න මෙහෙමයි ඉතුරු ටික කතාවෙ වෙන්නේ.....,, කට්ටිය හිතපු එවා හරිද බලන්න...,

  "කළමණාකාර මහත්තයට කිසිම දෙයක් සොය ගැනිමට බැරි වුණ නිසා... ගැහුවා සැලසුමක්.... ඔය කිව්වට දරුණු සැලසුමක් නෙවෙයි.. පොඩි පොඩි බොතලයක සැලසුමක්... ඔන්න එදා කොම්පැනියේ පඩි දවස ..එදාට එක එක අංශවල කට්ටිය, පොඩි පොඩි පාටි වලට සෙට් වෙලා බෝතලයක රස බලනවා..
 
"එ වෙලාවෙ ඉතින් සුපුරුදු පරිදි ඩ්‍රයිවර් මහත්වරු ටිකයි, තෙල් ගහන කට්ටියයි එකට සෙට් වෙලා බොතල් දෙකක් අනුමත කරලා.. එතකොට වෙලාව ‍රැ 11 ට විතර ඇති. ඔය කණ්ඩායමට තුන්වන බෝතලයත් අරගෙන කළමණාකාර මහත්තයා ගාණට නුලට, එන්ටර් වෙනවා." ඔන්න ඔහොම වැඩේ නැගලා යන අතරේ කළමණාකාර මහත්තයා කතාව වෙනස් කරලා, මේ සිදුවිම පැත්තට කට්ටිය නම්ම ගෙන තියෙනවා. සෙට් එකේ ඉන්නවා බෝතලයක මුඩිය පැගුනත් ඇති ... ඒ වෙලවේ මිනිහා කරටි කැඩෙන්න ගහලා ඉදලා තින්නේ.." "මිනිහා පටන් ගත්තලු කතාව මෙහෙම ' මහත්තයෝ..... මහත්තයට කියන්න අපි දෙනවා ඔකට හෙන ගේමක්.......'



'දැන් හරිනෙ ඉතින් ,... අයිමත් මිනිහා කියනවා... ' මහත්තයො තෙල් ගහනකොට අපි පුල් ටැන්ක් ගහනවා .., අපි කවදාවත් බාගෙට තෙල් ගැහුවෙ නෑ... ලොරි වලට තෙල් ගහන කොට යතුරු පුවරුවෙන් යතුර අරගෙන  ඉබ්බ ඇරලනේ තෙල් ගහන්නේ.., තෙල් ගැහුවායින් පස්සේ අපි අත්සන් කරලා යතුරත් භාර දෙනවා.. එවයෙ නම් කිසිම ප්‍රශ්ණයක් නෑ...  '
"එහෙනම් කොහොමද අයිසේ තේල් නැතිවුනේ....?'  ඉන්නකො මහත්තයෝ කියනකම්..... 'ඔය තෙල් ගහන එකා ඉන්නවනේද.... වු තමයි මෙක ලස්සනට ගෙනියන්නෙ. මිනිහා ටැංකි ඔක්කොටම තෙල් ගහනවා .. ගහලා ටැංකි වලට ඉබ්බ දාන්න ඕනනේ... ඔය වෙලාවේ මිනිහාගේ සාක්කුවේ තිනවා, ලොක් කරන  ජාතියේ වගේ වෙන ඉබ්බේක් .. ඒ ඉබ්බගේ යතුර කොහොමත් වු ගාව තිනවනේ.. ඉතින් මිනිහා ලොක් කරන්නේ එ ඉබ්බා... කොම්පැනියෙන් දාන ඉබ්බ තව සාක්කුවක දාගෙන තියාගන්නවා.. ඒ ඉබ්බගේ යතුර තින්නේ යතුරු පුවරුවෙ නිසා මගදි කාටවත් තෙල් ගන්න බෑ කියලා තමයි කොම්පැනියෙන් හිතන්නේ.... නමුත් දැන් පුළුවන්.. ඔය විදියට ඇවිත්, මගක් හරියෙදි තමයි මේ තෙල් උස්සන්නේ.උස්සලා අඩු ගාණකට විකුණලා දානවා.. එක අමතර බිස්නස් එකක්නේ...' මහත්තයා නිසාම මේක කිව්වේ.. වෙන යකෙක් ඇහුවා නම් කෙල බිදක් හෙලන්නෙ නෑ...  (අන්තිමට මිනිහා එහෙමත් කියලා)


'දැක්කනේ ඉබ්බා මාරු කරලා තෙල් වලට දුන්න ගේම් එක. ඔක හොයන්න ගත්තා කියලා එක පාරට ඔහොම එකක් හිතෙනවද??? .. කළමණාකාර මහත්තයගේ සැළසුම වැඩ කරා.. කොහොමහරි මේ බොතලේ නිසා විශාල ජාවාරමක් අල්ල ගත්තා..දැක්කනේද බෝතලේ පවර් එක.... කවුද කියන්නෙ මතට  තිත කියලා.!!!...

පොඩ්ඩක් හිතන්න - මෙහෙම සිද්දි වෙලා සමහර ආයතන, කර්මාන්තශාල වහන්න වුනොත් ඒක මොන තරම් බලපාවිද.... පරපුරකට මොකක් වෙවිද???  .. සොරි තමයි ඉතින්......!!

Wednesday, December 28, 2011

තෙල් අභිරහස...

මෙ කියන්නෙ බෙල්ල ගහලා යන සිද්ධියක් ගැන.කරන්න දෙයක් නෑ කියන්න වෙනවා. මේ කතාව වෙන්නේ ලංකාවේ ඇති ප්‍රසිද්ධ කොම්පැණියක.නම් ගම් ඔය දේවල්නම් කියන්න බෑ.. , ඕන්න ඔය කොම්පැණිය ටික කලකට ඉහතදි පාඩු ලබන ආයතනයක් බවට පත්වුණා.එකට ප්‍රධාන හේතු කිහිපයක් ම බලපෑවා... ඔය අතරතුරෙ සිද්ධ වෙච්ච බුද්ධිමය ගේමක තමයි මේ කතාව..

 කම්පැණියෙන් , අදාල අංශ සැම එකකටම පාහේ මුදල් වෙන්වෙනවා.. එය පිළිගත් ක්‍රමයකට ඈත සිටම පැවත් එන්නක්..ඒත්.., එක් කාලවකවාණුවකදි එක්තරා අංශයක් සදහා පෙරට සාපෙක්ෂව වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කිරිමට කළමණාකාර තුමාට සිදුවුණා. මෙය කොම්පැණියේ ආර්ථිකයට එල්ල කලේ දරුණු පිහි පාරක්.. අපි ඒ අංශයට කියමු තෙල් අංශය කියලා.. කොම්පැණියේ සිදුවන නිශ්පාදන, ප්‍රවාහනය කිරිම සදහා වෙනමම අංශයක් පිහි‍ටුවා තිබෙනවා..එකට තමයි තෙල් අංශය කිව්වෙ.. කොම්පැණියට අදාලව මේ ප්‍රවාහන වැඩ කටයුතු සදහා ලොරි රථ කිහිපයක් ම සේවයේ යෙදිමින් තිබුණා. ඔය අංශයේ වැඩ කරේ ගමේම ඉන්න සාමන්‍ය කම්කරුවන් පිරිසක්.ඔවුනට භාරව තිබුණේ , අදාල නිශ්පාදන අවශ්‍ය ස්ථාන කරා ගෙනයාම පමණයි.නමුත් මේ කාලවකවාණුව තුලදි ලොරි වලට යන වියදම සිඝ්‍ර ලෙස ඉහල ගිහින්..ලොරි වල අමතර තෙක් ටැංකිත් තිනවනේ.. ලොරි වලට තෙල් ගහන්නෙත් කොම්පැණියෙන්මයි..ඒ විතරක් නෙවෙයි,, තෙල් ගැහුවායින් පස්සෙ අදාල ප්‍රවාහන කටයුතු කරන්නන් එම තෙල් ටැංකි ඉබ්බන් දමා ලොක් කිරිමක් සිදුකරනවා.. එම යතුරුත් කොම්පැණියේ අදාල ස්ථානයේ එල්වා, එල්වු බවට සහතිකද කළ යුතුයි.. මේ ක්‍රියාදාමය සිදුවුණත් තෙල් වල යන වියදම හා වැයවන තෙල් ප්‍රමාණය ඉහලයි.. මෙය විසදිම සදහා කොපමණ පියවර ගත්තත්, එය සෙවිම අපහසු වුණා.. අනතුරුව විශ්ව විද්‍යාල සිසුන් ලවා වාර්ථා පරික්ෂා කරමින් කලමණාකාර කටයුතු පිරික්සුවත් ඔවුනට අවශ්‍ය සාක්ෂි සොයා ගැනිම අපහසු වුණා. මොන සෙල්ලම දාලා හෙව්වත්  මෙ තෙල් වලට සිදුවන දේ හොයාගන්න අපහසු වුණා.. තෙල් ටිකත් ඉක්මණට ඉවර වෙන්න යනවා... යන වියදමත් වැඩි... මේ මොනවා වුණත් කලමණාකාරතුමා සිද්ධිය එළියට යන්න නොදි තමා කෙසෙ හෝ හොයාගන්නවා යම අදිටනින් මෙහෙයුමක් දියත් කර තිබෙනවා..

 තේරෙනවද???   ලංකාවට පුද්ගලික රහස් පරික්ෂකයෙක් නොසිටින එකේ පාඩුව.. මටනම් මේ කතාව අහන කොටම දෙවන තර්කයෙන් තෙරුනා සිද්ධිය මෙකයි. මෙහෙමයි යන්නේ.., ලුස් පොයින්ට් එක මෙකයි කියලා.. අවංකෙන්ම කියන්නෙ..  ඔගොල්ලන්ටත්  අවස්ථාවක් දෙනවා මේ ගැටළුව විසදන්න.. කලමණාකරතුමා ගත්ත පියවරත් හිතෙනවනම් කියන්න. හැබැයි එතුමා ගත්ත පියවර නම් මට හිතාගන්න බැරි වුණා. එත් මා සිතු සිදුවිම තමයි සිදුවෙලා තින්නේ... තර්කාණුකුලව හිතලා පිළිතුරක් ලබාදෙන්න.... ඉතුරු කොටස ඉලග කතාවෙන්....

Wednesday, December 21, 2011

ඒ උබ නේද?

""සති දෙක , තුනකට පස්සේ තමයි ලිපියක් ලියන්න චාන්ස් එකක් ආවේ.... මේ දවස් වල ටිකක් කාර්යබහුලව තමයි ජිවිතේ ගෙව්වේ....ලියන්න ලිපි කිහිපයක් ම තිනවා ....  ආ...ආ... හදිස්සියේම  විනෝද චාරිකාවකුත් යන්න වුණානේ ..එකෙත් තිනවා ඇඩෙනම ඇඩෙන කතාවක් ඔගොල්ලන්ට කියන්න.. මට මතක් වෙනකොටත් ඇඩෙන්න වගේ.... ඒ කතාව වෙලාව අවහාම ගානට නුලට ලියන්නම් ..දැන්නම් කියන්න හදන්නේ ඊට වඩා වෙනස් දෙයක් ගැන..."

සයිබර් ත්‍රස්ථවාදය ගැන කට්ටියම අහලා ඇතිනේ... මේ දවස් වල ප්‍රසිද්ධ පුවතක් තමයි 'ඇමරිකාවෙ ජල ප්‍රවාහන පද්ධතිය හැක් කරපු එක...' දියුණු රට වල ඔය පද්ධති සම්පුර්නයෙන් ම පාහේ තින්නේ එකම පරිගණක ජාලයක් විදියටනේ.හොරෙන් ඇතුලු වු තැනැත්තා ඒ දින කිහිපයම ඇමරිකාවේ ජල පද්ධතිය අඩපණ කරලා.. ඔහු නල පද්ධතියක ඇති දොරක් විදාන මාරුවෙන් මාරුවට ලබාදි දොර විනාශ කර තිබෙනවා.. ඇමරිකා රජයේ අපරාධ පරික්ශකයන් තවමත් හොයනවා  ඔහු ඇතුළු වුණේ කෙසෙද? කුමන මාර්ගයක් ඔස්සෙද කියලා,  'මොනවා වුණත් අවසාන ප්‍රතිඵලය  මිනිස්සුන්ට වතුර නෑ..'      ............. අපි හොරාගේ පැත්තෙන් හිතුවොත් ටිකක් ,ඔහුට ඇති බුද්ධිය කොහොමට ඇත්ද? ඔහු පැමිණි මග කාටවත් හොයාගන්න බෑ.. ඔහු සාක්ෂි කිසිවත් ඉතුරු කර නෑ. මට දැනෙන ආකාරයට නම් ඔහු පැමිණි මග හි නැවත ගොස් නෑ... ඔහු මේවැනි දෙයක් කරන්නේ ඇයි? මානසික අබාධයක් ඇති කෙනෙකු විය හැකියි, වෙනයම් සංවිධානයක බලපෑම යටතේ විය හැකියි.


ඇමරිකාව තෙල් සදහා රටවල් යටත් කිරිමේ මෙහෙයුමක යෙදි සිටිනවා. අවසාන පුරුක තමයි ඉරානය.. නමුත් ඉරානයට ඇගිලි ගැහිමට ඇමරිකාව පසු බට වෙනවා.. ඇමරිකාවට වඩා දියුණු රසායනික අවි,න්‍යෂ්ඨික අවි , ප්‍රභල ප්‍රහාරක අවි ඉරානය සතුව ඇති නිසා.ඉරාන රජය දිනකට තම ආරක්ෂාව සදහා ප්‍රභල යුද්ධ ටැංකි 40 බැගින් එළියට දානවා. ඉරානයෙත් මේ සියළු පද්ධති තින්නෙ පරිහණක ජාල විදියට.. මේ වගේ බරපතළ පද්ධතියකට හැකර් කෙනෙක් ඇතුළු වෙලා පොඩි දෙයක් ඇතුළු කරොත් මොනව වෙවිද??.... තුන්වෙනි ලොක යුද්ධය තමයි ඉතින්. සිංගප්පුරුවේ මධ්‍යස්ථානයක් තිනවා හැකර් ලා අල්ලන.. නමුත් ඔව්න්ටත් හොයාගන්න බෑ හැකර් කෙනෙකුගේ මග... අනාගතේ දි යුද්ධ සදහා තුවක්කු , වගේ සාමාන්‍ය අවි අවශ්‍ය වෙන්නෙ නෑ.. --- කාමරයක ලැප් ටොප් එකක් හෝ කුඩා පරිගණකයක් භාවිතයෙන් මේ ක්‍රියාදාමය පටන් ගන්න පුළුවන්.. නිකන් අපි පරිගණක ක්‍රිඩාවක් සෙල්ලම් කරනවා වගේ වැඩක්.

ලංකාවේ බලන්න.., 'කෙල්ලෙක්ගේ ප්‍රශ්ණයකටත් මේ මොඩ හරක් මරාගන්න හදනවා..' එහෙම එවුණුත් ඔය දියුණු රට වල ඉන්නවනේ'.ඒ වගේ පිස්සෙක් ඔය වගේ වැ‍රැද්ධක් කරොත් .., සියළුම ජිවින් නැවත ඇස් හරින එකක් නෑ,,!     අපේ රටේ සිවිල් පුරවැසියෙක් ගාව තුවක්කුවක් වැනි මාරන්තික අවි තියා ගැනිම තහනම්.එවැනි රටවල් තව බොහො තිනවා... ඒ වුණාට දැන් තෙරෙනවා ඊට වඩා දියුණු අවියක් තමන් ගාව තින එක...අපි හැමොම භාවිතා කරනවනේ එක.අර ස්ටීව් ටත් ඕන වුණ් ලෝකයේ සියළු දේම සාක්කුවට දාගන්න.. අපිත් දැන් එහෙමනේ..... ඉස්සරහට මොනවා වෙවිද නේ.... කරන්නේ තින්නේ ඉතින් වැල යන අතට මැස්ස ගහන්න තමයි.".....

Thursday, December 8, 2011

සිරගෙයින් පැනයාම....



                   යාළුවනේ මන් අද කියන්න යන්නේ වෙනස් දෙයක් ගැන.දැනටමත් මේ ගැන බොහෝ පිරිසක් දන්නවා.ඒ වගෙම මේ ගැන අහලා තින නොබලපු අයත් ඇති, ඒ හැමොටම තමයි මේ ..   "මිනිසාට ලැබි ඇති බුද්ධියෙන් මිනිසා කොතෙක් වැඩ ගන්නවාදා... නමුත් ඔබට මේ කතාමාලාව බැලුවොත් හිතෙවී... 'අපි මොනවද කරන්නෙ කියලා'. ඇමරිකාවේ Fox ආයතනයෙන් තමයි මේ කතාව එළිදැක්වුයේ. විශාල චරිත ප්‍රමානයක් සහිත, අවදි හතරක් සහ තවත් එක් කතාංගයක් මීට ඇතුලත්." තමා සේවය කරපු රට යම් දවසක තමාටම එරෙහි වෙවි. තමා ආදරය කරන, තමා විශ්වාස කරන අය දවසක තමාටම විරුද්ධ වෙවී.. මව් සෙනෙහස මුදලට විකිණේවී..සල්ලිවලට ඇති අශාවෙන් ඕනම තිරිසන් වැඩකට අත ගැසිමට දෙවරක් නොසිතෙවි. මේ වන සියලු අපරාදයන්ගෙන් තමා ආරක්ෂාවී ,තමාට හොදටම විශ්වාස අයත් ආරක්ෂා කරගැනිමට නම් උපායශිලි නුවණක්, අනාගතය හොදින් සැළසුම් කල හැකි බුද්ධියක් ද අනිවාර්යයෙන් තිබිය යුතුයි.

                                   මේ කතාමාලාව තමයි prison break කියන්නේ. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කතාවේ ප්‍රධාන චරිත කිහිපයක්ම තිනවා. ඉන් වඩාත්ම ප්‍රධාන චරිත තමයි., Michael Scofield ,Fernando Sucre ,Lincoln Burrows,Dr. Sara Tancredi,Alex Mahone,Veronica Donovan,Theodore "T-Bag" Bagwel,  Paul Kellerman ,Benjamin “C-Note” Miles Franklin, LJ Burrows       .  "කිව්වට විශ්වාස කරන්න මන් මේ කතාව මන් හතර පාරක් බැලුවා.. මන් මෙකට අබ්බැහි වෙලා.. මට හිතෙන්නෙ නෑ මෙක කතාවක් ම විතරයි කියලා..., ඇත්තටම කීව්වොත් මන් මෙ කතාව තුළ ජිවත් වෙනවා." මේ කතාමාලාව ටිකක් පරණයි.. බලපු අයත් ඇතී.නොබලපු අය ඉන්නවනම් බලන්න.. එකෙන් යම් දෙයක් ජිවිතයට එකතු කරගන්න පුලුවන් වෙවි. මේ කතාවේ විස්තර වන දේ මන් කෙටියෙන් ලියන්නම්..

                        ඇමරිකාවේ උප-ජනාධිපති තුමියගේ සහොදරයා ඝාතනය කිරිමේ වරදට Lincoln නමැති පුද්ගලයා හසු කරවනවා..එය සුක්ෂම සැළසුමකට අනුවයි සිදුවෙන්නේ.ඒ ක්‍රියාදාමයට මුලසුන ගන්නේ ඇමරිකානු රජයත් යක් ප්‍රමාණයකට යටත්ව ඇති රහස්‍ය ආයතනයක් මගින්..Lincoln ට සහොදරයෙක් ඉන්නවා. ඔහු තමයි ,Michael . ඔවුන්ගේ දෙමාපියන් කුඩා කාලෙදිම ඔවුන්ගෙන් ඇත් වෙනවා.'කතාවේ අන්තිම හරියට යන්න තමයි ඔවුන් හමුවෙන්නේ.' සහෝදරවරු දන්නේ දෙමාපියන් මිය ගොස් ඇති බවයි. Michael ට පවුලේ කෙනෙකුට ඇත්තේ තම අයියා විතරයි.ඔහු තම අයියා බේරා ගැනිමට ඉතා දියුණු බුද්ධිමය සැලසුමක් ක්‍රියාත්මක කරනවා.අවසානයේ ඔහු අයියා බෙරාගන්නවා.. "මෙතන එ ඔක්කොම ලියන්න ගියොත් මට පිස්සු හැදේවී.." ඔගොල්ලො හොයාගෙන බලන්න.... කැමති කෙනෙකුට මා හා සම්බන්ධවී මේ කතාමාලාව ලබා ගත හැකි..'  මන් තව ලිව්වොත් කතාවේ අගය නැති වෙවි. තව දෙයක් කියන්න ඕන.. මේ කතාව සර්ව සම්පුර්ණ කතාවක්,  ඕනම කෙනෙකුට නැරඹිය හැකියි. මේ කතාවට එරෙහී විය හැකි කතාවක් බිහිනොවනවා නම් එය සිහිනයකි.

සිරගෙය තුලදි අයියා අහනවා මල්ලිගෙන්.. "-why"
I'm getting u out of here
it's impossible
"not if u design the place it isn't .    ..       මල්ලි මේ කියනේ වචනවල ගැඹුරුතාවය ඔගොල්ලන්ට තෙරෙනවා ඇති..ඔය වගේ තැන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. මන් කියන්නේ මෙකයි පුළුවන් නම් මෙක බලන්න.... යම් දෙයක් එකතු කරගන්න පුළුවන් වෙවි......, කතාව බලපු අයට ගැටළුවක් තී නම් ඉදිරිපත් කරන්න් කියලා කියන්න කැමතී.."

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...