Monday, January 23, 2012

කොච්චර දේවල් කියන්න තිද? කොච්චර කල් නම් හංගගෙන ඉන්නද? .. හැමදේටම කළබල වෙන්න හොද නෑ... නමුත් ගොඩක් කල් පහු වුනොත් ඒත් වැඩක නෑ.. මේ කතාව කියන්න මන් කොච්චර උත්සහ කරාද..
 එත් මට එකට නියම අවස්ථාවක් හම්බුනේ නෑ... දවසක,........ ඔයා මගේ ඉදිරියේ හිටියත් මට මුකුත් කියාගන්න බැරි වුනා... මට කතාකරන්න වචන ආවේ නෑ... කියන්න හිටපු සේරම අමතක වුණා.. ඔව් මගෙ දුර්වල කමක් නිසා වෙන්න ඇති එහෙම වුනේ..

ඔයා දවසක කියාවි '"ඔය වැඩේ නවත්තන්න., මෙකට ආයි කතා කරන්න එපා...."' ඔව්, ඔයා  අකැමති , මන් දන්නව එක.. . එක ඔයාගේ තිරණේ... මට ඊට එහා දෙයක් කරන්න නෑ, ඔයා , එදාට වඩා අද සතුටින් ඉන්නවා ඇති.. මට ඒ ගැන ආඩම්බරයි.

එදා මන් මුකුත් අහන්න කලින් .., ඔයා ඉස්සර වුණා. ඔයා මාව තේරුම් ගත්තෙ නෑ..එ වෙලාවෙදිම ඔයා අපේ කතාවට තිත තිබ්බා.. මට හැමොටම පෙන්න, ඔයාගෙ අත අල්ලගෙන හැමතැනම ඇවිදින්න කිසිම ඕන කමක් නෑ..එහෙම ගියත් යන්නේ හිතට අවංකව ලෝකයාට පෙන්න නෙවෙයි, මන් ඒ දේ කරේ අවංකවමයි.. කාටවත් රිද්දන්න නෙවෙයි.. මන් පොඩි මිනිහෙක් ,මට දෙන්න ලොකු ලොකු යාන වාහන, ඉඩ කඩම් නෑ..එත් මන් පොඩි දෙයක් දුන්නා මතකද? එකේ ලොකු තෙරුමක් තිනවා එක ගැළපෙන්නෙ ඔයාටමයි,වෙන කාටවත්ම හරියන්නෙ නෑ..වෙන මට දෙන්න කියලා දෙයකුත් නෑ.. එත් මට දෙන්න පුළුවන් තව එක දෙයක් තිනවා,....

අපි කොහෙවත් ගිහින් නෑ..බෙදා ගන්නට මතකයන් නෑ, එකෙන් වැඩක් නෑ...මම හිතන් ඉන්නේ ඒ ගමන මන් ගියේ නැ කියලා .. හැබැයි , මන් පස්සේ කතා කරා මගේ ගමේ සුන්දරත්වය පෙන්නන්න මාත් එක්ක එන්න කියලා.. එත් මන් කවදාවත් බළකලේ නෑ..කැමතිනම් එන්න කියල විතරයි කිව්වේ.එත් ඒ දේ සිද්ද වුනේ නෑ.. එදා ඔයා ආවනම් ජිවිතේ කවදාවත් අත්නොවිදපු  සතුටකුත් , ස්භාවධර්මයේ අරුමයත් විදගන්න තිබුණා. ඉටත් වඩා උතුම් මිනිසුන් පිරිසක් හදුනා ගැනිමටත් අවස්ථාවක් උදා වෙන්න තිබුණා..

ගමේ ඉදන් කොළඹ රටට ආවයින් පස්සේ ඇත්තටම ගොඩක් දෙවල් මගහැරුනා, ඒ වගෙම ගොඩක් දෙවල් හමුවුණා.කොළඹ රටට ආවා කිව්වට මන් ඉන්නේ ඩොටේ නෙවෙයි.. ඇත්තටම කියනවනම් කොළඹට වඩා අපේ ගම දියුණුයි,ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම් දියුණුයි..අහස උසට බිල්ඩින් තිබුණට, දවසකට පාරේ සුපිරි කාර් ගොඩක් ගියාට, එතන දියුණුයි කියන්න බෑ..

තව වැඩිකල් යන්න කලින් මම ආපහු ගමට යනවා..මෙහේ කොච්චර හොද දේ වැපිරුවත් එවා පැළවෙන්නෙ නෑ.මුල් දුවන්නෙ නෑ.ඇත්තටම මුල් වලට දුවන්න තැනක් නෑ..ලැබෙන අස්වැන්නත් සීමිතයි.. ඉතින්...,මට කරන්න පුළුවන් සේරම මම කරලා තින්නේ.,මග හැරුනු දෙයක් තී නම් කියන්න , ඉතුරු දේවල් තින්නේ ඔයාගෙ අතේ...... සතුට කියන එක මාරම වැදගත්... එක කවදාවත් මුදලට ගන්න බෑ... ෆන් එක කියන්නේ සතුටකට නෙවෙයි..!! ඒක වෙනම දෙයක්... මන් ප්‍රර්ථනා කරනවා ඒ සතුට ඔයාට හම්බෙන්න කියලා.. මා කවදාවත් තිතක් තියන්නෙ නෑ.. මිනිස්සු මැරුණත් වැටෙන්නේ කොමා එකක්, ඒ වගේ මාත් මෙකට තියන්නේ කොමාවක්..හැබැයි පෙර මාවතටමයි...

බොහොම ස්තුතියි....!!!

................... කරන්න දෙයක් නැතිවුණු නිසා ම ලීවෙමි.....මේ අවසානයයි,...!!!

Friday, January 20, 2012

සත්‍යය..

හදිසියේ කන වැ‍ටුණු තර්ක කිහිපයක් ඔබ වෙත් ඉදිරිපත් කිරිමට කැමැත්තෙමි.

ලොකයේ සැම දෙයකම දෙපැත්තක් ඇත.. , නැතිනම් ලෝකය සමබර නොවෙනු ඇත. හොද මෙන්ම නරකද ලෝකයේ පැවැත්මට කිසියම් හෝ අයුරින් දායක වනු නියතයි.එය ලෝක ස්භාවයයි.
"ලංකාවෙ මධ්‍ය ලක්ෂයයි.., බර්මියුඩා ත්‍රිකොණයේ මධ්‍ය ලක්ෂයයි ඒක රේඛියලු.." මෙක ඔප්පු කරන්න දන්නව නම් කවුරු හරි ඉදිරිපත් වෙලා කියන්න..  එය වැලලී ගිය අතිතයක් ගොඩගන්න උපකාරී වෙන්න පුළුවන්.., මා දන්නා අයුරින් සෙනරත් පරණවිතානයන් මේ බව ඔප්පු කරන්නට සැහෙන්න වෙහෙසක් ගෙන තියෙනවා. නමුත් ඔහුට එයට හැකියාව ලැබී නෑ.

අපේ සංස්කෘතිය සුද්දෙක්ගේ අතින් ලියවුණු එකක් බවත්, හෙළයාගේ නියම සංස්කෘතිය සුද්දන් විනාශ කර ඇති බවත් , අතිතයේ විසු සමහර උදවිය මෙ කරුණු කාරණා ආරක්ෂා කර ගැනිමට උත්සුක නොවු හෙයින් ස්භාවධර්මයා විසින්ම එය ආරක්ෂා කර ඇති බවත් දැන් දැන් ඔප්පු වෙමින් පවති.. ලංකාව කියන පුංචි දිපය ආරක්ෂා කරන්නේ ස්භාවධර්මයා විසින්මය. හොද දේ යන සංකල්පය ගැබ්වී ඇත්තේ මේ පුංචි දිපය තුල පමණි.එසෙම නරක දේ ගැබ්වී ඇති ස්ථාන ඊට ප්‍රතිවිරුද්ධවමද පවතිනු ඇත.මේ විශ්වය තුල අප ජීවත් වන ග්‍රහලෝකය ‍රැකෙන්නෙද මේ පුංචි දිපය නිසා විය හැකිය.

විශ්ලෙෂණය වු කරුණු කිහිපයක් ඇතත් .., එය ඉදිරිපත් කිරිමෙ ලා ගැටළු බොහොසෙයින් පැන නගිනු ඇත. සමහරවිට ගැලිලීයෝ ගැලලිට සිදුවු දේ මා හටද සිදුවීමට ඇති ඉඩකඩද ඉහළය.. මිනිසුන්ගේ බුද්ධිගෝචර තාවය අනුව දැනට පවත්නා ලෝකය තිරණය වනු බව අප සියළු දෙනාම දන්න කරුණකි.. සැබවින්ම මෙ කියන කරුණු කාරණා ඔබට ගැටළුවක් වනු නියතය ,.. මා ඒ බව හොදින් දනිමි.



මා අවසාන වශයෙන් මේ ලිපිය හී හරය ගැන යම් දෙයක් කියන්නම්..
ශ්‍රී ලංකාව යනු බුදුන්ගේ දේශයයි....!!!

Monday, January 16, 2012

දු කුමරිය ...

කොහොමද යාළුවනේ.. අද මන් ආවේ පොඩි වෙනසක් අරගෙන. මන් අද අපේ කොල්ලන්ට රජ කුමාරිකාවක් සෙට් කරලා දෙන්නයි හදන්නේ.කොල්ලොටික මේ ගාන හැදුවොත් කුමාරිකාවයි,දැවැද්දයි දෙකම හම්බවෙවි.. කෙල්ලන්ටනම් ටිකක් අමාරුවෙයි. හැබැයි මෙක විසදුවොත් දැවැද්ද විතරක් දෙන්නම්. මේ ගණන වසර කිහිපයකට පෙර ලැබිච්ච ගණනක්.මට මතක විදියට පත්තරෙක හෝ ගුරුභවතකුගේ පොතක තිබ්බේ. මෙන්න මෙහෙමයි......!!

ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක රජ කෙනෙක් හිටියා.. ඒ රජතුමා මන් වගේ බුද්ධිමත් (:ඪ්) චරිතයක්.ඉතින් ඔය රජතුමාට හිටියා පුත්තු දෙන්නෙකුයි එක් දු කුමාරියකුයි. රජතුමා , කුමාරවරුන් දෙදෙනාට කුඩා කල සිටම හොදින් දුනු ශිල්ප,කඩු ශිල්ප් ඉගැන්වුවා..ඒ රාජ්‍යයේ ඉදිරි පැවැත්ම උදෙසා. ඒත් රජුට අවශ්‍ය බුද්ධිමත්  පාලකයෙක් ඇති කරන්න.ඒ නිසා තම දු කුමරිය හොද බුද්ධිමතෙක් කිරිමට අවශ්‍ය සැම පියවරක්ම රජු ලබා ගත්තා.
             

ඔන්න ඔහොම යන අතරේ කුමරිය සරණ පාවා දිය යුතු නියමිත කාලය උදා වුණා.මේ වෙනකොට කුමරිය හොද, ගුණ යහපත් බුද්ධිමත් කාන්තාවක්.. ඔය දැන් ඉන්න කට්ටිය වගේ නෙවෙයි.රජතුමාටත් ඕන වුනේ තම දු කුමරිය කඩවසම් ,ඊට වඩා බුද්දිමත් තරුණයකුට විවාහ කර දිමට. ඒ සදහා දැවැද්ද වශයෙන් කහවණු කෝටි දහසක් (10,000,000,000) ලබා දෙන බවද ප්‍රසිද්ධ කරා..ඉතින් ඕක කන වැ‍ටුනු කුමාරවරු,තරුණයන් නොයෙක් දෙසින් වැල නොකැඩි රජ වාසලට ආවා.දැවැද්දට ආස නිසා හෝ කුමරියගේ ඇති මනා රූ සපුවට තින  ආසාව නිසා සි‍ටු කුමාරවරු වගේම මධ්‍යම පන්තියේ තරුණයන්ද කුමරියගේ අත ගන්න ආවා.

පැමිණි සෙනග අධික වු නිසාත්, රජුට සිදුවුණා පැමිණි සිටින තරුණ කුමාරවරුන්ගෙන් බුද්ධිමත් කෙනෙකු තොරන්න.ඉතින් රජතුමා මේකට විසදුමක් වශයෙන් දින 14ක් තිස්සෙ කල්පනා කරලා, පිටින් බැලුවට ඉතා සරල මුත් හොදින් සිතිය යුතු ගැටළුවක් ඉදිරිපත් කරා.ඒ කිව්වට මේක ගණිත ගැටළුවක්.මෙම ගැටළුව විසදිමට කුමාරවරුන්ට සති දෙකක කාලයක්ද ලබා දුන්නා.ඉතින් දවසින් උදේ වරුව සාමාන්‍ය අයටද, හවස් වරුව සි‍ටු කුමාරවරුන්ටද,සැදැ සමය රජ කුමාරවරුන්ටද. වශයෙන් කාල තුනක්ද වෙන් කරා.

මේ අතරේ සමහරු මෙලො දෙයක් දන්නෙ නැතුව ඇවිත් තිබුණා.සමහරු ඇවිත් හිටියේ වාසනාව උරගා බලන්න.කෙසෙ වෙතත් එකල මධ්‍යම පන්තියේ තරුණයන්ගේ ගණිත හැකියාව සි‍ටු කුමරුන්ගේ ගණිත හැකියාව ඉහළ මට්ටමක පැවතුණා.ඒ අතරේ හිටපු සමහරුනට අවුල වුනේ 'අපි මේ තරගේ දිනුවොත් ඉට පස්සෙ තින වැඩෙට මුහුණ දෙන එක ගැන'....

මෙන්න මේකයි රජතුමාගේ ගණන......,
              "X, Y යනු 10,000 ට අඩු ප්‍රභින්න මුත්, ආසන්න වශයෙන් සමාන ධන සංඛ්‍යා දෙකකි.දුවට දායාදය සදහා දෙන කහවණු ප්‍රමාණය ආසන්න වශයෙන් X*Y  , X+Y හා X/Y+Y/X අගයන් අතුරින් එකකි..පිළිතුරට එළඹෙන X හා Y අගයන්හිදී, දායාදය සදහා දෙන කහවණු ප්‍රමාණය කොපමණ දැයි පැහැදිළි කරන්න." ??

රජතුමා කලින් කියනවා තමයි මෙච්චර දෙනවා කියලා,  ඒත් ගණනේ තින්නේ ඒක ඔප්පු කරන්න ,.. රාජ අණ වෙනස් වෙන්නෙ නැනේ.. ඒ කියන්නෙ මේ ගැටළුව තින්නේ ඒ සම්බන්ධව.. ඔගොල්ලොම ගාණ හදන්න.මම මේ ගාණ හැදුවේ තුන්වෙනිපාර හිතන කොට.. මුල් පාර හොයාගන්නම බැරිවුණා.ඔගොල්ලන්ට එහෙම වෙන එකක් නෑ.. හදලා උත්තරේ කියන්න බලන්න.  කුමාරිකාව සමග දැවැද්ද ඔබ අතේ...............!!!

Friday, January 13, 2012

මන් එනවා..

ඔවා ඔහොම වෙනව තමයි .. එත් කොහොමද අවංකව දෙයක් කරලා පරදින්නේ...
මේ ලියමන ලිව්වේ, සැමරුම් පොතකට දාන්න... එත් මට එකට අවස්ථාවක් නැති වුණා.., නෑ නෑ.. නැති කරගත්තා.ඒ මොකද..., මේ ලිපිය කෙනෙකුට හානියක් වෙයිදෝ කියන සැකය නිසා.  ඉතින් , මගේ පි‍ටුවේ ඉඩක් ඒ ලිපියට වෙන් කලා..

" මන් එනවා... කොහොමහරි එනවා..,
 ඔව්, මන් පොරොන්දු වෙනවා..!!  
 'එත් අද මට එන්න විදියක් නෑ..,
 එදාට වඩා අද තත්වය වෙනස්..,
 අද මන් පැරදිලා... ඉතින් මන් කොහොම එන්නද???'  ,
 'එදා එතන එකම එක සුදු පාට පුංචි මලක් පිපිලා තිබුණා.
 මන් ඒ මල නෙළා ගත්තේ හරිම පරිස්සමින්...,
 එහෙම නෙළා ගත්තා විතරයි....,
 ඝන මීදුම මා වට කර ගත්තා..,
 දැස් ඝන මීදුමෙන් අන්ධ කරා..,
 ආලෝක ධාරා ඇතුලු වුනේ කඩින් කඩ..,
 ඒත් , එ මල මා හොදින් අල්ලාගෙන සිටියා....
 ඒ මදිවට එදා නා කපන වැස්ස...,
 මා  හොදටම විඩා බරයි..,
 නමුත් ඒ මලෙන් හැමු සුවද , මා ප්‍රබොධමත් කරා..
 කඩින් කඩ පැමිණි ආලෝකයන්ට සිනාසුනු ආකාරය,
 මා ශක්තිමත් කරා , දිරිමත් කරා...
 නමුත් අද මා පැරදිලා...
 කියන්න සතු‍ටුයි... අද ඒ මල වෙනදට වඩා හිනහෙනවා.
 සමහරවිට දැන් ප්‍රභල ආලෝකය වැටෙනවා ඇති....,
 ඒ මල අද දිනලා.. සම්පුර්ණ වෙලා..
 මට කියන්න බැරි තරම් සතු‍ටුයි... එත් මන් අද පැරදිලා..
 එත් දවසක, කඩින් කඩ එන ආලෝකය ඒ මල පෝෂණය කරාවී...
 ඔව් පෝෂණය කරාවි....!!!


(මා කතා ලිව්වට, මේ වගේ එවා හරියට ලියන්න තේරෙන්නෙ නෑ... මට ඇත්තටම දැනුන දේ ලිව්වේ...... )


Tuesday, January 10, 2012

ප්ලීස්...!!

මට මෙකට උත්තරයක් දැන ගන්න ඔන .....

ඔයාලගේ උදව්ව ගොඩක් වටිනවා... දිගට ලියන්නෙ නෑ.. මේ කයි අහන්න තින්නේ......

කැතලික් කෙල්ලෙක් ,බෞද්ධ කොල්ලෙක් එක්ක යාළු වෙන එක වරදක්ද???
 නැතිනම්.., කැතලික් කොල්ලෙක් බෞද්ධ කෙල්ලෙක් එක්ක යාළු වෙන එක වරදක්ද??..

ඇත්තටම කියන්නේ අපේ ලොකු එකාත් එහෙමයි.......

සිතට එකගව අවංක උත්තරයක් ඕන..... ???

යාළුවනේ...... ලොකු පුරස්නයක්....??

Saturday, January 7, 2012

50 යි

එකමත් එක කාලේක..., පුංචි රටක, පුංචි තැනක උපන්,   හිතුවක්කාර, අකීකරු, කිසිම වැඩක් හරියට කරගන්න බැරි,.. දහසක් දේ හිතුනත් කියාගන්න බැරි...මෙලෝ හසරක් නොදත් සොදුරු දඩබ්බරයෙකුගෙ 50යි මේ..
ඔහු මෙලොව උපන් දා සිට තම ජිවිතය කැපකරේ එකම එක අරමුණකටය.. එහෙම කිව්වට අර පොඩි කාලේ ආසාවට කියනවා වගේ වෛද්‍ය වරයෙක් වෙන්න,ඉංගිනේරුවෙක් වෙන්න වගේ ආසාවන් ඔහු සතුව පොඩ්ඩක්වත් තිබුනේ නෑ..  ඇත්තම කියනවා නම් බෙහෙතකට වත් ගෙදර හිටපු ඩයල් එකක් නෙවෙයි. යාළුවොත් එක්ක රොන්දේ ගහපු, කිසිම බරපතළ කමක් නොදන්නා හිතුවක්කාරම චරිතයක්.. අම්මා දැනට වුනත් කියන්නෙ "උබට ඕන දෙයක් කරගනින්.., අපිට එක එකාගේ කතා අහන්න තියන්නෙ නැතුව...." කියලා. දඩබ්බර වුණාට කාටවත් කිසිම හිරිහැරයක් වෙන්න කිසිම වේලාවක ඉඩ තියලා නැ, පුළුවන් තරම් වැඩ කරේ අනිත් මිනිස්සු වෙනුවෙන්.. ලොකු කමකට කියනවා නම් නෙවෙයි .. ඇත්තටම ගොඩක් උදව් කරලා තිනවා.ආඩම්බරව කියන්නේ තමන් ගේ සතුටට වඩා අනුන්ගේ සතුටට වැඩ කරලා තිනව.කාවවත් අඩවලා නෑ .. කාත් එක්කවත් තරහ වෙලා ඉදලා නෑ.තරහා වෙන්නෙත් නෑ.මෙවා මොකටද  ? අපි මැරෙන මිනිස්සු....!

..මා හරි වෙන්න ඕන 'ඔහුට කවදාවත් තරහ වෙලා, වෛර කරපු යහළුවන් හිටියේ නෑ.. අදටත් එහෙමයි. ගෙදර ඉන්න හැම වෙලාවකම කරේ යාළුවොත් එක්ක ගාලු කො‍ටුවට එකතු වෙලා ‍රැ වෙනකම් සිංදු කියලා ෆුල් ෆන් එකක් ගන්න එක. අවංකව කියන්නේ එක මත්පැන් බිදක් කටෙ තියලා  නෑ.. ඒ වගේ අසමජ්ජති කිසිම වැඩක් කරලා නෑ..කො‍ටුවට සෙට් වුනාම බොන්නේ කොලා එකයි කන කොත්තුවයි ... කොත්තුව නම් මෙලෙ රහක් නෑ.. ඒ වුනාට සෙට් වෙලා කනකොට  නම් කියලා වැඩක් නෑ..

ඔහු ඉස්සර ඉදන්ම ගියේ ගාල්ල මහින්ද විද්‍යාලයට..,උසස් පෙල හැදැරුවෙත් ඒ ඉස්කොලෙන් මයි...එවා ගැන කියන්න ගියොත් නම් මැරෙනකම්ම කියන්න හැකී. පොඩි සිද්දියක් තිනවා කියන්න, මෙහෙමයි ඒක සිද්ද වුණේ 'ඔහුට සාමාන්‍ය පෙල කාලේ අජුතම විශයක් තමයි සිංහල කියන්නේ... සිංහල මිස් හැමදාම ඔහුව එළියට දානවා,ඔහුත් එක්ක එතකොට වැඩිපුරම කිට්‍ටුවෙන් හිටියේ දසුන් කියල මන්ද චරිතයක් .. අකුරු ගන්න දෙයක් නැතිලු.., මෙලො වැඩක් කරනෙ නැතිලු, රචනයක් ලිව්වොත් දහයෙන් තුනයි, හතරයි.විභාග වලදිත් උපරිම තිබ්බේ ලකුණු 38 යි.ඒ කාලෙ මිස් ට හිටියා පොශ් සෙට් ටික දෙනෙක්...වුන්ට නම් ලකුණු තිබ්බා මදි නොකියන්න.උනුත් අපේම කොල්ලො ටිකක්....ඔහොම ඉදලා සා/පෙ ප්‍රතිඵල ආවාම ඔහු ගියා මිස්ට ප්‍රතිඵල කියන්න."මිස් සිංහලවලට A එකක් තිනවා.." මිස් හිනාවුණා විතරයි..මුකුත් කිව්වේ නෑ.. ඔහුට තාම තෙරෙන්නේ නෑ ඇයි කියලා??

"මෙහෙම දෙවල් කිව්වේ අද මන් බ්ලොග් පි‍ටුව ලියන්න පටන් අරන් ලියන 50 වෙනි ලිපිය .. මේ ලිපිය අද ඔහුට වෙන් කරා..මේ පි‍ටුව ලියන ගමනේදි ගොඩක අය ,නොයෙක් විදියෙන් උදව් උපකාර කරා.... ඒ අයත් මතක් කරන්න ඔන.. 'අපේ රසික අයියා ...බොහොම ස්තුති වේවා..!! මෙහෙම ලියන්න දිරිමත් කරාට.. , සිතක සංකල්පනා ලියන මධුරංග අයියා , වර්ණ ලියන දිනෙෂ් අයියා, අල්ලපු වත්තේ සිත් අහස ලියන ප්‍රර්ථනා අක්කා,සයුරි අක්කා.., මුත්‍ර කරන්න ගියත් උබ කොහෙද ගියේ කියලා අහන අපේ අලි මලයා.., නිතරම ආදරය ගැන කතාකරන හිතු...,අපේම නෑදැ වෙන ආගිය කතා ලියන හසිත අයියා.. ඔගොල්ලව ආදරයෙන් මතක කරනවා.. ඒ විතරක් නෙවෙයි නිසුපා අක්කත්,විසිතුරු අයියත් , දේව්දාස් මලයත් , පේරාදෙණියෙ ඉන්න පිසාචයත්..,ලස්සන ලස්සන පින්තුර පෙන්වමින් ලෝකෙ වටෙ යන කවිකාරි අක්කත්.,අරුණැල්ල ලියන නජා මලයත්,තව ජෝන්, අපේ අචිරවත්, ඩගියත්,තාරකවත්, ..,චතුමිතු අක්කත්,ලට්ට ලොට්ට ලියන පොඩි මැන් අයියත්රූ අක්කත් ,කම්මැලියාත් ආදරයෙන් මතක් කරනවා...මුහුණු පොතේ ඉන්න යළුවනුත් .., නම් කියන්නට බැරි උනානම් සොරි වෙන්න ඕන..ඒ හැමොමවත් ආදරයෙන් මතක් කරනවා.. කියන්න බැරි වුණ ඔක්කොමටත් ගොඩක් ස්තුතියි...!!!


  අද මට උදේ එකෙක් කියාගෙන ගියා..'මට උබ ගැන දුක හිතෙනවා කියල' ..., උබ කිව්ව එකත් තේරුණා බන් අපි බලමු ඉස්සරහට..."
 
පිනි බිදුවක් වෙන්නට ආසයි 
මිහි මත සිසිලස ‍රැදුණු
දිය ‍රැල්ලක් වෙන්නට ආසයි
තොල මත දිය ‍රැල් නැගුණු


සිසිලස දෙන්නම් මා සැමදා
පවනක් වී එන හමා..
සුරකින්නම් සෙනෙහස සැමදා
ඔබේ මතකය සිත් පුරා,,,,!


මීට ඔහු..
                                                                    ස්තුතියි...!!!!! ,
(අවධාරණයෙන් කියමි.. මමත්ව දේශනාවක් නොවෙයි..)

Thursday, January 5, 2012

තෙල් අභිරහස විසදේ...

මෙන්න මෙහෙමයි ඉතුරු ටික කතාවෙ වෙන්නේ.....,, කට්ටිය හිතපු එවා හරිද බලන්න...,

  "කළමණාකාර මහත්තයට කිසිම දෙයක් සොය ගැනිමට බැරි වුණ නිසා... ගැහුවා සැලසුමක්.... ඔය කිව්වට දරුණු සැලසුමක් නෙවෙයි.. පොඩි පොඩි බොතලයක සැලසුමක්... ඔන්න එදා කොම්පැනියේ පඩි දවස ..එදාට එක එක අංශවල කට්ටිය, පොඩි පොඩි පාටි වලට සෙට් වෙලා බෝතලයක රස බලනවා..
 
"එ වෙලාවෙ ඉතින් සුපුරුදු පරිදි ඩ්‍රයිවර් මහත්වරු ටිකයි, තෙල් ගහන කට්ටියයි එකට සෙට් වෙලා බොතල් දෙකක් අනුමත කරලා.. එතකොට වෙලාව ‍රැ 11 ට විතර ඇති. ඔය කණ්ඩායමට තුන්වන බෝතලයත් අරගෙන කළමණාකාර මහත්තයා ගාණට නුලට, එන්ටර් වෙනවා." ඔන්න ඔහොම වැඩේ නැගලා යන අතරේ කළමණාකාර මහත්තයා කතාව වෙනස් කරලා, මේ සිදුවිම පැත්තට කට්ටිය නම්ම ගෙන තියෙනවා. සෙට් එකේ ඉන්නවා බෝතලයක මුඩිය පැගුනත් ඇති ... ඒ වෙලවේ මිනිහා කරටි කැඩෙන්න ගහලා ඉදලා තින්නේ.." "මිනිහා පටන් ගත්තලු කතාව මෙහෙම ' මහත්තයෝ..... මහත්තයට කියන්න අපි දෙනවා ඔකට හෙන ගේමක්.......'



'දැන් හරිනෙ ඉතින් ,... අයිමත් මිනිහා කියනවා... ' මහත්තයො තෙල් ගහනකොට අපි පුල් ටැන්ක් ගහනවා .., අපි කවදාවත් බාගෙට තෙල් ගැහුවෙ නෑ... ලොරි වලට තෙල් ගහන කොට යතුරු පුවරුවෙන් යතුර අරගෙන  ඉබ්බ ඇරලනේ තෙල් ගහන්නේ.., තෙල් ගැහුවායින් පස්සේ අපි අත්සන් කරලා යතුරත් භාර දෙනවා.. එවයෙ නම් කිසිම ප්‍රශ්ණයක් නෑ...  '
"එහෙනම් කොහොමද අයිසේ තේල් නැතිවුනේ....?'  ඉන්නකො මහත්තයෝ කියනකම්..... 'ඔය තෙල් ගහන එකා ඉන්නවනේද.... වු තමයි මෙක ලස්සනට ගෙනියන්නෙ. මිනිහා ටැංකි ඔක්කොටම තෙල් ගහනවා .. ගහලා ටැංකි වලට ඉබ්බ දාන්න ඕනනේ... ඔය වෙලාවේ මිනිහාගේ සාක්කුවේ තිනවා, ලොක් කරන  ජාතියේ වගේ වෙන ඉබ්බේක් .. ඒ ඉබ්බගේ යතුර කොහොමත් වු ගාව තිනවනේ.. ඉතින් මිනිහා ලොක් කරන්නේ එ ඉබ්බා... කොම්පැනියෙන් දාන ඉබ්බ තව සාක්කුවක දාගෙන තියාගන්නවා.. ඒ ඉබ්බගේ යතුර තින්නේ යතුරු පුවරුවෙ නිසා මගදි කාටවත් තෙල් ගන්න බෑ කියලා තමයි කොම්පැනියෙන් හිතන්නේ.... නමුත් දැන් පුළුවන්.. ඔය විදියට ඇවිත්, මගක් හරියෙදි තමයි මේ තෙල් උස්සන්නේ.උස්සලා අඩු ගාණකට විකුණලා දානවා.. එක අමතර බිස්නස් එකක්නේ...' මහත්තයා නිසාම මේක කිව්වේ.. වෙන යකෙක් ඇහුවා නම් කෙල බිදක් හෙලන්නෙ නෑ...  (අන්තිමට මිනිහා එහෙමත් කියලා)


'දැක්කනේ ඉබ්බා මාරු කරලා තෙල් වලට දුන්න ගේම් එක. ඔක හොයන්න ගත්තා කියලා එක පාරට ඔහොම එකක් හිතෙනවද??? .. කළමණාකාර මහත්තයගේ සැළසුම වැඩ කරා.. කොහොමහරි මේ බොතලේ නිසා විශාල ජාවාරමක් අල්ල ගත්තා..දැක්කනේද බෝතලේ පවර් එක.... කවුද කියන්නෙ මතට  තිත කියලා.!!!...

පොඩ්ඩක් හිතන්න - මෙහෙම සිද්දි වෙලා සමහර ආයතන, කර්මාන්තශාල වහන්න වුනොත් ඒක මොන තරම් බලපාවිද.... පරපුරකට මොකක් වෙවිද???  .. සොරි තමයි ඉතින්......!!

AWS - Bastion server

How can we access (ssh) protected ec2 instance?  Protected EC2 instance means that EC2 instances are not connected to the open world. That E...